රුසියාව නවතම, Soyuz MS-17 මගින් මෙම ගගනගාමින් පිටත් වී ඇත්තේ කසකස්තානයෙ ගුවන්ගත කිරීමේ මධ්‍යස්තානයෙන් ය.මෙම තිදෙනා මාස හයක් උඩු ගුවනේ රැදෙනු ඇත.
Wednesday, October 14, 2020
පැය තුනෙන් අභ්‍යවකාශ මධ්‍යස්තානයට
රුසියාව නවතම, Soyuz MS-17 මගින් මෙම ගගනගාමින් පිටත් වී ඇත්තේ කසකස්තානයෙ ගුවන්ගත කිරීමේ මධ්‍යස්තානයෙන් ය.මෙම තිදෙනා මාස හයක් උඩු ගුවනේ රැදෙනු ඇත.
නඩු කියන්න බැරි හින්දා වැරැුද්ද පිළිගෙන, 20,000/- දඩ ගෙව්වා ආයෙත් එ්කට ඉඩ දෙන්න එපා.
ස්ත‍්‍රී දූෂකයින්ට මරණ දඬුවම දෙන්න බංග්ලාදේශය තීරණය කරයි.
Tuesday, October 13, 2020
අම්මා, තාත්තා, බාප්පා, තුන්දෙනාම ඇතුළේ්, මාවත් ඇතුළට දානවාලූ !!
Monday, October 12, 2020
කොරෝනාව පාලනය වුනත් ‘‘කුඩු’’ පාලනය කරන්න පු`ඵවන් වෙයි ද?
අන්තාරදායක ඖෂධ පාලකයින්ට අනුව, හෙරොයින්වලට ඇබ්බැහි වූවන් 97,000 කි. ”අයිස්” ගහන අය 20,000 ක් ලූ. ගංජා ගහන අය ලක්ෂ 4 ක් ලූ. ‘‘මාවා’’ කන අය, ‘‘ගුට්කා’’ හපන අය කොපමණද?
කොරෝනාව මෙන් නොවේ. දශක තුනකටත් වැඩි කාලයක් තිස්සේ මේ මත්ද්‍රව්‍යය උවදුර පාලනය කරනවා වෙනුවට කලේ එය විකුණගෙන කෑමය. තවත් ප‍්‍රචලිත කිරීමය.
යහපාලන කාලයේ මත්ද්‍රව්‍යය උවදුර මැඩලන්න කියා කරන ලද වයදම් ගණන් බලන්න හා මෙම ¥ෂිත ප‍්‍රචාරයන්ට සම්බන්ධ වූවන් ගැන සොයන්න වෙනම කොමිෂමක් දැමිය යුතුය.
මත්ද්‍රව්‍යය ජාවාරමට සෘජු සම්බන්ධ හා අනියම් ලෙස, වක‍්‍රාකාරව ලාභ ප‍්‍රයෝජන ලබන පිරිස සු`ඵපටු නොවේ. මෙම අදෘශ්‍යමාන පිරිස ඉහළයින්ය. වෘත්තිකයින්ය. උගතුන්ය. බුද්ධිමතුන්ය. ලොකු කුඩා වෙළඳුන්ය. දෙශපාලනය හසුරුවන සමාජයේ සෑම ක්ෂේත‍්‍රයකටම බලපෑම් කළ හැකි අයයි. දේශපාලකයින්ට ඇඟිලි දික් කළත් ඉහත පිරිස් ගැන කථා කරන්නේ නැත.
මෙම ජාවාරම පාළනය කරන්නට බැරි සෘජු සම්බන්ධතා ජාලය පවතින්නේ ‘‘අපරාධ යුක්ති ක‍්‍රියාදාමය’’ තුලය. හෙළිදරව් කරන්නේ නැත. එ් භිය නිසාය. නීතිමය රැුකවරණය තුළ ඔවුන් ක‍්‍රියාත්මක වන නිසාය.
අපට හමුවන්නේ, හෙරොයින් ඇතු`ඵ නානාප‍්‍රකාර මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවන්ය. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ය. අතර මැදියන්ය.
මොවුන් ගේ ජීවිත කථාන්දරය හෙළිකරන් නේ හොරොයින් ප‍්‍රමුඛ මත්ද්‍රව්‍යය ජාවාරමේ අලගිය වැලගිය තැන්ය. ඔවුන් ඇත්ත කථා කරති. ඔවුන්ගේ අති බහුතරයකට මේ වන විට නැතිවන්නට දෙයක් නැති තරමටම පිරිහිලාය. බැඳිම් මත ගැලවෙන්නට බැරි අය, ලිඳේ වැටුනු එකා මෙන් ලිං කටෙන්ම ගොඩ එන්න දඟලන අය හා රෝගිවු අය එ් අතර වෙති.
මාධ්‍යවලින් හෙළි කරන වැටලීම්, අත්අඩංගුවට ගැනීම් වලින්, මේ දක්වා හොයාගන්නා ලද හෙරොයින් ප‍්‍රමාණය කොමමණද? එ්වායේ දෘශ්‍ය බර හා ශුද්ධ බර කොපමණද? එම හෙරොයින් තිබෙන්නේ කාගේ බාරයේද? ඔවුන් කොපමණ කාලයක් බාරයේ තබා ගන්නවාද? විනාශ කරන්නේ කෙසෙද? යන්න පිළිබඳව හෙළිදරව් කළ යුතුව තිබේ. මන්ද විවෘත වෙළඳපොලේ මත්ද්‍රව්‍යය හිඟයක් පවතින බවක් වාර්තා නොවන නිසා.
මේ වන විට, රක්ෂිත බන්ධනාගාරගතව සිටින පිරස දහස් ගනණකි. වැඩි පිරිස ඇබ්බැහි වූවන්ය.
මේ අතර, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට විශාල වැයක් දරමින් සිටී. නමුත් එහි ප‍්‍රතිඵලය ගැන තක්සේරුවක් නැත. කන්දකාඩුවේ මාස 06 ක් ගත කර, පැමිණි අයත්, ටික දවසකින් යළිත් පසුවන්නේ, මත්ද්‍රව්‍යය සමගය.
මත්ද්‍රව්‍යයවලට සම්බන්ධ, අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් අපරාධ යුක්ති ක‍්‍රියාදාමය තුළ, මුහුණ දුන් හා මුහුණ දෙන අයුක්තිය පිළිබඳව කරන ලද පැමිණිලි හෙළිකරන යථාර්තය විමසුමට මග හෙළි කරයි.
කොරොනාව ජාත්‍යන්තර වසංගතයකි. ඉස්ලාම් මුලධර්ම වදය මත පදනම්වු ත‍්‍රස්තවාදය ජාත්‍යන්තර වසංගතයකි. බෙදුම්වාදි දේශපාලනය පදනම්වු ත‍්‍රස්තවාදය ජාත්‍යන්තර වසංගතයකි. මත්ද්‍රව්‍යය වසංගතය ද ජාත්‍යන්තරය.
කොරොනා මර්ධනය යේදි - අසාදිතයින් මුලික කරගත් පොකුරු සොයා ව්‍යාප්තිය වළක්වාලිමට රාජ්‍යය යන්ත‍්‍රයේ හස්තයන් යොදාගනි. කෙවිඞ් - 19 වෛරසයෙන් ලාභ අසිමිත ප‍්‍රයෝජන ලබන්නාවු හෝ බොදාහරින හෝ කොටස් මෙම හස්තයන්ට ඇතුලත් නැත.
මත්ද්‍රව්‍යය මර්දනයට යොදා ගන්නා රාජ්‍යය යන්ත‍්‍රයේ හස්තයන් සියල්ලේම අභ්‍යන්තරයේ සෘජුව හෝ අනියම්ව, දේශිය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ සම්බන්ධ කොටස් සේවය කරති.
අල්තාරය ගිනි තබා විනාශ කර දමයි.
පසුගියදා, ඇමරිකා එක්සත් ජනපදයේ, ලූසියානා ප‍්‍රාන්තයේ, නිව් ඔරිලියන් නගරයේ, ශාන්ත පීතර් හා පාවුල් කතෝලික දේවස්ථානයේ කාන්තාවන් දෙදෙනෙකු, එම දේවස්ථානය බාර 37 හැවිරිදි පූජකවරයා සමග අල්තාරය මත, ලිංගිකව හැසිරීම, වාර්තා වීම සමග, එම දේවස්ථානය අයත් දියෝකිසියා වේ අග රදගුරු හිමි විසින්, අපවිත‍්‍ර වූ අල්තාරය ගිනි තබා විනාශ කර දමා ඇත.
එරට පොලීසිය පූජකයාව හා එම ස්ත‍්‍රින් දෙන්නාව අත්අඩංගුවට ගෙන තිබේ.
ඕනර් ව අල්ලා අතහැරියා, STF එක මගේ පස්සෙන් පන්නවා.
කොරෝනාවෙන් ශ‍්‍රී ලංකාව 133 වන තැනට.
බ‍්‍රැන්ඩික්ස් පොකුර සමග අද වන විට අප රටේ කොවිඞ් 19 අසාදිතයින් ගේ සංඛ්‍යාව 4752 ක් ව පැවතින. එය මොහොතින් මොහොත වැඩිවේ.
සුව වූවන්ගේ සංඛ්‍යාව 3307 ක් ව පවතින අතර, මිය ගිය ගණන 13 කි.
ලෝකයේ රටවල් හා සැසඳීමේදී, කොරෝනා ආසාදිත සංඛ්‍යාව අනුව, ශ‍්‍රී ලංකාව පසුවන්නේ 132 වන ස්ථානයේය.
තමවත් පළමු තැන ගෙන ඇත්තේ අමරිකාවයි. එය ඊයේට 7,991,998 කි. මරණ සංඛ්‍යාව 219,695 කි. සුවවූවන් ගේ ගණන 5,128,162 කි.
මරණ අනුපාතය ගත් විට, ඇමෙෙරිකාව සිව්වන තැන සිටී. එය 2.71්%. මරණ අනුපාතය වැඩම රට කොළොම්බියාව වන අතර, එය 3.06% කි. සමස්ථ ලෝකය ගත් විට මරණ අනුපාතය 2.88% කි. රුසියාව 1.75% ක් වන අතර, ඉන්දියාව 1.54% කි. ශ‍්‍රී ලංකාව 0.28% කි.
සුව වූවන්ගේ අනුපාතය ගත් විට, ඉදිරියෙන්ම සිටින්නේ බ‍්‍රසීලයයි. එය 87.47% කි. ඉන්දියාවේ 86.17% කි. රුසියාවේ 79.08% කි. ශ‍්‍රී ලංකාවේ 71.43% ක් වන අතර, ඇමරිකාවේ 64.06% කි. සමස්ථ ලෝකය ගත් කළ 75.03% ක් සුව වේ.
ඊයේ වන විට, ලෝකය පුරා සිටින ආසාදිත සංඛ්‍යාව 37,756,558 කි. එය දිනෙන් දින වැඩි වේ. 1,077,507 ක් මේ වන විට මිය ගොස් ඇත.
ලෝක වසංගතයක් වන කොවිඞ් 19 ව්‍යාප්තිය, පාලනය, සුව කිරීම පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් පවතින තත්ත්වය හා අප රටේ තත්ත්වය පිළිබඳව යම් අදහසක් මේ මගින් ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.
Friday, October 9, 2020
රු: 550,000/- ක වන්දිය අවුරුදු 4 කට පසු ලැබෙයි.
Wednesday, October 7, 2020
අවජාතක දරුවෙකු කරන්න ඉඩ දෙන්න එපා.
Tuesday, October 6, 2020
කුඩු බොන එක නැවත්වීම පොලීසියට ප‍්‍රශ්ණයක් වෙලා !
lockdown නීති උල්ලංඝණය කරන ලද ගැබණි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට
ඔස්ටේ‍්‍රලියාවේ විකිටොරියා ප‍්‍රාන්තායේ ‘ලොක්ඩවුන්’ නීති උල්ලංඝණය කරන ලද ගැබණි කාන්තාවක් ව එරට පොලිසිය අත්අඩංගුවට ගන්නා ආකාරය.
විකිටොරියා ප‍්‍රාන්තායේ නව කොවිඞ් -19 ආසාදියින් 9 කු හමුවිම සමග එරට වෙරළ තිර වසා දමා ඇත. මේ වනවිට මුළු රොගි සංඛ්‍යාව 27,136. සුව පත්වු ගණන 24,866. මරණ 894.
බබ්රි මස්ජිඞ් බිමට සමතලා කිරීම 28 වසරකට පසුව BJP නායකයින් නිදහස් කරයි.
හින්දුන් විසින්, රාමා උපන් ස්ථානය ලෙසට සැලකෙන මෙම, මුස්ලිම් දේවස්ථානය ඉදිකරන ලද භූමිය සදහා 16 වන සියවසේ සිට, දෙපාර්ශවය අතර ‘‘උරුමය’’ සඳහා පැවති අරගලය 1992 දෙසැම්බර් 06 වන දින, නිමාවට පත්වුනේ, බබ්රි මස්ජිඞ් (මුස්ලිම් පල්ලිය) ලෙසට හැඳින්වූ දැවැන්ත ඉදිකිරීම හින්දු කැරළිකරුවන් විසින් බිමට සමතලා කර දැමිමෙන් ය. මෙම ගැටුමෙන් මියගිය ගණන 2000 කට වැඩි බව වාර්තා වින.
මෙය, භාරතීය ජනතා පක්ෂයේ එවක නායකයින්ගේ උසි ගැන්වීම මත සිදුවූ බවට මුස්ලිම්වරුන් චෝදනා කලහ.
මෙම සිද්ධිය අදාළව දීර්ඝ විමර්ශන වලින් අනතුරුව, භාරතීය ජනතා පක්ෂයේ නායකයින් වූ අදිවානී, ජෝෂි හා උමා භාගිනි ඇතුලූ 50කට ට එරෙහිව චෝදනා එල්ල වින. ඒ හා අදාළ නඩු විභාගය පසුගියදා අවසන් වූයේ ජිවත්ව සිටි චූදිතයින් සියල්ල නිදහස් කිරීමෙන්ය.
මෙම නඩු විභාගය 28 වසරක් පුරා, පැවති අතර, අයෝධ්‍යා භූමියේ අයිතිය පිළිබඳව පැවති නීතිමය අරගලය ගිය වසරේ නිමාවිය. ඒ මෙම භූමියේ අයිතිය, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන්, හින්දුන් ට පවරනු ලැබීමෙන්ය.
එම භූමියේ හින්දු කෝවිලක් ඉදි කිරීම ආරම්භ කර ඇත. එයට මුල්ගල තැබුවේ අගමැති මෝදිය.
ඉන්දීය අධිකරණය විසින් දෙන ලද මෙම තීන්දුව මුස්ලිම්වරුන්ගේ නොසතුටට මෙන්ම භියට ද හේතුවී ඇති බව වාර්තා වේ.
ඉන්දීය නව පුරවැසි පනත මගින්, මුස්ලිම්වරුන් විශාල සංඛ්‍යාවක් රටක් නැති පුද්ගලයින් බවට පත්වනු ඇත.
Thursday, October 1, 2020
ඇමරිකාවේ කතෝලික දේවස්ථානවලට එල්ල වන ප්‍රහාරයන් වැඩි වී තිබේ.
මෙම මස 26 කැලිෆෝනියාවේ දේවස්ථානයක බිත්ති පුරා ස්ප්‍රේ තින්ත වලින් කුරුටුගා තිබුනේ "සුදු බලය" "black life matter" ස්වස්තික ආදී සටන් පාඨ පින්තාරු කිරීමෙන් හා උඩු යටිකුරු කරන ලද කුරුස වලින්ය. පසුගිය මාස කිහිපය තුළ ඇමරිකාව පුරා දේවස්ථාන වල ජේසුස් වහන්සේගේ හා කන්‍යා මරියතුමියගේ පිළිරැ රැසක් විනාශ කර ඇති බවට ද වාර්තා විය. ලක්ෂයකට ආසන්න බැතිමතුන් සිටින මෙම කතෝලික දේවස්ථානයේ මූලස්ථානය නුවර පිහිටා ඇති බවද කියැවේ.
Monday, September 28, 2020
බොරිස් ජොන්සන්ගේ කොරෝනා පාලන නීතිය වලින් මරණ වැඩි වේවි.
ඉස්ලාම් ත්‍රස්තවාදියෙකු මස් කපන පිහියකින් ප්‍රංශ ජාතිකයින්ට කොටයි..
Wednesday, September 23, 2020
බාබඩෝස් රාජ්‍යය රැජිනව පන්නා දමයි.
ඉතා කුඩා කැරේබියන් රාජ්‍යයක් වන, බාබඩෝස් 1966 දී, බි‍්‍රතාන්‍යය පාලනයෙන් නිදහස් වුවද, පොදු රාජ්‍යය මාණ්ඩලීය රටක් වශයෙන් හා රාජ්‍යය නායිකාව වශයෙන් රැජිනව තබා ගන්නා ලදි.
2021, 55 වන නිදහස් සැමරුමේදී, බි‍්‍රතාන්‍යය යටත් විජිතයෙන්, පූර්ණව ඉවත් වීමට බාබඩෝස් රාජ්‍යය තීරණය කර ඇත. 15 වන සියවසයේ සිට, ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ හා බි‍්‍රතාන්‍යයේ යටත් විජිත වශයෙන් පැවැති මෙම රාජ්‍යයේ මේ වන විට, ජනගහනය 290,000 ක් පමණ වන අතර, මුඵ ප‍්‍රමාණය වර්ග කි.මී. 499 කි.
මුල් යුගයේ, වහල් වෙළඳාම සඳහා භාවිතා කළ මෙම කුඩා රාජ්‍යය, වර්තමානයේ, ජනතාව ඔවුන්ගෙන් පැවැත එන්නන්ගෙන් සමන්විත වේ. ඇෆ්‍රෝ බාබඩියන්ස් ලෙසට හැඳින්වෙන අතර, භාෂාව බජාන් වේ. එහෙත් රාජ්‍යය භාෂිව ඉංග‍්‍රීසිය.
ස්වාධීනත්වය නැති වීම ගැන දුකට පත්ව, අඬන ජාත්‍යන්තරය ගැන
Wednesday, September 16, 2020
පුරන්වූ කුඹුරු අක්කර 100 ක්, කසිප්පු පෙරීමට යොදාගෙන
වසර 50 ක පමණ කාලයක සිට, පුරන්ව ඇති මෙම කුඹුරු, වෙල් ආතා වලින් පිරි කැලෑවක් බවට පත්ව තිබේ. අයිතිකරුවන් ඇති නැති ගානය. සරුවට කරගෙන යන කසිප්පු පෙරීම නැවැත්වීමට පසුගියදා, එම ප‍්‍රදේශයට ගිය, වාද්දුව පොලීසියේ කණ්ඩායමට බැරල් 8 ක් හමුව ඇත.
ඒ අසල, ¥ව, පවත්වාගෙන යන රුවන්ට පොලීසිය එන්න කියා, එම බැරල් බාරගන්න ලෙස ඉල්ලා ඇත. ඔහු ප‍්‍රතික්ෂේප කළ විට, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, ගෝඩා ඩ‍්‍රෑම් ලක්ෂයක් තිබූ බවට චෝදනා කරමින්ය.
අනුන්ගේ බඩු බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළ රුවන්, චෝදනාවලට නිවැරදිකරු බව කීම නිසා ඇප මත මුදා හැරීමට අධිකරණය පියවර ගෙන ඇත.
රුවන් පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
නීති විරෝධී මත්පැන් ජාවාරම වැළැක්වීමේ මුවාවෙන් - බොරු නඩු දැමීම.
2020.09.14 දිනදීය.
2020.09.03 වන දින, සවස 4.00 ට පමණ, මට දුරකථනයෙන්, මිරිහාන පොලිසියෙන් කියා ඇමතුමක් ලැබුනා. ඒ අවස්ථාවේ මා සිටියේ මොරටුවේ හයර් එකක. මට කිව්වා යතුරු පැදියක් පිළිබ`දව තොරතුරු අවශ්‍යව තියෙනවා, නිවසට එන ලෙසට කියා සිටියා. ඒ අනුව මා පැය බාගයකින් පමණ නිවසට ගියා. කිසිවෙක් සිිටියේ නැහැ. නිවැසියන් කිව්වා පස්සේ එන්නම් කියා ගිය බව. ටික වේලාවකින් නැවත දුරකථනයෙන් කතා කර මට වත්තට එන්න කිව්වා.
නිවසේ සිට කි.මී.1 දුරින්, මට අයත් අක්කර 8 විශාල වෙලක් තියෙනවා. මා එහි ගියා. යනවිට වාද්දුව පොලිසියේ පස් දෙනෙක් හිටියා. ඔවුන්, බැරල් 4ක් වත්තට දාලා තිබුනා. එහි නිලධාරියෙක්, උඹගේ නේද මේවා කියමින්, මට අපහාසාත්මකව හා තර්ජණාත්මකව නොකල වරදක් මා පිට පටවන්න උත්සාහ කලා. මා ඔවුන්ගේ චෝදනා ප‍්‍රතික්ෂේප කලා. ඔවුන් මාව අත්අඩංගුවට ගත්තා. මටම කියා ලොරියක් ගෙන්වා ගත්තා. එයට බැරල් පැටෙව්වා.
මාව ඔවුන් පැමිණි යතුරු පැදියක් තියාගෙන ආවා. මාව කූඩුවට දැම්මා.
පසුදින 2020.09.04 දින දහවල් 12 ට පමණ, මාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. වාද්දුව පොලිසිය ගරු අධිකරණයට කියා සිටියා, බැරල් 06 ක් සමග ගෝඩා ග‍්‍රෑම්ස් දශලක්ෂ ගණනක් සමග මාව අත්අඩංගුවට ගත්තා කියා.
ගරු අධිකරණය මගෙන් වැරැුද්ද පිළිගන්නවාද කියා ඇසුවා. මා වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥ විජේපාල මහතා, චෝදනා ප‍්‍රතික්ෂේප කලා. රු: 10,000/=ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදාහැරියා. නඩු අංකය 77795 වන අතර, මීළ`ග නඩු දිනය 2021 ජනවාරි 10 බව ප‍්‍රකාශ කලා.
මාගේ අක්කර 8ක් විශාල ඉඩමේ මැද කොටසේ ¥වක් තියෙනවා. වටේ වෙළ. එයට පිටින් එන්න විදිහක් නැහැ. එහි කිසිවකු නීති විරෝධී මත්පැන් පෙරීම සිදු කරන්නේ නැහැ. නමුත් එයින් පිට, වසර 50 සිට, පුරන් වීමට අතහැර ඇති ,වෙල් අත වැවුණු, අක්කර 100 පමණ කැලයේ නීති විරෝධී මත් පැන් පෙරීම සිදු කරනවා. එය කරන්නේ කවුද කියා දන්නේ නැහැ.
මාගේ ඉඩමට (¥වට* පොලිිසිය බැරල් ගෙන ආවා. මට වගකීම බාරගන්න යයි කරන ලද ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම හා ඔවුන් හා මා තර්ක කල නිසා, මෙම බොරු නඩුව දැමූ බව ප‍්‍රකාශ කරමි.
නීති විරෝධී මත් ද්‍රව්‍ය මැඩ පැවැත්වීමට ගන්නා පියවර උපයෝගී කරගෙන, බොරු නඩු දැමීම මගින් - නීත්‍යානුකූල ජීවිතයක් ගත කරන මා පීඩාවට පත් කිරීම මගින් සිදු කරන්නේ, ඇත්ත වශයෙන් මෙම නීති විරෝධී ක‍්‍රියාවන් සම්බන්ධ පුද්ගලයින්ට නිදහස ලබා දීමය.
මෙම බොරු නඩුව පැවරීම ගැන විධිමත්ව පරීක්ෂණයක් කර, මාගේ නිර්දෝෂී බාවය තහවුරු කරන ලෙස ඉල්ලමි.
මෙයට,
රුවන්
Monday, September 14, 2020
කුඩු ජාවාරම කරන්නේ ගම් බට්ටගේ මස්සිනා, බොන්න පුරුදු වූ අයට හයිකෝට් දානවා.
ඔහු පුහුණු කම්කරුවෙක්, කරන්නේ සුවිශේෂ දක්ෂතා තිබිය යුතු අසීරු භයානක රැුකියාවක්.
මොහු මීට වසර 4 කට පමණ පෙර සිට, මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිව තිබේ. එක් දරු පියෙක් වන මොහු, පවුලේ අට දෙනෙකු නඩත්තු කරන්නෙක්.
බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 26 හැවරිදි මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව හා සිල්ලරට විකුණූ බව පොලීසියට රහසක් නොවීය.
වරක් අත්අඩංගුවට ගෙන, ”කුඩු” ආදේශ කර පවරන ලද නඩුවට වරදකරු බව පිළිගෙන රු: 10,000/- දඩයක් ගෙවා තිබේ.
වත්මන, මත්ද්‍රව්‍යය මර්දන වැඩ පිළිවෙල යටතේ, ප‍්‍රදේශයේ ප‍්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවෙකු වූ, කාවින්ද නැමැත්තා අත්අඩංගුවට ගන්නේ විශේෂ කාර්ය බලකාය විසින්ය.
මේ අතර, මතට ඇබ්බැහි වූවන්, මොහුට නිරන්තරයෙන් බලකර සිටින්නේ පොලීසියට බය නොවී, ‘‘කුඩු’’ ගෙනත් දෙන ලෙසටය. ඔහුගෙන් කුඩු ඉල්ලන්නන් පිළිබඳව, බණ්ඩාරගම පොලීසියේ, ඔහුව ඇසුරු කරන නිලධාරියාට, දැනුම් දුන් විට, ඔහු පවසන්නේ, දැඟලූවොත් හයිකෝට් එකක් දානවා යැයි කියාය.
මොහු මේ වන විට, කුඩු වෙනුවට ඖෂධ ලබාගෙන භාවිතා කරයි. එ් ”සික්” එක මර්දනය කර ගන්නටය. එ් සඳහා සතියකට රුපියල් දස දහසක් පමණ වැය කරන්නට සිදුවෙනවාලූ.
තවමත් කුඩු ජාවාරම පවතින බව පවසන, මොහු දැනට බණ්ඩාරගම ප‍්‍රධාන අලෙවිකරු බවට පත්ව සිටින්නේ සනත් නැමති බණ්ඩාරගම පොලීසියට අනුයුක්ත ගම්බට්ටෙකුගේ මස්සිනා කෙනෙක් බව කියා සිටී.
මොහු මෑතකදී සියලූ තොරතුරු ආරක්ෂක ලේකම්ට දැනුම් දී ඇත. තම ”රහස්‍යය භාවය” හා තම ආරක්ෂා කරන ලෙසට ද ඔහු අරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා තිබේ.
Saturday, September 12, 2020
ප‍්‍රථම කැනඩා අගමැතිගේ බෙල්ල කඩා දමයි.
පොල් කඩන්නෙක් අල්ලාගෙන, පොල් කඩා, කසිප්පු බාගයක් දීලා ගෙදර යවයි. ගල්කිස්ස පොලීසියේ කුඩු මර්දනයේ රඟ.
Friday, September 11, 2020
”තැඹිලි” සමග කුඩු ජාවාරම් කරන්නෙකු පොලීසිය පාවිච්චි කරයි. දැන් පුතා හා ලේලි, රිමාන්ඞ් එකේ
Saturday, September 5, 2020
තංගල්ල පැරණි බන්ධනාගාරය රැඳවුම් මධ්‍යස්ථානයක් බවට හරවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් රඳවා තැබීමේ ස්ථානයක් ලෙසට තංගල්ල පැරණි බන්ධනාගාරය නම් කර තිබේ.
2020.09.04 වන දින, ගැසට් නිවේදනය මගින් මෙය සිදුකර තිබේ.
අඟුණකොලපැලැස්ස නව බන්ධනාගාරය ඉදි කිරීමෙන් පසු තංගල්ල බන්ධනාගාරය, නාවික හමුදාව බාරයට පත් කරන ලද්දේ 2019 ඔක්තෝබර් 19 වන දිනය.
Friday, September 4, 2020
අධිකරණයට අපහාස කළ නීතිඥයාට දඩය : රු:2.55 යි.
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හා විනිසුරුවරුන්, විවේචනය කළ ප‍්‍රමුඛ පෙළේ නීතිඥයෙකු වන ප‍්‍රශාන්ට් බූෂාන් (අවු: 65) සාපරාධී අපහාස කිරීමට වරදකරු කරන ලද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ඉන්දීය රුපියලක දඩයක් නියම කළේය. එම මුදල නොගෙවන්නේ නම් හය මසක සිර දඬුවමක් විඳීමට සිදුවනු ඇත.
තමා තීන්දව අනුව කි‍්‍රයාකරන බව ප‍්‍රකාශ කර ඇති ප‍්‍රශන්ට් බුෂාන්ත් විවේචනය කිරීම නොනවත්වන බව කියා ඇත.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, එරට දැඩි විවේචනයට ලක්ව තිබේ. අධිකරනය විවේචනය කිරීම, නිදහස් ප‍්‍රකාශනයට අයත් වූවක් බවද ඔහු වැඩිදුරටත් කියා ඇත.
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...

























