Tuesday, March 4, 2014

රක්ෂණ, ෆිනෑන්ස් - මහමග මංකොල්ලාකරුවෝ.


සෙලින්කෝ රක්ෂණ සමාගම හා සෙංකඩගල ෆිනෑන්ස් සමග එක්ව, තම AC බස්රථය මංකොල්ලා කන ලද බව පවසන, නාලක, මෙම වංචාව හා අපරාධයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට - බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

පානදුරේ, පදිංචිකරුවකු වන නාලක සොයිසා, පොලිස්පති, රක්ෂණ මණ්ඩලය හා රක්ෂණ ඔම්බුඩ්ස්මන් වෙත පැමිණිලි කරමින් කියා සිටින්නේ, අනතුරට පත් තම බස්රථය අලුත්වැඩියා කරන්නට යන රුපියල් ලක්ෂ හයක පමණ වන මුදල ලබාදීම පැහැර හැර, බස්රථය පූර්ණ හානි කර, එනම් භාවිතා කළ නොහැකි එකක් බවට වංචනිකව හා කූඨ ලෙස හදුන්වා, ෆිනෑන්ස් කොම්පැණියට ගෙවිය යුතු මුදල ගෙවා, බස් රථය හොර පාරෙන් අතිවිශාල මුදලකට අළෙවි කිරීමට සූදනාම් වන බවයි.

රුපියල් ලක්ෂ 28ක් වන තම බස් රථය, සෙංකඩගල ෆිනෑන්ස් සමාගමට උකස් කර ඇත්තේ රුපියල් ලක්ෂ 15කටය. සෙංකඩගල ෆිනෑන්ස් සමාගම, සෙලින්කෝ රක්ෂණ සමාගම හා එකතුව, බස් රථය රුපියල් ලක්ෂ 20කට රක්ෂණය කර ඇත. මෙයද වංචාවකි.

බස් රථය අණතුරට පත් විය. එය අලුත් වැඩියා කිරිම සදහා වන ඇස්තමේන්තුව ලබාදෙන ලදි. ඒෙහත් තම බස් රථ්‍යඅලුත්වැඩියා කිරීමට හැකියාව තිබියදී, සෙලින්කෝ රක්ෂණ සමාගම එය පූර්ණ හානි කළ යුතු බවට කියා ඇත.

එසේ නොකරන්නට නම් රුපියල් ලක්ෂ පහක් තමන්ට ලබාදෙන ලෙසට සෙලින්කෝ රක්සණයේ නිලධාරීන් ඉල්ලා ඇත.

දැඩි මානසික පීඩනය යටතේ එම මුදල ගෙවා හෝ බස් රථය අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය මුදල් ගෙන - කඩිනමින් බස් රත්‍ය අලුත්වැඩියා කර පාරට දැමීම තම ඉලක්කය බව පවසන නාලක, එසේ නොකළහොත් සෙංකඩගල ෆිනෑන්ස් එකට ගෙවීමට තිබෙන වාරිකය ගෙවා ගැනීමට නොහැකිවන බව කියා සිටී.

මොහු ප්‍රකාශ කරන්නේ, මාස තුනක් ගතවන තුරු, සෙලින්කෝ රක්ෂණ සමාගම තමාව රස්තියාදු කරමින්, වරක තර්ජණය කරමින්, කාර්යාලයට ගෙන්වා ප්‍රකාශ ලියා ගැනීමෙන් තමාව මුදා හල බවයි.

 මාස තුන ඉකුත්වූ වහාම, සෙලින්කෝ රක්ෂණ සමාගම හා සෙංකඩගල ෆිනෑන්ස් සමාගම ද එක්ව, තම බස්රථය ගේට්ටු කඩා, පැහැරගෙන ගොස්, සගවා තබාගෙන සිටින බව ඔහු ප්‍රකාශ කරයි. මේ පිළිබදව පානදුර පොලිසිය වරක් තම පැමිණිලි බාර ගැනීම ප්‍රතික්ෂෞප කල අතර, විමර්ශණ නොකල බවද කියා සිටී.

ඔහු මෙම සිද්ධිය හදුන්වන්නේ මංකොල්ලයක් ලෙසටය.

තතු දත් අය ප්‍රකාශ කරන්නේ මේ වන විට රක්සණ සමාගම්, ෆිනෑන්ස් සමාගම් විසින් මහා පරිමාණ වංචාවක් සිදු කරන බවත්, ඔවුන් ඒ සදහා පොලිසිය හවුල් කරගෙන සිටින බවත්ය.

නාලක සොයිසා විසින් ඉහත සදහන් බස් රථයට සම්බන්ධව කර තිබෙන පැමිණිල්ලට අනුව, එහි කරුණුවල සත්‍ය අසත්‍ය බව නොපමාව විහර්ශණයට භාජනය කර, වරද කලවූවන් කුමන තරාතිරමක සිටියත් නීතිය හමුවට පත් කළ යුතුව තිබේ.

මෙම සිද්ධියේ ආරම්භක අවස්ථාවේදීම, නිසි නීතිමය පියවර ගන්ෙන් නැතිව හා වාචිකව දෙන ලද පොරොන්දු හා ප්‍රකාශ ලිඛිතව ලබා ගැනීමට හෝ ඒ අවස්ථාවේදීම ලිඛිතව තහවුරු කිරිම නොකලේ මන්ද යන ප්‍රශ්ණයට පිළිතුරු වශයෙන් ඔහු ලබාදෙන්නේ නොදන්නා බව, විශ්වාස කල බව යන බොළද පිළිතුරය.

ඒ හා සමානවම අද, පුද්ගලික බස්රථ මෙවන් ව්‍යාපාරවල යෙදෙන පිරිස්, රක්ෂණ හා ෆිනෑන්ස් සමාගම් කාරයින් මෙන්ම, කූඨ ලෙස බදු වංචාවන් සිදු කරන අතර, පොලිසිය තෘප්තිමත් කර ප්‍රශ්ණයට නිසි පිළීවෙත් වලින් බැහැර, කෙටි මාර්ග මගින් විසදුම් සෙවීමට දරන උත්සාහය මෙහිදී පැහැදිළි වූ කරුණකි.


සෙලින්කෝ රක්ෂණ අධිපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මිලියන ගණන් ජනතා මුදල් වංචා කොට, නීතියෙන් බේරී සිටිති. ගෝල්ඩන් කී නිසා අතරමංවූ පිරිස රාජපක්ෂ තෘප්තිමත් කරන්න පසුගිය දා මහමග කිරිබත් බෙදූවත් පිහිටක් නම් ලැබී නැත. මෙම ආයතනයේ සේවකයින්ද ඒ හා සමානව පීඩාවට පත්ව ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment