Friday, October 9, 2020

රු: 550,000/- ක වන්දිය අවුරුදු 4 කට පසු ලැබෙයි.


නන්දනී කුමාරි, 2009 වසරේ, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, ගොනු කරනු ලැබූ, මූලික අයිතිවාසිකම් පෙත්සම, 2018 සැප්තැම්බර් මස විභාගයට ගන්නා ලදි. එහි තීන්දුව, ප‍්‍රකාශයට පත් කළේ 2018.11.23 දිනය.

එම පෙත්සමේ, 2 වන වගඋත්තරකරු - (එච්.එම්. ඒනායක, ස්ථානාධිපති, මාතලේ පොලිස් ස්ථානය, මාතලේ. 6 වන වගඋත්තරකරු - ( බී.එම්. අමුණුගම, කාන්තා නියාමක, බෝගම්බර බන්ධනාගාරය, නුවර) 8 වන වගඋත්තරකරු - (එම්.එස්. කුමාරි සුභසිංහ, කාන්තා නියාමක, බෝගම්බර බන්ධනාගාරය, නුවර) 9 වන වගඋත්තරකරු- (එන්.පී. සෝමපාල, කාන්තා නියාමක බෝගම්බර බන්ධනාගාරය, නුවර) 10 වන වගඋත්තරකරු - ( බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බේස්ලයින් පාර, කොළඹ 09) 11 වන වගඋත්තරකරු ( පොලිස්පති -  පොලිස් මූලස්ථානය, කොළඹ 01) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 හා 12 (1) වගන්තිවලින් තහවුරු කරන ලද, මූලික අයිතිවාසිකම් කඩ කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරනු ලැබීය.

එම, කඩ කිරීම, වෙනුවෙන් රජය විසින් ඇයට රුපියල් පන් ලක්ෂ පනස් දාහක වන්දියක් ගෙවන ලෙසට නියම කළේය.

මෙම නඩුවට, ඇය වෙනුවෙන් පෙනී සිටින ලද නීතිඥවරුන්ගේ කාර්යය, තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම සමග අවසන් විය.

නියම කරනල ලද වන්දි මුදල ඇයට ලබා ගැනීම සඳහා, අදාළ වගඋත්තරකරුවන්ට පසුගිය කාලය තුළ,  බලපෑම් කරන්නට සිදුවිය. 

නීති විශාරදයින් ගේ මතය වූයේ, ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දිය, රජය විසින් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන්, නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් පෙත්සමක් (නඩුවක්) පැවරිය යුතු බවයි.
එ සඳහා මුදල් ගෙවිය යුතු විය.

නමුත් නන්දනී කුමාරි, යුක්තිය ඉටු කර ගැනීම සඳහා, සම්ප‍්‍රදායන් බිඳ දමමින්, තමන්ගේ හිමිකම ලබා ගැනීම සඳහා - පොල් ගසන්නට හෝ දේව කන්නලව් කරන්නට හෝ නැවත නඩු දාන්නට ගියේ නැත.  

රටේ පවතින, තැපැල් සේවය ඇය, කාර්යක්ෂමව උපයෝගී කර ගත්තේය.

ඇය තමන්ට හිමි, වන්දි මුදල ගෙවීමට පියවර ගන්නා ලෙසට, නඩුවේ වගඋත්තරකරුවන්ට, එනම්, පොලිස්පතිට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට, නීතිපති ට ලිඛිතව දැනුම් දුන්නේය. එ් ඔවුන් වගකිව යුත්තන් නිසාය.

වරින් වර, සිහිපත් කළේය. ඇය, ශ්‍රේෂ්ඨාධිකරනයට ලිව්වාය. අධිකරණ සේවා කොමිෂමට ලිව්වේය. එහි ප‍්‍රතිඵලයෙන් ඇයට වන්දි මුදල හිමි විය.

අද අති බහුතරයක් මානව හිමිකම් ආරක්ෂකයින්, ක‍්‍රියාකාරීන් මෙන් නොව, ඇය සෘජුව කථා කළේය. ප‍්‍රශ්න කළේය. වැන්දේ නැත.

ඇය ශ‍්‍රී ලාංකික කාන්තාවකි. සුවිශේහි හේතු නිසාවෙන් ඇයට ජාත්‍යන්තරය පිහිට වුනේ නැති බව ඇය කියයි.

නඩු තීන්දුව:- 


 

No comments:

Post a Comment