Friday, October 16, 2020

”මාවා” කන්න පුරුදු වුනා. දඩ ගෙව්වා. දැන් කුඩු, KG දාන්න හදනවා.


****, 31 හැවිරිදි, තිදරු පියෙක්. වසර හතරක පමණ සිට, ”මාවා” කෑමට පුරුදුව සිටින්නෙක්.

”මාවා” යනු, ඉතා බහුල මත්ද්‍රව්‍යයක්. මෙය ළඟ තබා ගැනීම, ප‍්‍රවාහනය, අලෙවිය, අන්තරාදායක ඖෂධ පනත යටතේ වරදක්.

****, ”මාවා” සමග හසුවී, දෙවරක්ම අධිකරණය ඉදිරියේ චෝදනාවට වරදකරු බව පිළිගෙන, රු: 10,000/- දඩ ගෙවා ඇති පුද්ගලයෙක්.

පොලීසියට මොහු අමුත්තෙක් නොවේ. මෑතකදී, මුදල් ඔට්ටු වලට ”ටීක්” ගසා හසුවී, රු: 100/- ක දඩයකට යටත් වී ඇත.

වර්තමාන ”මත්ද්‍රව්‍යය හා පාතාලය මර්දනයට” මුවා වී, දශක තුනකට ආසන්න කාලයක්, මත්ද්‍රව්‍යය, නීති විරෝධී මත්පැන් ප‍්‍රමුඛ, මහා පරිමාණ ව්‍යවස්ථාපිත වැරදි කරන්නවුන් සමග දීග කන ලද පොලීසිය, අද කරන්නේ, මෙම වැරදි වලට හසුව, ලේඛනගතව සිටින, හාල්මැස්සන් අල්ලා, උසාවිය උපයෝගී කරගෙන, රිමාන්ඞ් කරවීම හා දඩ ගැස්සවීමය. එම සිද්ධීන් වලට විශාල ප‍්‍රමාණයක් මාධ්‍යය උපයෝගී කරගෙන සිදු කරති.

ශ‍්‍රී ලංකාවේ, ව්‍යවස්ථාපිත වැරදි විවිධාකාරයේ අල්ලස් ලබා ගැනීමට යොදා ගැනීම, පාලකයින්ට, උසාවියට, පොළවේ පය ගසා සිටින ජනතාවට, අරුමයක් නොවේ.

එහෙත්, සියලූ වැරදි හා එම වැරදි කරන මහ එවුන් හා පොලීසිය ගැන කථා නොකර, දේශපාලකයින්ට දොස් පවරමින්, මෙම වැරදි නැති කිරීමට පියවර ගන්නේ නැත. 

එයට හේතුවක් ඇත. එනම මෙම වැරදි වලින් බඩ ගෝස්තරය රැුක් ගන්නා විශාල පිරිසක්, රාජ්‍යයේ හවුල්කරුවන් ව සිටීමය. කථා කරමු. 


 

No comments:

Post a Comment