Saturday, October 24, 2020

බ්‍රිතාන්‍යයේ පවත්වාගෙන යන දෙමළ ඊලාම් පරජාතීය ආණ්ඩුවේ ඉල්ලීමට එල්ටීටීඊ තහනම ඉවත් කරන ලෙසට බොරිස් ජොන්සන් ආණ්ඩුවට එරට විනිශ්චය සභාවක් නියෝග කර තිබේ.

 

  බ්‍රිතාන්‍යයේ පවත්වාගෙන යන දෙමළ ඊළාම් පර-ජාතිය ආණ්ඩුව (Transnational Government of Tamil Eelam TGTE- ) විසින් එරට ත්‍රස්තවාදී නීති යටතේ පිහිටුවා තිබෙන අභියාචනා විනිශ්ච සභාවක් (Proscribed Organisations Appeal Commission -POAC) ඉදිරියේ එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට නම්කර පණවා තිබූ තහනම ඉවත් කරන ලෙසට ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කළේ  2019 වසරේය. එහි තීන්දුව සැප්තැම්බර් 21 ප්‍රකාශයට පත්කරමින් කියා තිබෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් එල්ටීටීඊ තහනම් කිරීමට ගන්නා ලද තීරණය නීතියට පටහැනි බවයි.  

දෙමළ ඊළාම් පර-ජාතිය ආණ්ඩුව (Transnational Government of Tamil Eelam (TGTE) ) වෙනුවෙන් නඩු පවරා ඇත්තේ මහාචාර්ය මේට්‍රික්ස් නැමැත්තෙකි.

 එම නිසා වහාම එම තහනම ඉවත් කරන්නැයි බොරිස් ජන්සන් ගේ ආණ්ඩුවට නියම කරනු ලැබ තිබේ. බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරින් විසින් පවත්වාගෙන යන දෙමළ ඊළාම් පර ජාතිය ආණ්ඩුව (TGTE)  විසින් පවරා තිබූ මෙම නඩුවේ විභාගය පවත්වන  අවස්ථාවේදී මෙරට එල්ටීටීඊ සංවිධානයේ හදිසි හස්තනය වු දේශපාලන පක්ෂ වල ප්‍රමුඛ පෙළේ නීතිඥයන් හා සිවිල් සංවිධාන  ක්‍රියාකාරීන් එක්ව සිටි බවද වාර්තා වේ.

මෙම නියෝග මත බොරිස් ජන්සන් ගේ ආණ්ඩුව එල්ටීටීඊ තහනම් ඉවත් කළ විට එංගලන්තය පුරා විසිර සිටින එල්ටීටීඊ ක්‍රියාකාරීන්ට රිසිසේ සංවිධානය ගොඩ නගා එරට පවත්වාගෙන යන එල්ටීටීඊ දෙමළ ඊළාම් පර ජාතිය ආණ්ඩුව පිළිගන්නා ලෙසට බ්‍රිකාන්‍යය ප්‍රමුඛ යුරොපා රටවලට හා එක්සත් ජාතින්ට බලපැම් කර - සන්නද්ධ වීමට පියවර ගනු ඇත.  

 


No comments:

Post a Comment