Wednesday, March 15, 2023

අවුරුද්දක් පුරාවට අපයෝජනයට ලක්වූ දරුවා ගැන නීතිය ක‍්‍රියාත්මක නොකර, පොලීසියේ සූදානම දෙවියන්ට බාරදෙන්න.

 



පානදුර, හේනමුල්ල, ජීලාන් ජාතික පාසලේ පළමු වසරට ඇතු`ලවූ මොහොමඞ් ට, සතුටින් ඉස්කෝලේ යන්නට වුනේ, මාස 02 කි.

පළමු වසර පංතියේ ගුරුතුමිය ඔහුට, ශාරීරිකවත්, මානසිකවත් කෙනෙහිලිකම් කරන්නට පටක් ගත්තේය.

මොහොමඞ්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබන දරුවෙකි. ඒ ගැන දෙමාපියන්, විදුහල්පති, අංශ බාර, පංති බාර ගුරුවරියන් දැනුවත් කර තිබින.

මොහොමඞ් අග හිගකම් වලින් පෙළෙන පවුලකට අයත්ය.

මේ ජාතික පාසලේ කොන් වන්නේ, අග හිගකම් ඇති දරුවන්ය. 

2023.03.02 දින, මොහොමඞ්ගේ කම්මුල ඉදිමී, කණ තුවාල වී ඇති බවත්, දැඩි කම්පනයට ලක්ව තිබෙන බවත් නිරීක්ෂණය කළ, මව හා පියා සිදු වූ දේ අසීරුවෙන් දැනගෙන, පානදුර උතුර පොලීසියට ගොස් ඒ ගැන පැමිණිලි කරනු ලැබීය.

පොලීසිය දුන්න ටිකට් එක රැගෙන, පානදුර මූලික රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ගැනීමෙන් අනතුරුව, පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

2023 මාර්තු 11 හා 13 දින 02 දීම, දෙපාර්ශවය, පොලීසියට කැ`දවන ලදි. 

පොලීසිය, දැඩිව උත්සාහ කළේ, දරුවාව, වසරක් පුරා, අපයෝජනයට ලක් කර, 2023.03.02 දින, ශාරීරිකව දැඩිය හිංසයට පත් කළ, විදුහලේ 01 ් හා 01 ඊ පංති දෙකේ ගුරුවරියන් දෙදෙනාගේ lක්‍රියාවන් යම් හේතුවක් නිසා අනුමත කරන ලද විදුහල්පතිව ආරක්ෂා කර ගැනීමය.

ළමා අධිකාරිය, පොලීසිය, අල්ලසට, බලපෑමට යටක්ව, ළමා අපචාර, අපයෝජන යටගසන අතර, ආන්දෝලනාත්මක සිදුවීම් ුලික කරගෙන, මාධ්‍යවලට ''වොයිස්" කට් දෙමින් බන දෙසති. ර`ගපාති. 

ජනතා බදු මුදලින් නඩත්තු වන, මහජන මුදල් කාබාසිනියා කරන කොමිෂම ගැනද නොපමාව සොයා බැලිය යුතුයි.


Friday, March 10, 2023

ලීසින් මාෆියාව ඒක්ව හොර ඔප්පු ලියයි..............

 අල්ලස් හා දුෂණ චොදනා විමර්ෂණ කොමිෂන් සභාව, ශාන්ත මහතාට දැනුම් දි ඇත්තේ ඔහු විසින් එම කොමිෂමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් බාරගෙනය.

 ශාන්ත මහතා ඩිමෝ ලොක්කා ලොරියක් කල් බදු ක‍්‍රමයට ගන්න, රු: ලක්‍ෂ 08ක් කල්තොට ෆිනෑන්ස් සමාගමට ගෙවීමට, ලක්‍ෂ 20ක් වටිනා ගේ හා ඉඩම ලක්‍ෂ 08කට, එම සමාගමටම උකස් තියන්නට කැමැත්ත දුන්නේය. උකස් ඔප්පුව ලියන්නට සමාගම බාර දුනනේ නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ නැමැතියටය.

 ලොරිය ගන්න තදියමේ සිටි ශාන්ත මහතාගේන් ‘‘හිස් කොළ වලට’’ අත්සන් ගත් මෙම නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ, යන්න ගියේ සියල්ල සම්පුර්ණ බව කියමිණි.

 ඩිමෝ ලොක්කා ලොරිය අරන් ගෙදර ගියේ සිහින සැබෑ කර ගන්නටය. ශාන්තට, ‘‘උකස’’, සින්නක්කරයක් වශයෙන් කල්තොට ෆිනෑන්ස් සමාගමට ලියා ඇති බව දැන ගත්තේ, ගෙයත් ඉඩමත් බාර දී, පාරට බහින්න යයි කියන එන්තරවාසිය ලැබිමෙන් පසුවය.

 පානදුරයේ, ලක්‍ෂ 20කට වැඩි වටිනාමක් ඇති ගේ හා ඉඩම, ‘‘හිස් කොළ වලට’’ අත්සන් ගෙන, සින්නකරයක් වශයෙන් ලියපු, නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ, වංචා කර ඇත්තේ තමන්ට පමණක් නොවන බව පෙනවා දෙන ශාන්ත මහතා, එ මගින් ඇය, රජයට හිමිවිය යුතු බදු මුද් වංචාකර ඇති අතර මැය, නීතිඥ හා නෙතාරිස් වරියක් වශයෙන් වෘතීය ආචාර ධර්ම කෙළසා ඇති බවත් ප‍්‍රකාශ කරයි.

Thursday, December 22, 2022

නිදාගෙන හිටිය පොලීසිය කූද්දයි. මීට පස්සෙ ෆිනෑන්ස් කොම්පැනි වලට වාහන උස්සන්න බෑ.

 

           නිදාගෙන හිටිය පොලීසිය කූද්දයි.
මීට පස්සෙ ෆිනෑන්ස් කොම්පැනි වලට












වාහ   උස්සන්න බෑ.     

 මේ දක්වාම, කල්බදු ක්‍රමයට ලීසින්, වාහන හෝ වෙනත් භාණ්ඩ ලබාගෙන, වාරික ගෙවීමට අතපසු වූ විට, මැරයින් යොදවා පැහැර ගෙන යෑම සිදුකරන ලදි.

එය නීත්‍යානුකූල කරනු ලැබුවේ, පොලීසියයි. ඒ සඳහා ෆිනෑන්ස් කොම්පැනි වලින්, පොලීසියට වරදාන ලැබින.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත අනුව, වාරික හිඟ ඇති වාහන, භාණ්ඩ ඉස්සීම තහනම්ය.

එම පනත ප්‍රකාරව, වාහන උස්සන මැරයින්ට සහය දැක්වීම හෝ ඒ හා අදාළ පැමිණිලි බාර නොගැනීම, සිදු නොකළ යුතු බවට, පොලිස්පති, 2021.01.31 දාතමින්, ආර්.ටී.ම්. 557 (සී.ආර්.ටී.එම්.395) දරන පණිවුඩය මගින් සිය`ඵම පොලීසි වලට උපදෙස් දී ඇත. නමුත් කිසිම පොලීසියක් ඒ රටේ නීතියට අනුව ක්‍රියා කර නැත.

ඒ බව තහවුරු කරමින්, 2022.12.19 දින, ආර්.ටී.එම්. - 481 හා සී.ආර්.ටී.එම්. - 314 දරන දැණුම් දීම මගින් සිය`ඵම පොලීසිවල, උසස් නිලධාරීන් හා ස්ථානාධිපතිවරුන් දැණුවත් කරන පොලිස්පති, මින් ඉදිරියට,

  වාහන හෝ භාණ්ඩයක් හෝ ෆිනෑන්ස් සමාගම්වල “මැර” කණ්ඩායම් වල සහයට ඉදිරිපත් වීම, වරදක් බවත්,

·   එසේ වාහන හෝ භාණ්ඩ හෝ බලයෙන් ගෙන රැගෙන යෑම ගැන කරන පැමිණිලි, බාරගෙන, නීතිමය පියවර ගන්නා ලෙසටත් නියම කර ඇත.

යමෙකු, කල්බදු ක්‍රමයට ලබාගත් වාහනයකට හෝ භාණ්ඩයකට නියමිත වාරික ගෙවීම පැහැර හැර ඇත්නම්, එම සමාගම හෝ පුද්ගලයින් කළ යුත්තේ, දිස්ත්‍රික් උසාවියට ගොස් තීන්දුවක් ලබා ගැනීමය.

මෙම නීතිමය තත්ත්වය සි`යඵ දෙනා දැන ගත යුතුය.

පොලීසිය සමග ඇවිත් වාහන හෝ භාණ්ඩ උස්සන් යෑමට සූදානම වුවහොත් විරෝධය පළ කරන්න.

අදාළ පාර්ශවයන් දැනුවත් කරන්න. අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන්න.

පොලිස්පතිගේ නියෝගය පහත දැක්වේ.





 



 







Monday, February 7, 2022

පයියාගල පොලීසියේ ට‍්‍රැෆික් PC ගහලා කකුල කඩලා රු: 4000/-ක් දීලා පනියි. දොස්තරෙක් අල්ලාගෙන X-Ray එකකුත් අරගෙන අධිකරණ ඇමති "පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න" පටන් අරගෙන.

 

මාස 03 ක් ගතවෙලා තවම යන්නේ කිහිලිකරුවල පිහිටෙන්. දේශපාලකයෝ, පූජකයෝ, පොලීසිය විවේචනය කරන්නේ තමන්ගේ එකෙක්ව බේරා ගන්න  ඕනෑ වුනාම.

යුක්තිය පසිඳලීමේ සමස්ථ පද්ධතිය තුළ, දුෂණ, අක‍්‍රමිකතාව, හොර මැරකම් වලින් පොලීසිය අංක 01, 02, 03 ද කියන්න නම් අපි දන්නේ නෑ.

ජනතාව තුළ නම් නිගමනයක් තියෙනවා. නමුත් ප‍්‍රකාශ වෙන්නේ නෑ.

සිසිර තනිකඩයෙක්. ජීවත් වෙන්නේ අත්වැඩ දීලා. අකුරු බෑ. ගංජා බොනවා.

පසුගිය වසරේ අගෝස්තු 29 වන දින, රාත‍්‍රියේ, මොහු ආරවුලක් ඇතිකර ගත්තේ, ගෙදර අය සමග. 119 ට කනර ලද දැනුම් දීමක් මත, පයියාගල පොලීසියේ රතවාහන අංශයේ චමින්ද නැමති කොස්තාපල් තවත් නිලධාරියෙක් සමග පැමිණියාලූ.

එ වන විටත්, ආරවුල පැවතුනා. පො.කො. චමින්ද, සිසිරට අතින් පයින් පහර දුන්නා. එක් පා පහරකින්, සිසිර බිම ඇද වැටුනා. නැගිටන්න බැරිව.

වේදනාවෙන් කෑ ගසමින් සිටි සිසිරව බැලීමට පසුදින පැමිණි, පො.කො. චමින්ද, පොලිස් ත‍්‍රී රෝද රථයෙන්, දොඩංගොඩ කබර වෙද මහතාළඟට ගෙන ගියා. එ් අතර සිසිරට පොරොන්දු වුනා, බෙහෙත් කරනවා පමණක් නොව, කකුල නිට්ටාවටම හොඳ වෙනකම් සලකන බවට. අතට රු: 1000.00 ක් ද දුන්නා.

වෙද මහතා පො.කො. චමින්දට උපදෙස් දුන්නා, ප‍්‍රතිකාර කරන්න ඞ ඍ්හ එකක් අවශ්‍යය බව.

පො.කො. චමින්ද, සිසිර, නාගොඩ මහ රෝහලට ගෙන ගියා. පො.කො. චමින්ද, සමිති නායකයෙක් සොයා ගත්තා. ඔහු සාත්තු සේවකයෙක්. කාරණය විමසා දැනගත් ගර සාත්තු සේවක මහතා, වහාම බාහිර රෝගී අංශයේ, වෛද්‍යවරයෙකුගෙන්, ඍ්හ ගැනීමට අවශ්‍යය නියමය අරගෙන, සිසිරට ඞ ඍ්හ අරගත්තා.

පො.කො. චමින්ද, – X-Ray එක රැගෙන, සිසිරව ගෙදරට ගෙනවිත්, බස්සවා යන්න ගියා.

අද වනතුරු මෙම අපරාධය ගැන මොනයම් හෝ පරීක්ෂණයක් කරලා නෑ.

සිසිර, සියලූ විස්තර අඩංගු ලිඛිත පැමිණිල්ලක් පසුගියදා කළා.

බලා සිටිමු. වධ හිංසාව නතර කරන්න අධිකරණ ඇමතිට, පනත් සංශෝධනය කරලා පු`ඵවන් වෙයිද කියලා.

 

Thursday, January 27, 2022

වාද්දුව පොලිසියෙන් පහරදී - බරපතල ලෙස රෝගීව රහසිගතව රෝහල් ගතකරයි. පෙන්වන්නේ නැ. පොලිස්පති නියමයන් විහිලුවට අරන්.

 


ඥතිවරයික් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට කර ත්බෙන පැමිණිල්ලට අනුව-

2022.01.26 දින, සවස 5.30 පමණ, ඇගේ ඥති පුතුන් දෙන්නාට සහ ඔවුන්ගේ මිත‍්‍රයෙකුු වාද්දුව පොලිසිය අමානුෂික ලෙස පහර දී, අත්අඩංගුවට ගෙන, `දවා ගෙන සිටින බව,

 සවස 6.30 පමණ, නිවසියන් වාද්දුව පොලිසියට ගොස්, විමසූ විට, කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැති බව ප‍්‍රකාශ කල බව, 

 නමුත් ඔවුන්ට  ඔවුන්ට පහර දී, එක් අයෙකුට සිහි නැතිවී, පානදුර මූලික රෝහලට ගෙනවිත් තිබෙන බව දැන ගන්නට ලැබුන බ,

 ඒ ආරංචියට, රෝහලට පැමිණි විට ඒක්ලි අයෙක් මුලික ප‍්‍රථිකාර ඒකකයේ ඇ`දක සිහි නැතිව සිිටිය බව, ඔහුට සේලයින් සවිකර තිබුන අතර  යන්ත‍්‍රයකටද සවිකර තිබුන බව. එතැන කොස්තාපල් වරයෙක් සිටිය බව. ඔහුට නින්ද ගිහිල්ලා කියලා ඒම පො.කො. කිව්ව බව,

අද, (2022.01.27,) උදේ 6.30 ට රෝහලට පැමිණී විට ඔහුව 8 වාට්ටුවට මාරු කර තිබුන බව හා . ඇ`දට තියා මාංචු දමා තිබුන  බව. පොලිසියෙන් හො`දටම ගැහුව්වා බව කිව්ව බව,

 තවම, අත්අඩංගුයට ගෙන, `දවාගෙන සිටීන තම අනෙක් ඥති පුත්‍රයාව  බලන්න දුන්නේ නැති බව,  

වහාම පියවර ගෙන, ඔහුව දරෝහල් ගත කරන ලෙසට හා නොපමාව අධිකරණයට ඉදිරරිත් කරන ලෙසට ඉල්ලා සිටින බව. 





Thursday, December 23, 2021

තරුණ රණවිරු වැන්දඹුවට කුණුහරුප කියන ග‍්‍රාමසේවකයාට, ප‍්‍රා/ලේකම්වරියගේ රැුකවරණය.

 


ක`ඵතර දිස්ත‍්‍රික්කයේ මාදුරාවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රණවිරු ගම්මානයේ පදිංචි ඇයගේ සැමියා මිය යන්නේ, අවසාන සටනේදී, ත‍්‍රස්තයින්ගේ වෙඩි පහරින් ය. ඒ මුලතිව්, පුදුමාතලන් හි මානුෂීය මෙහෙයුමට සහභාගී වී සිටය දී, 2009 මැයි 18 වන දිනය.

35 හැවිරිදි මවක් වූ, ඇයට රජයෙන් ලබාදෙන ලද ඉඩමේ, නිවසක් තනාගෙන, කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණිය රැක බලාගෙන ජීවත් වෙයි.

රණවිරු වැන්දඹුවන්ට බලපෑම් කළ හැකි  සිවිල් ක්ෂේත‍්‍ර රජයේ නිලධාරියා ග‍්‍රාම සේවකය.

රණවිරු වැන්දඹුවන්ට හිමි විශ‍්‍රාම වැටුප ඇතු`ඵව විශේෂිත වරප‍්‍රසාද ලබා ගැනීම් වලට අදාළව ඉල්ලූම්පත් වලට, ග‍්‍රාමසේවකගේ අත්සන අත්‍යාවශ්‍ය වේ. එම නිසා විටින් විට, ග‍්‍රාමසේවක හමුවන්නට රණවිරු වැන්දඹුවන්ට සිදුවේ.

මෙම අවස්ථාවෙන් ලිංගික අල්ලස් ලබාගන්නට සැදී පැහැදී සිටින දුෂිත ග‍්‍රාමසේවකයින් නොසිටිනවා නොවේ.

මෙම රණවිරු ගම්මානය අයත් වසමේ ග‍්‍රාමසේවක ද එවැන්නෙක් බව, ඇය ප‍්‍රකාශ කරයි. අපේක්ෂාවන් අහිමි වී සිටින ඔහු, සියලුම කොන්දේසි සපුරා තිබියදීත්, පදිංචි සහතිකය ලබා නොදී, ඇයට බලපෑම් කරයි.

ඔහු හා ඔහුගේ උපදෙස් අනුව, ප‍්‍රාදේශීය ලෙක්ම්වරිය ප‍්‍රකාශ කරන්නේ, මෙම රණවිරු වැන්දඹුව රැටවත් ගෙදර නැති බව පවසමින්ය.

පදිංචිය ස`දහා අත්‍යාවශ්‍යය සිය`ඵ කොන්දේසි සපුරා තිබියදීත්, රැට ගෙදර ඉන්න බවට ග‍්‍රාම සේවකට සහතික විය යුතු බව නොවේද, මේ වහෙන් ඔරෝ බසින්  කියන්නේ. 

මැය මේ පිළිබඳව, ලිඛිතව බලධාරීන්ට, දැනුම් දී ඇත.

එ, ඉදිරි පියවර ගැනීමට පෙරය.


Thursday, December 16, 2021

පුතාව සසුනට ජූජා කළේ ආවතේව කාරයින්ගෙන් ගුටි කන්නට නොවේ.

 


දරු තිදෙනාගෙන්, වැඩිමහල් පුතාගේ කැමැත්තට ඉඩදුන් දෙමාපියන් ඔහුව, සසුනට පූජා කළේ සංසාර ගමන කෙටි කර ගන්නට නොවේ.

පානදුරය බොදු නගරයකි. විහාරස්ථාන ගණනාවකි. පිරිවෙන් ද ගණනාවකි. නගරයට ආසන්න පිරිවෙනකට පුතාව බාර දී, අනුරාධපුරයේ පැවති, මහා උළෙලක දී, මහණ කරනු ලැබීය. එදින පැවිදි කරන ලද ළමුන්ගේ ගණන 86 කි බන කියයි.

පසව, බාල පුතාවද, එම පිරිවෙනටම ඇතුළත් කළේය. වඩු කාර්මිකයෙකු වූ පියා, එතැන් පටන් විහාරස්ථානයේ අ`ඵත්වැඩියාවන්ට ද හවුල් විය.

දෙම්බර් 05 දා, එම පිරිවෙනේ, ඉංග‍්‍රීසි උගන්වන හා නායක හාමුදුරුවන්ගේ රියදුරු, තමන්ට පහර දුන් බවට කරන ලද පැමිණිල්ලට, නායක හිමි නමගේ ප‍්‍රතිචාරය ගැන කළකිරුණු මෙම 15 හැවිරිදි සාමනේර හිමි, පොලීසියට පැමිණියේ යුක්තිය ඉටු කර ගන්නටය.

පැමිණිල්ල බාර ගත්ත ද, යුක්තිය ඉටු කිරීමට පොලීසිය, සූදානම් නැති බව පෙනී යෑම නිසා ලිඛිතව පැමිණිලි කිරීමට පියවර ගනු ලැබීය.

එම නිසා එවුන්ට ලිඛිත පැමිණිල්ලක් දැමීමට සිදුවිය.


එයින් පසුව, පොලීසිය, දෙපාර්ශවය සමථ කරවීමට පියවර ගෙන ඇත. සාමනේර හිමියන්ට වෙනත් විහාරස්ථානයක් ලබාදීමට දෙමාපියන්ට හැකි විය. මෙය ළමා අපයෝජනයක් නොවන්නේ ද?



බොරු නඩු දාපු පොලිස් කාරායත් කුඩු ජාවාරමට හවුල්ලූ !!

 


අයියා මලෝ දෙන්නෙක් ව අත්අඩංගුවට ගෙන, කුඩු නඩු දමා, රිමාන්ඞ් කරවූ පොලිස් කාරයාද, කුඩු ජාවාරමට හවුල් බවත්, ඔහුට ඉහළ පොලිස්කාරයින්ගේ රැුකවරණය ඇති බවත්, තරුණයින්ගේ පියා ප‍්‍රකාශ කරයි.

2018 ජුනි 27 වන දින, කුරුණෑගල පොලීසියේ ¥ෂණ මර්දන එ්කකයේ, උ.පො.ප. සමරසිංහ ඇතු`ඵ නිලධාරීන් පිරිසක්, අවුරුදු 23 හා 25 වයස්වල තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, වධ දී, කුඩු තිබූ බවට චෝදනා කරමින්, අධිකරනය පාවිච්චි කර, රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබීය.

එසේ කරන ලද්දේ, දෙදෙනාට වෙන වෙනම නඩු පවරමින්ය. ඔවුන් දෙදෙනාව මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීමට සිදුවිය.

චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් නඩු කිව්ව, ඔවුන් දෙන්නාව, අධිකරනය විසින් නිෙදාස් කොට නිදහස් කිරීමට පියවර ගත්තේය.

එක් නඩුවක, අධිකරණයට ඉදිරිපත් කරන ලද, කුඩු වලට වඩා වැඩි ප‍්‍රමාණයක් රස පරීක්ෂක වෙත යවා තිබින.

අනෙක් නඩුවේ, අධිකරණයට ප‍්‍රකාශ කළ හෙරොයින් ප‍්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ප‍්‍රමාණයක් රස පරීක්ෂක වෙත යවා තිබින.

එක් නඩුවක් 2020 මැයි මස අවසන් වූ අතර, අනෙක අවසන් වූයේ 2021 පෙබරවාරි මසය.

තරුණයින් දෙදෙනාගේ පියා, පොලීසිය සිදුකරන ලද, අපරාධය පිළිබඳව පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට හා පොලිස් කොමිෂමට පැමිණිලි කරනු ලැබීය. 

පොලිස් කොමිෂමෙන් පිළිතුරු පවා එවා නැත.

මානව හිමිකම් කොමිෂමට මේ දක්වාම නිර්දේශයක් ලබාදීමට නොහැකිව තිබේ.

පොලීසිය කරන ලද නිරීක්ෂණ වලදී, උ.පො.ප. සමරසිංහ වරදක් කර ඇති බවට නිගමනය කර, ඔහුට අවවාද කරන ලද බව, කුරුණැගල පොලිස් අධිකාරි දැනුම් ද තිබේ.

පියා ප‍්‍රකාශ කරන පරිදි, මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර නොගැනීමට හේතුව, එම නිලධාරීන්, කුඩු ජාවාරමට සම්බන්ධ නිසා බවත්, සමහරක් අද, ව්‍යාපාරිකයින් බවට පත්ව ඇති බවත්, ඔවුන්ගෙන්, ඉහළ පොලිස් නිලධාරීන් යැපෙන බවත්ය.

මෙම කරුණ, පියා විසින්, පොලිස්පතිට ලිඛිතව දැනුම් දී තිබෙන බවද ප‍්‍රකාශ කරමු.





Tuesday, December 14, 2021

කසිප්පු හිඟයක් නැත. පෙර වැරදි නැති කෙනෙක් ඉදිරිපත් කළා, දඩය හයදාහක් ගෙව්වා.

 

කසිප්පු හිඟයක් නැත. පෙර වැරදි නැති කෙනෙක් ඉදිරිපත් කළා, දඩය හයදාහක්  ගෙව්වා.  

බලපත‍්‍ර රහිතව මද්‍යසාර නිපදවීම සංවිධානාත්මක හා මහා පරිමාණ ව්‍යාපාරයකි.

නිෂ්පාදනය කරනු ලබන මධ්‍යසාර බෙදා හැරීම ද සහ සිල්ලරට විකිණීම ද සංවිධානාත්මක ය.

මෙම ව්‍යාපාරය නිසා රජයට සෘජුව සිදුවන පාඩුව කොතෙක්ද යන්න ගණන් බලා තිබේ දැයි නොදනිමු. එය රුපියල් බිලියන ගණනක් වන බව නිල නොවන ආරංචිවලින් ප‍්‍රකාශ වේ.

මේ ව්‍යාපාරය නතර කර ගැනීම රජයේ ප‍්‍රමුඛ අවශ්‍යතාවයකි. එ සමාජ උවදුරක්ම නිසා නොව රජයට මද්‍යසාර බදු අහිමි වීම අවම කර ගැනීමටය.

රටේ පිහිටි  සෑම පොලිස් ස්ථානයක්ම, පොලිසියේ විශේෂ කාර්යාංශයක්ම, විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුව බලපත‍්‍ර රහිතව සිදුකරන මද්‍යසාර නිපදවීම බෙදාහැරීම හා විකිණීම වැළැක්වීමට යොදවා තිබේ.

ඒ සඳහා පවතින නීති රිති ක‍්‍රියාත්මක කරවීමට විශේෂ අවධානය යොමුකර තිබේ. එවන් පසුබිමක වුවද මෙම ව්‍යාපාරය අවම කර ගැනීමට, පාලනය කිරිමට තවමත් නොහැකි වී තිබේ.

සියලූ මාධ්‍යය නිරන්තරයෙන් තරඟයට මේ හා අදාළ ප‍්‍රවෘත්ති වමාරනු ලැබේ. අධිකරණය අඛණ්ඩව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන අයවලූන් ව විශාල කොන්දේසි මත මුදාහැරීම, දඩ ගැසීම කිරීම සිදුකරයි. බලපත‍්‍ර රහිතව මද්‍යසාර නිපදවීම, බෙදාහැරිම, අලෙවිය යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන පුද්ගලයින් බහුතරය චෝදනාව පිළිගෙන ‘දඬුවම’ බාර ගනී. අතලොස්සක් ‘චෝදනාව’ අභියෝග කරයි. වසර ගණනාවක් නඩු කියයි. අති බහුතරය නිදහස් වෙති. 

පානදුර නගර මධ්‍යයේ පිහිටි කුප‍්‍රකට මහල් නිවාස සංකීර්ණයකි. මෙහි බූරුවා ගැස්වීමේ සිට  මත්ද්‍රව්‍යය ජාවරම දක්වා සියලූ නීති විරෝධී කාර්යයන් පවත්වා ගෙනු යනු ලැබේ.  

පසුගිය මාර්තු මාසයේ පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් කණ්ඩායමක් මෙම මහල් නිවාස සංකීර්ණයේ නිවසක් වටලන ලදි. එම නිවසේ නිවැසියන් ප‍්‍රසිද්ධියේ බලපත‍්‍ර රහිතව  මදධ්‍යසාර සහ මහා රා සිල්ලරට විකුණනු ලබන අයයි.

මෙම අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ බලපත‍්‍ර රහිතව නිපදවන ලද මද්‍යසාර බෝතල් දෙකක් පොලිස් නිලධාරීන්ට බාර දෙන ලදී.

ඒවා බාර ගැනීමෙන් පසුව නිලධාරීන් නිවැසියන් ගෙන් ‘කුඩු’ ඉල්ලා තර්ජනය කරමින් නිවස සෝදිසි කරන්නට පටන් ගන්නා ලදී.

තමන් කිසිවිටකත් මත්ද්‍රව්‍යය අලෙවි නොකරන බව ප‍්‍රකාශ කර සිටියද, පොලිස් නිලධාරීන් අසභ්‍යය වචන කියමින්, බැන තර්ජනය කරමින් සෝදිසි කිරීම් කරගෙන යන අතර, එම ස්ථානයට අසල්වැසියන්ද එක් වන්නට විය.

මෙම කලබගෑනිය තුළ නිවසේ හිමිකාරිය, ව්‍යාපාරයේ හිමිකාරියව අත්අඩංගුවට ගැනීමට ගත්තු උත්සාහයද අසාර්ථක විය. ඒ වෙනුවට ඇගේ සැමියා අත් අඩංගුවට ගෙන පොලිසියට ගෙන යන ලදි.

පොලිසිය සැමියා සතුව ‘හෙරොයින්’ තිබූ බවට චෝදනා කර අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා ලදී

මෙම සිද්ධිය පිළිබඳව නිවසේ හිමිකාරිය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන ලදී. එම පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවනු ලැබීය.

එම වාර්තාව කොමිෂන් සභාව විසින් නිවස පැමිණිලිකාරිය එවා, ඒ සම්බන්ධයෙන් ඇගේ නිරීක්ෂණය ඉල්ලා තිබිණ.

ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත කරුණු පැහැදිලි කරමින් කර සිය නිරීක්ෂණ ඉදිරිපත් කර පියවර ගන්නා ලදී

නිරීක්ෂණ වාර්තාව

2021.12.10

ලේකම්                

මානව හිමිකම් කොමිෂන් සභාව        

අංක 14

ආර්.එ්. ද මැල් මාවත

කොළඹ 04


පැමිණිලි අංක :HRC/ ------


උක්ත පැමිණිල්ල සම්බන්ධව, ඔබගේ 2021.11.30 දිනැති ලිපියෙන් කරනු ලැබූ ඉල්ලීම ට අනුව,

මා ගේ පැමිණිල්ල සම්බන්ධයෙන්, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති වරයාගේ කරුණු දැක්වීම් වලට අදාල, මාගේ නිරීක්ෂණ පහත දක්වා සිටිමි.

02. 2021.03.07 වන දින, උ.පො.ප., පො.කො. ---, පො.කො.---, පො.කො.---, පො.කො.රි.--  යන නිලධාරීන්, ලැබුණු ඔත්තුවකට අනුව, මෝදරවිල, නිවාස සංකීර්ණයට, -- ජීප් රථයෙන් පැමිණි විට, සැකකරු මාගේ සැමියා, පැන දිව්ව බවද හා එසේ දුවන විට, ලූහුබැඳ ඔහු අල්ලා ගත් බවද, ඉන් පසු සෝදිසි කිරීමේදී, ඇඳ සිටි කොට කලිසමේ ඉන වාටියේ, සූක්ෂම ලෙස සඟවා ගෙන සිටි හෙරොයින් පැකට්ටුව අත්අඩංගුවට ගත් බවට කර තිබෙන සඳහන අමූලික බොරුය.

එය, පොලීසිය, හැමදාම, හැමතැනම, කියන, ලියන සුරංගනා කථාවය.

(අ) මාගේ සැමියාව, අත්අඩංගුවට ගෙන, ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාවේ, සඳහන් වන්නේ, වෙනම කථාන්දරයකි.               එය පානදුර ම/උ අංක : ------ දරන නඩුවේ ‘බී’ වාර්තාවේ පැහැදිළිව සටහන්ව තිබේ.

(ආ) තවද, අත්අඩංගුවට ගත් මාගේ සැමියා ළඟ තිබූ බවට, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති කියන පරිදි, එම අවස්ථාවේ, තිබූ බව කියන හෙරොයින් පැකට් එක ලියුම් කවරයක දමා, සැමියාගේ ඇඟිලි සලකුණු ලාකඩ මත තැබූ බවට කර තිබෙන ප‍්‍රකාශය ද අමූලික බොරුවකි.

 සැමියාව, ජීප් රථයේ දාගෙන, පානදුර දකුණ පොලීසියට ගෙන ඒමෙන් පසුව, ඔහුගෙන් ප‍්‍රකාශයක් ගෙන, එහිදී, යමක් බහාලන ලද ලියුම් කවරයකට, ඇඟිලි සලකුණු ගත් බව ප‍්‍රකාශ කර සිටිමි. මෙම සිද්ධියට අදාළ, පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්, පානදුර දකුණ පොලීසියට          බාර දීම අදාළව සිය`ඵම සටහන් පරීක්ෂා කිරීමෙන් මෙම කරුණු සනාථ කර ගැනීමට හැකි වන බව ප‍්‍රකාශ කර සිටිමි.  

03. තවදුරටත්, ඉහත කාරණය අදාළව, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති කියා සිටින්නේ, තාවකාලිකව මුද්‍රා තැබූ (සැමියා සන්තකයේ තිබූ බව කියන* හෙරොයින් පානදුර දකුණ පොලීසියේදී, මැන බලා, සැමියාගේ ඇඟිලි සලකුණු ගත් බවය. සිදුවූයේ, සැමියාගේ, ඇඟිලි සලකුණු, පොලීසිය ආදේශ කළ හෙරොයින් පැකට්ටුවට, බලය යොදා ලබා ගැනීමය. මෙය ඉහත ස`දහන් කළ පරිදි, පොලිස් සටහන් පරීක්ෂා කිරීමෙන් සනාථ වනු ඇත.

04. එ් අතර, මා, සිද්ධිය වූ අවස්ථාවේ, කලහකාරී ලෙස හැසිරුණු බවද, පොලිස් නිලධාරීන්ට, කුණුහරුපයෙන් බැන වැදුනු බවද, මා සතුව තිබූ බලපත් රහිතව නිපදවන ලද මද්‍යසාර, බිම හලා විනාශ කරන ලද බවද, එ් නිසා මට විරුද්ධව නඩු පැවරීමට නොහැකි බවද කියා සිටී. මෙවන් සිදුවීමක් සිදුවූයේම නැත. මෙය ද, සුරංගනා කථාවකි. පොලිසිය නඩු දමන්නේ ඔවුන් ළඟ තබාගෙන සිටි බලපත් රහිතව නිපදවන ලද ‘මද්‍යසාර’ ආදේශ කරය. මෙම නිලධාරීන්, මට මෙහි සඳහන් කළ නොහැකි ‘‘කුණුහරුප’’ කියමින්, ”කුඩු” ඉල්ලා සිටි විට, මා හෝ සැමියා හෝ කුඩු විකුණන්නේ නැති බව ප‍්‍රකාශ කර සිටිය ද, සැමියා රැුගෙන ගොස්       ”කුඩු” නඩුවක් දමන ලදි.

05. සත්‍යය සිදුවීම සංක්ෂිප්තව මා, මාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත. නැවත මෙහි සඳහන් කිරීම අවශ්‍යය නොවන බව මාගේ හැඟීමයි.

06. මාගේ සැමියා, කිසිම විටෙක, ”හෙරොයින්” භාවිතා කරන්නේ හෝ විකිණීම සිදුකරන්නේ නැත.

07. විශේෂයෙන්ම මා, බලපත‍්‍ර රහිතව නිපදවන, මද්‍යසාර (අරක්කු/කසිප්පු* සහා බලපත‍්‍ර රහිතව  ‘මහා රා’ අලෙවි කරනවා. එය පොලීසිය හොඳින් දන්නා කරුණකි.

එ් හා අදාළව, නඩු ගණනාවක් අප, පොලීසියට ලබා දී තිබේ. විකුණන අවස්ථාවලදි අත්අඩංගුවට ගෙන පවරන ලද නඩුවලට, අප, වරද පිළිගෙන, අධිකරණය නියම කරන දඩය ගෙවා ඇත.

මේ වන විට, අප, රුපියල් ලක්ෂ 10 කට වඩා වැඩි මුදලක් දඩ වශයෙන් ගෙවා ඇත.

08. මේ අතර, මාගේ සැමියාට විරුද්ධව බොරු කුඩු නඩුවක් දමන ලදි. එයට වරද පිළිිගෙන නඩුව ඉවත් කර ගන්නා ලද්දේ පොලීසියේ ඉල්ලීම මතය. 

එ් අනුව, 1 ෙඡ්දයේ සඳහන් කරුණු නිවැරදිය.

එමෙන්ම, බලපත‍්‍ර රහිතව, මහ රා අලවිය ද අප කරන නිසා, අංක 2 හි සඳහන් කරුණු ද 

නිවැරදිය.

09. එමෙන්ම, මාගේ සැමියාට එරෙහිව පවරන ලද ගංජා නඩු 02, පිළිබඳව සඳහන් කරුණු ද පිළිගනිමි.

10. පෙර සඳහන් කරන ලද, මට හා මාගේ සැමියාට විරුද්ධව පවරා තිබූ හා වරද පිළගත් බලපත‍්‍ර රහිතව නිපදවන ලද මද්‍යසාර අලවිය හා බලපත‍්‍ර රහිතව මහ රා අලවිය මා පිළිගනිමි.

මා, අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටින්නේ,

පෙර වැරදි, තිබූ පමණින්, පොලීසිය සිදුකරන ලද අපරාධය, මෙම අපරාධයට හිලව් නොවන බවය.

2021 මාර්තු 07 ඉරිදා, රාත‍්‍රී 7.00 ට පමණ, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් වන, උ.පො.ප.--- ඇතුලූ මධුසංඛ නිලධාරියා, පො.කො.-- , පො.කො.--- , පො.කො.---, පො.කො.රි.---- යන නිලධාරීන්,

නීති විරෝධී ලෙසට, අප නිවස සෝදිසි කරමින්, ශාරීරිකව වධ හිංසා පමුණුවමින්, නිවස පවා ගිණිබත් කරන බවට තර්ජනය කරමින්, කාන්තා පොලිස් නිලධාරිණියක් නොමැතිව මට තර්ජනය කරමින්, ඉන් අනතුරුව සැමියා, අත්අඩංගුවට ගෙන, ව්‍යාජ නඩුවක් දමා, දවස් 52 ක් රිමාන්ඞ් භාරයේ තැබීමට සලස්වා, කරන ලද හිංසනය මගින් අපගේ මූලික අයිතීන් උල්ලංඝණය කර ඇත.

පානදුර දකුණ පොලීසිය මගින් සැමියාට එරෙහිව පවරා තිබෙන අංක : ---- නඩුවට අදාල චෝදනා ප‍්‍රතික්ෂේප කර ඇත. රස පරික්ෂක වාර්තාව ගෙන්වා ගැනීමෙන් අනතුරුව පොලීසිය ආදේශ කර ඇත්තේ මොනවාද යන්න ඔබ කොමිෂන් සභාවේ බලතල අනුව සොයා බලන ලෙසට ඉල්ලමි. එය ප‍්‍රමාණවත් වනු ඇත සත්‍යය තීරණයට.

මෙයට,

---------

මේ මගින් පැහැදිළි වන්නේ බලපත‍්‍ර රහිතව මද්‍යසාර නිපදවීම, බෙදා හැරීම හා අලෙවිය නතර කිරීම පහසු නොවන්නේ පොලිසිය, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලූව යුක්තිය පසිඳලීම  සඳහා වන යාන්ත‍්‍රණය අතර පවතින සහ සම්බන්ධය නිසා නොවේ යයි කිව හැකිද?




Sunday, December 12, 2021

පාදඩ අඥ පනත - 1841- අහෝසි කරන ලෙසට රජයෙන් ඉල්ල සිටිමු.

 


සමරිසි සැකකරුට කොච්චි මිරිස් ප්‍රරතිකර්මය ලබාදී රිමාන්ඩ් කරවයි!

 සමරිසි සැකකරුට කොච්චි මිරිස් ප්‍රරතිකර්මය  ලබාදී රිමාන්ඩ් කරවයි!

 තිස් හැවිරිදි අවිවාහිකයෙක්. කුලී වැඩ කර ජීවත් වන මොහුගේ විනෝදාංශය පරෙවියන් ඇති කිරීමයි.

 මොහු පසුගිය දා පින්වත පොලිසියට යන්නෙ තමාට විරුද්ධව පරවියන් මිලට ගැනීමට  පැමිණි බාල වයස්කාර පිරිමි ළමයකු ඔහුට විරුද්ධව පොලිසියට ගොස් ඇති බව දැනගන්නට ලැබීමෙන් පසුවය

 තම මව සමඟ පොලීසියට යන විට දුටුවේ අදාල පිරිමි ළමයා සිය පියා හා ආච්චි සමග පින්වත පොලිසියට පැමිණ සිටින බවයි

  මොවුන් අසල්වැසියන් නිසා මව,  ආච්චිගෙන් කාරණය විමසීමට  උත්සාහ ගැනීමත් සමග ඉදිරියට පැමිණි කුමාර නමැති පොලිස් කොස්තාපල්වරයා මොහුව පොලිසිය තුළට ඇද අතින් පයින් හා පොලු වලින් පහරදීමට පටන් ගන්නා ලදී

 තම පුතාට පහර නොදෙන ලෙස ඉල්ලමින් මාව කෑගසන විට මවට ද පහර දී තල්ලු කර දැමීම නිසා ඇය සිහි නැතිව වැටිණ.

 සීහි නැතිව ගොස් සිටී මව රෝහල්ගත කරන අවස්ථාවේදී ඇයට සිහ පැමිණ ඇත. ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඇය රෝහලින් පිටව සොයා බැලීමේදී පසුදිනම පුතාව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යවා ඇති බව දැනගන්න ලැබිණ.

 බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට ඇය පුතාව බැලීමට ගියද ඒ සඳහා අවස්ථාව නොලැබූ අතර ඔහුගේ අවශ්‍යතා සඳහා රුපියල් දෙදහක මුදලක් නිරෝධායන මධ්‍යස්ථානයේ ආපනශාලාවට බැඳීමට පියවර ගෙන තිබිණි.

  අත්අඩංගුවට ගත් දින රාත්‍රියේ බීමත්ව පැමිණි පොලිස් නිලධාරින් පුතාට අමානුෂික ලෙස පහරදී කොච්චි මිරිස් ඉස්ම යොදමින් වධහිංසා පමුනුවා ඇති බව දැනගන්නට ලැබී තිබේ.

 මෙම අමානුෂික වධ හිංසාව පිළිබඳව නිසි පරික්ෂණ පවත්වන ලෙසට ඇය ලිඛිතව පොලිස්පතිගෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

 මොවුන් ගේ ආර්ථික පසුබිම යටතේ මෙම කරුණු විධිමත් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට හා අදාල නීතිමය සහන ලබා ගැනීමට, විශේෂයෙන් ඇප ලබා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග වලට පිවිසීමට හැකියාවක් නැති බව ප්‍රරකාශ කරයි.

 ලංකාවේ පොලිසිය බ්‍රිතාන්‍යයන් පිහිට වූ දා සිට සමාන්‍ය ජනයා මර්ධනය සිදුකරන අතර ඒ සඳහා ආවරණයට යොදා ගන්නේ අධිකරණයයි.

 

 

 

 

Saturday, December 11, 2021

කුඞ්ඩන්ගේ උවමනාවට, පගාව නොදුන්නාට, ගංජා නඩුවක් දායි, අවුරුදු 20 තරුණයෙකුගේ ජීවිතයම අගාධයට දමයි.

  කුඞ්ඩන්ගේ උවමනාවට, පගාව නොදුන්නාට,
 ගංජා නඩුවක් දායි,
අවුරුදු 20 තරුණයෙකුගේ ජීවිතයම අගාධයට දමයි.

සුද්දෝ මේ රටේ පොලීසිය බිහි කළේ, නීතිය සාමය රකින්න නෙවෙයි. සාමාන්‍යය ජනයා තලා පෙලා පාලනය කිරීමට ය.

නිදහස ලැබුනායින් පස්සෙත්, බලයට ආපු හා බලයට එන්න දඟලන සියල්ලෝම කළේ මේ පොලීසිය රකින එක.

පොලීසිය, කියන්නේ, යුක්තිය පසිඳලීමේ යාන්ත‍්‍රනයේ එක් පුරුකක්. පොලීසිය ¥ෂිත නම්, අනිත් එ්වාද දුෂිත විය යුතුය. නමුත් එ ගැන ‌දොඩවන්නට සූදානම් නැත.

රටට වැඩදායී පවුලක්. පියාගේ වෘත්තිය, කොස් කඩාගෙන ඇවිත්, කපා විකිණිම. මව, කම්හලක වැඩ. සහෝදරයින්, සපත්තු නිශ්පාදනයේ නියැලෙති.

20 හැවිරිදි, පවුලේ බාලයා, සපත්තු නිපදවීමේ යෙදී සිටී. ඔහු එ් පිළිබඳ නිපුනත්වයකින් හෙබි අයෙක්. දිනකට, සිය ශ‍්‍රමය වැය කර, රු: 3,000/- ක් උපයයි. 

මෙම තරුණයාට, පානදුර උතුර පොලීසිය, සිදුකර ඇති, අපරාධය පහත දක්වමු.


01. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව                                

02. පොලිස්පති                  

03. ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය

 පගාව නොදුන්න නිසා, බොරු නඩුවක් දමා, 
ජීවිතයම කාලකණ්නි කිරීමට උත්සාහ දැරීම.

 චතුරංග, අවු: 20 යි, ජා.හැ.අ. 2001------, අවිවාහක, රැකියාව: සපත්තු නිශ්පාදනය, ලිපිනය : 19/25, නුගේ මාවත, පරත්ත, කෙසෙල්වත්ත, පානදුර. දු.අ. 075 3558777

2021.12.09 වන දින දීය.

2021 දෙසැම්බර් 04 වන දින, රාත‍්‍රී 10.00 ට පමණ, මා, අසල්වැසි මිතුරන් දෙදෙනෙකු සමග, අප නිවස ඉදිරිපිට, නිවසේ මගුල් ගෙදර, සාදයේ සින්දු අසමින් සිටියා. අප සිටියේ පාර අයිනේ.

එසේ ඉන්න විට, රාත‍්‍රී 10.10 ට පමණ, පානදුර උතුර පොලීසියේ, නිලධාරීන් දෙදෙනෙක්, ත‍්‍රීවිල් එකකින් ඇවිත්, අප අසල නැවැත්වූවා.

එහි සිටි සැරයන් 32119, අපගෙන් ඇහැව්වා, නුඹලා මෙතන මොකද කරන්නේ කියා.

අප ප‍්‍රකාශ කළා, ඉස්සරහ ගෙදර පාටියේ සින්දු අහනවා කියා.

එවිට ඔහු, අප තිදෙනාගේ සාක්කු පරීක්ෂා කළා. මගේ සාක්කුවට යන්තම් අත දමා, ”මේ තියෙන්නේ, යකෝ ගංජා” කියා, ඔහු අත තිබූ, කොළ කෑල්ලක් දිග හැර පෙන්නුවා.

එ සමගම වාගේ, අම්මා හා තාත්තා පැමිණියා. අම්මා, එම නිලධාරීන්ට කිව්වා, මම බුලත් විටක් හෝ සිගරැට් එකක් වත් බොන්නේ නැති අයෙක් කියා. එවිට, මෙම සැරයන් 32119, මගේ අම්මාව තල්ලූ කරලා, මේ තියෙන්නේ කියා, ඇයට ද කොළ කෑල්ල පෙන්නුවා. 

පොලිස් නිලධාරීන් දෙන්නම හිටියේ හොඳටම බීලා. 

මගේ තාත්තා, මා ගැන කියනකොට, සැරයන් 32119, තාත්තාගෙන් ඇහැව්වා, බේරලා දෙන්න බොට මොනවද කරන්න පු`ඵවන් කියා. තාත්තා කිව්වා, මගේ පුතා වැරැද්දක් කරලා නෑනේ කියා. 

ඊට පස්සේ, මාව ත‍්‍රීවිල් එකක නග්ගාගෙන, පානදුර උතුර පොලීසියට ගෙන ආවා. එහිදී මාව කූඩුවට දැම්මා. මා, කූඩුවේ ඉන්නකොට, නිලධාරියෙක් ඇවිත් මට උපදෙස් දුන්නා, උසාවියට දැම්මට පස්සෙ, වැරැුද්ද පිළිගන්නවා කියලා, රු: 5,000/- ක දඩය ගෙවලා නිදහස් වෙන්න කියා.

මා, මාගේ නිර්දෝෂීභාවය කී විට, පොලීසිය සමග ගැටුම් ඇති කරගන්න එපා කියා, මාව, බිය වද්දන්න උත්සාහ කළා.

උදේ 9.00 ට පමණ, ස්ථානාධිපති පැමිණියා. මගේ අම්මා හා තාත්තා ද පැමිණ සිටියා.

මාව, ස්ථානාධිපතා ළඟට ගෙන ගියා. ස්ථානාධිපති, අපට, උස් හඬින් ෙදාස් පැවරුවා. ඔහු කිව්වා, මාව අත්අඩංගුවට ගැනීම, සැරයන් 32119, ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගෙන තියෙනවා කියා.

තවද, මා, විදෙස් රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් සිටින බව කී විට, ”උඹ පොලිස් සහතිකය ගන්න එන්න  ඕනි, මා ළඟටනේ, එතකොට උඹට යන්න දෙන්නම්” කියා තර්ජනය කළා. 

මාව, කූඩුවට දැම්මට පස්සෙ, කීප දෙනෙක්ම, මාගේ ායාරූප ගත්තා. කූඩුවේ ඉන්නවා වීඩියෝ කළා.

සවස 2.30 ට පමණ, පානදුර, මහානාම විදුහල ඉදිරිපිට, වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය වෙත ගෙන ගියා. මා වෙනුවෙන්, නීතිඥ මහතෙකු ඉදිරිපත් වුනා. මාව, රුපියල් ලක්ෂ දෙකක, ශරීර ඇප මත මුදාහැරියා. 

එහිදී, මා, නිවැරදිකරු බව ප‍්‍රකාශ කළ බව, නීතිඥවරයා, මහේස්ත‍්‍රාත්වරයාට කියා සිටියා.

ඉදිරි නඩු දිනය : 2021 දෙසැම්බර් 08 දින බව ප‍්‍රකාශ කළා.

2021 දෙසැම්බර් 08 දින, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ (02) මීළඟ නඩු දිනය, 2022 ජූලි 06 බව ප‍්‍රකාශ කළා.

2021 දෙසැම්බර් 05, වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී, නීතිඥ ගාස්තු වශයෙන් රු: 5,000/- ක් ගෙවනු ලැබීය.

2021 දෙසැම්බර් 08 පානදුර මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් වීම සඳහා නීතිඥ මහතාට රු: 3,000/- ක් ගෙවනු ලැබුවා.

     x 2021 දෙසැම්බර් 04 රාත‍්‍රියේ, ඉහත සඳහන් කළ පරිදි, මා හා මිතුරන් දෙදෙනා ඉදිරිපිට මගුල් ගෙදර, සංගීත පාටිය අසාගෙන ඉන්න විට, අප දුටුවා, පොලිස් ත‍්‍රීවිලය එනවා. අප ළඟ ගංජා හෝ වෙනත් නීති විරෝධී දෙයක් තිබුනා නම්, එ්වා විසි කිරීමට හෝ එතැනින් ඉවත් වීමට හෝ අපට  ඕනෑ තරම් කාලය තිබුන බව, 

   x මාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව, පොලීසියට ගෙන යන අතර, අසල නිවසක් ළඟ නැවැත්වූවා. එතැනට, ෂෙහාන්, ඔහුගේ බිරිඳ නිරෝධා ඇතු`ඵ කීප දෙනෙක් ආවා. එම දෙන්නා, පොලිස් නිලධාරීන් ඇසුරු කරන අය. ඔවුන් දෙන්නා, මාව පෙන්නා කිව්වා, මූ, කුඩු විතරයි ගහන්නේ නැත්තේ, අනෙක් එ්වා ඔක්කොම කරනවා කියා. ඔහු මත්ද්‍රව්‍යය භාවිතා කරන කෙනෙක්. 

මෙයින් පැහැදිලි වුනා, මා සමග පුද්ගලිකව අමානාප බව. මෙම ෂෙහාන් හා නිරෝධා ගේ අවශ්‍යතාවයට මා අත්අඩංගුවට ලත් බව.

 මා ප‍්‍රකාශ කරන්නේ,

පෙර සඳහන් කළ පරිදි, අවම වශයෙන් බුලත් විටක්වත් නොකන, සපත්තු සෑදීමෙන්, දිනකට, අවම වශයෙන් රු: 3,000/- ක් පමණ, උපයන මා,

කම්කරු රැකියාවක් සඳහා විදෙස්ගත වීමට සැලසුම් කරගෙන සිටින මා,

මේ ආකාරයට, පොලීසිය යොදවා, ගරු අධිකරණය පාවිච්ච් කර, මාගේ මු`ඵ ජීවිතයම අඳුරු කිරීමට පියවර ගත්තේ,

   x මේ වන විට, මත්ද්‍රව්‍යය, නීති විරෝධී මත්පැන් උවදුර පාලනයට ගෙන ඇති පියවර නිසා, එම ව්‍යාපාර වලින් අනියම් ලෙසට අසීමිතව ලාභ ප‍්‍රයෝජන ලබන පිරිස්වල අවශ්‍යතාවය මත බව,

    x මෙම ගොතන ලද නඩුවට, නිවැරදකරු කීම මේ වන විට, බරපතල වරදක් වී ඇත. පොලීසිය, නිරන්තරයෙන් මා පිළිබඳව සෙවීමටත්, තර්ජනය කිරීමට ද පටන් ගෙන ඇත.

   x මා, මෙම නඩුවට නිවැරදිකරු බව කීම නිසා, ඊළඟ නඩු දිනය 2022.07.06 බවද, එය අනිවාර්්‍යයෙන්, පොලීසිය අදාළ පාර්ශවයන් විසින් තවත් මාස 07 කට කල් යවා ඇත.

    x මා අසා ඇති පරිදි, මෙම නඩුව විභාග කර අවසන් කිරීමට, වසර ගණනක් යනු ඇත.

   x එ්වන විට, මාගේ තරුණ ජීවිතය අවසන් වී ඇති බව,

එම නිසා මා ඉල්ලා සිටින්නේ, 

අධිකරණයෙන් විසඳා ගන්නට ඉඩ නොතබා, අපක්ෂපාතී විමර්ශනයක් මගින් මාගේ නිර්දෝශී භාවය ප‍්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා ලෙසටය.

මෙයට

 දිල්ශාන්