Monday, December 22, 2014

මානව අයිතිය ‘‘සැන්ඩ‍්‍රා - ඔරංඋටන්’’ ට තිබෙන බවට ආජන්ටිනාවේ අධිකරණයක් තීරණය කරයි.


එරට සත්වයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින නිතිඥ සංගමයක් විසින්, එරට අගනුවර වන බුවනේස්අයිරිස් සත්ව උද්‍යානයේ වසර 20 ක් පුරා රඳවා ගෙන සිටින සැන්ඩ‍්‍රා ලෙසට නම් කර තිබෙන ඔරංඋටන් වෙනු හේබයාස් කොපුස් නියෝගයක් ඉල්ලමින් පවරන ලද නඩුවට, ඉඩ දුන් එරට අධිකරණය, දැනට 29වන වියේ පසුවන සැන්ඩ‍්‍රාව බ‍්‍රසිලයේ වනොද්‍යායකට මුදා හරින ලෙසට නියෝග කළේය. කෙසේ වෙතත් ඉදිරි දින 10 තුල මෙ නියෝගයට විරුධව ඉහළ අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරිමට සත්ව උද්‍යාන බලධාරින්ට ඉඩ තිබේ.
මෙම නඩුව සත්වයින් ගේ නිදහස අහිමිකර කුඩුකර, නිදහස අහිමි කර මිනිසුන් ගේ විනෝදය සඳහා යෙදවීමේ දුෂ්ඨ ක‍්‍රියාවට එරෙහිව හඬ නගන මිනිසුන්ට ධෛර්යක් ව තිබේ.
මානවයින් ගේ නිදහස අදාලව මුලික අයිතියක් වන ‘‘නිදහස’’ අහිමි කිරිම අදාලව 14වන සියවසේ දි බි‍්‍රතාන්‍යයින් විසින් දිනා ගන්නා ලද අයිතියකි ‘‘හේබයාස් කොපුස්’’ නඩු පැවරීමේ අයිතිය. මේ මගින් ආණ්ඩුව විසින් අත්තනෝමතිකව මිනිසුන් සිරකර නිදහස අහිමි කර අභියොග කිරිමට ඉඩ ලැබින.
මෙම අයිතිය ශි‍්‍ර ලාංකාවේ නීතියට ඇතුලත්ය. අවාසනාවකට එය පොතට සිමාවුවකි. 

No comments:

Post a Comment