Monday, March 17, 2014

හොරණ දොන් පේද්‍රික් විද්‍යාලයේ ළමා අපයෝජකයෝ - නීතියට උඩින්.


ළමුන් අපයෝජනයට ලක් කිරීම අදාල ඉතිහාසයක් ඇති හොරණ දොන් පේද්‍රික් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ගුරුවරුන් පිරිසක් මෙවර අපයෝජනයට ලක්කර ඇත්තේ 13 හැවිරිදි ශිෂ්‍යාවකි.
මෙම විදුහලේ දහවෙනි වසර ඉගෙනුම ලබන ඇය, විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායමේද සාමාජිකාවකි.
දහය වසර පංතිභාර ගුරුභවතුන් සිය පංතිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහා අධ්‍යාපන චාරිකාවක් සැළසුම් කළේ පෙබරවාරි මස මැදදීය. ඒ සහා සිසුන්ගෙන්ද මුදල් එකතු කර සියල්ල සූදානම් කළේය.
මෙම මාර්තු 14 දිනට, අධ්‍යාපන චාරිකාව පැවැත්වීමට, නිසි අවසරය විදුහල්පති පත්මසිරි ලබා දී තිබීම.
එසේ තිබිය දී, හදිසියේ ශිෂ්‍යභට කණ්ඩායම් භාර ගුරු භවතුන් තිදෙනා මාර්තු 14 හා මාර්තු 15 දින ඇතුළත් විශේෂ භට කවුරක් සූදානම් කළේය. සුපුරුදු පරිදි මෙම කවුරට සහභාගී වීම අදාල ශිෂ්‍යාවන්ට අනිවාර්ය කළේය.මෙය දහය වසර ශිෂ්‍යාවන්ට බරපතල ගැටලුවක් විය. මාර්තු 14 දින අධ්‍යාපන චාරිකාව යනවාද, එදින පැවැත්වෙන ශිෂ්‍යභට කවුරට සහභාගී වනවාද යන උභතෝකෝටික ප්‍රශ්නයට මැදිවිය. මෙය ශිෂ්‍යාවන්ට හා දෙමාපියන්ට,  මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී කතාව සිහිගැන්වීය.
මේ පිළිබව අදාල ශිෂ්‍යාවගේ පියා ශිෂ්‍යභට කණ්ඩායම් භාර නදීකා නැමති ගුරුවරියට කතා කළේය. ඔහු කාරණය පැහැදිලි කළේය. මාර්තු 14 දින අධ්‍යාපන චාරිකාවට මම දුව අරිනවා, ඇය පසු දින (මාර්තු 15) උදේ 6.30 ට පෙර කවුරට සහභාගී කරනවා කියා. ඇය එයට එක වී අනුමැතිය ලබාදෙන ලදි.
ඒ අනුව මාර්තු 14 දින, අධ්‍යාපන චාරිකාවට සහභාගී වූ මෙම ශිෂ්‍යාව පසුදින උදේ 6.30 ට ශිෂ්‍ය භට කවුරට සහභාගී වීමට ගියාය.
එහෙත් ඇයට මුහුණ දෙන්නට සිදු වූයේ හද කම්පාවන සිද්ධියකට මුහුණ දෙන්නටය. කවුරට සහභාගී වන්නට ගිය ඇයගේ පෙරට පැමිණි මෙම විද්‍යාලයේ නිශාන්ත ගුරුවරයා, ඇයට කවුරට සහභාගී වීමට ඉඩ නොදෙන බවත් කණ්ඩායමෙන්ද නෙරපා හැර තිබෙන බවත් දැනුම් දුන්න්ය.
ඔහු එම නියෝගය ශිෂ්‍යාවට ලබා දී  උඹේ තාත්තා කවුරු උනත් කමක් නෑ” යන    වදන්ද පිට කළේය. ඒ පියා පොලිස් නිලධාරියෙකු නිසා විය හැකිය.
මේ පිළිබඳව වහාම විදුහල්පති පද්මසිරිව දුරකතනයෙන් සම්බන්ධ කර කාරණය පැහැදිලි කළේය. ඔහු, විදුහල්පති පද්මසිරි වරදක් වී තිබෙන බව පිළිගෙන, එය නිවැරදි කරන බවට පොරොන්දු විය. නමුත් ස්වල්ප වේලාවකින් තීරණය වෙනස් කළ විදුහල්පති පත්මසිරි, කියා සිටියේ නිශාන්ත ඇතුලු ගුරුවරු ඔවුන් ගත් තීරනය වෙනස් නොකරන බව තමාට දැනුම් දුන් බවත්, ඒ නිසා කර කියා ගන්නට දෙයක් නැති බවත්ය.
මෙම ශිෂ්‍යාව විද්‍යාලයේ පැවැත්වෙන කඳවුරට සහභාගී වීම සඳහා රුපියල් දහසකට අධික මුදලක් වැය කර අවශ්‍ය ඇඳුම් පැළඳුම් ද  රැගෙන තිබිණ.
මෙය බරපතල  ළමා අපයෝජනයකි. ඒ පිළිබඳව පියා අදාල බලධාරීන්ට පැමිණිලි කර ඇත. එහෙත් ප්‍රතිඵලයක් නැති බව කියයි.
මෙම නිශාන්ත නැමති ගුරුවරයා සිසුන් අපයෝජනයට ලක් කිරීමේ චෝදනා වලට ලක්වූ අයෙකි. මෙම විද්‍යාලයේ ළමුන් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධව ඉතිහාසයක් ද ඇත.
රාජපක්ෂ පාලනය යටතේ ඔහුට ගැතිකම් කරන විදුහල්පතිවරු හා ගුරුවරු පිරිසක් අඛණ්ඩව ළමුන් අපයෝජනයට ලක්කරනු ලබන අතර මේ පිළිබඳව චෝදනා එල්ල වී ඇති ගුරුවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමද වලක්වා ඇත.

ඒ තුලින් එකී ගුරුවරුන්ට අඛණ්ඩව ළමුන් අපයෝජනයට ලක් කිරීමට ඉඩ ලබා දී තිබේ. පාසල් වල සිදුවන ළමා අපයෝජන අති බහුතරයක් නීතිය හමුවට ගෙන ඒම වැලැක්වීමට සෑම විදුහලක්ම රාජපක්ෂ ගැති දෙගුරුන්, ආදි සිදුන් හා ඊනියා සංවර්ධන සමිති නිලධාරින් සංවිධානය වී තිබෙන බවද වාර්තා වේ.

No comments:

Post a Comment