කරුණාසේන, 51 ක් හැවිරිදි අවිවාහකයෙක්. විදුලි කාර්මිකයෙක්. කුඩුවලට ඇබ්බැහි වූයේ පේ‍්‍රමදාස ගේ ආණ්ඩුව කාලයේ ඉඳලා.
අද වගේ නෙවෙයි. ඒ කාලේ නාවික හමුදාව බලාගෙන ඉන්නවා. රේල් පාර දිගේ කුඩු විකුණනවා.
එදා ‘‘කුඩු” නවත්වන්න වැඩ කළා නම් අද අප කුඩුවලින් නිදහස් රටක් කියලා කරුණාසේන කියනවා.
‘‘කොරෝනා කාලේ කුඩු බීම වැඩි වුනා. සමහර දවසකට කුඩු පැකට් 10 බීලා තියෙනවා. මම කුඩු ගත්තේ ගමේ කුඩු ජාවාරම් කාරයාගෙන්. ඔහුව අපි හැඳින්වූයේ නීල් කියලා. මිනිහා කුඩුවලට අමතරව කසිප්පුත් විකුණනවා. පොලීසිය දන්නවා. නමුත් අල්ලන්නේ නෑ.”
අද කරුණාසේන කුඩු බීම නවත්වලා. ”සික්” එක නැති කරගන්න බෙහෙත් බොනවා.
එහෙම තියෙද්දි විටින් විට පොලීසිය පනිනවා. මාව අල්ලන්න. මම කුඩු විකුණනවා කියලා දන්න හඳුනන අයට පොලීසිය කියලා තියෙනවා.
මට දෙමාපියන්ගෙන් ලැබුන ගෙයයි, පර්චස් 40 ක ඉඩමයි විකුණුවා. ලක්ෂ 40 ක් ස්ථිර තැන්පතුවක් දැම්මා. අනෙක් මුදල්වලින් ත‍්‍රීවීල් එකක් අරගෙන, ඉතිරිය ඉතිරි කිරීමේ ගිණුම් දෙකක දැම්මා.
මම තවම රස්සාව කරනවා. මට සල්ලි තියෙන බව පොලීසිය දන්නවා. ඒ කුඩු විකුණලා නෙවෙයි. නීල් කියන කුඩු ජාවාරම්කාරයා මාත් එක්ක තරහයි. ඒ කුඩු බොන එක නැවැත්වූවාට.
පොලීසිය මාව අල්ලන්න හදන්නේ, නීල් කියන කුඩු ජාවාරම් කරුවාගේ ඕනෑකමට කියලා තමයි මම හිතන්නේ.
No comments:
Post a Comment