Friday, March 7, 2014

නීතිඥ මඩුගල්ලට එරෙහිව හොර ඔප්පු චෝදනාව.


මඩුගල්ලගේ කීර්ති නාමය රුපියල් ලක්ෂ පනහකට තක්සේරු කරලා තිබෙන බව එන්තර වාසියකින් කියයි.

මහනුවර, තෙල්දෙණිය, උඩුදුම්බර යන නගරවල නීතිඥ කාර්යාල පවත්වාගෙන යන නීතිඥ හා ප්‍රසිද්ධ නොතිරිස් එස්.බී.මඩුගල්ල - වංචා සහගතව, රවටා, තමාට හිමි කඩකාමරයක් ඔහු සන්තක කර තිබෙන බවට, උඩුදුම්බර රත්න මැණිකේ විසින් අගවිනිසුරු වෙත කරන ලද පැමිණිල්ල විභාග කිරීමට පියවර ගෙන තිබේ.

2014.03.22 ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන විභාගයට පෙනී සිටින ලෙසට - නීතිඥ එස්.බී.මඩුගල්ල ට නියම කර තිබේ. ජනාධිපති නීතිඥ හර්ෂා, ඒ.ජේ.සෝසා ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ත්‍රී පුද්ගල පරීක්ෂණ කමිටුවක් ඉදිරියේ නීතිඥ එස්.බී.මඩුගල්ලට එරෙහි චෝදනා විභාගයට ගැනීමට නියමිතය.

රත්න මැණිකේ පැමිණිල්ල විභාගයට ගැනීම පිළිබදව, ශ්‍රේෂ්ඨාධිකරණය 2014.01.30 දාතමින් නොතීසි නිකුත් වූ පසුව, රත්න මැණීකේ භිය වැද්දීමට නින්දිත පහත් උත්සාහයක් ගෙන තිබේ. එනම්, ඔහු, නීතිඥ ප්‍රසිද්ධ නොතාරිස් එස්.බී.මඩුගල්ල, නීතිඥ තිස්ස සෙනෙවිරත්න මගින්, එන්තරවාසියක් රත්න මැණිකේ මියට යවමින්, ශ්‍රේෂ්ඨාධිකරණය දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර එස්.බී.මඩුගල්ලේ කීර්ති නාමයට හානි කරන ලද හෙයින්, රුපියල් ලක්ෂ පනහක් ඉල්ලා සිටීමයි. ඒම එන්තරවාසිය  එවා ඇත්තේ 2014.02.13 දාතමින්ය.


මේh ශ්‍රී ලංකාවආවේනික වු ක්‍රියාවකි. බොහෝ වෘත්තිකයින්ගේ ජඩකම්, මැරකම්, වනචර කම් හෙළිකල විට, කීර්ති නාමයට හානි කල බවට, වන්දි ඉල්ලා නඩු දාන බවට තර්ජනය කරමින් පුරසාරම් බෑම. ඒ පුරසාරම් වලට භියවන සාමාන්‍ය මිනිසුන් දැන් නැත. මන්ද මේ වන විට පොලිස් කාරයින් පවා ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියා ගැන පැමිණිලි කල විටද, නඩුවෙන් පැරදුනොත් වන්දි නඩු දාන බවට "පුහු" බස් කියවීම මගින් භිය වැද්දවිය හැකි බව සිතා සිටීමය.

No comments:

Post a Comment