Wednesday, January 30, 2013

වධ දෙයි, කුඩු දමයි, රිමාන්ඩ් කරයි, රාජපක්ෂගේ පොලිසියේ සාරධර්ම

වධ දෙයි, කුඩු දමයි, රිමාන්ඩ් කරයි,රාජපක්ෂගේ පොලිසියේ සාරධර්ම

වාද්දුව පිංවත්තේදි අත්අඩංගුවට ගත් තරුණයෙකුට කෘෘර අමානුෂික වධ හිංසා පමුණුවා - කුඩු˜ ළඟ තබා ගැනීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කර - රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. වාර්තා වන අන්දමට වත්තක හොරෙන් පොල්කැඩිම මොහුට විද්ධව එල්ලවී තිබු චොදනාවයි. 
2013.01.25 දින, පානදුර පොලිසියේ ජයසිංහ (බොක්සර් ජයසිංහ) නැමැති නිලධාරියා ප්‍රමුඛ පිරිසක් විසින් - තුෂාර ධම්මික සිල්වාව (අවු: 33) වන මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ඇත්තේ පානදුර දකුණ පොලිසියේ කුප්‍රකට වධකාගාරය පවත්වාගෙන එහි හතරවන තට්ටවේදීය. මෙහිදී හර්නියා රෝගයෙන් පෙළෙන ධම්මිකව බිම දිගා කොට බඩ පයින් පාගමින් පහරදි තිඛෙන බව ඔහුගේ මව රංජනී,කියා සිටී.
මව රංජන පවසා සිටින්නේ, අත්අඩංගුවට ගැනීම, වධදීම පිළිබඳව මානව හිමිකම් කොමිෂමට පැමිලි කලද එයින් ඵලක් වී නොමැත.
අධිකරණයට ඉදිරිපත් කිරීමට, වෛද්‍ය සහතික ලබාගැනීමට ධම්මිකව පානදුර මූලික රෝහලට ගෙනගිය අවස්ථාවේ අසාධ්‍ය තත්වයෙන් සිටි මොහුව නැවත පොලිසියට බාර නොදී - ප්‍රතිකාර සඳහා නේවාසිකව නතරකර ඇත.
ධම්මිකගේ මව රංජනී අවධාරනයෙන් පවසා  සිටින්නේ  - ධම්මිකට වධදී ඇත්තේ ජයසිංහ (බොක්සර් ජයසිංහ) නැමැති නිලධාරියා බවයි.
මෙය පොලිසිය බාර ජනාධිපති රාජපක්ෂගේ අවශ්‍යතාවයකි. බොරු නඩු දමා රිමාන්ඩ් කරවීම මගින් ලබන්නේ අසීමිත තෘප්තියකි.
වධ හිංසා පැමිණවීම, ශ්‍රී ලංකාවේ නීතියට අනුව අපරාධයකි. මේ අපරාධය බහුලව සිදුකරන්නේ පොලිස් නිලධාරීන්ය.
මෙම පොලිස් වධකයින් රැක ගැනීම මගින් පමණකි - ජනාධිපති රාජපක්ෂ ප්‍රමුඛ පාලක කල්ලියට තම දූෂිත පාලනය කරලගැනීමට හැකිවන්නේ. වටහා ගත යුතු කරුණක් තිබේ. මෙය නරක පොලිස්කාරයෙකුගේ වැඩක් නොවන බව.

No comments:

Post a Comment