ජයසිරි
අල්වත්තගේ ‘මකරන්ද කාව්‍ය විමංසා’ කෘතිය තුළ
පුරවැසි විචාර සම්ප‍්‍රදායක පෙරමඟ ලකුණු පෙනේ!
අද දවසේ සිදුවන දෙය අතිශයින් වැදගත්. අප දන්නා ආකාරයට විචාරකයන් ලෙස මතුව පවතින්නේ ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනයක් ලද යම් සමාජ පසුබිමක් සහිත පුද්ගලයන්. විවිධාකාර නාමධාරීන් ඒ සඳහා එක් වුණා. ඒ අතර ජයසිරි වැනි අය මේ විචාර කලාවට ප‍්‍රවේශවීම අලූත් දෙයක්. කෙනෙක් කියන්න පුළුවන් විචාරය කියන්නෙ බරපතළ කාර්යයක් ජයසිරි වගේ අයට ඒවා කරන්න පුළුවන්ද කියලා. විචාරය කියන්නෙ යම් බරපතළ කාර්යයක් තමයි. ඒක සරල නෑ. අපට දේශපාලනයට අවතීර්ණ වන ආකාරයට කලාවට, කවියට අවතීර්ණ වෙන්න බෑ.
මේ වනවිට කවි ලියන පිරිස තමන්ගෙ ගමන් මඟ කොයි පැත්තටද යන්නෙ කියලා විමසීමක් මෙහි තිබෙනවා. ඒ අයගෙ කවි ලිවීමේ පසුබිම ගැන අදහසක් ගන්න මේ කෘතිය ඉවහල් වෙනවා. 19 වැනි 20 වැනි සියවස්වල දී කවි කිවිඳියන්ට ලැබුණු ප‍්‍රතිචාර නිසා එක්කෝ ඒ අය දුර්මුඛ වුණා, නැතිනම් පමණට වඩා උත්කර්ෂයට පත්වීමෙන් ඔවුන් සතු කවීත්වය පිරිහීමට ලක් වුණා. ඔබ දන්නවා කොළඹ යුගයේ කවි ලියපු පළවෙනි පරම්පරාවක් හිටියා. දෙවැනි පරපුරකුත් හිටියා. ඒ කවි කිවිඳියන්ගේ අඩුපාඩු පිළිබඳ සමබර විචාරයක් ලැබුණා. ඒ අයගෙන් වඩා වැඩි කාව්‍ය නිර්මාණ හැකියාවක් ලබාගන්න තිබුණා. විශේෂයෙන් පී.බී. අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම, මීමන පේ‍්‍රමතිලක වැනි කවියන්ගෙ කවියට නිසි බරින් නිසි පිළිගැනීමක් ලැබුණා නම් ඒක වඩා යහපත් නිර්මාණ බිහිකිරීමට අවස්ථාවක් වෙන්න තිබුණා.
ජයසිරි මේ කෘතියේ සඳහන් කරන අලූත් පරපුරේ කවි ගැන මම කතා කරන්න කැමතියි. මේ කෘතියට නිර්මාණ තෝරාගැනීමේ දී යම් විශේෂත්වයක් තිබෙනවා. කවි කිවිඳියන් 53 කගේ නිර්මාණවලින් තෝරාගත් කවි හැත්තෑවකින් ඔහු කවි තිස් එකක් තෝරාගෙන තිබෙනවා. ඒ ඔහුගේ තෝරාගැනීමයි. සමහරවිට අපේ තේරීම මීට වෙනස් වෙන්න පුළුවන්. මේ කවි සම්බන්ධව සමබර විචාරයක් වෙලා තිබෙනවද කියලා ජයසිරිගෙ කෘතියෙන්ම සොයා බලන්න වෙනවා. කවිය විචාරය කිරීමේදී පැරණි රසවාදයන් තිබෙනවා. විචාරක දෘෂ්ටිය හැටියට සමාජ සත්තා යථාර්ථවාදය වැනි විවිධ මතවාද තිබෙනවා. විවිධ විචාරකයන් විවිධ ධාරාවන් නියෝජනය කරනවා. ඉතින් ජයසිරි විචාරය කොතැනටද අයත් වෙන්නෙ. මෙහිදී ජයසිරි විසින්ම කරන අදහස් දැක්වීම් අවධානයට ගන්න පුළුවන්.
සමිත බී. අටුවබන්දෑල කවියාගේ ‘පේ‍්‍රමය’ නමැති කාව්‍ය නිර්මාණයක් මෙහිදී ජයසිරි විසින් විචාරයට ලක් කරනවා. ජයසිරි මෙහෙම කියනවා.
”එදා මෙදා තුර සාහිත්‍යකරුවන් පුන්සඳ උපමා රූපකයක් ලෙස යොදා ගත්තේ කාන්තාවගේ රුව හෝ මුහුණ උද්දීපනය කිරීමටය. පිරිමියෙකුගේ සොඳුරු බව වර්ණනා කිරීමට කිසිදු කවියකු සඳ යොදාගත් බවක් දක්නට නැත.”
ඒ වගේම විජය නන්දන පෙරේරාගේ ‘තාත්තාගේ අකුරු’ කියන කවිය ගැන ජයසිරි ලියනවා.
‘උස්ය වමටය
නැඹුරු’
කථකයාගේ පියා වාමාංශික ව්‍යාපාරයේ නිරත වූ කෙනෙක්.
මේ කවි ශෛලිය අපිට බොහෝ විට දකින්නට ලැබෙන්නේ ජී.බී.සේනානායක කාව්‍යයන් තුළයි. 1947 පළවුණු ‘පළිගැනීම’ කියන කෙටිකතා සංග‍්‍රහය තුළ මේ කවිය තිබෙනවා.
කවිය පිළිබඳ ඇසුරක් ඔබටත් ඇති නිසා ඔබටත් සමහරවිට මතක ඇති ජී.බී. සේනානායකගේ ‘නිශ්ශබ්දතාව, කියන කවිය. ජී.බී.ගෙ එම ශෛලිය භාවිත කරමින් මේ නූතන කවියා තමන්ගේ ආත්ම ප‍්‍රකාශනය කරන ආකාරය දැකගන්නට පුළුවන්. ‘විඳිමි’ වගේ කවියක ඒක වඩාත් හොඳින් දකින්න ලැබෙනවා. මේ සම්ප‍්‍රදාය මැනවින් භාවිත කරලා ඔහු තමන්ගෙ අත්දැකීම ප‍්‍රකාශ කරනවා.
ධීවර ජීවිතයට සම්බන්ධ තවත් කවියක් විචාරයට ගන්නවා තුෂාර ද සිල්වාගෙ ‘තරුව’ කියලා.
මේකෙ එක තැනක තියෙනවා කරලා.
‘ඔරුව පෙරළී එන තරමට
සරාගී රළ පේළි නැඟී එයි
මොහොතකින් ඔබ නොපෙනී යයි.
මුළු නුවරම කළුවරයි.’
ජයසිරි මෙහෙම සටහන් කරනවා.
”ආශාවත් බියත් මුසු වූ විට තමන් ගන්නා තීරණ පිළිබඳව දෙවරක් නොව කීප වරක් සිතා බැලිය යුතු බව ඇය පසක් කරයි.”
මට මෙතනදි මතක් වෙනවා ධීවර ජීවිතය ඇසුරේ තියෙන සමහර ජනකවි නූතන පරම්පරාව පැරණි කවි ඇසුරින් ධීවර ජීවිතය විග‍්‍රහ කරනවා. ධීවරයා රැුකියාව සඳහා දියඹට ගියාම බිරිය මොන විදියට දුක් සංකාවලට මුහුණ දෙනවද කියන එක. ඒ දුක් මකාගන්න හැටි කියැවෙනවා. ධීවර ගීවල ලිංගිකත්වය උලූප්පා දක්වනවා. වචනවලින් පදානුගතව මට ඒ ගීත මතක නැති වුණත් ධීවර කාර්ය අවසානයේ නිවසට එනවා. ගෙදර ඇඳ දකින කොටම තමන්ගෙ රැුකියාව නිසා මැඩගෙන ඉන්න ආශාවන් මතුවන ආකාරය විස්තර කරනවා.
විශේෂයෙන් ජයසිරි විචාරයට ලක් කළ තවත් කවියක් ‘සංවාදයට විවෘතයි’ කියන මාතෘකාවෙන් තිබෙනවා. නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික් මේ අපූරු කවිය ලියන්නෙ. තමන්ගෙ අම්මයි තාත්තයි දෙන්නම අවාසනාවන්ත අත්දැකීම්වලට මුහුණ දීලා අම්මගෙ අත් පා කැඩිලා තාත්තාට අංශබාගෙ හැදිලා. එහෙම රෝගාතුරව ඉඳිද්දි පෙම්වතිය එනවා ගෙදරට. ඈ මේ ගෙදර තත්වයට කොහොම මුහුණ දෙයිද කියන අදහසයි මේ කවියෙ තියෙන්නෙ.
‘හරියටම තුදුස්වක පෝයට
සෙන්ට් පවුඩර් උලාගෙන ආවාට
අත පය කැඩුණු අම්මගේ අධෝ වායුව
මගෙන් වෙන්වෙන්න කරුණක්ද…?’
ජීවිතයේ යථා ස්වරූපයත් තමන්ගේ මවුපියන් රෝගාතුරවීම නිසා මුහුණ දෙන කටුක තත්වය සහ පේ‍්‍රමයට ආශක්ත වීම තුළ ඇතිවන ගැටලූ මෙහි විස්තර කරනවා. මේ ගැන ජයසිරි කියන්නෙ මෙහෙම දෙයක්.
”තුදුස්වක පෝයට’ යනුවෙන් සිංහල බෞද්ධත්වයත්, (සිංහල නොවනද බෞද්ධත්වය) ‘සෙන්ට් පවුඩර්, යනුවෙන් සිය පෙම්වතියගේ බාහිර ආටෝපයත් සංකේතවත් කරන්නට කතුවරයා යත්න දරා ඇති බව වැටහේ. ඉතිරි දෙපදයේ ව්‍යංග්‍යාර්ථ කිසිවක් නැත. එසේ වුවද කියවන්නාගේ හද කම්පා කරවන්නට එකී කවි දෙපදය සමත්කමක් දක්වයි.”
ඊළ`ගට තියෙනවා ඒ කවි පද දෙක,
‘සුවඳ ඉල්ලන නාස් සයිලන්සර්වලට
අපේ දහදිය ගඳපාන මල් වගෙයිද?’
ඔබ දන්නවා සයිලන්සරය කියන්නෙ මොකක්ද කියලා. මේ කවියන්ගෙ අදහස් ප‍්‍රකාශ කරන්න භාෂාව යොදාගත් ආකාරය ගැනත් ගැටලූවක් තිබෙනවා.
සමහර යෙදුම් භාවිත කරනකොට කාව්‍යාර්ථය උද්දීපනය කරනවා වුණත් ඒ යථාර්ථය නොවන්නට පුළුවන්. එහෙත් එය කාව්‍යෝක්තියකට ගැළපෙන්නෙ නෑ කියලා ජයසිරි කියනවා. ඒ වගේම තවත් තැනක මෙහෙම තියෙනවා.
‘තාත්තගෙ අංශබාගෙට
සරම අස්සෙන් ඇමෝනියා යූරියා හැලූණාම’
”ආඝාත රෝගයෙන් පෙළෙන පියාගේ මළ මූත‍්‍ර කවියා විසින් උපමා කරන්නෙ ඇමෝනියා සහ යූරියාවලටය.”
‘ඌරන්ට මොන සෞඛ්‍යයද’ පවසන
බෝගසුත් ඇද වැටෙන නුඹේ කවි බණ’
මේ සමහර දේවල්වලට කවියා ගන්න යෙදුම් ඒ වගේම ජයසිරිත් නිවැරදිව විවරණය කරනවා. ‘ඌරන්ට මොන සෞඛ්‍යයද’ කියලා අපි නිතර කියනවා. ඒක දැන් නූතන කටවහරක් වෙලා.
‘බෝගසුත් ඇද වැටෙන නුඹෙ කවි බණ’
දැන් අපේ සමාජයේ ජීවත්වන වැඩිදෙනෙකුට ජීවිතයේ මහා විශාල හිස්තැනක් තිබෙනවා. ඒ පවතින හිස්තැන පුරවාගන්න බොහෝ දෙනා භාවිත කරන්නෙ ආගම. ආගම භාවිත කරන එක මෝස්තරයක් වෙලා. සමහර කෙනෙකුට දුරකථනයෙන් කතා කරද්දි ඇහෙන්නෙත් කවි බණ. ඒවා ආගමට එකඟද නැද්ද කියන ගැටලූවක් අපට නෑ. දේශපාලනයට අදාළව ඒ කාරණා වෙනම විග‍්‍රහ කරන්න පුළුවන්. ආගම දිහාවට දාන්නෙ බොරු කඩතුරාවක්. පවතින ඇත්ත අඩුපාඩු මකාගන්න ඔවුන් ආගම යොදා ගන්නවා.
‘කැමති හදකට ඉන්න තුරුලූව
අම්මගෙ බඬේලිය මැද්දේ
තාත්තගෙ මළමූත‍්‍ර අස්සෙන්
බෙහෙත් වට්ටෝරුවක හදවතේ අයිනක’
අවසානයෙදි ජයසිරි කියනවා ”මෙහි දෙවන හා තෙවන පදයේ ගැබ්ව ඇති ඍජු ප‍්‍රකාශය හේතුවෙන් ඉහත සඳහන් කළ පරිදි ආරම්භයේ යොදාගත් උපමාවේ අගය නිෂ්ප‍්‍රභ වී ඇත.”
ජීවිතයේ යථාර්ථය මේ විදියට ග‍්‍රහණය කරගනිමින් ඔහු කරන්නේ විශාල වගකීමක් සහිත කාර්යයක්. ඔහු නිලලත් විචාරකයෙක් නෙවෙයි. ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනයක් ලැබුවෙකුත් නෙවෙයි. හැබැයි ඔහු තමන්ගේ කාර්ය වගකීමෙන් ඉටු කරනවා. ඔහුට ගුරුකුලයක් නෑ. ඔහු කවි කිවිඳියන් පෞද්ගලිකව අඳුනන්නෙ නෑ. හැබැයි ඒ කාව්‍ය නිර්මාණ වගකීමකින් විවරණය කිරීමක් සිදුකරනවා.
ඊළඟ නිර්මාණය ලෙස ගන්නෙ ‘මඟ’ නමැති එන්.ඩබ්ලිව්.පී. ලාල්ගෙ කවියක්. ඔහු දිගු කාලයක් කාව්‍යය නිර්මාණයේ යෙදෙන කෙනෙක්. අපි කවි ලියන කාලෙත් ඔහු කවි ලිව්වා. කවිය ආරම්භ වෙන්නෙ මෙහෙමයි.
‘යාබද බිමේ මල් කැකුළු මියැදේ’
ජයසිරි කියනවා, මෙහෙම. ”කුඩා දරුවන් මියයන බව දනවන්නට මීටත් වඩා සුදුසු යෙදුමක් ඇත්ද?”
‘මැවීමෙන් බැහැර වී
දකින්නට පිං ඇතත්
අපේ ඇස් අන්ධ වී’
ඔහු ඉතා ඍජු ලෙස කියනවා, ‘‘පාලකයන් යුදවාදීන් මවා පෙන්වන ලෝකය මඟහැර ඉවත ලා සැබෑ ලෝකය දකින්නට පාලිතයන් කොතෙක් පිං කර තිබුණත් රට, ජාතිය, ආගම, කුලය, පන්තිය දනන්ගේ දෑස් අන්ධ කොට ඇත.’’
‘මොබ
වැටෙන්
ඔබ
එක ම පස
ගිනි ගනී
වැට
කවුරුන් උදෙසා ද
බෙදුණු පස
නොම දනී’
ලාල්ගෙ කවියෙ අවසානය මෙහෙමයි.
‘වැටෙන් ඔබ
ගිනි තබන ගිනි හුල
වැටෙන් මොබ
තෙල් ඉසින
හැඳිනිය යුතුය අප
මේ ගිනි හුල රැුඳුණු
අත….’
ජයසිරි කියනවා අපට, ”ඇවිළෙන ගින්නට පිදුරු නොදමන්නැයි පැරණි කියමනක් ඇත. යුද්ධය නමැති ගින්නට තෙල් ඉස්සේ සහ ඉසින්නේ කවුදැයි නොදන්නා හෙයින් අප සැවොම ඇස් දෙසවන් වසාගෙන බලා නොසිටියේද? කවියා අපට ආරාධනා කරන්නෙ මේ තෙල් ඉසින්නෝ මෙන්ම පිදුරු දමන්නෝ හඳුනාගන්නා ලෙසයි. මෙතෙක් හුදී ජනයාට නොහැකි වූයේ ද අනාගතයේ දී නොහැකි වන්නේ ද එයම නොවන්නේද?”
අප දන්නවා යුද්ධය කියන්නෙ දේශපාලනය තවත් ආකාරයකින් පෙරට රැුගෙන යාමක් බව. හැබැයි කවියන් අතීතයේ පටන් ජාතික සමගිය වෙනුවෙන් කතා කළා, ලිව්වා. ඒ අතර මිනිසුන් තුළ තිබෙන යුදවාදී ජාතිවාදී හැඟීම් ඒ ලෙසම පවතිනවා. සැබෑ සමාජ දේශපාලන දෘෂ්ටියක් නොමැතිව ජාතිවාදය සහ ආගම්වාදය පරාජය කළ නොහැකියි.
මේ සම්බන්ධව ජයවඩු විතාන කවියා ලිව්වෙ, තල් කොළයයි පොල් කොළයයි එකට අරගෙන කලාලයක් වියමු කියලා. මේ විදියට කවියන් ජාතිවාදය පරාජය කරන්න ලිව්වට සමාජය තුළ ජාතිවාදය යුදවාදය පැතිර පවතින බවයි පෙනෙන්නෙ.
පශ්චාත් යුද සමය තුළ මේ තත්වය නග්න ආකාරයක් ගන්නවා. කවියා අවසාන කරන්නෙ මෙහෙමයි.
‘එක් විය යුතුය
අප
බිඳ දමා මේ
වැට
නිවාලන්නට මේ
ගිනි
බිය…’
ඉතින් කවියන් ඇතුළු සාහිත්‍යවේදීන් ඇතුළු ප‍්‍රගතිශීලීන් මේක තමයි නිතරම කියන්නෙ. නමුත් මෙහෙම ලියූ පමණින් මේ කවිය අපූර්වත්වයට පත් වෙනවාද? මේකමයි අපි හැමදාම කියන්නෙ. මීට වැඩිය ඉදිරිගාමි ආකාරයෙන් මුළුමහත් දකුණු ආසියාවේම වඩාත් අනන්‍යතාවක් ප‍්‍රකාශවන ආකාරයේ කවි ලියුවා ලියැවෙනවා උතුරේ සහ නැගෙනහිර කවියන් අතින්. එකතු වෙන්න කියලා ඕනම කෙනෙකුටත් කියන්න පුළුවන්. ඒත් ඒක ඉටුකරන එක එතරම්ම පහසු ව්‍යායාමයක් නෙවෙයි.
මේ කෘතියේ බොහෝ තැන්වල ව්‍යාකරන දෝෂ ගැන සහ අක්ෂර දෝෂ ගැන ජයසිරි පෙන්වා දෙනවා. ඒක හොඳයි. ගල් අච්චුවේ මුද්‍රිත පත පොතට වඩා මේ පරිගණක යුගයෙ මුද්‍රිත පොත්වල දෝෂ තිබෙනවා. නමුත් මට ප‍්‍රශ්නයක් තිබෙනවා, ජයසිරි ඔහුගෙ භාවිතය තුළ වඩාත් නූතනවාදී ලෙස වචන, භාෂාව හසුරුවන කෙනෙක්.
තමන් නූතනවාදී ලෙස භාෂාව හසුරුවන අතර විචාර කාර්යයේ දී ව්‍යාකරණ පිළිබඳ දක්වන අදහස වරදක් නැහැ. ඔහු අදහස් කරන්නෙ භාෂාව වඩා අර්ථාන්විත වීම.
අවසානයේ ඔහු කියනවා මේ සටහන් නිසා කවියාගේ නිර්මාණ කිසිසේත්ම පහත් කොට නොසලකන බව ද අවධාරණය කළ යුතුය කියලා.
තවත් කවියක් අවධානයට ලක් කරමු. මේ ටිම්රාන් කීර්තිගේ ‘නිදහස සොයා’
‘විසිවසක් වැඩිමහල් කතක් සමඟ නව දිවියක් ඇරඹීම සඳහා ගමෙන් පිටව ගිය තරුණයෙක්’ කියන අදහස මෙහි නිමිත්ත ලෙස සටහන් වෙනවා.
‘පෙම්වතා ගල් ඉලන්දාරිය
පෙම්වතී මැදිවිය පැනපු හැඩකාරිය
ද`ඩුවැටෙන් දෙපස දෙන්නගේ වාසය
මදුමල් නැඟුණි අරා මයා රාජධානිය’
ජයසිරිගෙ සටහන මෙහෙමයි. ”කවියා පළමුව චරිතද්වය හඳුන්වා දෙන්නේ කතන්දරයක ස්වරූපයෙනි. පෙම්වතාගේ හැඩරුව වර්ණනා කරනු වෙනුවට ඔහු යොදාගන්නේ ‘ගල් ඉලන්දාරිය‘ යන රළු පරළු වචනයයි. එහෙත් ඉන් ධ්වනිත වන්නේ පෙම්වතාගේ ශක්තිවන්තභාවය හා කඩවසම්භාවයයි. පෙම්වතිය පිළිබඳ වර්ණනා කිසිවක් සඳහන් නොකරන කවියා ඇය මැදිවිය ඉක්මවූවද හැඩකාරියක් බව පවසයි.”
ජයසිරි මෙහෙම කවිය ග‍්‍රහණය කරගන්නවා. එහි තවත් තැනක තියෙනවා මෙහෙම.
‘කන්දේ හැදූ මන්දිරේ සඟවන්න බැරි විය
සනුහරේ නෑයින්ට කාරණේ හෙළි විය
හුදකලා කරදමා ගුප්ත මායා වාසය
තෙමුණු තටු බර වුණත් දෙන්නා ඈතට ඉගිලිණ’
ජයසිරි කියනවා, ”නිවසේ දී පන්ති කාමරයේ දී හෝ වෙනත් ඕනෑම ස්ථානයක දී වරදක් යැයි සම්මත යමක් යමකු අතින් සිදු වූ විට ඔහු/ඇය දැඩි අපහසුතාවට පත්වන්නේය. එවන් අවස්ථාවක දී ඔහු/ඇය අනෙක් පාර්ශ්වය විසින් හඳුන්වනු ලබන්නේ ‘දැන් නම් තෙමිච්ච කුකුළා වගේ’ හෝ ‘ඉන්න හැටි මීයා වගේ’ යනුවෙනි. මේ මොහොත වනවිට මේ පෙම්වත් යුවළට ද අත්ව ඇත්තේ එවැනි ඉරණමකි. එය පිළිබිඹු කරනු වස් කවියා ‘තෙමුණු තටු බර වුණත් දෙන්නා ඈතට ඉගිලිණ’ යනුවෙන් යෙදීම ඔහුගේ කවිකාරකම විශද කරවන්නකි.”
සමාජයේ අනෙක් අය දකින සීමාවට එහා දකින්න විචාරකයා සමත් වියයුතුයි. කවියන් අනාගතවාදීන් ලෙස සමාජ ප‍්‍රශ්න එහි සීමාව ඉක්මවා ග‍්‍රහණය කරගන්නවා.
මට මතකයි විමල් දිසානායකගේ කවියක්. එහි එක් තැනක තියෙනවා,
‘ ඕපදූප බස් අප ගැන
ගංවතුරක් මෙන් පැතිරෙත
එක යහනේ තුරුලූ වෙවී
අපි හිනැහෙමු ප‍්‍රිය සබැඳිය’
සාම්ප‍්‍රදායික ඇසින් බලනවා නම් කවියාගෙන් වගේම විචාරකයාගෙන් වැඩක් නෑ. සමහර විචාරකයන් ඉන්නවා සාම්ප‍්‍රදායික ලෙස හිතනවා. ඇන්ටන් චෙකොෆ්ගේ ‘බල්ලා කැටුව යන කාන්තාව’ කියන කෙටිකතාව යුරෝපයේ විචාරකයන් අතර මහත් දෝෂ දර්ශනයට ලක් වුණා. නමුත් විචාරය කියන්නෙ පුළුල් ලෙස කරන විමසීමක් මිස විචාරකයා පෞද්ගලික සීමාවේ සිට කළ යුතු අදහස් ප‍්‍රකාශ කිරීමක් නොවේ. සංස්කෘතික, සමාජයීය හා ආර්ථික වශයෙන් වඩා පුළුල් ලෙස විවරණය කිරීමට විචාරකයා සමත් වියයුතුයි.
අවසන් වශයෙන් සුහර්ණී ධර්මරත්න කිවිඳියගේ ‘කාගෙද මේ රතු කිකිළී’ කියන කවිය හා ජයසිරි තබන සටහන අවධානයට යොමු කරන්න මම කැමතියි.
‘කෙකර ගගා ඔමරි පාන
ගෙල දිගුකර පාර බලන
ගෝමර කිකිළියකි සොබන
පාර කෙළවරින් මතුවන’
මේ කවියෙන් ඉතාම අපූරු සෞන්දර්යයක් හා රිද්මයක් මතු කරනවා.
ජයසිරි මෙහි සටහන් කරනවා. ”මෙහි කිවිඳියගේ මනසෙහි තැන්පත්ව තිබුණු අදහස වචනයෙන් මුදා හල ද පාඨකයාගේ චිත්තාභ්‍යන්තරයේ සියුම් චිත්ත රූප පහළ වීම නිරායාසයෙන් සිදුවන්නකි”
අප දන්නවා සමහර දේවල් ස්පර්ශ කරන්න පුළුවන්. ස්පර්ශ කරන ගුණයක් මෙහි තියෙනවා. සමහර දේවල් කනට ඇසෙනවා වගේම සමහර දේවල් ස්පර්ශ කරන්න පුළුවන්.
‘නෙතු විල නිල් උපුල් සැලී
ළැම ඉසි ගෝමරින් දිලී
බසයට දිව යන කිකිළී
කාගෙද මේ රතු කිකිළී’
ජයසිරි කියනවා, ”පළමුවන කවියේ දී කථකයකු ඇති බව නොවැටහුණ ද දෙවන කව රසවිඳින විට කථකයා කවුද යන්න සහ කථකයා මේ සුරූපි ළඳ පිළිබඳ විමසිලිමත්වන බවට ඉඟි සපයයි..”
‘මගේ වෙලේ වී හිඟ නැති
මොනර කිරිල්ලියොත් රඟති
නුඹ වාගේ සැවුල් ලියක්
හීනෙන් වත් දැකලා නැති’
”කථකයා සිය වත්කම් ද උද්ධච්ඡුභාවය ද ඔහු කෙරෙහි කාන්තාවන් දක්වන උනන්දුව ද පිළිබිඹු කරන අතර ඔහුගේ නෙත ගැටෙන මෙම සුරූපිනිය ද අනෙක් ලියන් අතරින් සුවිශේෂීත්වයක් උසුලන බව ද ප‍්‍රකට කරයි. කෙතරම් සුරූපි ළඳුන් සමඟ තමන් සබඳතා පැවැත්වුවද මේ දකින ළඳ ද ඔහුට සුවිශේෂීය. කවියේ එක් එක් පදය සඳහා උපයෝගී කරගන්නා උපමා රූපකය තුළින් මතුවන රූපකාර්ථ කිවිඳියගේ නිර්මාණ ශක්‍යතාව විශද කිරීම තීව‍්‍ර කරයි.”
කථකයා කවුද? ඔහු සල්ලාල තරුණයෙක්. ඇය වැඩට යනවා වෙන්න ඇති. ඔහුට තරුණිය දකින විට ඇතිවන ශෘංගාරය මේ කවියෙන් ජනිත කරන්න කිවිඳිය සමත් වෙලා තිබෙනවා. කවිය අවසන් වෙන්නෙ මෙහෙමයි.
‘සාර සදිසි පෙති නෙලමින
යාය පුරා වී අහුලන
වාසනාව මට නොලැබුණ
කාරණාව හිත රිදවන’
මට මතක් වෙන්නෙ දස්කොන් ප‍්‍රමිලා පෙම් පුවත. ලිංගිකත්වයේ ආශාව මෙහි නිරූපණය කරනවා.
විචාරකයාගේ කාර්යභාරය වියයුතු සහෘදයා හෝ නිර්මාණය අතර පාලමක් ගොඩනැඟීමයි. කවුරුහරි කියන්න පුළුවන් ‘අපට මේව තේරෙනවා. ඇයි මේ විචාරයක්. වෙන කවුරුත් මේවා කියලා දෙන්න ඕන නෑ’ කියලා. නමුත් සමහර නිර්මාණවලදී විචාරක කාර්ය වැදගත් වෙනවා. අපට මතකයි අජිත් තිලකසේනගේ සාහිත්‍ය නිර්මාණවල සහ පතිරාජගෙ සිනමාවේ දී විචාරක කාර්ය වැදගත් වූ ආකාරය. ඒ විචාරක කාර්ය කිරීමට උත්සාහ කිරීමේදී ජයසිරි කොතැනටද යොමු වෙන්නෙ කියන කාරණා අවධානයට ගන්න මම කැමතියි.
එහෙන් මෙහෙන් අල්ලන්නෙ නැතිව සමස්තයක් වශයෙන් මේ විචාර සලකා බැලිය යුතුයි. භෞතිකවාදී විචාරයකදී සිදුවන දේ තමයි නිර්මාණකරුවන්ගේ නිර්මාණ විචාරය කරමින් එහි අඩුපාඩු පෙන්වා දෙමින් නිර්මාණකරුවන්ට නිවැරදි දිශාව පෙන්වීම. දැන් තෝල්සතෝයිගෙ, බල්සාක්ගෙ නිර්මාණ මාක්ස්වාදී නෙවෙයිනෙ. නමුත් ඒවාට ලෙනින්, ට්‍රොට්ස්කි වගේ චින්තකයන්ගෙන් විචාරයට ලක්වීමක් සිදුවුණා. සමාජවාදී සෝවියට් රාජ්‍යයේ සිදු කෙරුණු නිර්මාණ විචාරයට ලක් වුණා.
ඒ නිසා විචාරක කාර්ය තමයි නිර්මාණකරුවාගේ හා සහෘදයාගේ සම්බන්ධය ගොඩනැඟීම. නමුත් ලංකාවෙ නිර්මාණකරුවන්ට නිල විචාරකයන් කියන අයගෙන් එවැනි විචාරයන් ලැබුණෙ නෑ. සමහරවිට නිර්මාණ වඩා ඉහළින් ඔසවා තැබීමෙන් නිර්මාණකරුවන්ට හානියක් වුණා. පසුකාලයක දී ඒ විචාරකයන්ම ඒ ගැන පශ්චාත්තාපයට පත් වුණා. නිර්මාණකරුවන් නිර්මාණ ජීවිතයේ බොහෝ දුර්වල තැනකට පත් වුණා. ජයසිරි එහෙම දෙයක් නෙවෙයි කරන්නෙ. ජයසිරි අසුවෙන්නෙ බිම් මට්ටමෙන් කරන විචාරක කටයුත්තට. මේ යුගයට පුරවැසි විචාර කලාවක් අවශ්‍යයි. ජයසිරි වගේ අයගෙන් ඒ පුරවැසි විචාරක සම්ප‍්‍රදායක මතුවීමක් පෙන්නුම් කරනවා. ඒක මේ යුගයේ අවශ්‍යතාවක්.
මට මතකයි බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ලියූ කවියක කොටසක්. මේ පරිවර්තනය මහාචාර්ය සුචරිත ගම්ලත්ගෙ.
‘ඉහට වහලක් නැතත් – සොයා යව් විදුහල
ගත වෙවුලත සීතලෙන් – මොලවව් ඥානාග්නිය
සා පිපාසා පහරත – ගනිව් පොත සුරතට
එයයි තොප ආයුධය – උදුරා ගනිව් නායකත්වය’
ජයසිරි බොහෝ දුක් අනුභව කරමින් පෞද්ගලික දුෂ්කරතා මැද අනුන් වෙනුවෙන් ගත් මේ උත්සාහයත් ඒ වගේම තිඹිරියාගම බණ්ඩාර සහෘදයා ගෝලීයකරණය තුළ පරිභෝජනවාදී සමාජයක පෞද්ගලික අපේක්ෂා පසුපස හඹා යන ලෝකයක කරන මේ කාර්යය පැසසිය යුතුයි
පුරවැසි විචාර සම්ප‍්‍රදායක පෙරමඟ ලකුණු පෙනේ!
- තිස්ස නිහාල් වික‍්‍රමසිංහ
ජයසිරි අල්වත්තගේ ‘මකරන්ද කාව්‍ය විමංසා’ කෘතිය පිළිබඳ සහෘද
සම්භාෂණයක් පසුගිය දෙසැම්බර් 15 වැනිදා කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රාවනාගාරයේ දී
පැවැත්විණි. මේ එහිදී ‘කවිය: ලිවීම, කියවීම, රසවිඳීම’ යන මැයෙන් තිස්ස නිහාල්
වික‍්‍රමසිංහ විසින් කළ අදහස් දැක්වීමේ තෝරාගත් කොටස් ඇසුරින් සැකසුණු
ලිපියකි.අද දවසේ සිදුවන දෙය අතිශයින් වැදගත්. අප දන්නා ආකාරයට විචාරකයන් ලෙස මතුව පවතින්නේ ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනයක් ලද යම් සමාජ පසුබිමක් සහිත පුද්ගලයන්. විවිධාකාර නාමධාරීන් ඒ සඳහා එක් වුණා. ඒ අතර ජයසිරි වැනි අය මේ විචාර කලාවට ප‍්‍රවේශවීම අලූත් දෙයක්. කෙනෙක් කියන්න පුළුවන් විචාරය කියන්නෙ බරපතළ කාර්යයක් ජයසිරි වගේ අයට ඒවා කරන්න පුළුවන්ද කියලා. විචාරය කියන්නෙ යම් බරපතළ කාර්යයක් තමයි. ඒක සරල නෑ. අපට දේශපාලනයට අවතීර්ණ වන ආකාරයට කලාවට, කවියට අවතීර්ණ වෙන්න බෑ.

No comments:
Post a Comment