Tuesday, December 23, 2014

මහින්ද රා... ගේ මේ නීති විරෝධි කටවුට් ඉවත් කරන්න බැරි පොලිස් නිලධාරින් නිවටයෝ හින්දා

.
 මුතුටේටිගම, බද්දේගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් උදුරාගේන ගිය විට, එහි ස්ථානාධිපති  නිවටයෙකු ලෙසට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ. පො. අ. අජිත් රෝහණ හැඳින්විය. එ් අනුව පානදුර නගර මාධ්‍යයේ ඉදිකර තිබෙන මහින්ද රා.. ජ. අපේක්ෂකගේ නීතිවිරෝධි කටවුට් ඉවත් කිරීමට බැරිව සිටින්නේ පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති, පානදුර පොලිස් වසම බාර ජේ. පො. අ. ප‍්‍රමුඛ උසස් නිලධාරින් නිවටයින් නිසා විය යුතුය.
අති විශාල එක් කටවුට් එකක් ඉදිකර ඇතතේ පානදුර දකුණ පොලීසිය පිටුපස, නගර සභාවට අයත්, දැනට සුපර් පැෂන් සාප්පුවේ රථ ගාලයේය. අනෙක වෙල්ගම ඇමති සිය කාර්යාලය ලෙසට හඳුන්වා ගනු ලබන ස්ථානයේය.
මෙයට අමතරව, නිර්මල විසින් පානදුර නල්ලූරුවේ ඉදිකර තිබෙන කටවුට් එක පොලීසියට නොපෙනුනාට සියල්ලටම පොනේ. 
නීතිය කඩනවිට ඇස් කන් පියාගෙන සිටින පොලීසිය ගරුත්වයක් ඇති එකක් ලෙසට හඳුන්වා ගන්නට තරම් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිවට වී ඇති සැටියක්.  

No comments:

Post a Comment