Wednesday, October 7, 2020

අවජාතක දරුවෙකු කරන්න ඉඩ දෙන්න එපා.


ඇය 39 හැවිරිදි ඇඟඵම් සේවිකාවක්. අසල්වැසි කාන්තාවක් ගේන මංගල යෝජනාවට එකඟව, ආදරය කරන්න පටන් ගන්නවා.

දැන් ඇය ගැබිනියක්. ඉස්පිරිතාලෙට ”පියා” කියන එකා එන්නේ නෑ. සාත්තු සේවිකාවෝ කියනවා බඬේ ඉන්නේ අවජාතකයෙක් කියලා.

කාන්තා පොලිස් නිලධාරිණියට අත දාන්න බැරිලූ.  ගමේ ඉන්න  ඕනි නිසාලූ. ඇය, පොලිස්පති, ආරක්ෂක ලේකම්, පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට, කඵතර, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීට හා තෙබුවන පොලීසියේ ස්ථානාධිපතිට කරන ලද ලිඛිත පැමිණිල්ල කියවන්න.

ලිඛිත පැමිණිල්ල
විවාහ වන බට පොරොන්දු දී රවටා දුෂණය කිරිම.


2019 දෙසැම්බර් මාසයේ 15 වන දින හෝ ආසන්න දිනයක, එනම් මා, ප.ව. 1.30 වැඩ මුරයේ වැඩ කළ දිනයක, ප‍්‍රියන්ත නැමති අය, උදේ 9.40 ට පමණ, මාව, මතුගම බස් නැවතුම්පොලේ වැඩට යන්න ඉන්න කොට, යතුරුපැදියෙන් පැමිණ, පයාගල ප‍්‍රදේශයේ නිවසකට රැුගෙන ගියා. එම නිවස ඔහුගේ යාලූවෙකුගේ බව කිව්වා. රැුගෙන ගියේ ඔහුගේ දෙමාපියන්ට මාව අ`දුරලා දෙන්න කියා. 

එම නිවසේ ඔහුගේ මිතුරා හා බිරිඳ හිටියා. ඔවුන්ගේ නිවසේ කාමරයකට මාව, අඬගහගෙන ගියා. එහිදී, ඔහු මාව, විවාහ කරගන්නා බවට දිව්රා පොරොන්දු වෙමින්, මා සමග අඹු සැමියන් වශයෙන් හැසිරුනා. දහවල් 12.00 වන තුරු එහි සිටියා. 

ඉන්පසුව, ඔහු මාව, නැවත, මා වැඩකරන, ------- කර්මාන්ත ශාලාවට ගෙන ගියා. මා එදින, ප.ව. 1.30 ට ආරම්භ වන වැඩමුරයේ  වැඩ කළා.

ඉන්පසුව, ඔහු මා, මුණගැසීමට නොපැමිණියද, දුරකථනයෙන් කථා කළා. මා ඔහුට දරුවා ලැබෙන්නට එන බව දැණුම් දුන්නා. 

2020.06.24 වන දින, මා, රෝහලට ඉදිරිපත් වුනා. එදින මා ඔහුට, රෝහලට පැමිණ සිටින බව දුරකථනයෙන් කිව්වා. ඔහු එන බව කිව්වා. මේ දිනයෙන් පසුව ඔහුගේ දුරකථනයෙන් ප‍්‍රතිචාර දක්වන්නේ නැත. මට දරුවා ලැබෙන්නට දින  ලබාදී ඇත්තේ 2020.10.23 වේ.

2020.08.25 දින මා, සායනයට ගිය අවස්ථාවේ, දරුවාගේ පියා ගැන විස්තර ඇසුවා. මා විස්තර කිව්වා. එවිට, පොලීසියේ පැමිණිල්ලක් දමන ලෙසට, මාගේ මවට, වෛද්‍යතුමිය උපදෙස් දුන්නා. එ් අනුව, මාගේ මව, පැමිණිල්ලක් කළා. පැමිණිලි අංකය: -------- වේ. සටහන් කර ගන්නා ලද්දේ, තෙබුවන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ----- නැමති නිලධාරණියයි. 

එම පැමිණිල්ලට අනුව, මාව,් ප‍්‍රියන්ත ට, සම්බන්ධ කළ, ඔහුගේ අක්කා වන, ප‍්‍රියංගිකා ව පොලීසියට ගෙන්නුවා. ඇයගේ සම්පුර්ණ නම --------ප‍්‍රියංගිකා බව මා දැනගත්තේ පොලීසියේදි. ඇයගේ පදිංචිය, -----------ය. පොලීසියේදී ඇයට,  නිලධාරීණිය හා සැරයන්  උපදෙස් දී තිබුනා, ඇගේ සොහොයුරා බව කියන ප‍්‍රියන්ත    ගේ ලිපිනය සොයා දැනුම් දෙන ලෙසට. පොලීසියේදී, ඇය ප‍්‍රකාශ කර තිබුනා එම තොරතුරු ලබාදෙන බව. නමුත් අද දින දක්වාම කිසිදු තොරතුරක් ලබාදී නැත. මෙම පැමිණිලි විභාගයේදී, සිදුවූ විශේෂ සිදුවීමක් සඳහන් කරමි. පැමිණිලි විභාගයේදී චම්පිකා නිලධාරිණිය ප‍්‍රකාශ කර තිබුණා, ඇයට මෙම පැමිණිල්ලට මැදිහත්වීමට නොහැකි බව. එයට හේතුව වශයෙන් ඇය කියා තිබුනේ, **** ප‍්‍රියංගිකා, එම නිලධාරිණියගේ අසල්වැසියෙකු නිසා බවය.

මාව, විවාහ කරගන්නා බවට පොරොන්දු ලබාදී, රැුගෙන ගොස්, මාව පොළඹවා,  ප‍්‍රියන්ත මාව, දූෂණය කරන ලද බව ප‍්‍රකාශ කරමි.

එහි ප‍්‍රතිඵලයෙන්, මා හට දරුවෙකු ලැබෙන්නට ආසන්නව සිටී. මෙම ස්ත‍්‍රී  දූෂණය, ප‍්‍රියංගිකා, සම්පූර්ණ සහයෝගය ලබාදී ඇත. කුමන්ත‍්‍රණය කර ඇත.

2010 සැප්තැම්බර් මස, පෝය දිනක, ප‍්‍රියන්ත , අපගේ නිවසට එක්කගෙන ආවා. ඇය, ඔහුව මට හා නිවැසියන්ට තම සොහොයුරා බවට හඳුන්වාදී, මංගල යෝජනාව ඉදිරිපත් කළා.

එයින් පසුව, විටින් විට, ප‍්‍රියංගිකා, අප නිවසට පැමිණ, මංගල යෝජනාවට එකඟ වන ලෙසට, විවිධ කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියා. 

එ අතර ප‍්‍රියන්ත , මා සමග දුරකථනයෙන් සම්බන්ධකම් පැවැත්වූවා. විටින් විට, මතුගමට පැමිණ මා මුණ ගැසුනා. ඒ සැම අවස්ථාවකම විවාහ වන බවට පොරොන්දු වුනා. 

මට, රැුකියාවෙන් අස්වන ලෙසට බල කළා. ඒ අනුව, මා 2015 ජුනි මස දී, රැකියාවෙන් අස්වුනා. එවිට මට ලැබුණ මුදලෙන්, රුපියල් ලක්ෂයක් ඔහු ඉල්ලා ගත්තා. ව්‍යාපාර කටයුතු වලට යොදවන්න කියා. පොරොන්දු පරිදි විවාහය සිදු නෙවන නිසා මා එම වසරේ සැප්තැම්බර් මස සිට නැවත, නව සේවිකාවක් ලෙසට වැඩට යන්න පටන් ගත්තා. ඊට පසු අවස්ථාවක රුපියල් ලක්ෂයක් ඉල්ලා ගත්තා. එම මුදල ලබා දුන්නේ, වළල්ල උකස් කරලා. ඒ මුදල මට ආපසු ලබාදුන්නා. වළල්ල උකස් කරලා දුන්න සල්ලි ආපසු දුන්නේ එයට ඇප වූ, මංගල යෝජනාව කළ, **** ප‍්‍රියංගිකාව ද සම්බන්ධ කර මාගේ මව 2016 තෙබුවන පොලිසියෙ පැමිණිලි කිරීමෙන් අනතුරුවය.

මේ ආකාරයෙන් වසර 10කට ආසන්න ඇසුරකින් පසුව තමයි, ඔහු මාව, ඉහත සදහන් කළ පරිදි, රැගෙන ගොස්, රවටා, දූෂණය කර, ළමයෙකු ලැබෙන්නට ආපසු, මගහැර සිටින්නේ. ඔහු මා, දූෂණය කිරීමෙන් පසු, එනම් 2019 දෙසැම්බර් මාසයෙන් පසු, කිසිදු දිනක හමුවීමට පැමිණියේ නැහැ. 

මේවන විට මොහු මත්ද්‍රව්‍යය භාවිතයට හා ජාවාරමට සම්බන්ධ බවට ද දැනගන්නට තිබේ. එ් බව මවට ප‍්‍රකාශ කර ඇත්තේ ප‍්‍රියංගිකා ය.

මෙම සම්බන්ධයට, මුල පිරූ හා ප‍්‍රියන්ත , තම සහෝදරයෙකු බවට බොරු කියූ, ප‍්‍රියංගිකා මෙම  දූෂණය ට හවුල්ය. ඇයද සිටින්නේ, දැනට හි පදිංචි, කුමාර නැමැත්තා සමගය. ඔහු බිරිඳ අතහැර දමා සිටින්නෙකි.

මෙම ස්ත‍්‍රී දූෂණයට අදාළ සියලූ දෙනාගේ දුරකථන අංක පහත දක්වා සිටිමි.

01.  ප‍්‍රියංගිකා 077 --------
02.  ප‍්‍රියන්ත 071 --------
03. කුමාර         070 --------
04.ගමේ ග‍්‍රාම නිලධාරිවරයාගේ දුරකථන අංකය 071 ---------     

මේ වන විට, මෙම අපරාධය යට ගැසීමට, ඔබ පොලීසිය ක‍්‍රියා කරන්නේ, ප‍්‍රියන්ත නැමැත්තාගේ/සහෝදරයෙකු වන, නිහාල් යන අය පොලිස් සැරයන්වරයෙකු නිසා බව ද දැනගන්නට තිබේ. ඔහු රාජකාරි කරන්නේ ------ පොලිස්ථානයේ හෝ ගාල්ල දිස්ත‍්‍රික්කයේ පොලිස් ස්ථානයකට අනුයුක්තවය. (හරියටම දන්නේ නැත.)

ඔබ පොලීසියේ  ------ නිලධාරිණිය, තමාට ගමේ ඉන්න වෙන්නේ නෑ කියා කියන ලද්දේ ඒ නිසා විය යුතුය.

මා ඉල්ලා සිටින්නේ, මා දූෂණය කළ, ප‍්‍රියංගිකා විසින්, තම සොහොයුරෙකු ලෙසින් හඳුන්වා දෙන ලද  ප‍්‍රියන්ත යන අය අත්අඩංගුවට ගෙන, මා දූෂණය කිරීම පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසටය.

රෝහලට ගියවිට ඇටෙන්ඩන් නෝනලා කියනවා බඬේ ඉන්නේ අවජාතකයෙක් කියලා. උප්පැන්නයට පියාගේ නම දාන්නේ නැතිලූ. ඒ නෝනලා බනිනවා, අපහාස කරනවා.  ප‍්‍රියන්ත මාව දූෂණය කර අතහැරීම නිසා, මා දැඩිව අසරණ තත්ත්වයට පත්ව සිටි. 

ඉහත සියලූ කරුණු සත්‍යය හා නිවරැදි බව ප‍්‍රකාශ කරමි.
මෙයට,
********

පිටපත්:

01. ආරක්ෂක ලේකම්

02. පොලිස්පති
    
03. පොලිස් කාන්තා හා ළමා කාර්ය්‍යාංශය

04. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී- ක`ඵතර



 

No comments:

Post a Comment