Wednesday, October 14, 2020

නඩු කියන්න බැරි හින්දා වැරැුද්ද පිළිගෙන, 20,000/- දඩ ගෙව්වා ආයෙත් එ්කට ඉඩ දෙන්න එපා.


හු රුවන්පුරයේ පදිංචිකරුවෙක්. තිදරු පියෙක්. රැකියාව විවිධයි. බිරිඳ රජයේ සේවිකාවක්.

අරක්කු බොන බව හා ගංජා ගහන බව පිළිගත්නා ඔහු, අත්හදා බලන්න හෙරොයින් ඇතු`ඵ විවිධ මත්ද්‍රව්‍යය භාවිතා භාවිතා කරන ලද බව කියා සිටිනවා. ඔහු ඇසුරු කරන්නේ මත්ද්‍රව්‍යය භාවිතා කරන අය.

වරක් මහ මගදී ද, තවත් වරක් ගෙදරදී ද, අත්අඩංගුවට පත්වන ඔහුට පොලීසිය කරලා තියෙන්නේ  මි.ග‍්‍රෑ. 20 හෙරොය්න පැකට් දෙකක් ළඟ තබා ගත්තා යන චෝදනාව නගා උසාවියට දාන එක.

ඒ දෙපාරම වරද පිළිගන්නා ඔහුට, රු: 20,000/- ක් දඩ වශයෙන් ගෙවා, නිදහස් වෙනවා.

දෙවන වාරයේදී, ඔහුට පෙර වැරැද්දක් තියෙන බවට, උසාවියට නොදන්වා සිටින්න තරම් පොලීසීය කාරුණික වෙනවා.

මත්ද්‍රව්‍යය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම යටතේ, පෙර වැරදිකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගෙන, ”හයිකෝට්” දැමීමට පොලීසිය කි‍්‍රයා කරනවා. එ් මාස හයක් හතක් සැනසිල්ලේ සිටින්නට වෙන්නට ඇත.

ඔහු වැඩදුරටත් කියා සිටිනවා, මාස තුනක පමණ සිට, මත්ද්‍රව්‍යය වලින් මිදී සිටීමට, වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගන්නා බව.

ඔහු, බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, පෙර වැරදි තිබුන පළියට, අත්අඩංගුවට ගෙන බොරු නඩු දාන්න එපා කියා.

ඔහු සියල විස්තර ලිඛිතව, පොලිස්ලතිට හා මානව හිමිකම් කොමිෂමට ලබා දී තිබෙනවා. ඒ ආරක්ෂාව සඳහා.  සාර්ථකව මත්ද්‍රව්‍යය උවදුර මැඩලීම සදහා..

 


 

No comments:

Post a Comment