Tuesday, December 30, 2014

මල්ලීව මරා, ගේ ඉස්සරහා පිච්චුවානම් හිත හතදාගන්න තිබුනා. අම්මවයි තාත්තාවයි මැරුවේ ඇයි ?





1989 දෙසැම්බර් 31, උසාවි නියෝගයෙන් පොලිසියට ගිය මල්ලීව, අම්මාව හා ඔවුන් දෙන්නා එන්න පරක්කු නිසා බලන්න පොලිසියට ගිය තාත්තාව අතුරුදහන් කලා.

එවක පානදුර දකුණ පොලිසිය මේ තුන්දෙනාව පානදුර ඒජන්ත වංගුව කියන ස්ථානයට ගෙනහිල්ලා මරලා, මිනුවන්පිටිය ප්‍රසිද්ධ සුසාන භූමියේ ටයර් දමා පිච්චුවා කියලා තමයි - ආරංචි.

මල්ලිව, ප්‍රේමලාල්, පානදුර දකුණ පොලිසිය අත්අඩංගුවට අරගෙන වධ දුන්නාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුවාට පලිගන්න තමයි මෙහෙම මරාලා පිච්චුවේ.

මෙම නඩුවෙන් වරදකාරයින් කරපු එදා උප පොලිස් පරීක්ෂක ‍සේනක රත්වත්තේ, රාජපක්ෂ ආණ්ඩුව අද සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරලා.

1989 ශීෂණ සමයේ, මල්ලි ප්‍රේමලාල් ඇතුලුව, මව සහ පියා, පානදුර දකුණ පොලිසියෙන් ඝාතනය කර, අතුරුදහන් කිරිම ගැන - කතා ඇතුලත් වාර්තාමය වීඩියෝ පටය 28.12.2014 දින ජනසංසදය තිරගත කළේ - ප්‍රේමලාල් ගේ පවුලේ උදවිය ඇතුලු පිරිසක් මධ්‍යයේ.


1988, 89, 90 ශීෂණ සමයේ, මරාදාපු තරුණ තරුණියන් ෙග් , පිංතූර, තොරතුරු කරගහගෙන ජිනීවා මානව හිමිකම් කවුසිලයට ගිහින් විර ෙයක් වු මහින්ද රාජපක්ෂ, අද කරන්නේ ඝාතකයින්ට උසස්වීම් දෙන එක. ඒ මගින් තුන්වරක් නොව,  ඒකාධිපති වියරුව වැළදුනු සෑම නායකයකු මෙන්ම, ජීවිත කාලයටම - බලයේ ඉන්න. පවුල රජකරවන්න. 

No comments:

Post a Comment