Saturday, March 1, 2014

අයියෝ ජිනීවා ! අපි යනවා ජිනීවා !


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් කඩ කොරන්නේ නැතැයි කියන්නට ජිනීවා යන පිරිසට දස දෙනෙක් අයත් වෙති.

මෙම මස හත හෝ අට ජිනීවා නුවර බලා පියාසර කරන මේ නඩයට අයත් වන්නේ, එහි සභාපති ප්‍රියන්ත පෙරේරා, කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා, ලේකම් සමන්ති ජයමහ, අතිරේක ලේකම් නිමල් පී. පුංචිහේවා, වැඩ බලන අධ්‍යක්ෂිකාවක් වන ෂිරාණි රාජපක්ෂ, අධ්‍යක්ෂිකා සුසිතා සමරසේකර, ප‍්‍රාෙද්ශීය සම්බන්ධීකාරක වරුන් වන කණකරාජා, ඉසඩීන් හා අධ්‍යාපන නිලධාරී විලවරාජන්ය.

ජනාධිපති රාජපක්ෂ බලයට පැමිණි පසු සියලුම ස්වාධීන කොමිෂන් සභා වල ස්වාධීනත්වය අහෝසි කර, ඒවාට තමාට හිතේෂීයයන්, තමාට අවශ්‍ය දේ සුවචව, කීකරුව ඉටු කරන සභාපතිලා, කොමසාරිස්වරු පත් කළේය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරු ඇතුලු සෙසු පිරිස් ද මේ ආකාරයට පත්වීම් ලබාගත් පිරිසය. එයට අමතරව, මෙම කොමිෂන් සභාවේ ලේකම්, අතිරේක ලේකම් ඇතුලු අය පිළිගත් පටිපාටියන්ට  එරෙහිව පත්වීම් ලබාගෙන සිටින අය වෙති. මොවුන්ගේ කාර්යය රට රැකීම නොව ආණ්ඩුව රැකීමයි.

 ආණ්ඩුව සෘජුව මැදිහත්ව සිදුකරන අතුරුදහන් කිරීම්, ඝාතන, වධදීම්, ඇතුලු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබව ව්‍යාජ වාර්තා ඉදිරිපත් කර, රටවැසියන් රැවටීම  මේ පිරිස,  ප්‍රමුඛ කාර්ය භාර්යයි. ලෝකයා රැවටීමට උපදෙස් දීමය.


ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලොබි”  ලෙසට හැඳින්වෙන  ඉස්තෝප්පු වල කරක් ගසමින්, ප‍්‍රදර්ශනය වෙමින්, ආණ්ඩුවට එරෙහිව නගන චෝදනා බොරු කරන්නට දරන උත්සාහය වතුරේ  යන්නේ මේ අයගේ කැරැට්ටුව ශ්‍රී ලාංකිකයන් නොදනන්නවා වුවද, ලෝකයා දන්නා නිසාය.  අයියෝ ජිනීවා !

No comments:

Post a Comment