Friday, March 7, 2014

ස්වෛරිභාවයක් නැති මිනිසුන් කියන කථා.

හික්මීමක් නැති ජාත්‍යන්තර අතපෙවීම් අපේ ස්වෛරීභාවයට තර්ජනයක්- මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමි
ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිද්ධීන් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් යොජනා කිරීම ස්වෛරී රටක අභ්‍යන්තර ගැටලුවලට අනිසි ලෙස විදේශ මැදිහත් වීමක් බවට කරන කාදිනල් මැල්කම් රංජිත් හිමිගේ ප්‍රකාශය අනපේක්ෂිත එකක් නොවේ.
දේශිය මෙන්ම ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින් ළමුන් අපයෝජනයට ලක්කරන කාතොලික සභාවට ‘‘මානව හිමිකම් නයාට අුකොළ වැනිය. සමාන පිහාටු ඇති කුරුල්ලන් එක අත්තේ ලගිති යන කියමන සනාථ කරමින් ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝණයන් ට එරෙහිව ගොඩ නැගෙන චෝදනා යම් පමණකට හෝ නිෂෙධ කරන්නට අඩුම වශයෙන් ප්‍රකාශයක්වත් කළ යුතුය. නැති නම් පැවැත්මක්ද නැත.
ළමා නිවාස හා අනාථ නිවාස නමින් පවත්වාගෙන ආයතන වල සිදුකරන ළමා අපයෝජන වලට නීතිය ක්‍රියාත්මක වීම වළක්වාගෙන ඇත්තේ ආණ්ඩුව සිදුකරන මානව හිමිකම් උල්ලංඝණය ආරක්ෂා කිරිමට ඉදිරිපත් වීමෙන්ය. මෙම ආයතනවල සිදුවන දුෂණයන්ට නීති විරෝධි ක්‍රියාවන්ට එරෙහි වන්නන් මර්ධනයට රාජ්‍ය යන්ත්‍රනය උපයෝගි කර ගැනිම පැහැදිලිවු සිද්ධියකි කළුතර කලමුල්ලේ විලා හවුස් නඩුව.
අසරණ භාවයට පත්වු ගැබිණි මව්වරුන්ට පිහිට වීමේ ‘‘අරමුණින් රඳවා තබාගෙන දරු උපතින් පසුව දරුවාව තබාගෙන මව්වරුන් මුදාහැර, ඉන් පසුව එම දරුවන්ගේ අනන්‍යතාවය සම්පුර්ණයෙන් විකෘති කර, දේශිය හා විදේශීය ආධාර  ලබාගෙන වයස අවුරුදු 18 පුර්ණවු විට ඔවුන්ව අතර මං කරනු ලැබීමේ වැඩ පිළිවෙල හෙලි දරවු වුයේ කළුතර කල්මුල්ලේ විලා හවුස් නඩුවේදීය.
මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබව ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන යාන්ත්‍රණ අතුරින් ප්‍රධාන ආයතනය මානව හිමිකම් කොමිෂන් සභාවයි. විලා හවුස් ළමා අපයෝජන හා එහි බාරකාර පූජකතැන පයාගල පොලීසිය හා එක්ව කරන ලද  මුලික අයිතිවාසිකම් උල්ලංඝණයන් පිළිබ මානව හිමිකම් කොමිෂන් සභාව ආරම්භ කරන ලද පරික්ෂණයට පැමිණෙන ලෙසට දන්වමින් කොළඹ බිෂොප් වරයාට යවන ලද සිතාසියට ප්‍රතිචාර නොදක්වා සිටියේ ආණ්ඩුව අයුතු ලෙසට මැදිහත් කරවා ප්‍රශ්ණය යට ගැස්විමට හැකිය යන විශ්වාසය පවතින නිසා විය හැකිය. 
කිසිදු ස්වෛරිභාවයක් නැති සංවිධාන, ආයතන වලට ස්වෛරි භාවය ගැන කතා කරමින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණයට එරෙහිව කතා කිරිමට සදාචාරයක් තිබේද?

දසරථ
- දිනමිණ 2014.03.06- නුවන් කොඩිකාර -

No comments:

Post a Comment