Wednesday, March 5, 2014

මගේ නඩුව සිංහලෙන් අහන්න.


මේ ඉල්ලීම කරන්නේ දකුණේ සිංහල පොලිස් කොස්තාපල් වරයෙක්.
ඔහුට විරුද්ධව කල්මුණේ මහේස්ත්‍රාත් උසිවිෙය් පවරා තිබෙන නඩුව දෙමළ බසින්ම පමණක් විභාග වන අතර තමාට පරිවර්ථනයක් නොලැබෙන බවත් මී ළ නඩු දිනය පමණක් සිංහලෙන් ප්‍රකාශ කර න බවත් කියා සිටී.
ව්‍යාජ ලේඛන සකස් කිරීම යන චෝදනාව යටතේ, කල්මුණේ සහකාර ‍පොලිස් අධිකාරී කාර්යාලයේ වංචා විමර්ශන ඒකකය මගින් මෙම නඩුව පවරා තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායට බැී  සේවය ආරම්භ කළ පො. කො. ‍මෙන්ඩිස් වසර 27 ක් පුරා, පොලීසිෙය් විවිධ අංශ වල සේවය කර තිෙබන්නෙකි.
පොලිස් සැරයන් තනතුරට උසස් කිරීම සහා පවත්වන විභාෙය්    තමා ට ඉහළ ලකුණු තිබුනද තමාට එම තනතුර නොලැබුණේ ඉහළ නිලධාරීන් ඉල්ලා සිටි අල්ලස් ලබා ෙනාදුන් නිසා බව කියා සිටී.
එයින් පසුව තමාට විරුද්ධව අස්ථාන චෝදනා නගන්නට අල්ලස් ඉල්ලා සිටි ඉහළ නිලධාරීන් පියවර ගන්නා ලද බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.
සේවය කිරීමට තවත් කාලයක් තිබිය දී, බලපෑම් හමුෙව්, විශ්‍රාම ගැනීමට ඉල්ලා සිටියද, විශ්‍රාම ගැන්වීමට පෙර, තමා එම ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා ලද නමුත්, එය පිලිනොගෙන අත්තනෝමතිකව තමාව විශ්‍රාම ගන්වන ලද බවත් ඔහු කියා සිටී.
සේවකයෙකු විශ්‍රාම ගැන්වීෙම්දී අනුගමනය කරන පටිපාටීන් ද උල්ලංඝණය කර අැති බව ඔහු කියා සිටී.
මෙම තත්ත්වය තුළ  සිටින තමාට විරුද්ධව පවත්වන නඩුවට කල්මුණේ අධිකරණයට ගිය විට, එහි සියලු කටයුතු දෙමළ බසින් පමණක්ම සිදුකරන නිසා, තමාට යුක්තිය ඉටු කර ගැනීමට තිබෙන අවස්ථාව මගහැර තමා දැඩි වෙනස්කමකට භාජනය කරනු ලබන බවද කියා සිටී.
තම මව් බසින් යුක්තිය ඉටු කරගැනීමට තිෙබන අවස්ථාව අහිමිකර තිෙබන ෙම් රෙට් පුරවැසියන් අතරින් බහුතරය ෙදමළ බස කථා කරන අයවුවද සිංහල බස කථා කරන්නන්ට ද ඒම අයිතිය අධිකරණය තුල අහිමි කර තිබීම වාර්ථාවන්ෙන් අල්ප වශෙයන්ය.

දැනට නඩු වාර අටක් පවත්ව අැති බව පවසන ඔහු තමාට සිදුව තිෙබන අසාධාරණය ඉවත් කිරිමට සිංහල බසින් කටයුතු කරන උසාවියකට නඩුව මාරු කරන ෙලසට බලධාරින් ෙගන් ඉල්ලා සිටි.

No comments:

Post a Comment