Monday, October 12, 2020

කොරෝනාවෙන් ශ‍්‍රී ලංකාව 133 වන තැනට.

බ‍්‍රැන්ඩික්ස් පොකුර සමග අද වන විට අප රටේ කොවිඞ් 19 අසාදිතයින් ගේ සංඛ්‍යාව 4752 ක් ව පැවතින. එය මොහොතින් මොහොත වැඩිවේ.

සුව වූවන්ගේ සංඛ්‍යාව 3307 ක් ව පවතින අතර, මිය ගිය ගණන 13 කි. 

ලෝකයේ රටවල් හා සැසඳීමේදී, කොරෝනා ආසාදිත සංඛ්‍යාව අනුව, ශ‍්‍රී ලංකාව පසුවන්නේ 132 වන ස්ථානයේය.

තමවත් පළමු තැන ගෙන ඇත්තේ අමරිකාවයි. එය ඊයේට 7,991,998 කි. මරණ සංඛ්‍යාව 219,695  කි. සුවවූවන් ගේ ගණන 5,128,162 කි.

මරණ අනුපාතය ගත් විට, ඇමෙෙරිකාව සිව්වන තැන සිටී. එය 2.71‍්‍%. මරණ අනුපාතය වැඩම රට කොළොම්බියාව වන අතර, එය 3.06% කි. සමස්ථ ලෝකය ගත් විට මරණ අනුපාතය 2.88% කි. රුසියාව 1.75% ක් වන අතර, ඉන්දියාව 1.54% කි. ශ‍්‍රී ලංකාව 0.28% කි.

සුව වූවන්ගේ අනුපාතය ගත් විට, ඉදිරියෙන්ම සිටින්නේ බ‍්‍රසීලයයි. එය 87.47% කි. ඉන්දියාවේ 86.17% කි. රුසියාවේ 79.08% කි. ශ‍්‍රී ලංකාවේ 71.43% ක් වන අතර, ඇමරිකාවේ 64.06% කි. සමස්ථ ලෝකය ගත් කළ 75.03% ක් සුව වේ.

ඊයේ වන විට, ලෝකය පුරා සිටින ආසාදිත සංඛ්‍යාව 37,756,558 කි. එය දිනෙන් දින වැඩි වේ. 1,077,507 ක් මේ වන විට මිය ගොස් ඇත.

ලෝක වසංගතයක් වන කොවිඞ් 19 ව්‍යාප්තිය, පාලනය, සුව කිරීම පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් පවතින තත්ත්වය හා අප රටේ තත්ත්වය පිළිබඳව යම් අදහසක් මේ මගින් ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.


No comments:

Post a Comment