Monday, October 12, 2020

කොරෝනාව පාලනය වුනත් ‘‘කුඩු’’ පාලනය කරන්න පු`ඵවන් වෙයි ද?

 

අන්තාරදායක ඖෂධ පාලකයින්ට අනුව, හෙරොයින්වලට ඇබ්බැහි වූවන් 97,000 කි. ”අයිස්” ගහන අය 20,000 ක් ලූ. ගංජා ගහන අය ලක්ෂ 4 ක් ලූ. ‘‘මාවා’’ කන අය,  ‘‘ගුට්කා’’ හපන අය කොපමණද? 

කොරෝනාව මෙන් නොවේ. දශක තුනකටත් වැඩි කාලයක් තිස්සේ මේ මත්ද්‍රව්‍යය උවදුර පාලනය කරනවා වෙනුවට කලේ එය විකුණගෙන කෑමය. තවත් ප‍්‍රචලිත කිරීමය.

යහපාලන කාලයේ මත්ද්‍රව්‍යය උවදුර මැඩලන්න කියා කරන ලද වයදම් ගණන් බලන්න හා මෙම ¥ෂිත ප‍්‍රචාරයන්ට සම්බන්ධ වූවන් ගැන සොයන්න වෙනම කොමිෂමක් දැමිය යුතුය.

මත්ද්‍රව්‍යය ජාවාරමට සෘජු සම්බන්ධ හා අනියම් ලෙස, වක‍්‍රාකාරව ලාභ ප‍්‍රයෝජන ලබන පිරිස සු`ඵපටු නොවේ. මෙම අදෘශ්‍යමාන පිරිස ඉහළයින්ය. වෘත්තිකයින්ය. උගතුන්ය. බුද්ධිමතුන්ය. ලොකු කුඩා වෙළඳුන්ය. දෙශපාලනය හසුරුවන සමාජයේ සෑම ක්ෂේත‍්‍රයකටම බලපෑම් කළ හැකි අයයි. දේශපාලකයින්ට ඇඟිලි දික් කළත් ඉහත පිරිස් ගැන කථා කරන්නේ නැත.

මෙම ජාවාරම පාළනය කරන්නට බැරි සෘජු සම්බන්ධතා ජාලය පවතින්නේ ‘‘අපරාධ යුක්ති ක‍්‍රියාදාමය’’ තුලය. හෙළිදරව් කරන්නේ නැත. එ් භිය නිසාය. නීතිමය රැුකවරණය තුළ ඔවුන් ක‍්‍රියාත්මක වන නිසාය.

අපට හමුවන්නේ, හෙරොයින් ඇතු`ඵ නානාප‍්‍රකාර මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවන්ය. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ය. අතර මැදියන්ය. 

මොවුන් ගේ ජීවිත කථාන්දරය හෙළිකරන් නේ හොරොයින් ප‍්‍රමුඛ මත්ද්‍රව්‍යය ජාවාරමේ අලගිය වැලගිය තැන්ය. ඔවුන් ඇත්ත කථා කරති. ඔවුන්ගේ අති බහුතරයකට මේ වන විට නැතිවන්නට දෙයක් නැති තරමටම පිරිහිලාය. බැඳිම් මත ගැලවෙන්නට බැරි අය, ලිඳේ වැටුනු එකා මෙන් ලිං කටෙන්ම ගොඩ එන්න දඟලන අය හා රෝගිවු අය එ් අතර වෙති.

මාධ්‍යවලින් හෙළි කරන වැටලීම්, අත්අඩංගුවට ගැනීම් වලින්, මේ දක්වා හොයාගන්නා ලද හෙරොයින් ප‍්‍රමාණය කොමමණද? එ්වායේ දෘශ්‍ය බර හා ශුද්ධ බර කොපමණද? එම හෙරොයින් තිබෙන්නේ කාගේ බාරයේද? ඔවුන් කොපමණ කාලයක් බාරයේ තබා ගන්නවාද? විනාශ කරන්නේ කෙසෙද? යන්න පිළිබඳව හෙළිදරව් කළ යුතුව තිබේ. මන්ද විවෘත වෙළඳපොලේ මත්ද්‍රව්‍යය හිඟයක් පවතින බවක් වාර්තා නොවන නිසා.

මේ වන විට, රක්ෂිත බන්ධනාගාරගතව සිටින පිරස දහස් ගනණකි. වැඩි පිරිස ඇබ්බැහි වූවන්ය.

මේ අතර, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට විශාල වැයක් දරමින් සිටී. නමුත් එහි ප‍්‍රතිඵලය ගැන තක්සේරුවක් නැත. කන්දකාඩුවේ මාස 06 ක් ගත කර, පැමිණි අයත්, ටික දවසකින් යළිත් පසුවන්නේ, මත්ද්‍රව්‍යය සමගය.

මත්ද්‍රව්‍යයවලට සම්බන්ධ, අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් අපරාධ යුක්ති ක‍්‍රියාදාමය තුළ, මුහුණ දුන් හා මුහුණ දෙන අයුක්තිය පිළිබඳව කරන ලද පැමිණිලි හෙළිකරන යථාර්තය විමසුමට මග හෙළි කරයි. 

කොරොනාව ජාත්‍යන්තර වසංගතයකි. ඉස්ලාම් මුලධර්ම වදය මත පදනම්වු ත‍්‍රස්තවාදය ජාත්‍යන්තර වසංගතයකි. බෙදුම්වාදි දේශපාලනය පදනම්වු ත‍්‍රස්තවාදය ජාත්‍යන්තර වසංගතයකි. මත්ද්‍රව්‍යය වසංගතය ද  ජාත්‍යන්තරය. 

කොරොනා මර්ධනය යේදි - අසාදිතයින් මුලික කරගත් පොකුරු සොයා ව්‍යාප්තිය වළක්වාලිමට රාජ්‍යය යන්ත‍්‍රයේ හස්තයන් යොදාගනි. කෙවිඞ් - 19 වෛරසයෙන් ලාභ අසිමිත ප‍්‍රයෝජන ලබන්නාවු හෝ බොදාහරින හෝ කොටස් මෙම හස්තයන්ට ඇතුලත් නැත. 

මත්ද්‍රව්‍යය මර්දනයට යොදා ගන්නා රාජ්‍යය යන්ත‍්‍රයේ හස්තයන් සියල්ලේම අභ්‍යන්තරයේ සෘජුව හෝ අනියම්ව, දේශිය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ සම්බන්ධ කොටස් සේවය කරති.







No comments:

Post a Comment