Tuesday, April 22, 2014

HRC පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තේ නැති හින්දා බොරු නඩු දැම්මා.

Sister Iresha & Mother Nandawthi
ජිත් පෙරේරාට බැරි නම් ASP ළඟට පලයං අපි බය නෑගිහිල්ලා තිබුණොත් මූව එල්ලනවා කියා කුණුහරප කියමින් තර්ජනය කළා. අපි පොලීසියට නොගිහින් හැරිලා ආපහු ගෙදර ගියා.

ජනක වසන්ත, අවු:29 ක් වන තම පුතාව බණ්ඩාරගම පොලීසිය අත්අඩංගුවට ගෙන වධ දී බොරු නඩු දැමීම ගැන ඔහු ලේ මව නන්දාවතී පෙරේරා, අවු:65,  පොලිස්පති හා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිඛිතව කරන පැමිණිලිල් ලේ මේසේ සඳහන් වේ. 
 ර්‍ණ2014.04.14 දින රාත‍්‍රී 11.30 ට පමණ, ෙදාරට තට්ටු කර ලයිට් දාපන්, අපි පොලීසියෙන් යයි කිව්වා. එවිට මාගේ සැමියා ෙදාර ඇරියා. ෙදාර ඇරිය විගස තිදෙනෙක් ගෙට ඇතුල් වුණා. එයින් දෙන්නෙක් හිටියෙ නිල ඇඳුමින්. අනෙකා හිටියේ සිවිල් පිට. ඔවුන් ජනක කෝ කියා ඇහැව්වා. කාමරයේ නිදාගෙන ඉන්නවා කිව්වා. සිවිල් පිට හිටිය එක්කෙනා කාමරයට ගොස් පුතාව සාලයට ගෙන ආවා. ඔහුගේ අත් පිටුපසට තබා මාංචු දැම්මා. ඉන්පසු කඬේ කඩලා ගත්තු රෙදි දියන් කිව්වා.
පුතා කඩයක් කැඩුවේ නෑ කිව්වා. දන්නේ නෑ කිව්වා. තෝ යමං පොලීසියට  කියා කම්මුලට ගහගෙන ගියා. මාගේ දුව කිව්වා ගහන්න එපා කියා. එවිට දුවට බැන වැදුනා. ඔවුන් පුතාව ගෙන ගියා. මමත්, දුවත් පිටිපස්සෙන් ගියා. සොහොන් පිටිය අසල ජීප් එක නවත්වා තිබුණා. එතනදී සිවිල් පිට හිටිය නිලධාරියා වැටෙන් පොල්ලක් කඩාගෙන පුතාට ගැහැව්වා.
මමත් දුවත් ජීප් එක ළඟ හිටියා. ගහන ගමන් මරලා වැවට දානවා කියා තර්ජනය කළා. එසේ පහර දී ජීප් එකට දාගෙන පොලීසියට ගෙන ගියා. මමත් දුවත් පොලීසියට යන අතර, කඹුරුගොඩ හන්දියේදී, පොලිස් ජීප් රථය ඉදිරියට පැමිණියා. එවිට පුතා එ්ක ඇතුළේ හිටියේ නෑ. ජීප් එක අප අසල නවත්වා, සිවිල් පිට හිටිය නිලධාරියා, ජීප් රථයෙන් බැස මාවත් දුවවත් පෙන්නා මුං හොරු යයි කියා කෑගැසුවා.
ඔහු කෑ ගසා කිව්වා, අජිත් පෙරේරාට බැරි නම් ASP ළඟට පලයං අපි බය නෑ, ගිහිල්ලා තිබුණොත් මූව එල්ලනවා කියා කුණුහරප කියමින් තර්ජනය කළා. අපි පොලීසියට නොගිහින් හැරිලා ආපහු ගෙදර ගියා.
පසු දින උදේ 2014.04.15 වන දින මගේ දුව ඉරේෂා, බණ්ඩාරගම පොලීසියට ගොස් පුතාව බලලා ආවා. දුව කිව්වා, අයියට හොඳටම ගහලා ඇවිද ගන්න බැරිව ඉන්නේ කියා. ගෙයක් කඩලා තියෙනවා කියා ගැහැව්වා කියා පුතා කියා තිබුණා. එදින දවසේම පොලීසියේ තියාගෙන හිටියා. 2014.04.16 දින 12.00 ට පමණ පානදුරයේ වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයෙකු ළඟට ගෙනිහිල්ලා රිමාන්ඞ් කර තිබුණා.
මීට පෙරද මගේ පුතාව බොරුවට අත්අඩංගුවට ගෙන වධ දී බොරු නඩු දමා තිබෙනවා. එක් නඩුවක් බණ්ඩාරගම සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින අතර, නඩු දෙකක් පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතී. වධ දී බොරු නඩු දැමීම ගැන මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර තිබෙනවා.
මෙම පැමිණිල්ල පිළිබඳව විමර්ශන 2014.04.22 දින පවත්වනවා.මගේ පුතා 2014.04.12 වන දින අත්සන් කිරීමට බණ්ඩාරගම පොලීසියට ගිය විට, මානව හිමිකම් කොමිෂමේ පැමිණිල්ල අස්කර ගන්න කියා, රණවීර නැමති නිලධාරියා තර්ජනය කර තිබුණා. නමුත් මාගේ පුතා, ඉල්ලා අස්කර ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබුණා.
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, වධ දී බොරු නඩු දැමීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා නොපමාව මොහුට ප‍්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙසට ඇය සිය පැමිණිල්ලේන් ඉල්ලා තිබේ.  




No comments:

Post a Comment