Wednesday, March 5, 2014

දියණියන් අපයෝජනයට! දින 10කින් රුපියල් 10,50,000/=ක්! විදුහල්පතිනිය ගසා කන්න පටන් අරන්.



පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් සිදු කරන මහා පරිමාණ මුදල් වංචාව හා ළමා අපයෝජනය කිරීමක් සම්බන්ධව විද්‍යාලයේ මව් පියන් නිර්ණාමිකව  සභාපතිනී- ළමා ආරක්ෂක අධිකාරිය,   
පොලිස්පති,  බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, ලේකම්/අධ්‍යක්ෂක, මානව හිමිකම් ෙකාමිසම ට යවා අැති ලිපිය සියල්ල පැහැදිලි කරයි.
    
" මෙම මස 03 වන දින (2014.03.03) අගමැති බාලිකා විද්‍යාලයේවිදුහල්පතිනිය නෙළුම් ප‍්‍රනාන්දු විසින්පංතිභාර ගුරු මහත්මීන් ලවා  ආධාර එකතු කිරීමටකොටු කැපීමේ කාඞ් බෙදා හැර තිබේ.
එක කාඞ්පතක වටිනාකම රු: 300/=කි. කොටුවක වටිනාකම රු: 20/=කි. කොටු 15කි.
මේ කාඞ්පත් වලවිදුහලේ නිල මුද්‍රාව නැත. එම කාඞ් පත් වල පිටු පස කළුතර කලාප අධ්‍යක්ෂ ” ඕ.එම්.වී.පී.මුදලිගේ ” මුද්‍රාව තබා තිබේ. සමහර කාඞ්වල ඒම මුද්‍රාවද නැතැයි කියති. සභාපතිලේකම්භාණ්ඩාගාරික ලෙසට තිදෙනෙක් අත්සන් කර ඇතැත් කිසිදු නමක් සඳහන් නොවේ.

 මේ පාසලේ ශිෂ්‍යයින් 3500ත් ඉගෙනුම ලබයි. සෑම ළමයෙකුම කාඞ්වලටමු`ඵ මුදල එකතුකරදින 10ක් තුලඑනම් මෙම 15 දිනට පෙර ලබාදිය යුතු බවත්එසේ නොකරන අයට දඬුවම් විඳිමට සිදුවන බව් ප‍්‍රකාශ කර ඇත. අද දින (2014.03.04) කාඞ්පත සමග රු: 300/=ක් ගෙනවිත් දුන්ප‍්‍රාථමික පංතිවල ශිෂ්‍යාවන්ට බැලූම් බෝලයක් ‘‘ තෑගි’’ කර ඇත.
මෙය-
1. ඉතා පැහැදිලිව ළමා අපයෝජනයකි.
2. මෙය මහා පරිමාණ මුදල් වංචාවකි. මේ මගින් මෙම විදුහල්පතිනියරටේ සියලූම නීතිඅධ්‍යාපන චක‍්‍රලේඛන උල්ලංඝනය කරමින් රුපියල් 10,50,000/=ක්දින 10ක් තුල එකතු කර මාහා පරිමාණ වංචාවකට සුදාම් වේ.

මෙම විද්‍යාලයට එරෙහිව  මීට පෙර ද බරපතල ලෙස ළමා අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිලි තිබුනත්එම සියල්ල යටපත් කිරීම මෙවන් තත්වයකට හේතුව බව ප‍්‍රකාශ කරමු." පිඩාවට හා අසරණ බවට පත්ව සිටින දෙගුරුන් වෙනුවෙන් ෙමම කරුණු ඉදිරිපත් කර අැත.


මෙය නිර්ණාමිකව ඉදිරිපත් කරන්නේප‍්‍රසිද්ධ වුවහොත් අපගේ දරුවන්ගෙන් පළිගැනීමට ඉඩ ඇති හෙයින් බව ද ස . නමුත්ප‍්‍රසිද්ධ පරීක්ෂණයක් කරන්නේනම්ඉදිරිපත් වීමට හැකි බවද ප‍්‍රකාශ කරයි.

No comments:

Post a Comment