Monday, April 28, 2014

නීතියට යටත් නැති මිනිස්සු.


නීතියට යටත් නැති මිනිස්සු ඉන්න රටක යුක්තිය, සාධාරණත්වය, සදාචාරය, ධර්මය ගැන කතා කිරීම පවා විගඩමකි.

රටේ පාලකයා නීතියට යටත් නොවූවකු බවට පත්කරගෙන සිටින සෑම රටක්ම දූෂණය අක්‍රමිකතා රජ කරනු ලබයි. අපරාධකාරයින්ට ක්ෂේම භූමියක් වේ.
මෙම රටවල නීතිය ආරක්ෂා කිරීම සඳහා වූ ආයතන රූකඩ බවට පත් වේ. ඒවායේ වගකිවයුතු නිලධාරීන් ආත්ම ගරුත්වයක් නැති, පාලකයාගේ ඕනෑ එපාකම් ඉටුකරන, නිවට පිරිසක් වන්නේය.

සාමාන්‍ය ව්‍යවහාරයට අනුව පිටකොන්දක් නැති එවුන්ය.

නීතිය මගින්ම, නීතියට උඩින් සිටින පාලකයින් බිහිකර, එම පාලකයා කරන සියලු දේ නීතිය බවට මුද්‍රාකර තබන නීති සම්පාදකයින්, අධිකරණ, නඩු පවරන්නන් පිරිසක්ද - ඒ හා සමානව බිහි කිරීම මේ රටවල් සිදු කරයි.

එවන් රටවල “නීතිය” යනු යම් බලයක් එනම් තනතුර, සම්බන්ධකම්, මුදල් ඇති පුද්ගල කණ්ඩායමක් විසින් හසුරවනු ලබයි.

මෙම පිරිහුනු රටවල, ජීවත්වන්නාවූ රටවැසියන් ගෙන් සීමිත වූ කොටසක්  තම ප්‍රෙයා්ජනයට ගන්නා අතර, බහුතරයකට එහි අනිටු ඵල විපාක විඳින්නට සිදු වේ.

මෙම තත්ත්වය වෙනස් කිරීමට කළයුතු දේ හඳුනා ගැනීමේ උත්සාහයකට, රටවල් අටක මානව හිමිකම් ක්‍රියාකාරීන්,හොංකොං නුවරට එක් විය.

ආසියානු මානව හිමිකම් කොමිෂම ‍ෙමම හමුව සංවිධානය කරන ලද අතර, තම රටවල, නීතිය මත පාලනය (නීතියේ ආධිපත්‍ය) ට යටත් ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට උත්සාහ දැරීය.

නීතිය මත පාලනයක් තම රටවල  නොමැති බව අවසාන නිගමනය විය.

කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, නේපාලය, පිළිපීනය, පකිස්තානය හා ශ්‍රී ලංකාව එකී රටවල් අට ‍වේ.


No comments:

Post a Comment