Monday, April 28, 2014

පොලීසිය එක්ක දඟලන්න ආවොත් ඔය දේ වෙනවා - කළුතර ASP


රු. 50,000/= අල්ලස දෙන්න බෑ කිව්වාම, ගේ දොර බඩු මුට්ටු විනාශ කර අත්අඩංගුවට ගෙන, බොරු නඩු දැමීම ගැන, පැමිණිලි කළ විට, කළුතර ඒ.එස්.පී. දීලා තියෙන පිළිතුර තමයි ඉහත සඳහන් වෙන්නේ.

71 හැවිරිදි ප්‍රේමරත්න දරුවන් 07 කුගේ පියෙක්. මහ රා කර්මාන්තයේ බලපත්‍ර සහිතව නියැලෙන්නෙක්.
බලපත්‍ර සහිතව කර්මාන්තයේ නියැලෙන මොහු සහ ඔවුන්ගේ පුතුන්ට නිදහසේ සිය කර්මාන්තය කර ගන්නට තියෙන ප්‍රධාන බාධකය පොලීසිය.
බලපත්‍ර සීමාවන්ට පිටින්, යම් ක්‍රියාවක නිරතවන්නේ නම්, ඒ පිළිබඳ මැදිහත් වීමට පොලීසියට හා සුරා බදු දෙපාර්තමේන්තුවට බලය තිබේ.
එහෙත් තමා උපයන දෙයින් කොටසක් පොලීසියට ගෙවීමට ඔවුන් බැඳී නැත. පොලීසිය නිතිපතා මෙම පුද්ගලයින්ගෙන් අල්ලස් ලබා ගනී. එය ප්‍රතික්ෂේප කළ විට බොරු නඩු දමයි.
මෙයට ප්‍රෙද්ශය බාර පොලීසි නිලධාරීන් වන එස්.පී. ලා හා ඒ.එස්.පී. ලාගේ අනුග්‍රහය ලැබෙන බව කළුතර ඒ.එස්.පී. ගේ ඉහත ප්‍රකාශයෙන් පැහැදිලිය.
සිද්ධිය අදාලව ප්‍රේමරත්න, පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට කර තිබෙන ලිඛිත පැමිණිල්ල සම්පූර්ණයෙන් පහත දක්වන්නේ, ශ්‍රී ලංකාවේ නීතියට, ආණ්ඩුව කර තිබෙන දේ වටහා ගැනීමටය.
නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, පහර දී, ගේ දොර වලට අලාභ හානි කර,
ව්‍යාජ චෝදනා මත බන්ධනාගාරගත කරවීම
සුදුවා දේවගේ පේ‍්‍රමරත්න, අවු: 71යි, ජා.හැ.අ.440032532ඪ, විවාහක, දරුවන් 07යි, රැකියාව : මහා රා කර්මාණ්තය. 123, රෝක්ලන්ඞ් පාර, මාගල්කන්ද, මග්ගොන.
2014.04.04 දිනදීය.

2014 මාර්තු 14 වන දින, සවස 4.00ට පමණ, මාගේ පුතා වන සුදුවා දේවගේ මංගල ප‍්‍රියන්ත , මාගල්කන්දේ රා එකතු කිරීමේ ස්ථානයේ (ක්‍ී ස්ථානය*, රා ප‍්‍රවාහනය කරනු ලබන ලොරියට, රා පැටවීමේ යෙදී සිටියා.
එම අවස්ථාවේ, මා ද එම ස්ථානයේ සිටියා.
එසේ රැකියාවේ නිරතව සිටින විට, පොලිස් ජීප් රථ තුනක් පැමිණියා. එයට අමතරව යතුරු පැදි දෙකක් ද ආවා. ඔවුන් සියලූ දෙනාම රථ වලින් බැස, වත්තට ආවා. විස්සක් පමණ ආවා. එයින් දෙන්නෙක් පමණක් නිල ඇඳුමින් සිටියා. අනෙක් සියලූ දෙනා සිටියේ සිවිල් ඇඳුමින්.

බේරුවල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ හා අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ප‍්‍රියංකර යන දෙන්නා ජංගම දුරකථන පාවිච්චි කරමින් වත්ත, නිවස නිවෙස තුල, සිද්ධිය දැක වටවූ අසල්වැසියන් සියල්ලන්ම වීඩියෝ ගත කලා.
අසල් වැසියන් කිහිප දෙනෙකු නිවසේ, පේව්මන්ට් එකේ වාඩි කරවා, රා එකතු කරන ප්ලාස්ටික් බාස්කට් ඔවුන් ලඟ තබා වීඩියෝ කලා.
මාව ඇදගෙන ඇවිත් - උ`ඵවස්ස ළඟ තබා, එ් පිරිස සමග එකට වීඩියෝ ගත කලා.
රා කර්මාණ්තයට භාවිතා කරන, මුට්ටි බැරල්, බාස්කට්, කෑන්, ආදි සියල්ල වීඩියෝ ගත කලා.
ඒ අතර, මා, ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ ගෙන් ප‍්‍රශ්ණ කලා “ඇයි මෙහෙම කරන්නේකියා. එවිට මාහට දුමින්ද රාජපක්ෂ පිටට ගසා, ඔලුව බිත්තියේ හැප්පුවා. එසේ කලේ කුණූහරප කියමින්. ඔහු කිව්වා මේවා කරන්නේ සහකාර පොලිස් අධිකාරී නියෝග මත බව. ඒ සමග දුමින්ද රාජපක්ෂ, එයි සිල්වා මූව දාගනින්කිව්වා.
සිල්වා නැමැති අය - (සිවිල් ඇඳුමින් සිටිය) පැමිණ, මාව ඇදගෙන ජිප් එක ලඟට ගියා.
ඒ අවස්ථාවේදී, මාගේ පුතා වන එස්.ඞී.මංගල ප‍්‍රියන්ත ද ජීප් එක ළඟට පැමිණීයා. ඒසමගම ඔහුව කිහිප දෙනෙක් වට කර ගත්තා. දුමින්ද රාජපක්ෂ හා ප‍්‍රියංකර අතින් පයින් මාගේ පුතාට පහර දුන්නා. පුතාගේ සරම ගලවා දැම්මා. ඇඳ සිටි ටී ෂර්ට් එක කෑලිවලට ඉරුවා. ඉතිරි වුනේ යටට ඇඳ සිටි කලිසම පමණයි. එසේ පුතාට පහරදී, මාවත්, පුතාවත් ජීප් රථය ඇතුලට තල්ලූ කර දැම්මා.
එයින් පසුව දුමින්ද රාජපක්ෂ, ප‍්‍රියංකර නිධාරියාට කිව්වා, මුන්ගේ ඔය බඩු ඔක්කොම පොඩි කරලා දාපන්, මේක ASP ගේ  ඕඩරයක්, මම බලාගන්නම්කිව්වා.
ඒ සමග, ප‍්‍රියංකර හා සිල්වා අනෙක් අයවද අරගෙන ගොස් රා කර්මාණ්තයට අදාල අපගේ සියලූ ආම්පන්න පොඩි පට්ටම් කර දැම්මා. එම නිලධාරින් දුටුවොත් අඳුරන්න පුලුවන්.
එසේ පොඩි කර ඔවුන් නැවත ජීප් එක ලඟට ආවා. සිල්වා කියන නිලධාරියාගේ අතේ ලේ තිබුනා. දුමින්ද රාජපක්ෂ ඇහුව්වා මොකද ලේ කියා. සිල්වා නැමැති නිලධාරියා කිව්වා කැබිනට් එකේ වීදුරුවට කැපුනා කියලා.
එවිට දුමින්ද රාජපක්ෂ කිව්වා ඒකත් අපිට පොයින්ට්එකකට ගන්න පුලුවන් කියා.
ඊට පසුව දැනගත්තා පොලිසිය ගේ ඇතුලේ තිබූ කැබිනට්, ගස් මුට්ටි , කෑන්, පිංතූර, පිඟන් රාක්ක, මන්න පෙට්ටි පොඩි කල බව. ඒ අතර ගෙදර තිබූ මන්නා පිහියද අරගෙන ගිය බව දැනගත්තා.

එසේම දැනගත්තා, අප පොලිසියට ගෙන ගිය පසුව, සිරස හා හිරු රූපවාහිනී මාධ්‍ය දෙකෙන් රූප ගත කල බව.
අපව බේරුවල පොලිසියට ගෙන ගිය පසුව, කූඩුවට දැම්මා. එසේ කූඩුවේ ඉන්නකොට ස.පො.අධිකාරීවරයා ආවා. ඔහු කූඩුව ළඟට ආවා. එවිට මාගේ පුතා ඔහුට ප‍්‍රකාශ කලා, ගහලා බඩු පොඩි කරලා ගෙනා බව.
ඔහු කිව්වා - පොලිසියත් එක්ක දගලන්න ආවොත් ඔය දේ තමයි වෙන්නේකියා. පසුව ඔහු යන්න ගියා.
ස.පො.අධිකාරීවරයා ගිය පසු මාගේ පුතාව කූඩුවෙන් එළියට අරගෙන, අපරාධ අංශයට ගෙන ගියා. එහිදී පො.ප.ප‍්‍රියංකර පුතාගෙන් ප‍්‍රකාශයක් ගෙන තිබෙනවා.
පසුව මාවද අපරාධ අංශයට ගෙන ගියා. මගෙන් ඇහුව්වේ නම, ලිපිනය ආදිය පමණයි. ඊට පස්සේ ඔහු මොනවාද ලිව්වා. මට කිව්වා අත්සන් කරන්න කියා මට තර්ජණය කලා. නමුත් මා අත්සන් කලේ නැහැ. එවිට උඹට ඒ කටත් නඩුවක් දානවාකියා නැවත කූඩුවට ගෙනගොස් දැම්මා.
ඊට පසු පුතාට ඇඳ ගන්න සරමක් දී මාව හා පුතාව බේරුවල රජයේ රෝහලට ගෙන ගොස් එහි ඩිඑම්ඕ මහතා ලඟට ඉදිරිපත් කලා. පළමුව පුතාව ද, ඊට පසුව මාව ද ඉදිරිපත් කලා.
එයින් අනතුරුව, ජිප් රථයට දාගෙන ක`ඵතර දකුණට පැමිණ, සෙන්ට‍්‍රල් හංදියෙන් හීනටියන්ගල පාරට දමා, හිටපු පලාත් සභා මංත‍්‍රී යූෂුප් මයාගේ නිවස ඉදිරිපිට, තට්ටු දෙකේ නිවසක් අසලට ගෙන ගියා. එම නිවසේ ගේට්ටුව අසල නවතා, ගේට්ටුවට ගසා කතා කලා. එවිට ගේට්ටුව ඇර, කොට කලිසමක් හා උරපටි බැනියමක් ඇඳන් අයෙක් එළියට ආවා. ඔහුට පොලිස් ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ ලිය කියවිලි වගයක් අතට දුන්නා. ඔහු එම ලියවිල්ල ඇතුලට ගෙන ගිහින්, ආපසු ගෙනත් දුමින්ද රාජපක්ෂට දුන්නා. එයින් පසුව මාව හා පුතාව, කලූතර බන්ධනාගාරයට ගෙන ගියා. එවිට වේලාව රාත‍්‍රී 11.00 ට පමණ ඇති.
පසුව දැන ගත්තා ඒ මහෙස්ත‍්‍රාත් වරයෙකුගේ නිවස බව. එම මහේස්ත‍්‍රාත් වරයා හෝ වරිය කව්රුන්ද කියා අපි දැක්කේ නැහැ. එම මහෙස්ත‍්‍රාත් වරයා හෝ වරිය අපිව දැක්කෙත් නැහැ. ගේට්ටුව ඇර, කොට කලිසමක් හා උරපටි බැනියමක් ඇඳන් පැමිණ පොලිස් ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ ගෙන් ලියවිලි අරන් ගියා පුද්ගලයා අපි කව්ද කියාවත් හැරි බැලූවේ නැහැ.
එදින සිට 2014.03.24 දක්වා රක්ෂිත බන්ධණාගාර ගත කර තැබුවා.

බන්ධනාගාරයේදී මා හා පුතා අපට පොලිස් නිලධාරීන් පහර දුන් බව කියා සිටියා. මාගෙන් පමණක් ප‍්‍රකාශයක් ලබා ගත්තා. පුතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගත්තේ නැහැ.
2014.03.24 දින අධිකරණයට ගෙන ආවා.
එවිට දැනගත්තා, මට හා පුතාට එක් නඩුවකුත්, මට පමණක් තවත් නඩුවකුත් දමා තිබෙන බව.
මට හා පුතාට දමා තිබුන අංක 782 නඩුව කතා කල විට, දෙන්නාම නිවැරදිකරුබව ප‍්‍රකාශ කලා. අපි වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ විරාජ් ජයනෙත්ති මයා, අප වෙනුවෙන් ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියා. එම නඩුවෙන් කියා තිබුනා මාගේ පුතා  සිල්වා නැමැති නිලධාරියාට මන්නයෙන් ගසා තුවාල කලා කියා.
ඒ අවස්ථාවේ, පුතා විසින් කැපූ බව කියන පොලිස් නිලධාරියාට සු`ඵ ගානක් ගෙවනවා නම් සමථ වෙන්න කැමති බව පොලිසිය අධිකරණයට කියා සිටියා.
ඒ අවස්ථාවේ, අපගේ නීතිඥ විරාජ් ජයනෙත්ති මහතා, කූඩුව අසලට පැමිණ පොලිසියේ යෝජනාවට කැමතිද කියා ඇසුවා. පුතා කැමති වුනේ නැහැ.
එවිට - රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇප දෙකක් මත මාව මුදාහැරියා. පුතාව 2014 මාර්තු 31 දක්වා නැවත රක්ෂිත බන්ධණාගාරගත කලා. මෙම නඩුවේ පළමු විත්තිකරු වන්නේ මා බවද මෙහිදී කියා සිටිනවා.
මේ ආකාරයට මට හා මාගේ පුතාට පහරදී, අපගේ දේපොල විනාශ කර, බොරු නඩු දමනු ලැබීමට හේතුව පහත දක්වමි.
2014.03.14 වන දින, උදේ 9.00 - 9.30 පමණ, බේරුවල පොලිසියේ ජීප් රථය, මා නිවස ඉදිරිපිටට පැමිණ නැවැත්වූවා.
එයින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රියංකර පැමිණ මට කතා කලා.
ඔහු මට කිව්වා - ලොකු මහත්තයා ඇවිල්ලා ඉන්නවා, එයා කියනවා උඹත් එක්ක තියෙන වාද ඉවරයි කියලා කියන්න කිව්වා, ජීප් එකේ ඉන්නවා ඇවිල්ලා හමුවෙයන්, කියා.
මම ඒ අනුව ජීප් රථය ළඟට ගියා. බේරුවල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ - ජීප් රථයේ හිටියා. පදවාගෙන ඇවිල්ලා තිබුනෙත් ඔහු.
ඔහු මට කිව්වා උඹ කරන රස්සාව අනුව, උඹ  ඕන දෙයක් කර ගනින් , මට රුපියල් පනස්දාහක් දියන්කියා කිව්වා.

එවිට මම සර් අපිට බලපත‍්‍ර තියෙනවා. අප කරන රස්සාව අනුව රු: 50,000/=ක් ගෙවන්න බෑකියා කිව්වා.්‍
ඔහු ටික වේලාවක් නිහඬව සිට “බලාගම්මුකියා යන්න ගියා.
මේ ආකාරයට, උදේ බේරුවල පොලිසියේ ස්ථානාධිපති රාජපක්ෂ හා අපරාධ අංශයේ ප‍්‍රියංකර පැමිණ මාගෙන් ඉල්ලා සිටි රු: 50,000/=ක මුදල නොදුන්න නිසා, මේ ආකාරයට සවස පැමිණ, අපගේ දේපල හානි කර, අත්අඩංගුවට ගෙන, පහරදී, බොරු නඩු දැමූ බව ප‍්‍රකාශ කරමි.
මෙම සිද්ධිය අදාලව මාගේ අනෙක් පුතා වන සුදුවා දේවගේ සම්පත් විසින් - 2014.03.19 දින ඔබ වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බවද සිහිපත් කරමි.
මා ඉල්ලා සිටින්නේ,
1. බේරුවල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ, අපරාධ අංශයේ ප‍්‍රියංකර නැමැති නිලධාරීන් - ක`ඵතර ස.පො.අධිකාරී (දුටුවොත් අඳුනාගත හැකිය* එකතුවී සිදුකර තිබෙන ඉහත සඳහන් නීති   විරෝධී (අපරාධ* සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට,
2. මා විසින් නීත්‍යානුකූලව කරගෙන යන මහ රා කර්මාන්තය බාධාවකින් තොරව හා ආරක්ෂා සහිතව කරගෙන යෑම සඳහා පොලිසියේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් නවත්වන ලෙසට,
3. දැනට පවරා ඇති බොරු නඩු ඉවත් කරන ලෙසට,

අ.ක/ එස්.ඞී.පේ‍්‍රමරත්න

No comments:

Post a Comment