Saturday, March 15, 2014

මුල්ලේරියාව ‍පොලීසි‍යේ ඕ.අයි.සී. ‍ගේ පාදඩ ක්‍රියාවක්.

පා‍රේ ඉන්නකොට අල්ලන් ගිහින් බියර් බිව්වා කියා නඩු දමයි. යුක්තියට සම ප්‍රවේශයක් උදාකර ‍දෙයි.

මේ පාදඩ ක්‍රියාව ක‍ළේ මුල්ලේරියාව ‍පොලීසි‍යේ ස්ථානාධිපති එස්.‍කේ.පී.එස්. දයාවංශ. ‍එළෙඹෙන අ‍ගොස්තු මස අ.‍පො.ස. උසස් ‍පෙළ විභාගයට සූදානම් ‍වෙමින් සිටින සු‍දේශ් අතු‍කෝරලව, අං‍ගොඩ-අවිස්සා‍වේල්ල ප්‍රධාන පා‍රේදී අත්අඩංගුවට ‍ගෙන ‍පොලීසියට ‍ගෙනවිත් බියර් ‘බිව්වා කියා පිළිගනින් නැත්නම් කුඩු හරි ගංජා හරි දානවා කියා තර්ජනය ‍කොට 2014.02.04 වන දින ප්‍රකාශයකට අත්සන් ‍ගෙන, අධිකරණයට ඉදිරිපත් වන ‍ලෙස ට නියම ක‍ළේය.

නියමය පරිදි 2014.02.13 වන දින අධිකරණයට ඉදිරිපත්වු සුදේශ් අතු‍කෝරල ‍පොලීසි‍යේ බලපෑමට යට ‍නොවී තමාට පවරා ඇත්‍තේ ‍බොරු නඩුවක් බව නීතිඥවර‍යෙකු මාර්ග‍යෙන් අධිකරණයට කියා සිටියේය.

රුපියල් පනස්දාහක ශරීර ඇප මත ඔහුව මුදා හල අධිකරණය 2014 මැයි 22 දිනට නඩුව කල් තබනු ලැබීය.

මුල්ලේරියාව ‍පොලීසි‍යේ ස්ථානාධිපති එස්.‍කේ.පී.එස්. දයාවංශ, ‍කොළඹ අළුත්ක‍ඩේ අංක 04 ප්‍රධාන ම‍හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද  බී” වාර්තා‍වෙන් කියා සිටි‍යේ, 2014.02.04 දින හෝ ඊට ආසන්න දිනක ‍මෙම ‍පොලිස් අධිකාරී බල ප්‍රදේශය ඇතුලත වූ ‍රෝහල පා‍රේදී ප්‍රසිද්ධ ස්ථානයක බියර් පානය කිරී‍මෙන් 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරී පන‍තේ 39 (4) (අ) වගන්තිය යට‍තේ දඩ්‍රවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව 2014.02.13 වන දින අධිකරණයට වාර්තා කළ බවය.

එම වාර්තාවට අනුව, සුදේශ් අතු‍කෝරල ට ම‍හේස්ත්‍රාත්වරයා ‍චෝදනා පත්‍රය නිකුත් කරනු ලැබීය. එම චෝදනා පත්‍රය ‍මෙ‍සේය.

“ චූදිත - වීරප්‍පෙරුම‍ගේ සු‍දේශ් රුවන්ත අතුකෝරල-
ඉහත චූදිත නුඹ විසින් ‍මෙම අධිකාරී බල ප්‍රදේශය ඇතුලත වූ  රෝහල් පා‍රේ, 2014.02.04 දින හෝ ඊට ආසන්න දිනයකදී ප්‍රසිද්ධ ස්ථානයක් වන මුල්‍ලේරියාව ‍රෝහල පා‍රේදී  බියර් පානය කිරී‍මෙන් 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරී පන‍තේ 39 (4) (අ) වගන්තිය යට‍තේ දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට මෙයින් ‍චෝදනා කරමි. අ.ක‍ළේ/ ම‍හේස්ත්‍රාත්”
මුල්ලේරියාව ‍පොලීසි‍යේ ස්ථානාධිපති එස්.‍කේ.පී.එස්. දයාවංශ විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්පූර්ණ‍යෙන් ‍බොරු, ‍ගොතන ලද්දක් බව සු‍දේශ් රුවන්ත අතුකෝරල අවධාරණ‍යෙන් කියා සිටී.

වාර්තා‍වේ සහන් පරිදි තමාව අත්අඩංගුවට ‍නොගත් බව සහා තමා ‍මොන අවස්ථාවකවත් බියර් පානය ‍නොකළ බව කියා සිටී. පොලීසිය තමා වරදක් කර අති බවට චෝදනා කරමින් ‍අධිකරණය නොමග යවා තිබෙන බවද ඔහු කියා සිටී.

තවද 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරී පන‍තේ 39 (4) (අ) යන වගන්තියක් ‍නොමැති බවද ඔහු ‍පෙන්වා ‍දෙයි.

මේ අභුත ‍චෝදනාවට ‍පොලීසි‍යේ බලපෑම්ට යටත්ව ‍හෝ නඩු කීමට මුදල් නැති නිසා ‍හෝ සාම්ප්‍රදායික ‍ලෙසට වරද පිළිගෙන රු 2000/= ක දඩයක් ‍ගෙවා ප්‍රසිද්ධ ස්ථානවල බියර් පානය ‍කොට දඩ ‍ගෙවන ලද පුද්ගල‍යෙකු ‍ලෙස ට ඉතිහාස ගතවන්නට ඔහුට හැකියාව තිබිණ.

එ‍සේ ‍‍නො‍කොට ඔහු නිවැරදි කරු කියා සිටි‍යේය. දැන් ඔහු නඩු කිව යුතුයි. ‍මේ නඩුව කීම රු 2000/= ක දඩයක් ‍ගෙවා ඉතිහාසගත වීම තරම් පහසු නැත. අති දුෂ්කර කාර්යයකි.

සිද්ධාර්ථ කුමාරයා බුදු බව ලබන්නට වසර හයක් කරන ලද බව කියන දුෂ්කර ක්‍රියාවට නොදෙවෙනි අතිශයින්ම දුෂ්කර ක්‍රියාවකි, අද පොලීසිය විසින් දාන නඩු වලින් ජය ගැනීම.

අද ‍බො‍හෝ උගතුන්, නීති විශාරදයින් සහ මානව හිමිකම් අලවි කරන සංවිධාන ‍මේ ගැන කතා කරන්‍නේ නැත. ඒ මෙවන් යුක්තිය පසිඳලීමේ ක්‍රමයක් පවත්වා‍ගෙන යා යුතු නිසාය.

මෙහිදී, ‍මේ වන විට එක්සත්ජාතීන්‍ගේ සංවිධානයේ සහා බටහිර ආධාර ලබා‍දෙන සංවිධාන, ඇ‍මෙරිකා ‍ඩොලර් මිලියන ගණන් යුක්තිය ‘‘උ‍දෙසා සම ප්‍රවේශයක්” ඇති කරන්නට යයි කියමින් ‍මෙරට විවධ තරාතිරම් වල වෘත්තිකයින්, රාජ්‍ය හා රාජ්‍ය ‍නොවන ආයතන එක්ව, වැය කරති. ඒ මෙවන් යුක්තිය අහිමි වුවන් ට පිහිට වීම සඳහා නොව ඔවුන්ගේ බඩ‍ගෝස්තරය සඳහාමය.


වාර්ථමාන රාජපක්ෂ ආණ්ඩුව ආදායම් සෙවීමේ ප්‍රධාන මාර්ගය පොලීසිය යොදවා දඩ මුදල් රැස් කරවීමයි. විවිධ පනත් මගින් වැරදි හඳුන්වා දි පොලීසිය යොදවා නඩු දම්මවා ගසන්න දඩ මුදලින් බාගයක් ආණ්ඩුවට, බාගයක් පොලීසියට බව දන්නේ මේ රටේ කි දෙනාද.

No comments:

Post a Comment