Wednesday, April 30, 2014

ශ්‍රී ලංකාවද ළමා අපයෝජනය ගැන වතිකානු පියවර ආදර්ශයට ගත යුතුයි.



කතෝලික පූජකවරුන් කාලයක් මුලුල්ලේ ළමුන් ලිංගික අපයෝජනයට ලක්කරනු ලැබීය.
මේ පිළිබඳ මතු කරන සෑම අවස්ථාවකම කතෝලික පල්ලිය සිදු කළේ එම ප්‍රශ්ණ යට ගැසීමට උත්සාහ දැරීමය. ළමා අපයෝජකයින් ආර්ක්ෂා කර ශ්‍රද්ධාවන්තයින් කිරීමය.
එහෙත් නව පාප් වහන්සේ වන ප්‍රැන්සිස් පාප්වහන්සේ  නිල ප්‍රකාශයක් කරමින්, ළමුන් අපයෝජනයට පත් කරනු ලබන පූජකවරුන්ට එරෙහිව පියවර බව ප්‍රකාශ කළේය. ඔවුන් ආරක්ෂා නොකරන බවද ප්‍රකාශ කළේය. ඒ අතර ඔවුන්ට ක්ෂමාව දෙන ලෙසටද ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ කතෝලික පූජකවරුන්ද ළමුන් අපයෝජනයට ලක් කරනු ලබන අවස්තා බොහෝය. මෙවන් අවස්ථා නීතිය හමුවට ඒම වලක්වන්නේ අදාල ළමුන්ගේ දෙමාපියන්ට බලපෑම් කරය. එසේත් නැතිනම් බලධාරින් හා එක්වය.
කාලයක් මුලුල්ලේ - ළමුන් ඉතා දරුණු ලෙසට අපයෝජනයට ලක් කිරීම පිළිබඳව සිද්ධි, හෙළිදරව් වුයේ කළුතර කලමුල්ලේ පවත්වාගෙන යනු ලබන ඊනියා අනාථ නිවාසයේ තතු හෙළිදරු වීමෙනි. ග්‍රේස් කුමරි නම් වු මෙම අනාථ නිවාසයේ උපන්දා සිට හදාවඩා  ගත් දරුවන් මහමගට ඇද දැමීමට ගත් උත්සාහය, මෙම හෙළිදරව්වට මූලික විය.
මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ කතෝලික සභාව විවිධ නම් වලින් පූජ්‍ය ආයතන හැටියට පවත්වාගෙන ගිය, ආයතන වල සිදු කරන ලද ළමා අපයෝජන ගැන - ප්‍රැන්සිස් පාප්වහන්සේ අනුගමනය කරමින්, ශ්‍රී ලංකාවේ කාදිනල් මැල්කම් රංජිත් රට වැසියන්ගෙන් සමාව ගතයුතු අතර, අපයෝජනයට ලක් වූ දරුවන්ගේ අයිතීන් රැකීමට නොපමාව පියවර ගතයුතු බව පෙන්වා දෙමු.
ශ්‍රී ලංකාවද ළමා අපයෝජනය ගැන වතිකානු පියවර ආදර්ශයට ගත යුතුයි.




No comments:

Post a Comment