Friday, March 7, 2014

සරෝජනී කොතලාවලට (නිර්මලවු) ගසා කන්න විදුහලක් බාරදෙයි.


චින්තනයේ තවත් ප‍්‍රථිඵලයකි. ප්‍රාථමික විහල්පතිනියගේ පුටුවද උස්සයි. දවසක් තුල රු: 25,000/= ක් ගසා ගෙන.

ළමා අපයෝජනය සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ චෝදනා ලබා සිටිනපසුගිය මාස හය තුල බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලයේ හා කඵතර කලාප අධ්‍යාපන කාර්යාලයේ තබාගෙන පිං පඩි ලබා දුන්, නිර්මල - සරෝජනී කොතලාවලට, මහින්ද චින්තනය අකුරට ක්‍රියාත්මක කරමින්, කඵතර නගර මධ්‍යෙය් පිහිටි, වේලාපුර මහා විද්‍යාලයේ විදුහල්පතිනිය පදවිය - පුදකර ඇත.

මෙම විදුහලේ විදුහල්පති තනතුර සදහා වූ පුරප්පාඩුව සදහා, බස්නාහිර පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඉල්ලුම්පත් කැදවා - සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබීය.

ඉල්ලුම්කරුවන් හය දෙනෙකු විය. එහි දී තෝරාගනු ලැබුවේ සරෝජනී කොතලවාලය. මහින්ද චින්තනය අකුරටම ක්‍රියා කළ හැකි, භක්තිවන්තියන්ට පිදෙන මේ තනතුර - පුදනු ලබන බව නොදන්නේ - තිස්තුන් කෝටි පහක් වන දෙවිවරු ගැන විශ්වාසය තබාගෙන සිටින අය පමණකි.

කඵතර නගර මධ්‍යයේ පිහිටි, වේලාපුර විද්‍යාලයට සරෝජනී කොතලාවල පත්කිරීමට ඇය ලබා තිබූ අති විශේෂ සුදුසුකම් වලින් කිහිපයක් මෙසේය.

  1. ළමුන් අපයෝජනය කිරීම. පසුගිය පොසොන් පෝය වෙනුවෙන් දොඩංගොඩ පොලිසිය සංවිධානය කර තිබූ පහන් කූඩු තරගයේ ප්‍රථමයා වූ ඉෂාර ජයලත් ට හිමි තෑගි මුදල් වූ
    රු: 5000/= උදුරා ගැනීමය. එම තෑගි මුදල ඇමති වෙල්ගම අතින් ලබා ගැනීමට ඉඩ නොදීම හේතුවෙන්, පසුදින උදෑසන රැස්වීම වේලාවේදී නින්දා අපහාස කොට අමානුෂික ලෙස පහර දීම.

           මෙම සිද්ධිය අදාලව අත්අඩංගුවට ගෙන, මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇප
           මත මුදාහැරීමෙන් පසුව දෙමාපියන්ගේ විරෝධය හමුවේ පාසැලේ තවදුරටත් තබා ගැනීමට
           බැරිව, ඇය බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කරවාගෙන, පඩි ගෙවීම
           දොඩංගොඩ සිට කොළඹ යෑම අසීරු නිසා ඒ කටයුත්ත කඵතර කලාප අධ්‍යාපන
           කාර්යාලයෙන් සිදු කිරීම.

  1.  ළමා අපයෝජනය සම්බන්ධයෙන් නීතිපති විසින් ඇයට එරෙහිව කඵතර මහාධිකරණයෙන්
    ගොනු කරන ලද නඩුවේ චූදිතයා වීම.

  1. දොඩංගොඩ විදුහලේ විදුහල්පතිකම් කරද්දී සියලුම චක්‍රලේඛනමුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් පාසලට ළමුන් ඇතුලත් කරගැනීම සදහා මුදල් ලබා ගැනීම ඇතුලු විෂමාචාරසම්බන්ධයෙන් සුපිරි දක්ෂකම් දක්වා තිබීම.

මෙම නව තනතුර පුද කිරීමට හේතු පාදක වී තිබේ.

ඇය කඵතර වේලාපුර විද්‍යාලයේ වැඩ භාර ගැනීමත් සමග, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමට, පොරොත්තු ලේඛනයේ සිටි ළමුන්ගේ දෙමාපියන්ගෙන් රු: 6000/=ක් හෝ ඊට වැඩි මුදලක් අය කර ගැනීම.

ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනියගේ පුටුව සොරා ගැනීම - මේ පිළිබදව ප්‍රාථමික විදුහලේ හිටපු විදුහල්පතිනිය විසින් කඵතර දකුණ පොලිසියේ පැමිණිලි කර ඇති අතර, ඒ පිළිබදව සරෝජනී කොතලාවලගේ ප්‍රකාශයක් ගෙන තිබේ.

මේ දින වල ඈ - රථ ගායට නොව, රථ ගාලක් ඉදි කිරීමට යයි කියමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගන්නට පටන්ගෙන තිබෙන බවද වාර්තා වේ.

බරපතල ලෙස ළමා අපයෝජනය කර අධිකරණය ඉදිරියේ චෝදනා ලබන රජයේ සේවකයින් වහාම වැඩ තහනමට ලක් කළ යුතුය. නමුත් මහින්ද රාජපක්ෂ ගේ ප්‍රකාශිත චින්තනයට අනුව මෙවන් ‘‘නිර්මල සරෝජනි කොලාවලලාට නීතිය බලපෑ නොවිය යුතුයි.


අවාසනාව, තමන්ට අහිතක් වන තුරු - බජාර් බසින් කියනවානම්, තමන්ට කෙළවෙනකං - චින්තනයේ ර නොතේරෙන හුදී ජනයා, ‘‘දිය නටන තෙක් දිය කෙලියේ යෙදෙන හැලියේ කක්කුට්ටන්සේ  සිටිති සතුටින්.

No comments:

Post a Comment