Friday, November 26, 2010

බංකරයේ බුදු පහන දැල්වූකොස්තාපල්ගේ කණ -පොලිස්පරීක්ෂක පලයි


බංකරයේ බුදු පහන දැල්වූපොලිස් කොස්තාපල් ගේ කණ පැලූ පොලිස් පරීක්ෂක නිශාන්ත ද අල්විස්, ඌව- සබරගමුව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ සහකාර තනතුරට පත්කරගෙන ඇත්තේඔහුට එරෙහිව වව්නියාව මහේස්ත්‍රාත් අධීකරණයේ අපරාධ නඩුව පවතීත් දිය. නඩුව පවරා ඇත්තේද වව්නියාවපොලිසිය මගින්ය. නඩු අංකය 56816/2009 වේ.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකල විමර්ශණයේ නිර්දේශයට අනුව - පො.ප.නිශාන්ත අල්විස් අපරාධය කල බවට නිගමනය කර තිබේ.එමෙන්ම
මානව හිමිකම් කොමිෂම, පොලිස් කොස්තාපල්ට රු: 10,000/= වන්දියක් ගෙවීමටද, ඔහුට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසටත් නියම කර තිබේ.
එසේ තිබියදී, ඌව- සබරගමුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, සිය සහකාර තනතුරට පො.ප.නිශාන්ත ද අල්විස්ව පත්කරගෙන ඇත.
සිද්ධිය සැකෙවින්:
පොලිස් කොස්තාපල් පී.ජී.ඩබ්.ජී.ජයරත්න, 37 හැවිරිදි විවාහකයෙකි. 2009.05.02 දින, වව්නියාව, මන්නාරම් පාරේ බංකරයක සේවය කර ඇත. සවස 6.00ට, සුපුරුදු පරිදි බංකරයේ බුදු පහණ පත්තු කරන විට, කැබ්රථයක් පැමිණ ඉදිරිපිට පාරේ නවතා තිබේ. ඔහු සිය ගිණී අවියද රැගෙන ඒ අසලටගොස් තිබේ.
එම රථයේ පො.ප.නිශාන්ත අල්විස් හා සහකාර පොලිස් අධිකාරී අතපත්තු සිට ඇත. පො.ප.නිශාන්ත අල්විස් වාහනයෙන් බැස පරක්කුවුනේ මොකදැයි අසා තිබේ. එවිට ඔහු බුදු පහන පත්තු කරමින් සිටිය නිසා යයි පවසා ඇත. එසැනින් පො.ප. නිශාන්ත අල්විස්, ජයරත්නගේ කණට වැරෙන් ගසා තිබේ.
මෙම අමානුෂික ක්‍රියාව ගැන පො.කො.ජයරත්න නිසි පරිදි තම ඉහළ නිළධාරීන්ට පැමිණිලි කලේය. මානව හිමිකම් කොමිෂමටද වාර්තා කලේය.
අධිකරණ වෛද්‍යවාර්තාව අනුව පො.කො.ජයරත්නගේ වම් කණේ පඨලය (Tympanic Membrane) පැලී තිබේ. එය දණ්ඩ නීති සංග්‍රහයට අනුව බරපතල තුවාල සිදුකිරීමකි.
මුලින් සදහන් කල පරිදි සිද්ධියට අදාලව පො.ප.නිශාන්ත අල්විස්ට එරෙහිව, වව්නියාව පොලිසිය,ව්විනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කරනු ලැබීය.
නඩු විභාගය ඇරඹී තිබේ. නඩුව මෙහෙයවන්නේ වව්නියාව පොලිසියයි. සිද්ධීය දුටු සාක්ෂිකරුවන් අධිකරණය මග හරින බවද පැවසේ.
අපරාධ චෝදනාවට ලක්ව ඇති පො.ප.නිශාන්ත අල්විස්, සිය නව තනතුරේ බලය උපයෝගී කරමින්, තමාට එරෙහිව පවතින අපරාධ නඩුව කඩා කප්පල් කිරීමට, පො.කො.ජයරත්නට බලපෑම් කරයි. ඔහුගේ දැනුමේ හැටියට වව්නියාව පොලිසිය නිසි පරිදි නඩුව මෙහෙයවන්නේද නැත.
මේ වන විට මානව හිමිකම් කොමිෂමේ නිර්දේශයවෙනස් කිරීමේ උත්සහායකද නිශාන්ත ද අල්විස් යෙදී තිබේ.
පොලිසියේ පහල නිළධාරීන්ට යුක්තිය ඉටු කරගන්න බැරි තත්වයක් පවතින බව පො.කො.ජයරත්න කියා සිටී.
මෙවන් සිද්ධියක් පහළ නිළධාරියෙකුගෙන් ඉහළ නිළධාරියෙකුට සිදුවූවානම් තත්වය කුමක්ද ? ඔහු විමසා සිටී.
රට ගොස් තිබෙන තැන අනුව - මේ නඩුව නීතිපති හෝ සොලිසිටර් ජනරාල්ගේ නිගමනයෙන්, වව්නියාව මහේස්ත්‍රාත් - චූදිත පො.ප.නිශාන්ත ද අල්විස් නිදොස්කොට නිදහස් නොකලොත් පුදුමයක් නොවේ.

නිල්මිණීගේ කතාව


 පහත කතාවද මත්ද්‍රව්‍ය නිසාම බිහිවුවකි. නිල්මිණි 23 හැවිරිදි එක් දරු මවක් වන අතර ගමිපහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. හෙරොයින් විකිණිම හේතුවෙන් ඇය පොලිස් අත්අඩංගුවට පත් විය. ඇය සිය අවුරුදු එක හාමාරක් පමණ වන දියණියද සමග සිරගෙදර මාස අටක පමණ කාලයක් ගත කළාය. දැන් ඇයට ඇප ලැබි ඇත.මේ ඇයගේ කතාවයි.

Wednesday, November 24, 2010

යු. ඒ සෝමාවති නඩුව සහ උසාවිය


වසර 07ක් තිස්සේ රිමාන්ඩි එකේ සිටින වසර 06ක් තිස්සේ නිදියන නීතිපතිත් ඉන්න නඩුව දැන් ඔබට මතක ඇතැයි සිතමි. අංකය 51443 වු මෙම නඩුවේ අවසානයට කතා කර ඇති දිනය 2010. 11. 16 දිනය. එදා නීතපති උපදෙස් සදහාත් රිමාණ්ඩි දිර්ඝ කිරිමත් සිදුව ඇත. නීතිපතිට යළි සිහිකැදවිමක් යැවිමටද නියෝග කෙරේ. ඊළග නඩු දිනය 2010. 11. 30 දිනය.

නඩුවේ කාර්ය සටහන් ගැනිමට මෝෂන් දැමිය යුතුය. ඒ සදහා 2010. 11. 18 දින යන්නට සිදුවිය. මොෂන් දැමිමෙන් අනතුරුව ඊළග දිනයේ එනමි 2010. 11. 19 දින සල්ලි බැදිමට එන ලෙස දන්වන ලදි. 19 දින උදේ දහයට සිල්ලි බැදිමට ගියෙමි. එහෙත් නඩු වාර්තාව පහල කාර්යාලයට ගෙන විත් නැති නිසා පැය භාගයක් පමණ බලා සිටින්නට සිදුවිය. එහෙත් අවසානයේ රෙජිස්ටාර් කිවේ පසුව එන ලෙසය. එවිට නැවත සවස එන බව දන්වා ආපසු පැමිණියෙමිි.

වැවේ කරගත යුතු බැවින් නැවත සවස 2.15ට උසාවියට ගියෙමි. එවිට සේවිකාවක් ප්‍රකාශ කළේ නඩු වාර්තාව අත්සනට යැවු බවයි. සල්ලි බදින කොට වෙිලාව සවස 3.45යි. කාර්ය සටහන් දෙන්න බදාදාට එනමි අද 2010. 11. 24 එන්න කිවිවා.

මෝෂන් එකෙන් සියලු වැඩිදුර වාර්තා, මුලික සාක්ෂි, සංදේශය, වෙනත් වාර්තා සහ 2006. 01. 23 දින කාර්ය සටහන් වලට අදාල චුදිත තැනැත්තිය බන්ධනාගාරය හරහා යොමු කළ ලිඛිත ආයාචනය සහ 2010. 11. 04 දිනෙන් පසු සියලුම කාර්යසටහන් වල ඡායාස්ත පිටපත් ඉල්ලුවත් ෆොටෝකොපි යන්ත්‍රය කැඩි ඇති බව ප්‍රකාශ විය. එවිට මෝෂමේ ඡයා පිටපත් යන්න සහතික කළ සත්‍යය පිටපතක් ලෙස වෙනස් කිරිමට සිදුවිය. තවද ඉල්ලා ඇති ලේඛන වලින් නඩු පොතේ ඇත්තේ 2010. 11. 04 දිනෙන් පසු කාර්ය සටහන් පමණක් බවද ප්‍රකාශ විණි.

අද දහවල් 2.30ට පමණ කාර්ය සටහන් ගන්නට ගියා. යන කොට ටයිප් කරලා නැහැ. පස්සේ බලන් ඉදලා හවස 3. 05ට පමණ එය ලබා ගත්තා.

සියල්ල සදහා දින තුනක් කාලයත් මුදලුත් වැය කිරිමට සිදුවිය.


හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.


දත් කුඩු හෙරොයින් කර උසාවියට දෙයි



වයලටි ද සිල්වා වයස අවුරුදු 58ක කාන්තාවකි. මාස 09ක පමණ කාලයක් තිස්සේ වැලිකඩ කාන්තා අංශයේ රිමාන්ඩි සිරකාරියකි. විවාහක කාන්තාවක් වන වයලටිගේ සැමියා මිට වසර 20කට පමණ පෙර මියගොස් ඇත.

ඇය රැකියාව ලෙස බෙලෙක් කඩේ පොලේ එළවලු වෙළදාමේ නිරත වුවාය. ඇය දිනක් කුලියට ගැනිම පිණිස කාමරයක් බැලිමට ගොස් ඇත. පාර මාරුවිමට ගියවිට ත්‍රිවිලරයක හැපි ඇත. එම ත්‍රිවිලරයේ පොලිස් රාළහාමිලා තිදෙනෙක් සිවිල් ඇදුමින් සිට ඇත.

එක් රාළහාමි කෙනෙක් එයිින් බැස කොහේද නාකිචිචියේ යන්නේ කියා අසමින් ඇයට කමිමුල් පාරක් ගසා ඇත. එවිට ඇයට ඉඛෙිටම මෙන් කියවුනේ මටත් ඔයා වගේ පුතෙක් ඉන්නවා යනුවෙනි. හොදටම මත්පැන් බි සිටි පොලිස් නිළධාරින් ඇයට කුනුහරුපෙන් බනින ලදි.

ඉන්පසුව ජිප් රථයක් ගෙන්වාගත් පොලිස් නිළධාරින් ඇයව එහි දමාගෙන අගුලානේ චෙක් පොයින්ටි එකට ගෙන යන ලදි. මෙම නිළධාරින් ඉතා නින්දිත ආකාරයට ඇයව සෝදිසි කර ඇත්තේ ආවරනයක්ද නොමැතිව ජිප් රථය තුළදිය. ඉළගට ඇයව රැගෙන යන ලද්දේ ගල්කිස්ස පොලිස් ස්ථානයටය. පොලිසියට යන අතරමගදි පොලිස්කාරයින් දත් කුඩු පැකටි එකක් ගෙන එය මිලිග්රැමි 18ක හෙරොයින් පැකටි එකක් ලෙස දමා එයට ඇගේ ඇගිලි සළකුණ ගෙන ඇත.

නිවරැදිකරුයි කිමට දැඩිව අධිටන් කරගෙන සිටින වයලටි ද සිල්වා මහත්මියට කිසිවකුගේ සහායක් මේ දක්වා ලැබි නොමැත. 






හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

Monday, November 22, 2010

රාජ්‍ය සේවකයින්ට හුළං. මර්වින්ලාට ජගුවාර්.



මධ්‍යය වාර්තා කළ ආකාරයට පසුගිය බදාදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී රජයේ සේවකයිනට අපේක්ෂිත වැටුප් වැඩි කිරීමට නොහැකි බව ජනාධිපති සෘජුවම ප්‍රකාශ කොට තිබේ. ජනාධිපතිවරයා පවසා තිඛෙන්නේ රජයේ සේවකයිනට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් කළ හොත් මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති අත්හැර දමන්නට සිදුවන බවයි. රජයේ සේවකයකුට මසකට රුපියල් 100 ක වැටුප් වැඩිවීමක් ලබාදුනහොත් ඒ සඳහා වසරකට රුපියල් කෝටි 140 ක් රජයට වැය කරන්නට සිදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහා මැතිවරණයේදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුනේ රජයේ සේවකයිනට රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි.

සියල්ල මෙසේ සිදුවෙද්දි අමාත්‍යවරුන්ට කොටි ගණන් වාහන ලැඛෙන බවටද අසන්නට ලැබේ. මේ එබන්දකි. මොහොතක් සිතන්න. මෙන්න මේ රටේ සාමාන්‍ය මිනිසුන් වන අපේ සෑබැ සුභ අනාගතය.

(ලංකා ඊ නිව්ස් 2010 නොවැ.20, ප.ව.7.00) මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා රුපියල් මිලියන 18.4 ක් (18,418,969.00) වටිනාකමකින් යුත් නවීනතම ජගුවාර් එක්ස් ජේ මෝටර් රථයක් මහාමාර්ග අමාත්‍යංශයේ මුදලින් ආනයනය කර ඇත. සෙත්සිරිපාය, බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යංශය නමින් ආනයනය කර තිඛෙන මෙම වාහනය තීරු බදු රහිතව ආනයනය කර ඇති නිසා අමාත්‍යංශයට වැයවී ඇත්තේ රුපියල් මිලියන 11.2 කි. (රු. 11,284,208.00)

Friday, November 19, 2010

ශරීර ඇප නැතුව අවුරුදු 04යි.





බාදුරකඩ විමල් වයස අවුරුදු 47යි. පදිංචිය හිරලුගොඩ බටදුව. ඔහුව සේවා ස්ථානයේ ඇති වු ආරවුලක් මත 2010 මැයි මස දිනක ගාල්ල බන්ධනාගාර ගත කරන ලදි.

ඔහු එචි වාටිටුවේ සිටියේ. ඒ ශාලාවේ ඉන්න පුලුවන් 150කට විතරයි. ඒ වුනාට 205ක් ඒ ශාලාවේ හිටියා. එක වැසිකිලියක් විතරයි තිබුනේ. ඒක හරිම අපිරිසිදුයි. ගොඩක් හිටියේ ශරිර ඇප ගෙවා ගන්න බැරි වු අයයි. විශාල වශයෙන් චර්ම රෝග වැලදුන අය හිටියා. හතිය හැදුන අයත් හිටියා. කොචිචර අමාරුවුනත් ලෙඩෙකුට දෙන්නේ පැනඩෝල් විතරයි. ඒකත් ගොඩක් සැරයක් ඉල්ලුවහම තමයි දෙන්නේ.

ඔහු ප්‍රකාශ කරන ආකාරයට ඉන්න සිරකරුවන්ට නිදා ගන්න ඉඩමදි. කටිටියක් නිදාගන්නකොට අනික්අය ඇහැරගෙන ඉන්නවා. නිදාගත්ත අය නැගිටිටාම නිදාගත්තේ නැති අය නිදාගන්නවා. නිදාගන්න පැදුරු ටිකයි තියෙන්නේ. වෙසක් පෝය දවසේ සිරකරුවන් සිල්ගන්නා ශාලාවෙි හරියට හිටියේ නැහැ කියලා නිළධාරියෙක් පොල්ලෙන් ඒ අයට ගැහුවා. පස්සේ අවිවේ පැයක් විතර දණගස්සලා තිබිබා. දෙන කෑම කන්න බැහැ. කෑම පෝලිමේ හරිියට හිටියේ නැති වුනත් නිළධාරින් පහර දෙනවා. රාත්‍රීයේ ඉන්න අය ගංජා බොනවා.

රිමාන්ඩි එකේ අයගෙන් වැඩ ගන්නවා. විමල්ද පිරුනු වැසිකිලි වලක් සුද්ද කර ඇත. අවුරුදු 04ක කාලයක සිට කෙනෙක් ඉන්නවා ශරීර ඇපයක් තියාගන්න බැරිව. 
ඔහු මෑතකදි රිමාණ්ඩි එකේ ඉන්න හිතවත් කෙනෙක් බලන්න ගියා. බලන්න තිබුන තැන ඉන්නේ නැතුව වෙන තැනක හිටගෙන හිටියා කියලා නළධාරියෙක් ඔහුට අඩගහලා බැන ඇත. පලයං බංකුවෙි වාඩිවෙලා හිටපන් නැත්නමි උඔවත් ඇතුලට දානවා කියලා නිළධාරියා ඔහුට තර්ජනයද කර ඇත.





හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

කණ සපා කෑ ග්‍රාම නිලධාරීවරයා ගේ වීඩියෝ පටය නිකුත් උනා.


 මේයට අදාල ලිපිය කියවීමට මේ සබැඳිය වෙත යන්න.
http://peoplesforumsl.blogspot.com/2010/11/blog-post_17.html

 වීඩියෝ පටය

Wednesday, November 17, 2010

යු. ඒ. සෝමාවති අවුරුදු 07ක් තිස්සේ රිමාන්ඩි. වගකිවයුත්තන් බුදි.



මොරටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය සෝමාවති අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ 2003.02.28 වැනි දිනය. පොලිසියේ චෝදනාව හෙරොයින් මිලි ග්රැමි 1100ක් ලග තබා ගැනිම හා හෙරොයින් මිලිග්‍රෑම් 100ක් මුදලට විකිණිමය. මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තවමත් ඇසෙමින් පවතින මෙම නඩුවේ අංකය 51443 වේ. ඇය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තවමත් රිමාන්ඩි සැකකාරියකි. සිර අංකය 333ය.


2003. 06. 27 දින අධිකරණය විසින් රස පරීක්ෂක වාර්තා කැදවිමට නොතිසි නිකුත්කර ඇත. අධිකරණයට එම වාර්ථාව ලැබිි ඇත්තේ 2004.12.13 වැනි දිනය. එයට අනුව පළවන පැකටිටුවේ කුඩු මිලි ග්රැමි 25ක්ද දෙවන පැකටිටුවේ මිලි ග්රැමි 228ක්ද තිබි ඇත.



ඊළගට මොකද වුනේ? 2004.12.27 දින නඩුව නිතිපති උපදෙස් සදහා තබා ඇත. 2010.11.16 දිනට 64 වාරයක් නිතිපති උපදෙස් සදහා නඩුව කල්ගොස් ඇත. එයට එනමි නිතිපතිගේ ඇදහිය නොහැකි නඩු පමාව අවුරුදු 06කට ආසන්නය.2006.01.23 දින සෝමාවති වැලිකඩ බන්ධනාගාරය මගින් ආයාචනයක් ඉදිරිපත් කරමින් ඇයට සහනයක් ලබා දෙන ලෙස ආයාචනයක්ද කර ඇත.



අපේ රට මහ ලොකුවට කතා කරන ජනප්‍රීය මාතෘකා නමි එල් ටි ටි ඊ සැකකරුවන් හා ෆොන්සේකා මහතාය. ඊට අමතරව අද දින ජනාධිපතිගේ විශේෂ සමාවක් ලැබ මිනිමැරුමි චොදනාවකට වරදකරුව ජිවිතාන්තය දක්වා සිරදඩුවමි විදිමින් සිටි රත්නපුර සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ නිදහස ලැබිය. මේ දෑස් කන් සහ හදවත් සෝමාවතිලා දෙසට යොමු නොවන්නේ ඇයි?



ඊළගට පිටරටින් කොටි ගණන් උපයන මාතෘකාව නඩු පමාවයි. එයින් එක් අයෙක් පිඩා විදිනවිට බෝහෝ දෙනෙක් යැපෙති.කෙසේනමුත් වසර 07කට වැඩිය රිමාන්ඩි එකේ සිටින සෝමාවතිට අනිවාර්යෙන් යුක්තිය ඉටුවිය යුතුය




හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.


කණ සපා කෑ ග්‍රාම නිලධාරීවරයා බේරාගැනීමට ප්‍රාදේශීය ලේකම්වරිය උත්සහා කරයි



2010. 11. 02 දින රාත්‍රී 9.30 පමණ එගොඩ උයන දකුණ, 555 කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී අරුණසිරි පීරිස් තමාගේ දකුණු කණ සපා කාකනේ කෑල්ලක්ම කඩා දමන ලද බවටපවසන 23යි හැවරිදි අතුරුගිරියගේ දොන් කුෂාන්ත දිනේෂ් කුමාරඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරිමට ගිය තම මව හා පියාව ප්‍රාදේශිය ලේකම්වරිය බැන පන්නා ගත් බව ප්‍රකාශ කරයි




දිනේෂ් කුමාර ප්‍රකාශ කරන පරිදි තම නිවස පිටුපස පදිංචිග්‍රාම නිලධාරී අරුණසිරි පීරිස්2010. 11. 02 දින ,රාත්‍රී 9.30 පමණ තමා හා පවුලේ උදවිය සමග ඇතිකරගත් ගැටුමක් ඇති වු බවත්ඒ අවස්ථාවේ ඔහු තමාගේ දකුණු කණ සපා කාකනේ කෑල්ලක්ම කඩා දමන ලද බව හාවම් අතේ ඇගිල්ලක්ද සපා කා තුවාල කරන ලද පව කියා සිටි.

ඔහු එදිනම (2 දිනරාත්‍රියේ පානදුර මූලික රෝහලට ඇතුලත්ව, 06 වාට්ටුවේ, 12 දින දහවල් දක්වා දින10ක් ප්‍රතිකාර ලැබ තිබේ.
මේ අතරඔහුගේ පියා හා මව සිද්ධිය අදාලව ලිඛිත පැමිණීල්ලක් ද සමග 2010. 11. 08 දින මොරටුව ප්‍රාදේශීය‍ ලේකම්වරිය මුණ ගැසී ඇයට එම ලිඛීත පැමිණීල්ල බාරදී ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලා ඇත.
ඔහු ප්‍රකාශ කරන පරිදි
� ප්‍රාදේශීය ලේකම්වරිය එය(ලිඛීත පැමිණීල්ල )කියවා බලාඅප සම්පූර්ණයෙන්ම වැරදි බවත්අප ග්‍රාම නිලධාරීවරයාට තුවාලකර ඇති බවත්ඇය ඔහුව බැලීමට ගිය බවත් පවසා මාගේ පියාට හා මවට චෝදනාකර බැණවැදී තිබේ.
ඒ අවස්තාවේ මාගේ පියා එම ග්‍රාම නිළධාරීවරයාගේ ක්‍රියාකලාපයත්ඔහු සේවය කර ඇති සෑම ස්ථානයකම ප්‍රශ්ණ ඇතිකරගෙන තිබෙන්නෙකු බවත්,එලෙසින්ම අප සමගද ප්‍රශ්ණ ඇති කරගන්නා බවත් පවසා සිටියදීප්‍රාදේශීය ලේකම්වරිය පවසා ඇත්තේ "හැම තැනම ප්‍රශ්ණ ඇතිවෙලා තියෙද්දි ඕගොල්ලොත් එහෙම කරන එක හරිද" යනුවෙනිඑමෙන්ම "ඕගොල්ලො පොලිසි ගිහින්නේ තියෙන්නේ පොලිසියෙන් පරීක්ෂණ කරයිනේ,ඕගොල්ලො දැන් යන්න" යනුවෙන් පවසා මාගේ මව හා පියාව එතැනින් පිටත්කර ඇතමේ සම්බන්ධයෙන් මැදිහත්ව රාජ්‍ය නිලධාරියෙකට නුසුදුසු අයුරින්,නීති විරෝධී ලෙස කටයතු කරනු ලැබූ එගොඩ උයන දකුණ 555 ,කොට්ඨා කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී අරුණසිරිපීරිස් නැමැත්තාට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත්,
එකී ග්‍රාම නිළධාරීවරයාට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසට කරන ලද ඉල්ලීම ප්‍රති‍ක්ෂේප කරමින්අපටම චෝදනා කරමින්එකී ග්‍රාම නිළධාරීවරයාව බේරා ගැනීමට කටයුතු කරන මොරටුව ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසටත්
අතුරුගිරියගේ දොන් කුෂාන්ත දිනේෂ් කුමාර ලිඛිතව රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු පිළීබද අමාත්‍යංශ‍යේලේකම්අධ්‍යක්ෂ ජෙනරාල් (ආයතන) ,අධ්‍යක්ෂ ජෙනරාල් (ඒකාබද්ධ සේවාහාදිසා ලේකම් වරයාගෙන් ඉල්ලා ඇත. ,

අපරාධකාරයින්ගේ ජරාව අරන් බීලා ඇවිල්ලා පහර දුන්නා.

 බුලත්සිංහල පොලිසියේ සාජන් සමරවීර ඇතුලු තුන්දෙනෙක් සල්ලිබාගේ තියෙන දෙශපාලන ගැත්තන්ගේ ඔනා එපාකම් පිරිමහන්න අසරණයින්ට තලා පෙලන හැටි විස්තර කෙරෙන අගෝසිංඤෝ ආරච්චිගේ වසන්ත ගේ කතාව.
මගේ වයස අවු: 31යි, විවාහක, දරුවන් 01යි, බිරිට දරුවෙක් ලැබෙන්නට ඉන්නවා. රැකියාව : ගොවිතැනග පදිංචි තිබ්බොට්ටාව, බුලත්සිංහල.
2010. 11. 11 දින, රාත්‍රී 7.20 ට පමණ, බුලත්සිංහල පොලිසියේ සාජන් සමරවීර සමග තවත් නිලධාරීන් දෙදෙනෙක් නිවසට ආවා. ඔවුන් තිදෙනාම නිළ ඇදුමින් සිටියේ. එක් අයෙක් අතේ තුවක්කුවක් තිබුනා. ඔවුන් තිදෙනාම ගේ ඇතුලට ආවා. මමත්, බිරිදත්, දරුවත් ගෙදර හිටියා. සාජන් සමරවීර මට යමං පොලිසියට කියා අඩගැසුවා. මම කිව්වා වරදක් කරලා නෑ කියා. මම කිව්වා තුන්ඩුවක් දෙන්න මම උදේට එන්නම් කියා. ඔවුන් තිදෙනාම හොදටම බීලා හිටියේ. ඒ අවස්තාවේ සාජන් සමරවීර මගේ අතින් ඇද්දා. මම කිව්වා මගේ නෝනාට බබෙක් හම්බවෙන්න ඉන්නවා. අවු: 5 2/1 වන පුතා ඉන්නවා. ඒ ගොල්ලන් දාලා එන්න බැහැ කියා. අපි ඉන්නේ මහා පාරේ ඉදලා කි.මී.2ක් පයින් යන්න ඕනා කන්දක.
සාජන් සමරවීරයි, තවත් රාළහාමි කෙනෙකුයි මගේ එක් අතකින් අල්ලා ඇද්දා. අනෙක් එක්කෙනා ඔහු අත තිබූ පොල්ලෙන් මට පහර දුන්නා. එසේ පහරදීලා, මාව දාලා ගියා. මම ඒවෙලාවෙම බුලත්සිංහල රජයේ රෝහලට ආවා. එහි හිටිය වෛද්‍ය මාධව කිව්වා මෙහේ හරියන්නේ නැහැ,හොරණ රජයේ රෝහලට යන්න කියා. මා හොරණ රෝහලට ගියා. එහිදී වෛද්‍යවරයාට මා ප්‍රකාශ කලා පොලිසියෙන් ගහපු බව.
මාව හදිසි අනතුරු කාමරයේ තියාගත්තා. ඇතලත්වීමේ අංක 51993 ලෙසට එහි හෙදියක් කොල කෑල්ලක ලියා ගත්තා. පසුවෙනිදා (12දා) දවල් 12ට විතර රෝහල් පොලිසියෙන් ඇවිල්ලා මගෙන් ප්‍රකාශයක් ලියා ගත්තා. එයට අත්සන් ගත්තා. 13 වෙනිදා මගේ ටිකට් කැපුවා. රෝහලේදී වෛද්‍යවරයෙක් මගෙන් විස්තර අසා ලියා ගත්තා.
15 වෙනිදා මම ගොවිතැන් වැඩවලට ගිහින් ඉන්නකොට උදේ 10ට විතර, බුලත්සිංහල පොලිසියෙන් දෙන්නෙක් ඇවිත්, මාස තුනක ගැබිනියක් වන මාගේ බිරිදව හා අවු: 5 2/1ක් වන මාගේ පුතාව ත්‍රී රෝද රථයක පොලිසියට ගෙනහිල්ලා තිබුනා. ඔවුන්ව සවස 5 2/1 වන තෙක් පොලිසියේ තියාගෙන තිබුනා.
අපේ ගමේ උදය කුමාර යන අයගේ දුරකථනයෙන් සාජන් සමරවීර මගේ අයියා වන ආරියසිංහට කතාකරලා, රුපියල් 5000/= ක් දෙන්න පැමිණල්ල ඉල්ලා අස් කරගන්න පොලිසියට එක්කගෙන එන්න යයි කියා තිබෙනවා.
2011. 11. 11 වන දින, අපේ නිවස අසල පදිංචි ගාමිණී නැමැති ලංගම රියදුරෙක්, තවත් දෙන්නෙක් එක්ක මගේ ගෙදර මිදුලට ඇවිල්ලා මට පහරදී ගියා. ඒ යන අතර ඔහු වැටිලා තුවාලවෙලා බුලත්සිංහල රෝහලේ නැවතී ඉන්න බව මට දැනගන්නට ලැබුනා. ඔහු මට විරුද්ධව බුලත්සිංහල පොලිසියේ පැමිණීල්ලක් දාලා තියෙන බවද මට දැනගන්නට ලැබුනා. මේ කාරණය මුල් කරගෙන මට බුලත්සිංහල පොලිසිය මෙසේ පහරදුන් බව මාගේ විශ්වාසයයි.
මට පහරදුන් දින එනම්, 2010. 11. 11 දින රාත්‍රියේ 7.30 ට පමණ,ත්‍රී රෝද රියදුරෙක් වන කරුනේ නැමැති අය - තවත් කිහිප දෙනෙක් එක්ක ඇවිත් මගේ මව වන සිරියාවතීට පහරදීලා තිබුනා. ඇය දින තුනක් බුලත්සිංහල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගෙන තිබෙනවා. බුලත්සිංහල පොලිසියෙන් ඇ‍ගෙන් ප්‍රකාශයක් ගෙන ඇත. නමුත් අද දින දක්වාම ඒ පිළීබදව පොලිසිය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
මට පහරදුන් පොලිසියේ නිලධාරීයාව හා මාගේ අතින් ඇදගෙන සිටිය පොලිස් නිළධාරීන්ව දුටුවොත් අදුරන්න පුලුවන.
ඔහු ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලිඛිතව පැමිණිලි කරමින් තමාට පහර දුන් පොලිස් නිලධෘරීන්ට සහ තම මවට පහරදුන් කරුනේ ඇතුලු පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට සහ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඉල්ලා සිටි.

Monday, November 15, 2010

මතුගම HQI පොල්ලකින් ගසාපියදාස ගේ අග කඩයි



තුවක්කුඉල්ලාපහරදිකසිප්පුවලටනඩුදමයි. කසිප්පුඇල්ලුබවපත්තරවලටදාන්න ‍ ‍‍ෙෆාටෝකාරයෙක්ගෙන්නලාරඟපාල...... මතුගමHQI තිතට මත තියන හැටි පෙන්වයි........
මිතුරුගම පාර, මලබොඩ, දොඩංගොඩ. පදිංචි කොළඹ ආරච්චිගේ පියදාස,57හැවරි දි ව්‍යපාරිකයෙකි. .යි, විවාහකයෙකි, දරුවන් 07කු ගේ පියෙක්.
පියදාස සිද්ධිය විස්තර කරන්නේ මෙසේය..
2010. 10. 15 දින උදේ 5.30ට, මාගේ නිවසේ ඉදිරිපස දොරට යමෙකු තට්ටුකලා. මා දොර ඇර බැලුවා.එවිට සිවිල් ඇදගත්තු තරුණයෙක්, මෙහාට එන්න කියා "ත්‍රීවිල් එකකට කෝල් එකක් දුන්නේ කවුද "කියා ඇසුවා. මම කිව්වා වැරදිලා වෙන්න ඇති කියා. එවිට පිටුපසින් පැමිණි දෙන්නෙක් "පොඩි පුතා මුදලාලි කියන්නේ තමුසෙද" කියා මගෙන් ඇසුවා.
මම "ඔව්" කිව්වා. "එහෙනම් මෙහෙ එනවා පොඩ්ඩක්" කියා අඩ ගැසුවා. ඒ සමගම "මම මතුගම පොලිසියෙන් " කිව්වා. මම ඉදිරියට ගියා. මට ඔවුන් පැමණ සිටි ත්‍රීවල් එකේ නගින්න කිව්වා. මම බියවී නැග්ගා. ත්‍රීවල් එක පදවපු ඩ්‍රයිවර් එක්ක හතරදෙනෙක් හිටියා. සිවිල් ඇදුමින් ඒ අය සිටියේ. මාව ගේ නොපෙනෙන දුරට ත්‍රීවිල් එක ගෙනත් නැවැත්වූවා. මට බැහැපන් කිව්වා. මම බහින කොටම පයින් ගැහුවා. මාව වැටුනා. වැටුනට පස්සේ මාව පෑගුවා. මාව පාගගෙන "උඹේ තුවක්කුව දියන්" කිව්වා. මම කිව්වා මා ලග තුවක්කු නෑ කියා. ඒ වෙලාවේ මගේ තුනටියට පයින් ගහගෙන ගහගෙන ගියා. පයින් වළලුකර පෑගුවා. එහෙම ගහනකොට "උඹ මාව දන්නවාද මම මතුගම HQI" කිව්වා. එහෙම ගහනකොට කෝල් එකක් ආවා. මට ආයිත් "නැගපන්" කියා නග්ගාගෙන - යටදොල අරගෙන ගියා. එසේ ගෙන ගියේ, මතුගම පොලිසියේ දහදෙනෙක් විතර හිටපු තැනකට. එම නිලධාරීන්කසිප්පු පෙරන මිනිහෙක්ව අල්ලාගෙන හිටියා. මතුගම පොලිසියේ HQI යන අය ඒ මිනිහාගෙන් ඇහුවා "උඹ මූව අදුරනවාද "කියා. ඒ මිනිහා "ඔව්" කිව්වා. මම එම පුද්ගලයාව අදුරනවා. ඔහුගේ නම මුනියන්ඩි සංකර්. ඒ සමගම පාරේ අයිනේ තිබුන පොල්ලක් රැගෙන මට ගහගෙන ගහගෙන ගියා. වැඩි පුරම ගැහුවේ තුනටියට. මට ගහනකොට දිගටම තුවක්කුවක් දියන් කිව්වා. මා ලග නැති බව කිව්වත් ඇහුවේ නැහැ. දිගටම ගැහුවා.�
ඒ අතර, මතුගම පොලිසියේ එතන සිටි නිලධාරීන් මුනියන්ඩි සංකර්ව රැගෙන කැලයට ගියා, කසිප්පු හොයන්න.HQI හා තවත් දෙන්නෙක් මාව පාරේ ත්‍රීවිල් එකක් ලග තියාගෙන හිටියා. මුනියන්ඩි සංකර්ව ගෙනගිය පොලිසියේ අය බැරල් 2ක්, ප්ලාස්ටික් කෑන් 03ක් ගෙන ආවා. HQI මහත්තයා මතුගම පොලිසියට කෝල් එකක් දීලා කිව්වා ‍‍පොටෝ කාරයෙක් ගේන්න කියා.
පොටෝ කාරයෙක් ආවාට පස්සේ බැරල් එකක් ගලකට ඇල කරලා තියලා - කොල රොඩු එකතු කරලා ගිණි තිබ්බා. මාව හා මුනියන්ඩි සංකර්ව දෙපැත්තෙන් තිබ්බා. එහෙම තියලා පොටෝ ගත්තා.�
මේ වන විට උදේ 8.30 පමණ වුනා. මාගේ පුතා තිලකරත්න, කොස්ගහකන්ද රජයේ වත්තේ කිරි එකතු කරන්න ට්‍රැක්ටරය පදවාගෙන ගියා. එය නවත්වලා අල්ලපු කසිප්පු බැරල්, කෑන් දාගන්න කිව්වා. ඔහු කිව්වා පරක්කු වුනොත් කිරි මිදෙනාව, ඒ නිසා බැහැ කියලා. එවිට HQI මහත්තයා ඔහුට සැරකර, ට්‍රැක්ටරය හරවා - බැරල්, කෑන් හා මාව මුනියන්ඩිව එයට නැග්ගුවා.
HQI මහත්තයා හා අනෙක් අය ජීප් එකේ හා ත්‍රීවිල් එකේ නැග්ගා.
මතුගම පොලසිය ගෙන ආවාට පස්සේ මාව හා මුනියන්ඩි සංකර්ව කූඩුවට දැම්මා.
මේ අතර, මාගේ බිරිද ඇතලු ගෙදර අය මාව බලන්න ආවා.
එදින රාත්‍රියේ පොලිස් කූඩුවේ හිටියා. ඊට පසුදා (16දා) සවස 4 වෙනතුරු කූඩුවේ සිටියා. එහෙම පොලිස් නිළධෘරීන් දෙන්නෙක් පැමිණ උඹට HQI මහත්තයා පාරවල් දෙකතුනක් ගහලා තියෙනවා. ඒක හිංදා, දොස්තර ‍කෙනෙක් ලගට දාලා උඹලට ඇප දෙන්න යවයි කිව්වා.
අපි දෙන්නාව ජීප් එකේ දාගෙන,වෑත්තෑව රෝහලට ගෙන යන්න ලැහැස්ති කලා. අපිව ගෙනගිය දෙන්නා කිව්වා ගහපු බව කියන්න එපා, සද්ද නැතුව හිටපන්දැන් ඇප දෙනවා කිව්වා.
වෑත්තෑව රෝහලට ගෙන ගිය පසුව, එහි දොස්තර මහත්තයා ලගට අපිව ගෙන ගියා. පොලිසියේ දෙන්නා දොස්තර මහත්තයා ලගට පෝරම දෙකක් ගෙන ගොස් එහි මොනවද ලියා ගත්තා. දොස්තර මහත්තයා අපිව බැලුවෙ නැහැ. අඩුතරමින් නමවත් ඇහුවේ නැහැ.
ඊ‍ට පස්සේ ආපහු පොලිසියට ගෙන ආවා. මුනියන්ඩි සංකර්ව නැවත කූඩුවට දැම්මා. මාව පාන්තියේ නඩුකාර උන්නන්සේගේ බංගලාවට ගෙන ගියා. මාව නඩුකාර උන්නාන්සේගේ බංගලාවට ගෙනයන කොට, මාගේ බිරිද හා පුතා නීතිඥ නල්ලපෙරුම මහතා සමග එහි සිටියා.
නීතිඥ නල්ලපෙරුම මහතා මට මතුගම පොලිසියෙන් ගහලා තියෙන බව කිව්වා. මාව ශරීර ඇප දෙකක් හා රැ:50,000/=ක ඇපයක් මත මුදාහැරියා.
මම ගෙදර ආවා. මාහට HQI මහත්තයා ගහපු පාරට මාගේ වම් අත ඉදිමී තිබුනා. පසුවදා (17 දින) මා තුඩුගල හංදියේ ආයුර්වේද වෛද්‍යඅබේරත්න රත්නායක වෙද මහතා ලගට ගියා.
ඒ මහතා, නාගොඩ ෆැමිලි කෙයාර් රෝහලෙන් x රේ එකක් ගන්න කිව්වා. x රේ එක අනුව මාගේ අත කැඩිලා බව එතනදී කිව්වා. වෙදමහත්තයා මට කියා තිබුනා අත කැඩිලා නම් නාගොඩ මහා රෝහලට යන්න කියා.
මම නීතිඥ නල්ලපෙරුම මහතාව හමුවෙලා කාරණය කිව්වා. ඒ මහතා මට උපදෙස් දුන්නා 18 වෙනිදා ඇප මුදල් බදින්න පොරොන්දු වෙලා තියෙන හින්දා පුලුවන්නම් ඉස්සෙල්ලා 18 වෙනිදා වෙනකම් ඉවසලා ඉන්න කියා.
මම වේදනාව නැතිවෙන්න ෆාමසියෙන් බෙහෙත් අරගෙන 18 වෙනිදා මතුගම උසාවියට ගියා. මතුගම පොලිසියෙන් ආවේ හවස් වෙලා. නීතිඥ නල්ලපෙරුම මහතා, මට මතුගම පොලිසියෙන් ගහලා තියෙන බව නඩුකාර උන්නාන්සෙට කිව්වා. මගේ අතද පෙන්වා සිටියා.
මට විරුද්ධව කසිප්පු ලග තබා ගැනීම, විකිණීම ආදී බොරු චෝදනා නගා තිබුනා.
ඇප මුදල් බැදීමෙන්පසුව, මා නාගොඩ මහා රෝහලට ආවා. මාව 11 වාට්ටුවට ඇතුලත් කලා. මා රෝහලේදී මට මතුගම පොලසියේ HQI පහරදුන් බව ප්‍රකාශ කලා. වාට්ටුවෙන් 20 වනදා සාත්තුසේවක මහතකු සමග රෝහල් පොලිසියට යැව්වා. රෝහල් පොලිසියෙන් මගෙන් ප්‍රකාශයක් ගත්තේ නැහැ. ඊට පස්සේ අධීකරණ වෛද්‍ය නිළධාරී මහතා මාව පරීක්ෂා කලා. ප්‍රකාශයක් ගත්තා. මගේ ටිකට් කපපු දිනය 2010.10.1 9 ලෙසට සදහන්වුවත්, මා රෝහලෙන් පිටවුනේ 2010. 10. 20දිනයි.
තමාට පහරදුන්නේ මතුගම පොලිසියේ HQIහෙවත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වන උදය කුමාර බව පවසන ඔහුනීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගැනීම, අමානුෂීක ලෙසට පහරදීම,බරපතල තුවාල සිදුකිරීම, අවමන් සහගත සැලකිලිවලට භාජණය කිරීම සහ ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම සම්බන්ධයෙන්උදය කුමාර යන අයට එරෙහිව නීත්‍යානුකූල හා විනයානුකල පියවර ගන්නා ලෙසටඉල්ලා සිටි.
පිසදාස සිද්ධිය ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිටසහ කලුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට ගිඛිතව පැමිණිලි කර ඇත. 



ජනසංසදය විසිනි 

එල්. ටි. ටි. ඊ සැකකරුවන් පමණක් නොවේ.


 බි. බි. සි සිංහල සේවාව වාර්තා කරන ආකාරයට එල්. ටි. ටි. ඊ සැකකරුවන් රැසක් වසර ගණනාවක සිට රිමාණ්ඩි එකේ සිටිති. මෙය දමිළයින්ට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවන අතර එසේ හුවාදැක්විමද සමාජය නොමග යැවිමකි.දිර්ඝ කාලයක් රිමාණ්ඩි කර සිටින සැකකරුවන් දිවයිනේ සැම බන්ධනාගාරයකින්ම පාහේ සොයා ගැනිම ඉතා අපහසු කරුණක් නොවෙි. ජේමිස්ව වසර 50ක් රිමාණ්ඩි එකේ සිටිම ඔබටත් මටත් අමතක කළ නොහැක. එමෙන්ම අපි එමිස් ගැනද දනිමු.

පහත දැක්වෙන උදාහරණ මගින් මෙය යමි ජාතියකට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවන බවත් එය පොදුවෙි නැති බැරි පිරිසකට බලපාන දෙයක් බවත් පෙනි යයි.යු. ඒ සෝමාවති 2003 ජුනි 26 සිට අද දක්වාම වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සැකකාරියකි. නඩු අංකය 51443 වේ. නඩු වාර්තාව අනුව රස පරික්ෂක වාර්තාව 1984දි නිකුත් කර ඇත. නඩුව නීතිපති උපදෙස් සදහා තබා ඇත. චෝදනාව හෙරොයින් විකිණිමය.

කේ. ආර් මල්ලිකා වයස අවුරුදු 55ක් වන හදවත් රෝගයකින් පෙලෙන වැලිකඩ බන්ධනාගාරයේ රිමාණ්ඩි සැකකාරියකි. වෝදනා හෙරොයින් අලෙවි කිරිමය. 2008.06.06 දින රිමාණ්ඩි කර ඇත. නඩු අංකය 2303 වෙි. අධිකරණය රස පරික්ෂක වාර්තා කැදවා ඇති නමුත් තවම ලැබි නැත.එමි. එචි ප්‍රේමවති මහත්මියගේ පුතා අවුරුදු 01යි මාස 10 ක් පුරා ගාල්ල බන්ධනාගාරයේ රිමාණ්ඩි කර ඇති සැකකරුවෙකි. ඔහු බරපතල මානසික ආබාධයකින් පෙලේ. චොදනාව හෙරොයින් විකිණිමය. නඩුව රස පරික්ෂක වාර්තා සදහා තබා ඇත.

එන්. ඩි අනුලාවති මාස 26ක් වැලිකඩ බන්ධනාගාරයේ රිමානිඩි කර සිට මිට ටිකකලකට පෙර නිදහස් විය. ඇගේ නඩු වාර්තාවට අනුව රස පරික්ෂක වාර්තා ගෙන්වා ගැනිමට අධිකරණයට 18 වතාවක් සිහිකැදවිමි කිරිමට සිදුවිය.මෙයට ප්‍රධාන හේතුව නඩු පමාවයි. එයට රාජ්‍යය ආයතන ගණනාවක අකාර්යක්ෂමබාවය හේතු වෙි. නමුත් මේ ඛෙදවාචකය ඇතැමි පිරිසකට ආශිර්වාදයක් වන බවද අප අමතක නොකල යුතුය.

එල්. ටි. ටි. ඊ සැකකරුවන් රැසැක් වසර ගණනාවක් රිමාන්ඩි බන්ධනාගාර ගතව සිටිම පිළිබදව අදහස් දක්වන අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ ඔවුන් ශ්‍රි ලංකාවේ ජාතික අභිලාශයට විරුද්ධව ක්‍රීයා කළ අය බවයි. එසේනමි ආතාවුද සෙනෙවිරත්න ගරු ඇමතිතුමනි ඔබ සොමවතිලා මල්ලිකාලා අනුලාවතිලා ගැන මෙකද කියන්නේ?


හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

Sunday, November 14, 2010

සුදුව හොදයි. හෙලුව නරකයි.





අපේ ලොකු ලොකු මිනිස්සුනට රජයට හොරෙන් කැසිනෝ ගහන්න ඉඩ දෙන එක හරි ද? නැතිනම් අපේ මිනිසුන් කැමැති විදියට ඒ ක්‍රීඩාවේ යෙදීම හොඳ නැද්ද? මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා එසේ කියා සිටියේ දේශීය ආහාර වර්ග හඳුන්වාදීම සඳහා සංවිධානය කළ ප්‍රදර්ශනයකදීය.(ලංකාදිප)

අසභ්‍ය වෙබ් අඩවිවලට පෙනී සිටි බව කියන තරුණියක්‌ පෙරේදා :11 වැනිදා- රාත්‍රියේ පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතග මෙම තරුණිය සිය කැමැත්තෙන්ම පොලිසියට පැමිණ කට උත්තරයක්‌ දීමෙන් පසු ඇය අත්අඩංගුවට ගත් බව පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක්‌ පැවසීයග (ශ්‍රී ලංකා ගාඩියන්)මෙ පුවත් දෙක අපුරුය. එකකින් සුදුව නිතිගත කර ඇත. අනිකෙන් ඇසැබි දේ අනීතික කර ඇත. තින්දු දෙන තැන්වල පමණක් නොව නිති හදන තැන් වලත් කැකිල්ලේලා සිටින බවට මෙය ඉතා අපුරු නිදසුනකි.

පෙමිවතුන් අත් අල්ලා සිිටිනවිට අත්අඩංගුවට ගන්නා පොලිසියක් ඉන්නා රටෙ එම පොලිස් නිළධාරින් නිල ඇදුම පිටින්ම සුදු කෙළියොත් එයද තවදුරටත් පුදුමයට කරුණක් නොවනු ඇත.

හෙළයට උරුමකරුවන් කියා ගන්නා ඇතැමි ඇමති ගොල්ලෝද සුදු පනතට සහය ලබා දුන්හ. මෙවා විහලු නොව සුදු ජාතික ඇදුම ඇදගත් පුද්ගලයන්ගේ කුහකකමිය.

සාමාන්‍යය ජනතාව මෙවාට කරබාගෙන සිටිම තවදුරටත් මෙි විහිලු මගින් ඔවුන්ගේ සැබෑ දුෂ්කරතාවන් අමතක කිරිමට අවශ්‍යය පරිසරය නිර්මාණය කිරිමෙහිලා ලොකු තැන් වලට බලයත් වරනයත් දිම වනා අන්කවරක්ද? 








හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

ඇන, කටු, ආණ්ඩුව සහ අපි!





කුවේටිහි රැකියාවකට ගොස් දෙසතියකට පෙර ගම රට එවුණු ඉබ්බාගමු දෙදරු මවකගේ (38) සිරුරෙන් ඉදි කටු වැනි සිහින් කම්බි නවයක් දෙපැයක සැත්කමකින් ඉවත් කළ බවත් තවත් පහක් ඉවත් කිරීමට ඇති බවත් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂිකා දොස්තර එස්. රාජමන්ත්‍රී කීවාය.

කුවේට් ගෙදර හිමිකාරියගෙන් වැටුප් ඉල්ලු විට මාස තුනකට කලින් තමාට පහරදී කටු ගැසූ බව ඇය මුලින්ම ගොකරැල්ල පොලිසියට කියා ඇත.මෙි අපේ විදේශ විනිමයයි. අපේ ලොක්කන් බුරුතු පිටින් විදේශ සංචාර යන්නෙත් දේශියව බජවි දමමින් නැති නාස්ති කරන්නෙත් මේ කාන්තාවන්ගේ ලේ කදුලු සහ දහඩියයි.

මෙම විදෙස් රටවලට යන කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබද සමිපුර්ණ වගකිම ඇත්තේ ආණ්ඩුවටයි. ඔවුන් මේ රටේ පුරවැසියන්ය. සත්ව හිංසාව වැළැක්විම ගැන නිරුවත් පින්තුර ගැන වඩාත් තැති ගැන්වෙන ආණ්ඩුව සහ එහි ආයතන මෙලෙස දුක් විදින අමානුෂික සැලකිලි වලට ගොදුරුවන කාන්තාවන් සමිබන්ධයෙන් මුනිවත රකියි. එවා නැවත නැවතත් සිදුවිම වැළැක්විමට කිසිදු ඵලදායි පියවරක් ගන්නේ නැත.

ආණ්ඩුවේ මෙම ඇදහිය නොහැකි නිහඩතාවය සහ අලසකම බිද දැමිය යුතුය. එහිලා කාන්තා සංවිධාන ඇතලු සිවිල් සමාජයට විශාල වගකිමක් ඇත. ඔවුන්ද නිහඩවිම සියල්ලන්ගේ මිනිසත්බව පිළිබද බියත් සැකත් ඇති කරයි.








හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි.

Friday, November 12, 2010

විජේවීරට වැරදුන තැන





1989 නොවැම්බර් 12 දින උලපනේ ශාන්ත මේරි වත්තේදී සිවිල් ඇදුමින් සිටි හමුදා කණ්ඩායමක් විජේවීර අත්ඩංගුවට ගෙන, පසුදින එනම් 13 වන දින - කොළඹ කනත්තට රැගෙනවිත් වෙඩි තබා මරා, ආදාහනාගාරයට දමා සිරුර පුලුස්සා දමනු ලැබීය. 

මෙම සිද්ධිය පිළීබදව අදටත් පරීක්ෂණයක් නැත. මේ ආකාරයට මරා දමන ලද අය දහස් ගණනකි. 

71 දී ජනතා විමුක්ති පෙරමුණ දහස් ගණනක් අත්අඩංගුවට ගෙන මරා දමා සිරුර විනාශ කර දමන ලදි. එළි දරව්වූයේ කතරගම රූ රැජින ලෙසට නම් දැරූ මනම්පේරි ඝාතණය පමණි. එයද ජ.වි.පෙ. මැදිහත්වීමෙන් නොවේ. 

වධහිංසා පැමිණවීම් ගැන, ස්ත්‍රී දූෂණ ගැන සෙවීමට බලකිරීමක් තබා ඉල්ලීමක්වත් විජේවීර ඇතුලු ජ.වි.පෙ.නායකයින් සූදානම් වූයේ නැත. 



සිදු කළේ අප්‍රේල් විරුවන් සැමරීමේ ප්‍රචාරාත්මක උත්සව සංවිධානය කිරීමය. මිනිස් ඝාතන සිදු කළ පොලිසියට, හමුදාවට එරෙහිව වචනයක්වත් කතා කළේ නැත. ධනපති අධිරාජ්‍ය ගැති ආණ්ඩුවට බැනවදුනද, රාජ්‍යයට එරෙහිව කෙළ පිඩක් හෙලුවේ නැත. 88 – 89 සිද්ධිවලදී - 71 මෙන් සිව්ගුණයකටත් වඩා ජ.වි.පෙ ආධාරකරුවන්, නායකයින් පොලිසිය හා ත්‍රිවිධ හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ලැබුවන්, දින ගණනවාක් රදවා තබාගෙන, ඉතා කෲර වධහිංසාවට පත්කොට, මරා දමා සිරුරු පුලුස්සා බලු කපුටන්ට ආහාර පිණිස මහ පාරට දමන ලදි. ඇල දොල ගංගා වල පා කර හරිනු ලැබීය. 



මේ සියල්ල ගැන වචනයක් කතා නොකල ජ.වි.පෙ.ඉතිරිවූ නායකයින්, ආධාරකරුවන්, සාමාජිකයින් - ආණ්ඩු බලයට හවුල් කරුවන්වූ විට, තම නායක විජේවීර ඝාතනය ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටීමට තරම්වත් ශිෂ්ඨසම්පන්න වූයේ නැත. 71 දී නායක විජේවීර අනුගමනය කල පිළීවෙත , 88 – 89 දී නායක විජේවීර ගැනද අනුගමනය කිරීම එක අතකින් පුදුමයට හේතුවක් නොවේ. මෙය වත්මන් ජ.වි.පෙ ‍කොතරම් නිවටද, බියගුලුද යන්න පමණක් නොව,කොතරම් ආත්මාර්ථකාමීද යන්න හා විරුවන් සමරමින් තම සගයින් රැවටීමද කොතරම් පිළීකුල් සහගතද ? 

පොලීසියට දානේ පන්සලෙන් - හමුදුරුවෝත් පොලිස් වෙයි




ජනසංසදය විසිනි




 
මගේ අත්දෙක පිටුපසට කර අල්ලාගෙන සිටි නිලධාරියා මාව ගැටගැසුවා. කකුල්දෙක විලුඹ ළඟින් ගැටගැසුවා. මා සිටියේ මුනින් අතට. ගැටගැසූ පසු එක් නිලධාරියෙකු මගේ තට්ටම් ප්‍රදේශයට පයින් ගැහුවා. මගේ පිටඋඩ කීප දෙනෙක් නැගලා මාව පෑගුවා. මගේ ඔලුවට පොල්ලකින් පහරදුන්නා. නැවත තට්ටම් ප්‍රදේශයටත් පොල්ලෙන් පහරදුන්නා.
දර්ගානගරය, මීගම, නුගගහලන්‍දේ පදිංචි39 හැවරිදි තිදරු පියෙකුවන අනගිපුර චන්ද්‍රසිරිවැවිලි කම්කරුවෙකි. කලකට පෙර නීතිවිරෝධි මත්පැන් අලෙවි කර දුවම් විින ලද තැනැත්තෙකි.
කලුතර පොලිසියක් නිලධාරින් තමාට කෲර වධහිංසා පැමිණවීමේ සිද්ධිය විස්තර කරන්නේ මෙසේය.
2010. 10. 03 වන දින සවස 2.30 ට පමණ මා තේ වත්තේ වැඩකරමින් සිටියදී අප නිවස දෙසින් මාගේ බිරිඳ වන මර්සි කෑගසන හඬක් ඇසුණා. ඒ වෙලාවේම මා ගෙදර ගියා. මා යන විට නිවසට කිට්ටුව තේවත්ත අයිනේ පුද්ගලයන් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් සිටියා.
මා නිවසට ඇතුළුවන විට මට ඇහුණා කාමරයේ සිට බිරිඳ කියනවා, මෙහේ අරක්කු නෑ, මහත්තයා අරක්කු පෙරන්නේ නෑ  කියා. එවිට කව්ද පුද්ගලයෙකු  මිනිහා නැත්තං උඹ ලෑස්ති වෙයන් යන්න  කියා කිව්වා. නිවසේ බඩු ද ඇද දමා තිබුණි. මා කාමරයට යනවාත් සමගම ඇතුළේ සිටි පුද්ගලයා එළියට පැමිණියා. මා කියා සිටියා බිරිඳව ගෙනියන්න දෙන්න බෑ, ඔහේ කව්ද, හැඳුනුම්පත පෙන්වන්න කියා. ඔහු මගේ අතින් අල්ලාගෙන,  උඹට වැඩක් නෑ අයිඩෙන්ටිය, පොඩි මහත්තයා, උඹව තමයි ඕනා ලෑස්තිවෙයන් යන්න  කියා කිව්වා.
මා එය ප්‍රතික්ෂේප කළා. එවිට ඔහු  පොඩි මහත්තයා උඹ එන්නේ නෑනේ, අපි ගිහිල්ලා එන්නම්  කියා යන්න ගියා. ඔවුන් කව්ද කියා දැනගැනීමට නොහැකි වුණා.
ට දින හයකට පසුව එනම් 2010. 10. 08 වන දින පාන්දර 4.30 ට පමණ මා මගේ දෙවෙනි දරුවා පාසැලට බැස්සවීමට ගියා. ඒ වෙලාවේ ගියේ දරුවා පාසැලෙන් චාරිකාවක් යන බැවිණි. මා දරුවා පාසැලට දමා නැවත නිවසට පැමිණියා. ඒ වන විට වෙලාව පාන්දර 5.00-5.30 පමණ ඇති‍. මා නිවසින් යන විට මගේ මල්ලී වන නිරෝෂන් සාලයේ නිදා සිටි අතර, මා එන විට ඔහු සිටියේ නැත. මා මල්ලි කෝ කියා බලමින් නිවස ඇතුලේ ජනේලය අසලට ගියා.
එවිට ජනේලයෙන් කව්දෝ පුද්ගලයෙකු පැන ඇවිත්  අඩෝ දුවන්න එපා  කියමින් පිස්තෝලයක් දික් කළා. මා හොරු කියා බියවී, තේ වත්ත පැත්තට දුවගෙන ගියා. ඔහු මගේ පසු පසින් එළවාගෙන ඇවිත් මාව අල්ලා ගත්තා.
ඔහු  මෙන්න පොඩි මහත්තයා අහුවුණෝ කියා කෑ ගැසුවා. මාව තේ වත්තේ උඩහට ගෙන ගියා. ඔහු 2010. 10. 03 වන දින නිවසට පැමිණි කෙනාම බව මා හඳුනාගත්තා.
පසුව තවත් පුද්ගලයන් 5 දෙනෙකු පමණ මා ළඟට ආවා. ඔවුන් ළඟ පොලු තිබුණා. පසුව මාව අල්ලාගෙන සිටි පුද්ගලයා ළඟ තිබුණු පිස්තෝලයෙන් මගේ වම් කකුලට ඇන්නා. පසුව එම කකුලට පයින් පහරවල්කීපයක් ගැසුවා. පසුව එතැනට පැමිණි අනෙක් අයත් මගේ ඔලුවට පොල්ලකින් පහරදී, පිටට, අත් වලට වටකරගෙන පහරදුන්නා. පහරදෙන අතරතුරදී එම නිලධාරියා ඇහුවා,  උඹ චණ්ඩිකම් කරන්න හදනවද පොලිසියත් එක්ක, එන්න කිව්වම ආවේ නැත්තේ  කියා. මා කියා සිටියා පොලිසියෙන් කියා මා දන්නේ නැති බව. පසුව උඹ දන්නෑ ...  කියා අසභ්‍ය වචන කියා මට නැවත මගේ ඔලුවට හා තට්ටම් ප්‍රදේශයට ගැහුවා. ඒ වෙලාවේ මට ක්ලාන්තය වාගේ ආවා. මම ගහන්න එපා කිව්වා. එවිට, උඹට ගහලා මදි බෝම්බයකුත් දානවා කියා  තර්ජනය කළා. ඔවුන් පොලිස් නිලධාරින් බව මට තේරුණා.
පසුව මාව අල්ලාගෙන ආ නිලධාරියා මාව බිමදමාගෙන අත් පිටුපසට කර, මුනින් අතට තබා බිමට තදකරගෙන සිටියා. ඒ නිලධාරියා අනෙක් අයට කිව්වා පනියිද දන්නෑ, කඹ ගෙනෙන් ඉක්මනට කියා. පසුව අනෙක් නිලධාරින් ගිහින් මගේ මිදුලේ තිබුණු රෙදි වැල් කඩාගෙන ලණු හා රෙදිපටි වගයක් ගෙනාවා. ඒ අතරදී ඔවුන් එක් එක් අයට සිල්වා, සිසිර හා ලක්සිරි යන නම් වලින් කතා කරනවා මට ඇසුණා.
මගේ අත්දෙක පිටුපසට කර අල්ලාගෙන සිටි නිලධාරියා මාව ගැටගැසුවා. කකුල්දෙක විලුඹ ළඟින් ගැටගැසුවා. මා සිටියේ මුනින් අතට. ගැටගැසූ පසු එක් නිලධාරියෙකු මගේ තට්ටම් ප්‍රදේශයට පයින් ගැහුවා. මගේ පිටඋඩ කීප දෙනෙක් නැගලා මාව පෑගුවා. මගේ ඔලුවට පොල්ලකින් පහරදුන්නා. නැවත තට්ටම් ප්‍රදේශයටත් පොල්ලෙන් පහරදුන්නා.
එක් අයෙක් කිව්වා  ඕකාව කෙලින් කරපන්  කියා‍. පසුව මාව කෙළින් කරා. මගේ කකුල්දෙක ලිහා එක් කකුලක් ලණුවකින් ගැටගසා, එහි අනෙක් කෙළවර එක් නිලධාරියෙකු අල්ලාගෙන සිටියා. ඒ වෙලාවේ මගේ බිරිඳ වන මර්සි එතැනට පොඩි දරුවාත් සමග ආවා. ඇය,  මගේ මහත්තයාට ගහන්න එපා, මිනී මරලද මංකොල්ලකාලද මෙහෙම ගහන්නේ  කියා ඇසුවා.
එවිට මාව අල්ලාගෙන සිටි නිලධාරියා බිරිඳට අසභ්‍ය වචන කියා  උඹ පලයන් ගෑණියේ  කියා එලවා දැමුවා. නමුත් බිරිඳ ගියේ නැහැ. එක් නිලධාරියෙකු,  උඹට ඔහොම ගහලා මදි කියා  නැවත පොල්ලකින් මගේ තට්ටම් ප්‍රදේශයට ගැහුවා.
මාව අල්ලාගෙන සිටි නිලධාරියා නැවතත් ඔවුන් ළඟ තිබුණු යකඩ පොල්ලකින් මගේ පිට මැදට පහරදුන්නා. මම කිව්වා මට ගහන්න එපා කියා. ඒ වෙලාවේ එක් නිලධාරියෙකු කියනවා මට ඇහුණා,  ගෑණි බලන් ඉන්නවා  කියා.
පසුව මාව අල්ලා‍ගෙන සිටි නිලධාරියා බිරිඳට  පලයන් ගෑණියේ, උඹට එක සැරයක් කිව්වා නේද  කියා බැණවැදුණා. එම නිලධාරින් අතේ පොඩි පිහි හා එක් අයෙකු අතේතුවක්කුවක් හා පොලු තිබුණා‍. පසුව මාව පාරට අරගෙන ගියා.
පාරේදී මගේ මුහුණට, ඔලුවට, පිටට, උරහිසට, තට්ටම්වලට හා කකුල්වලට එම නිලධාරින් පහරදුන්නා. වැඩිපුරම පහරදුන්නේ මාව අල්ලාගත්තු නිලධාරියායි. සිල්වා නමැති නිලධාරියා දුරකථන ඇමතුමක් ගෙන, වාහනය අරන් කෙළින් පාරේ එන්න කියා කිව්වා. ටික වේලාවකින් සුදු පැහැති  ෆාගෝ  වර්ගයේ වෑන් රථයක් ආවා. එහි සිටියේ එය පදවාගෙන පැමිණි අය පමණි. ඔහුත් සිටියේ සිවිල් ඇඳුමින්.
පසුව සිල්වා නමැති නිලධාරියා මගේ තට්ටම් ප්‍රදේශයට පහරවල් කීපයක් ගසා, නැගපන් කියා මාව වෑන් රථයට දමා ගත්තා. සිල්වා නමැති නිලධාරියා හා තවත් දෙදෙනෙකු එයට නැග්ගා. අනෙක් අය නැග්ගේ නැහැ.
වෑන් රථයේ මුනින් අතට සීට් එක උඩ මාව තැබුවා. ඒ වන විටත් මගේ අත් තිබුණේ ගැටගසායි. වෑන්එක ඇතුලේ නිල්පාට කෑන් වගයක් තිබෙනවා මම දැක්කා.
වාහනය යාමට සූදානම් වෙද්දී බිරිඳ පැමිණ ඇසුවා කොහේටද ගෙනියන්නේ කියා. එවිට එක් නිලධාරියෙකු කිව්වා මිරිහානට කියා. පසුව ගල්කණුව කියන තැනට මාව ගෙන ගියා. එහි විනාඩි 10 ක් පමණ නවත්වාගෙන සිටියා. එසේ සිටින විට, සිල්වා නමැති නිලධාරියාට ඇමතුමක් ආවා.  ඕගොල්ලෝ කොහේද ඉන්නේ  කියා ඇහුවා. එවිට අපි කැළේ කියා උත්තර දෙනවා ඇසුණා. සිල්වා යන නිලධාරියා පැවසුවා, සර් මෙහෙට එනවද කියා. දැන් එනවා කියා උත්තර දුන්නා.
පසුව නැවත අපේ නිවස අසලට ගියා. සිල්වා නමැති නිලධාරියා වෑන් රථයෙන් බැස්සා. වෑන් රථයේ නගින්නේ නැතිව සිටි නිලධාරින් සමග මොනවද කතා කළා. පසුව මගේ බිරිඳට කතාකර මගේ හැඳුනුම්පත ඉල්ලා ගත්තා. එම නිලධාරින් සියලු දෙනාම වාහනයට නැග යාමට පිටත් වුණා.
එසේ යන අතරදී මා නිදාගෙන වගේ සිටියා. යන ගමන් එක් එක්කෙනා මගේ ඔලුවට ටොකු ඇන්නා. මාව අල්ලාගත් නිලධාරියා මගේ ඔලුව උස්සා පිස්තෝලය බෙල්ලට තබා,  උඹව මරලා ගඟට දානවා‍  කියා තර්ජනය කළා.
පසුව මූණමල්වත්ත ප්‍රදේශයේ පන්සලකට ගෙනගියා. පන්සල අසල පාරේ හාමුදුරු කෙනෙක් හිටියා. සිල්වා නමැති නිලධාරියා හාමුදුරුවන්ගෙන් ඇහුවා  වාහනේ ඇතුළට දාන්නද, දානේ හරිද  කියා. හාමුදුරුවෝ කිව්වා,  දාන්න පුළුවන්, දානේ හරි  කියා. සිල්වා නිලධාරියා ම‍ගෙන් ඇහුවා මේ පන්සල දන්නවාද කියා. මම නෑ කිව්වා. ඒ වෙලාවේ ත්‍රීවිල් එකකින් පාන් ගෙනාවා මම වීදු‍රුවෙන් දැක්කා.
සිල්වා නමැති නිලධාරියා  මූව බලාගනින්  කියා තිදෙනෙකු වාහනයේ නවත්වා, තවත් නිලධාරින් දෙදෙනෙකු සමග පන්සල ඇතුළට ගියා. පසුව සිල්වා නිලධාරියා හා අනෙක් නිලධාරින් දෙදෙනා පන්සල ඇතුලෙන් පාන් ගෙනවිත් කෑවා. විහනය නවතා තිබුණේ ඔවුන් පාන් කන අසලමය. මගෙන්ද පාන් ඕනද කියා ඇසුවා. මම එපා කිව්වා.
පසුව ඔවුන් කාලා පැමිණි පසු අනෙක් නිලධාරින් තිදෙනාද පාන් කෑමට ගියා. ඒ අවස්ථාවේ මාව කලින් අල්ලාගෙන සිටි නිලධාරියා නැවත මගේ කම්මුලට අතින් ගැහුවා. අනෙක් නිලධාරින් තිදෙනාද පාන් කාලා ආවා.
මම දැක්කා හාමුදුරුවන්ද වාහනයේ ඉස්සරහින් නගිනවා. පසුව මාව වැලිපැන්න පොලිසියට ගෙන ගියා. පොලිසියට ගිය පසු හාමුදුරුවෝ සිටියේ නැති අතර, කොහෙන් බැස්සාද කියා මා දැක්කේ නැහැ. ‍‍
මාව වාහනයෙන් බස්සන විට, එක් නිලධාරියෙකු මගේ අත් හා කකුලක් බැඳ තිබුණු පටි ලිහා දැමුවා‍. එම නිලධාරියා කිව්වා,  නොණ්ඩි ගහන්න එපා, කෙළින් පලයන්  කියා. ඒ වෙලාවේ මගේ මුළු ශරීරයම වේදනා දෙමින් තිබුණු අතර, ඔවුන් පහරදුන් වම් කකුල නවන්නටවත් බැරිව තිබුණා. මා ගියේ නොණ්ඩි ගසමින්.
පසුව මාව ගෙනගිය නිලධාරියා රිසව් එකේ සිටි නිලධාරියාට කිව්වා මාව කූඩුවට දාන්න කියා. පසුව මාව කූඩුවට දැම්මා. ටික වෙලාවක් කූඩුවේ සිටින විට මට ක්ලාන්තය වගේ ආවා. ටික වෙලාවක් මා සිහි නැතිව සිට තිබෙනවා. රිසව් එකේ නිලධාරියා මට මොකෝ කියා කතා කළා. එවිට සිහිය ආවා. මාව කරකැවෙනවා වගේ දැණුනා‍. මා එම නිලධාරියාගෙන් ඇහුවා කව්ද මාව ගෙනාවේ කියා. ඔහු කියා සිටියා, කළුතර පොලිසියෙන් කියා.
මාව දමා තිබුණු කූඩුවේ සිටි අයෙකුව බැලීමට මිතුරෙකු පැමිණි අතර, එම මිතුරා අත ජංගම දුරකථනයක් තිබුණි. මා ඔහුට දුරකථන අංකයදී කියා සිටියා ගෙදරට කතාකර මම වැලිපැන්න පොලිසියේ සිටින බව කියන ලෙසට. ඔහු එය කිව්වා.
සවස 4.00 ට පමණ මගේ බිරිඳ මා බැලීමට පැමිණි‍යා. ටික වේලාවක් සිට ඇය ගියා. එදින රාත්‍රියේ මා කූඩුවේ සිටියා. කිසිවකු මගෙන් ප්‍රකාශ ගැනීමක් හෝ අත්සන් ගැනීමක් කළේ නැත.
2010. 10. 09 වන දින උදේ 8.30 ට පමණ මගේ බිරිඳ හා මගේ මිතුරෙකු වන අජිත් කුමාර මා බැලීමට පැමිණියා. මට ඇප දෙනවාද කියා බිරිඳ මගෙන් ඇහුවා. පසුව මා රිසව් එකේ නිලධාරියාට කතාකර මට ඇප දෙනවා‍ද කියා ඇසුවා. එම නිලධාරියා පොඩ්ඩක් ඉන්න කියා ඇතුළට ගියා.
ටික වෙලාවකින් අතුකෝරාල නමැති නිලධාරියා පැමිණ, මට ඇප දෙන ලෙසට රිසව් එකේ නිලධාරියාට කිව්වා. ඒ වෙලාවේම මා ශරීර ඇපයක් මත මුදා හැරියා. 2010. 10. 13 වන දින අධිකරණයට එන ලෙස කියා සිටියා. ඇපයට බිරිඳ අත්සන් කළා. පසුව මගේ මිතුරා වන අජිත්ගේ ත්‍රිරෝද රියෙන් ගෙදර ගියා. ඒ වන විටත් මට ඇවිදගැනීමටවත් ‍නොහැකිව තිබුණි.
මා අත්අඩංගුවට ගෙන මා හට වැඩිපුරම පහරදුන් නිලධාරියාගේ නම සිසිර බව පසුව මාහට දැනගන්නට ලැබුණි. එම නිලධාරින්ව දුටුවහොත් හඳුනාගත හැකිය.
එදින (ඇප දුන් දින) මා හට රෝහලට යාමට වාහනයක් සොයා ගැනීමට නොහැකිවූ හෙයින්, 2010‍. 10‍. 10 වන දින සවස 2.30 ට පමණ මා නාගොඩ රෝහලට ගොස් එහි 11 වන වාට්ටුවට ඇතුළත් වුණා. එහිදී මා වෛද්‍යවරුන්ට කියා සිටියා පොලිසියෙන් මට පහරදුන් බව. රෝහල් පොලිසිය විසින්ද ප්‍රකාශයක් ගනු ලැබුවා. ඔවුන්ටද ‍කියා සිටියා මට පොලිසියෙන් පහරදුන් බව. පසුව අධිකරණ වෛද්‍යවරයාද පරික්ෂා කර බැලුවා.
2010. 10. 11 වන දින ටිකට් කපා, සායනය‍ට යොමුකළා. මේ වන විටත් මගේ වම් කකුල වේදනා දෙමින් පවතී.
මීට වසර කීපයකට ඉහතදී මා විසින් මත්පැන් අලෙවිය සිදුකළ අතර, ඒ සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය මගින් පැවරූ නඩු 5ක් පැවතිණි. එම නඩු සියල්ලම මේ වන විට අවසන්ව තිබේ.
මා මීට ඉහතදී කළ නීතිවිරෝධි මත්පැන් අලෙවිය නවතා දමා, ඒ සම්බන්ධව තිබුණු නඩු සියල්ලද අවසන්ව, තේ වත්තක් කරගෙනයාම අරඹා තිබියදීත් කළුතර පොලිසියේ සිසිර, සිල්වා නමැති නිලධාරින් හා අනෙක් අදාළ නිලධාරින් විසින් මා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, පහරදී, ව්‍යාජ චෝදනා මත නඩු පවරා ඇති බව ප්‍රකාශ කර සිටිමි.
මාඅසනීපව සිටි බැවින් 2010. 10. 13 වන දින අධිකරණයට ඉදිරිපත් වීමට නොහැකි වූ අතර මාගේ සහෝදරයා ඉදිරිපත් විය. මීළඟ නඩු දිනය 2010. 11. 30 වේ‍.
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, ඉතා අමානුෂික අන්දමින් පහරදී, මරණීය තර්ජන කර, ව්‍යාජ චෝදනා මත නඩු පැවරූ කළුතර පොලිසියේ සිසිර, සිල්වා, කිත්සිරි ඇතුළු අදාළ නිලධාරින්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලමින් , ඒ. චන්ද්‍රසිරි,මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පති‍ හා පොලිස් අධිකාරි - කළුතර ‍වෙතලිඛිත ලැමිණිලි කර ඇත.