Friday, January 25, 2013

සියලූ අධිකරණයන්හි, සියලූම දෙනාටම, භෙදයෙන් තොරව කරනු ලබන ආරාධනය

සියලූ අධිකරණයන්හිසියලූම දෙනාටම,භෙදයෙන් තොරව කරනු ලබන ආරාධනය.


කුමන බාධකගැට`ඵ තිබුණ වුවදජනතාවට ලොකු කුඩා භේදයකින් තොරව - යම් ප්‍රශ්ණයකදී ගැට`ඵවකදී විසඳුමක් ලබා ගැනීම සඳහා තිබූ එකම ආයතනය අධිකරණ යයි.

අධිකරණ පද්ධතියේ ක්‍රියාකලාපයලොකු කුඩා භේදයකින් තොරව මෙම පද්ධතියට අයත් වුවන්ගෙන් ගැට`ඵ තිබිණ. එම ගැට`ඵ බොහෝ පීඩාකාරී වූ බවද කිවයුතුය.

මෙම කටුක වතාවරණය තුලද යුක්තිය ඉටු කර ගැනීම සඳහා යායුතුව තිබිණු එකම තැන,විශAවාසයක් තිබූ එකම තැන - අධිකරණයයි.
තිස් අවුරුදු කුරිරු යුද්ධයේ ජයග්‍රහනයට මුවාවීජනාධිපති රාජපක්ෂ, ෙජ්.ආර්.ජයවර්ධනගේ ව්‍යවස්ථාව උපයෝගී කරගත්තේ - සියලූ බලතල තමා සතු කර ගැනීමටය. එසඳහා ඔහු නොකල ක්‍රියාවක් නැත.
තමන්ගේ පදයට එකඟවන්නාවූ ඕනෑම වංචනිකයෙකුටමිනීමරුවෙකුටස්ත්‍රී දූෂකයෙකුට,සොරෙකුටගසාගෙන කන්නෙකුටසුරා කන්නෙකුට රිසිසේ නිදහස භූක්ති විඳින්නට වරම් ලබා දුන්නේය.
ව්‍යවස්ථාවෙන් ඔහුට සතුවූ සීමිත විධායක බලය - සීමා රහිත එකක් බව පත්කරගන්නට ඔහු

 —ව්‍යවස්ථාවම˜ උපයෝගී කරගත්තේ වත්මන් පාර්ලිමේන්තුව අත කොලූවක් කර ගනිමින්ය. තම අත්තනෝමතික ක්‍රියාවන්ට බාධා විය හැකි සියලූම ස්වාධීන˜ ආයතන තම අනසකට පත්කර ගත්තේය.
එතැනින් ඔහු නතරවූයේ නැත. සියලූ රාජ්‍ය ආයතනව්‍යවස්ථාපිත ආයතනමණAඩල සඳහාද,තම ගෝලබාලයින්, ×තීන්දූෂිතයින් ප්‍රධානීන් ලෙසට පත්කර ගත්තේය.

මිනීමරුවන්ස්ත්‍රී දූෂකයින්වංචාකරුවන් හා හොරුන් වැරදි කරුවන් බවට පත්වීමට තිබිය හැකිව තිබූ එකම ඉඩතඩද ඔහු අසුරා දැමුවේ නඩු පැවරීමේ වගකීම දරනස්වාධීනව පැවති නීතිපති දෙපාර්තමේන්තුවද තම යටතට පත්කර ගැනීමෙන්ය.
ඔහුගේ අත්තනෝමතික ක්‍රියාවන්ට බාධාවකට ඉතිරිවූ එකම ආයතනය අධිකරණයයි.

පසුගිය වසරේ ආණAඩුවේ දූෂිත ක්‍රියාවන්ටඅත්තනෝමතික ක්‍රියාවන්ටඅධිකරණය නීතිය පදනම් කරගෙන දෙන ලද තීන්දු ඔහුට බරපතල අභියෝගයක් විය.

අ.පො.ස.උසස් පෙළ දස දහස් ගණනකගේ අනාගතය අඳුරු කරන්නට රාජපක්ෂ රජය ගත් උත්සාහය වැලකුනේ - අධිකරණයේ තීන්දු වලිනි.
මෙය වෙනස් කල යුතු විය. එසඳහා ඔහු - ව්‍යවස්ථාව විකෘති කරමින්සොරාගත් මංත්‍රීවරුන්ගෙන් බහුතරය ගොඩනගාගත් පාර්ලිමේන්තුව උපයෝගී කරගත්තේය.

පරීක්ෂණයදචෝදනා ගොනු කිරීමදවිභාග කිරීමදතීන්දුව දීමද ඔහු කළේය. ඒ ස`දහා ඔහු පාර්ලිමේන්තුවේ තමන්ගේ අන්තේවාසිකයින් යෙÞ ගත්තේය. ඔහු තීන්දුව දුන්නේය.
සිංහලේ අන්තිම රජු ශ්‍රි වික්‍රම රාජසිංහ සිහියට නන්වමින් අග විනිසුරුවරියගෙ ගෙල සිඳ දැම්මේය.
වැරදි ආකාරයට පත්විම් දෙන එවුන් සේම එවා ලබා ගන්න එවුන්ද නීචයෝය. එ බව කාටවත් වඩා හොඳිණ  මොහාන් පිරිස්ට තේරෙනවා ඇත.
රාජපක්ෂගේ දුෂ්ඨ ක්‍රියා පිළිවෙතට විරුද්ධවු අධිකරණ පද්ධතියේ ඉහළම සිට පහළම තනතුර හොබවන්නන්ට කලහැකි දේ බොහෝය.
අධිකරණය කෙරෙහි මෙතෙක් ගෞරවය ලබාගත්තේ බලහත්කාරයෙනි. බලය උපයෝගී කරගෙනබිය වද්Þ ලබා ගන්නා ගෞරවයට˜ ආයුෂ නැත. එය පළමුව ෙජ්. ආර්. ජයවර්ධන කළේය. එලාවටය. රාජපක්ෂ කළේ උපරිමයෙන්ය.

විධායකයවිධායකයේ මෙහෙයවීමෙන් ව්‍යවස්ථාÞයකයඉහළම අධිකරණය අපහාසයට,උපහාසයටහාස්‍යයට හා අභියෝගයට ලක් කිරීම - තව නොබෝ දිනකින් සමස්ථ අධිකරණ පද්ධතියම වෙලා ගනු ඇත.
එහෙත් එය වලක්වාලීමට කල හැකිදේ බොහෝය. අධිකරණයේ ඉහළ සිට පහළට තනතුරු දරන සියලූ දෙනාට තනි තනිවත්එකට එක්වත් කලහැකි දේ බොහෝය.
මෙතෙක් අනුගමනය කලනීතියට පටහැනිවූසාමාන්‍ය ජනයා පිඩාවට පත් කලාවුත් බොහෝවිට උද්ධජ මානසිකත්වයෙන්ලාභ ප්‍රයෝජන සඳහා කල කී දෑ වෙනස් කරන්න.

ජනතා සේවකයින් වශයෙන් ඔබ වෙත යුක්තිය අපේක්ෂාවෙන් එන ඔවුන්ටද ගරුත්වයක් ඇති බව සිහියට නංවාගෙන ක්‍රියා කරන්න.
බලය˜ - —භිය˜ මත ගොඩනගාගෙන තිබූ — ආරුඩ කරගත් පෞරුෂය˜ අද බිඳීගොස් ඇත. බිඳදමා ඇත.
ර්‍ණයුක්තිය” වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඉටු කරමින් ගෞරවය දිනාගන්න.
එය- කුමන තරාතිරමක වුව පුද්ගලයෙකුට පුද්ගල කණAඩායමකට බිඳිය නොහැකිවනු ඇත.

සමස්ථ අධිකරණය සමග ජනයා එක්ව සිටිනු ඇත.

No comments:

Post a Comment