Wednesday, April 30, 2014

පහරදී, බීලා ඉන්නේ කියා බොරු නඩුවක් දැම්මා.


වැඩ නිම කර, රාත්‍රී ආහාර ගැනීමට එන අතරතුර, යතුරුපැදි දෙකකින් පැමිණි, පානදුර දකුණ පොලීසියේ නිලධාරීන් තිදෙනෙක්, තමාව නවති පහර දී, “උඹ බීලා නේද ඉන්නේ ” කියා අසා, පොලීසියට ගෙනවිත්, බොරු නඩුවක් දැමූ බව, නිරූපන ශිල්පියෙකු වූ 33 හැවිරිදි නිලංග සමීර කියා සිටී.

තමා පවත්වාගෙන යන, සැලෝන් එකට පැමිණෙන පොලිස් නිලධාරීන් කොණ්ඩ කපාගෙන මුදල් ගෙවන්නේ නැතිව යන බවත්, ගෙදරට ඇවිත් කොණ්ඩය කපන ලෙසට සමහර නිලධාරීන් අණ කරන බවත් පවසන ඔහු 2014.04.16 දින රාත්‍රිෙය් වැඩ නිම කොට ආහාර ගැනීම සඳහා යතුරුපැදියෙන් පානදුර රෝහල් හංදියට එමින් සිටිය දී පිටුපසින් යතුරුපැදි දෙකකන් පැමිණි පොලිස් නිලධාරීන් තිදෙනෙක් තමාට පහර දී අත්අඩංගුවට ගත් බව කියා සිටී.

පානදුර දකුණ පොලීසියට ගෙන ඒමෙන් පසුව, බැලුනය පුම්බන්න දී, පසුදින ෙෙක් පොලිස් සිර කූඩුවේ දමා බීමත්ව සිටි බවට බොරු නඩුවක් දමන ලද බව ප්‍රකාශ කර සිටී.

බෙරු නඩු දැමීම - ශ්‍රී ලංකා පොලීසියේ අභිමානවත් පියවරකි. මිනිසුන්ගේ අසරණ බව, අධිකරණ ක්‍රියා පටිපාටියේ දූෂණ උපයෝගී කරගෙන, දඩගස්සවා, ඒ මුදලින් බාගයක් අරගෙන අඹුදරුවන් රකින්නේ “බුදු සරණයි” කියමින්ය.

  

No comments:

Post a Comment