Sunday, March 16, 2014

ස්ත්‍රී දූෂකයින්ට සරණ. යන්න කන්දෙ විහාරයට.


දේවාලයක් පවත්වාගෙන යන මෙම විහාරයේ තිබෙන බව කියන අදෘශ්‍යමාන බලවේගයට ස්ත්‍රී දූෂකයින්ව පවා බේරා ගැනීමට හැකි බව ඔප්පු කරමින් තිබේ.
අළුත්ගම කන්දෙ විහාරය අදෘශ්‍යමාන බලයක් ඇති හාස්කම් වලින් පිරුණ තැනක් බව එහි නායක හිමි බටුවන්හේනේ බුද්ධරක්ඛිත පවසන බව රිවිර පුවත්පත් කියයි.
සියලු දේශපාලන පක්ෂ වල නායකයින් ඇතුලු ලක්ෂ ගණනක් ජනයා, පැතුම් ඉටු කර ගන්නට එහි එන බවද ප්‍රකාශ කරති. කතාව සම්පූර්ණ ඇත්තකි.
2014 පෙබරවාරි 09 වන දින රිවිර පත්‍රෙය් 21 පිටුවේ, කන්දෙ විහාරය ගැන ලියා තිබූ ලිපිය කියවූ, ගෝවින්නේ නිලංගා, එම පත්තරයේ ප්‍රධාන කතෘට, 2014 මාර්තු 04 දාතමින් යවා ඇති ලිපියෙන්, කන්දෙ විහාරයේ පවතින බව නායක හිමි පවසන අදෘශ්‍යමාන බලවේගයට ස්ත්‍රී දූෂකයින්ට පණ දෙමින්, නීතිය ඉටු කරන්නට තියෙන පොලීසියට ඇණ තියන්නට පුලුවන් බව ප්‍රකාශ කරන්නේ සත්‍ය සිද්ධියක් මුල් කරගෙනය.
මේ රටේ දුකට පීඩාවට පත්ව, අසරණ වූවන් එයින් මිදීමටද, වවිධාකාරවූ අපේක්ෂාවන් සපල කර ගන්නට ද, ස්ත්‍රී දූෂකයින්, වංචාකරුවන්, ඝාතකයින්, දූෂකයින් නීතියෙන් ගැලවී සිටීමට ද, විෂ්ණු දෙවියන් වැඩ වසන බව කියන අදෘශ්‍යමාන බලවේග තිබෙන බව පවසන කන්දේ විහාරයට එන්නේ වැල නොකැඩීය.
ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර, පන්සල් වල, කෝවිල් වල, දේවාල වල මෙන්ම ගස් ගල් අස්සේ, කණු උඩ කුඩා පෙට්ටි තුලද විෂ්ණු දෙවියෝ වැඩ වෙසෙති.
ඒ හැම තැනකම විෂ්ණු දෙවියන්‍ගේ පිහිට පතා බාර හාර වෙති. පූජා පවත්වති.
නමුත් ඒ ඒ තැන්වල වැඩ වෙසෙන විෂ්ණු දෙවියන්ගෙන් වැඩි ඵල නොලබෙන නිසාදෝ සතරදිග් භාගයෙන්ම සෑම තරාතිරමකටම අයත් ජනයා එන්නේ කන්දෙ විහාරයටය.
කන්දෙ විහාරයේ සිටින විෂ්ණු දෙවියන්ට තිබෙන බව කියන අදෘශ්‍යමාන බලවේගයට, නැවතුණු කෝච්චි එන්ජින් පණ ගැන්වෙන බවට, කතන්දරයක් ඇති බවත්,  පත්තු කළද  වෙඩි උණ්ඩ පිට නොවීම ගැන අත් දැකීම් ඇති බවත් කන්දෙ විහාරයේ හිමියන් ප්‍රකාශ කළ බව පත්තරයේ සහන් වේ.
මෙම විහාරයේ බෝධි පූජා පවත්වන අධිකාරීගොඩ ඉන්ද්‍රානන්ද නම් චීවරධාරියා -  ‍ලොග්ගම විදානලාගේ ඉරේෂ් මධුෂාන් නමින් පෙනී සිට තරුණියක් රවටා කන්දෙ විහාරයට ගෙන්වා ඒ තුළදීම දූෂණය කළ විට, එම ස්ත්‍රී දූෂණය හෙළිදරව් වීම පන්සලට හො නැති නිසා පැමිණිලි නොකරන ලෙසට එම තරුණියගෙන් හා දෙමාපියන්ගෙන් මේ නායක හිමි ඉල්ලා සිටීමට තරම් අන්ත පහත් තත්ත්වයට චීවරයක් ද දරමින් පත්වූයේ අදෘශ්‍යමාන බලවේගයේ හෙලුව හෙලිවන නිසා විය හැක.
එපමණක් නොව අලුත්ගම පොලීසිය තරුණිය දූෂණය කළ චීවරධාරී දූෂකයා ව නීතිය ඉදිරියට ගෙන ඒමෙන් වැලකුනේ අදෘශ්‍යමාන බලවේගය නිසා බව නම් සහතිකය. තරුණිය මුදලට යටකළ නොහැකි වූ විට කළයුතු පරීක්ෂණ නොකර පසුව බුද්ධාගමට නිගා කළා යයි යන අභූත චෝදනාව යටතේ ස්ත්‍රී දූෂකයාව අධිකරණයට ඉදිරිපත් කරන්නට තරම් මේ කියන අදෘශ්‍යමාන බලවේගයට පොලීසිය කුක්කන් බවට පත්කරන්නට හැකිවිය.

නමුත්  අදෘශ්‍යමාන බලවේගයට නම්මවන්නට බැරිවූ ගරුත්වයක් තිබෙන තරුණිය හා ඇයගේ හා ඇගේ පවුලේ සාමාජිකයින් කන්දෙ විහාරයේ තිබෙන බව කියන  අදෘශ්‍යමාන බලවේගයේ සලු පිලි ඉවත් කරන්නට පෙරට විත් තිබේ.

No comments:

Post a Comment