Monday, April 28, 2014

වරද පිළිගන්නේ නැතිනම් ලගින්න ලෑස්ති වෙයන්.


මේ ශ්‍රී ලංකා පොලීසියයි. බොරු නඩු දමා, ආණ්ඩුවට ද, පොලිස්කාරයින්ට ද, නීතිඥයින්ට ද මුදල් සොයන ශ්‍රී ලංකාවේ පොලීසියට දිනපතා ගොදුරුවන අසරණයින් කොතෙක් දැයි කිව නොහැක.

ලක්ෂ ගණනකැයි කිවහොත් එය අතිශෝක්තියක් නොවන්නෙය.

බර වාහන රියදුරෙකු වූ බන්දුල උඩුවගේ, චයිනා කැනික් සමාගමේ රැකියාව කරයි.

2014.03.22, අලුයම 2.00 ට පමණ, බදුරලිය පොලීසියේ ස්ථානාධිපති උදය කුමාර, ඔහු නිදා සිටි කාමරයට ඇතුළු වී පිස්තෝලය එල්ල කර, පහර දී අත්අඩංගුවට ගන්නා ලදි.

එයින් අනතුරුව පහර දෙමින් පාර දිගේ ඇදගෙන ගොස් ජීප් රථයට දමාගෙන පොලීසියට ගෙන එනු ලැබීය.

ඔහු ඩීසල් සොරකම් කරන බවට චෝදනා කළ උදය කුමාර, ඩීසල් ලීටර් 35 ක් සොරකම් කළ බවට, චෝදනා නගා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එසේ ඉදිරිපත් කරන අතර, වරද පිළිගත්තේ නැති නම් ගිනි අවි පනත යටතේ නඩු දමන බවට තර්ජනය කළේය.

ඔහු වරද පිළිගත්තේ නැත.  ඒ නිසාම ඔහුට රැකියාව අතහැරීමට සිදුවිය.

නැවත රැකියාවට ගියහොත් අත්අඩංගුවට ගෙන ගිනි අවි පනත යටතේ නඩු පවරනු ඇතැයි යන බිය නිසාය.

වත්මන් පාලනය තුළ ඕනෑම ජඩ ක්‍රියාවක් කරන්නට පොලීසියට බලය ලබාදී ඇති හෙයින්, යුක්තිය ඉටු කර ගැනීමට නොහැති තත්ත්වයක් උද්ගතව ඇති බව ඔහු කියා සිටී.



No comments:

Post a Comment