Wednesday, April 30, 2014

නොදරුවන්ට දළදා ගමනය ‍පෙන්වා ‍කෝටි ගණන් ගරති.


2014 අ‍ප්‍රේල් මස 23 වන දින, දහවල් 10.30 ට පමණ, පානදුර සිනමා ශාලා‍වේදී ශ්‍රී දළදා ගමනය චිත්‍රපටය ‍පෙන්වා, ඉන් පිටතට ගත් එක වසර ඉ‍ගෙනුම ළමුන් පිරිසක් ‍පෝලිම් ගස්සවා නැවත පාසලට ‍ගෙනයන දර්ශනයකි පහත දැක්වෙන්නෙ.

මෙම දර්ශනය ‍බො‍හෝ ‍දෙ‍නෙකුට අමුත්තක් ‍නොවුනත්, ‍මෙම ළමුන් බාරව සිටි ගුරු මහත්මීන්ට තිබුණ වගකීම අසීමිත බව නිරීක්ෂණය කළ ‍කෙ‍නෙකුට නම්, ‍පෙ‍නෙන්නට ඕනෑය.



මෙම ළමුන්‍‍ගේ ‍දෙමාපියන් කිහිප ‍දෙ‍නෙක්ද සිනමා ශාලාව අවට රැඳී සිටිනු දැක ගන්නට හැකි විය.

 මෙම දරුවන් අතරින් ‍දෙමාපියන් කිහිප ‍‍‍දෙනෙකුගේ මැසිවිලි කිහිපයකට සවන් ‍දෙන්නට අපට හැකිවිය.

මේ චිත්‍රපට බලන්න එක් ලමයෙකු‍‍ගෙන් රුපියල් 100/= ක් අය කළා. ‍මේ මුදල් ‍ගෙනායුතු බවට ටීචර්ලා බල කළා. අමාරු‍‍වෙන් තමයි රුපියල් 100/= ක් හොයලා දුන්‍‍නේ.

ම‍ගේ දරුවා කළුවරට බයයි. චිත්‍රපටය බලන්න එන්න කියා මටත් කරදර කරනවා. අද උ‍දේ ඉස්‍කෝ‍‍ලො එන්න බැරි බව කිව්වා. මම කිව්වා සිනමා ශාලාව ළ මම ඉන්න හින්දා බය ‍වෙන්න එපා කියලා.

මෙහෙම කරන්න පුළුවන්ද? ඔය ළමයි ටික සිනමා ශාලාව අතුළට දැම්මාම ‍මොනවා ‍වෙනවද කියා කව්ද දන්‍නේ.

සමහර ටීචර්ලා කිව්වා, ඒ‍ගොල්ලන්ට කරන්න ‍දෙයක් නෑ, ඉහළින් එන නි‍යෝග කියා.
 ‍මේ කිසි‍වෙකුට වත් අදහසක් තිබු‍ණේ නෑ ‍මේ සිදුකරන්‍නේ ළමුන්ව අප‍යෝජනයට පත් කිරීම බව.

ජනාධිපතිවරයාත් එකතුව ඊනියා චිත්‍රපට නිශ්පාදකයින්ට මුදල් ‍හොයලා ‍දෙන දූෂිත වැඩ පිළි‍වෙලක්.

පළමු වස‍රේ කියන‍්නො අවුරුදු 6 ක්වන ළමයි. ‍මේ ළමයින්ට ‍පෙන්වන්න ඕන චිත්‍රපටය කුමක්ද කියලා තීරණය කරන්න අයිතිය ති‍යෙන්‍නේ ඒ ළමයින්‍ගේ ‍දෙමාපියන්ට.

මේ ආකාරයට ළමුන්ව ප්‍රාණ ඇපයට අරන්, ළමුන්ට බලපෑම් කර ‍දෙමාපියන්‍ගෙන් මුදල් එකතු කර චිත්‍රපට ‍පෙන්වීම ළමා අප‍යෝජනයකි.  දූෂිත ක්‍රියා පිළි‍වෙතකි. තම දරුවා ට ‍පෙන්වන්න ඕන චිත්‍රපටය ‍හෝ ‍වෙනත් සංස්කෘතික කලා අංගයක් පිළිබව තීරණය ගැනී‍මේ ‍දෙමාපියන් සතු අයිතිය උදුරා ගැනීමකි.

ඊ නියා මාධ්‍ය යොදා‍ගෙන අයුතු ලෙස රාජ්‍ය බලය ‍යොදා ගැනීම තුළ ‍මෙම පවිටු ක්‍රියාව ගැන, තුලනාත්මකව සිතීමටද බාධා පමුණුවා ඇත.

ළමා අප‍යෝජනය ට එ‍රෙහිව හා අනාගත පරපුර ගැන කතා කරන අය පළමුව කළ යුත්‍‍තේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ළමුන් අප‍යෝජනය කිරීම වළක්වාලීමය.


No comments:

Post a Comment