Friday, January 25, 2013

තිස්ස බාලසූරිය පියතුමා සහ හෘදය සාක්ෂිය.


     තිස්ස බාලසූරිය පියතුමා සහ හෘදය සාක්ෂිය


අපෙන් සමුගත් තිස්ස බාලසූරිය පියතුමා අප හැඳින ගත්තේ - සමාජ සාධාරණත්වය යුක්තිය උදෙසා ක්‍රියා කරනකැපවූ එඩිතර පුරෝගාමියෙකු වශයෙන්ය.
ඔහු මූලික වූ කොළඹ ඩීන්ස් පාරේ සමාජීයිය හා සාමයික කේන්ද්‍රය පීඩාවට පත් වූවන්ටසමාජ වෙනසක්ප්‍රගතියක්අපේක්ෂා කරන්නවුන්ටවිසංවාදයට විවෘත වූයේ භේදයකින්සිමාවකින් තොරවය.
සරමකින් හා දිග කබායකින් සැරසී සිටි තිස්ස බාලසූරිය පියතුමාකුමන ආගමකටනිකායකට අයත් වූවාදැයි කිසිවටෙකකිසිම ප්‍රශ්ණයක් අප තුළ ඇති කළේ නැත.
1971 අප්‍රේල් කැරැල්ලේදී තරුණ ඝාතනයට එරෙහිව නැගී සිටි ඔහුඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටි තරුණයින් වෙනුවෙන් පෙනී සිටියේය. එ සඳහා මහමගටද පිවිසියේය.
1980 මහා වැඩවර්ජනයේදි වැඩ අත්හළ සේවකයින් වෙනුවෙන් පෙනී සිටියේය.
ජාතික සමගිය උදෙසා - ආගමික සමගිය සඳහා ඉමහත් වෙහෙසක් ගත්තේය. අන් අය වෙනුවෙන්යුක්තිය වෙනුවෙන්සාධාරණත්වය වෙනුවෙන් ඔහු තම ශ්‍රමය,ධනයකාලය වැය කළේය. ඔහු තම අදහස්හෘදය සාක්ෂියට අනුව - ගැඹුරු අධ්‍යයනයකින් පසුව ප්‍රකාශ කළේය.
ඔහු කතෝලික සභාෙව් සිටිමින්  - කතෝලික සභාවේ ඉගැන්වීම ප්‍රශ්ණ කළේය.
ඔහු විසින් ඉදිරිපත් කළ මේරි ඇන්ඩ් හියුමන් ලිබරේෂන් - Mary And The Human Liberation  - කෘතියඑහි ප්‍රතිඵලයකි.
අතීතයේ මෙන්ම අදත් කතෝලික සභාව විද්‍යාත්මකතර්කානුකූල ඉදිරිපත් කිරීම් නොඉවසන බව පෙන්නුවේ ප්‍රචන්ඩත්වය උපයෝගී කර ගනිමින්ය. කතෝලික සභාව වෙනස් වී නැති බව තිස්ස බාලසූරියව කතෝලික සබාවෙන් නෙරපීම තුලින් ලොවට පෙන්නුම් කළේය.
කතෝලික සභාවේ මෙම තීරණයට එරෙහිව ඔහු ප්‍රකාශයක් නිකුත් කළේය. එය වැරදි බව ෙලාවටම  කියා සිටියේය.
ඔහුව කතෝලික සබාවෙන් නෙරපා හැරීමට එරෙහිව ලොව ඛෙහෝ දෙනා නැගී සිටියේය.
එහෙත් - යුක්තිය - කතෝලික සභාවට ප්‍රශ්ණයක් නොවීය. තිස්ස බාලසූරියට එවිට වයස 72 කි.
ඔහු කතෝලික පූජකයෙකු වශයෙන් සිටියේ දැඩි අධිශ්ඨානයකිනි. එල්ලවූ බලපෑම් හමුවේ - ඔහු වසර දෙකක යුක්තිය හා සාධාරණත්වය සඳහා වූ අරගලය නිම කළේය.
ඔහු තම හෘදය සාක්ෂියටතමාගේ හැදෑරීම් වලට අනුවනිවැරදි බවට තරයේ විශ්වාස කළ කරුණු වරදි බව - පූජක බව රැක ගන්නටද? - වතිකානුව ඉදිරියේ පිළිගත්තේය.
එහෙත් ඔහුගේ මේරි ඇන්ඩ් හියුමන් ලිබරේෂන් - පොතඔහුගේ නිර්මාණයක් වූ සමාජීයිය හා සාමයික කේන්ද්‍රයේ පොත් රාක්ක වලින් ඉවත් කළද,වතිකානුවට එය ජනයා අතරින් ඉවත් කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමු.
තිස්ස බාලසූරිය අද අප අතර නැත. ඔහුගේ කාර්ය භාරය අතිමහත්ය. එහෙත් යුග පුරුෂයෙකු වීමට - තරම් ශක්තියක් ඔහුට නොවීය. ඔහුගෙන් ඉගෙනගත් දේ බොහෝය. හෘදය සාක්ෂියට අනුව ජීවත් වීම කෙතරම් අසීරුදඑක් පාඩමකි.
ජනසංසදය
2013.01.20

No comments:

Post a Comment