Monday, October 19, 2020

ගුරුවරයෙකුගේ ගෙල සිඳ මරා දැමීම ඉස්ලාම් ත‍්‍රස්තයින්ගේ වැඩක්


”අල්ලා හු අක්බාර්” (දෙවියන් උතුම්ය) යයි කියමින්, ගුරුවරයාගේ ගෙල පිහියකින් ඇන කපා මරා දැමීම සිදුකර තිබේ.

ප‍්‍රංශයේ, පැරිස් නුවරින් කි.මී. 28 ක් පමණ දුරින් පිහිටි, පාසලක ගුරුවරයෙකු මෙසේ ඉස්ලාම් ත‍්‍රස්තවාදියෙකු විසින් මරා දමා තිබේ.

ප‍්‍රංශය, ආනාගමික රාජ්‍යයකි. නිදහස් ප‍්‍රකාශනය සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීමේ කාර්යයේ මෙම ගුරුවරයා යෙදී ඇත.

නබි නායක මහමුද් පෙන්නුම් කරන කාටුනයක් මෙම ගුරුවරයා විසින් සිසුන්ට පෙන්වා තිබෙන බවද වාර්තා වේ.ඉස්ලාම් අන්තවාදීන්ට අනුව, මෙය, මරණීය දන්ඩණය හිමි වරදකි.

මෙම ඉස්ලාම් අන්තවාදියාව, පොලීසිය අත්අඩංගුවට ගැනීමට සැරසෙද්දි ඔහු විසින්, එම නිලධාරියාට පහරදීමට උත්සාහ දරා තිබුන බවත්, එවිට පොලීසිය ඔහුට වෙඩි තැබූ බවත් ප‍්‍රකාශ වේ. මෙම ත‍්‍රස්තවාදියා රුසියාවේ චෙතන් ප‍්‍රාන්තායේ මුස්ලිම් බෙදුම්වාදියෙකු බවත්, මීට මාස ගණනකට පෙර ප‍්‍රංශයේ දේශපාලන රැුකවරන ලබාගෙන ඇති බවත් එරට ත‍්‍රස්ත මර්ධන පොලිසිය ප‍්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ අගමැති මැකරොන් ප‍්‍රකාශයක් කරමින්, ප‍්‍රංශයේ අනාගමික රාජ්‍යය ව්‍යුහය බිඳ දැමීමට ඉඩ නොදෙන බව කියයි.

මෙරට, මුස්ලිම් අන්තවාදීන් විසින්, ගෙන යන ක‍්‍රියාදාමයන් වැළැක්වීමට හිටපු අගමැති රනිල් හා ජනාධිපති සිරිසේන පසුබා සිටි අයුරු පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන කොම්ෂමේදී හෙළිදරව් වූ බව ප‍්‍රකාශ වේ.

ත‍්‍රස්තවාදින්ගේ ප‍්‍රහාරයෙන් මියගිය 47 හැවරිදි සැමුවෙල් පැටි ගේ ඉගැන්විම් ඉදිරියට ගෙනයන බව එරට ගුරු සංගම් ප‍්‍රකාශ කර තාබේ.


No comments:

Post a Comment