Thursday, October 29, 2020

කසිප්පු- කුඩු මුදලාලිලා තවමත් රජ කරනවා.


 

කසිප්පු - කුඩු ජාවාරම මර්දනය කරන බව කිව්වත්, තවමත් ගසේ පාලනය උන්ගේ අතේ.

මධුසංඛ - පිංතාරු වැඩ කරන එක් දරු පියෙක්. ඔහු ජීවත් වන්නේ මොරටුවේ කුඩු හා කසිප්පු වලට නම් දරාපු

එගොඩ උයන පොලිස් වසමේ. මෙම ප‍්‍රදේශයේ කුඩු හා කසිප්පු ජාවාරම තවමත් පවතින බවත්, එ්වාට සමබන්ධ

නැති පුද්ගලයින්ට එම ජාවාරම් කරුවන්ගේ තර්ජන ගර්ජන වලට මුහුණ දීමට සිදුව ඇති බවත් ප‍්‍රකාශ වේ. එවන්

ජාවාරම් කාරියක් හා ඇගේ සහචරයින් ගේ තර්ජන ගර්ජන වලට මුහුණ දීමට සිදුව ඇත්තෙකි මධුසංඛ.මෙම

ජාවාරම්කාරිය, සමහර පොලිස් සමග පවත්වන සම්බන්ධය පාවිච්චි කර, තමන්ව කුමන්ත‍්‍රණකාරීව ”කුඩු” වලට

හසු කිරීමේ උත්සාහයක් ඇති බවයි.

අරක්ෂක ලේකම් අමතන ලද පැමිණිල්ලේ සියලූ විස්තර අන්තර්ගත කර ඇත.

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන්ට අපරාධ කිරීමට ඉඩ හැර තිබීම.

මධුසංඛ, අවු: 25 යි, ජා.හැ.අ.xxxx , විවාහක, දරුවන් 01 යි, රැුකියාව: පිංතාරු කාර්මික, ලිපිනය:xxxxx , මොරටුව.

දු.අ. xxxxx

2020.10.26 වන දින දීය.

මොරටුව, මෝදර, ධීවර කාර්යාල වත්තේ පදිංචි, සංවිධානාත්මක නීති විරෝධී මත්පැන් ජාවාරම සිදුකරන, xxx

හෙවත් xxxx නැමැත්තිය ඇගේ පුතා, xxxx හා xxxx (අයිස් විකුණන) දාමරික කණ්ඩායම, මා ඔවුන්ගේ නීති විරෝධී

ක‍්‍රියාවන් පිළිබ`දව, පොලීසියට ඔත්තු දෙනවා යයි, කියමින් මරණීය තර්ජනය කරනු ලබයි.

2020.10.22 දින උදේ 10.00 ට පමණ, xxxx , xxxxx , xxxxx , xxxx හා xxxxx සොනාලි යන අය, නිවසට පැමිණ

මරණීය තර්ජන කරන ලදි. ඒ පිළිබ`ද හ`ඩපටය මා සතුව තිබේ.මේ සිද්ධිය ගැන එදිනම මා, එගොඩඋයන

පොලීසියට පැමිණිලි කරනු ලැබුවා. පැමිණිලි අංකය xxxx වේ.

එම පැමිණිල්ල විභාගයට, 2020.10 26 දින පැමිණෙන ලෙසට දෙපාර්ශවයට දැනුම් දෙන ලදි. මා, අද දින උදේ 8.00

ට පොලීසියට ගියද එම පිරිස පැමිණියේ නැත.

මා මේ පැමිණිල්ල කරන්නේ, මට මරණීය තර්ජන කරන, සංවිධානාත්මක නීති විරෝධී මත්පැන් ජාවාරම සිදු කරන

ඉහත නම් ස`දහන්, xxxx හෙවත් xxxxx නැමැත්තිය ඇතු`ඵ දාමරික පිරිස, එගොඩ උයන පොලීසියේ බොහෝ

නිලධාරීන් සමග පවත්වන අයුතු සම්බන්ධයයි.

(1) මාගේ ඉහත ස`දහන් පැමිණිල්ල විභාග කිරීමට පෙර, මාව රිමාන්ඞ් කරන බවට, තර්ජනය කරන ලදි. ඒ අනුව,

2020.10.24 වන දින මාගේ වහලයට ‘කුඩු කැටයක්’ දමා, පොලීසියට දැනුම් දී තිබින. ඒ අනුව දවල් 11.30 ට පමණ

එගොඩ උයන පොලීසියේ පිරිසක් පැමිණ, නිවස සෝදිසි කර, වහලයට නැග, බැලීමේද ‘කුඩු කැටය’ මා සෝදා

වහලයේ දමා තිබූ රෙදි මත තිබී හමුවන ලදි.

ඒ පිළිබ`දව, පොලිස් ස්ථානයේ ස්ථානාධිපති අනිල් මයා විසින්, දීර්ඝ විමර්ශනයිකන් පසුව, මාගේ නිර්දෝෂීභාවය

තහවුරු කරගන්නා ලදි. අසල්වැසියන් ඉදිරිපත්ව මා ගැන ප‍්‍රකාශ කර, පෙත්සමක් අත්සන් කර බාර දෙන ලදි. එම

පසුබිම තුළ මට නිදහස් වීමට හැකි විය.


මෙම xxxx හෙවත් xxxxx නැමති තැනැත්තිය හා ඇගේ දාමරික කණ්ඩායම විසින් කරන අපරාධ ගැන පැමිණිලි

රැසක් ඇත.


2020.09.30 වන දින, අසේල හා කිෂාන් ට පොල්ලකින් හා බෝතලයකින් පහර දී තුවාල සිදුකරන ලදි. ඔවුන්

පානදුර මූලික රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබාගෙන තිබේ.

මෙම පසුබිම තුළද, නීති විරෝධී මත්පැන් ජාවාරම අදටත් නිරුපද්‍රිතව කරගෙන යෑමට, xxxx හෙවත් xxxxx ඇතු`ඵ

දාමරික පිරිසට ඉඩ දී ඇත්තේ, ඇගෙන් බොහෝ ලාභ ප‍්‍රයෝජන පොලීසියට ඇති නිසාය.

මා ඉල්ලා සිටින්නේ,

කිසිදු නීති විරෝධී ක‍්‍රියාවකට සම්බන්ධ නැති මා, පොලිස් ඔත්තු කරුවෙකු ලෙසට හංවඩු ගසමින්, පොලීසියේම

සමහරකගේ උදව් උපකාර ඇතිව, මට හා මාගේ පවුලේ උදවියට මරණීය තර්ජන කිරීම, ප‍්‍රකෝප කිරීම හා බොරු

නඩු දැමීමට උත්සාහ දරන උත්සාහය, වළක්වාලන ලෙසට හා 2020.10.22 වන දින පැමිණිල්ලට අනුව, xxx හෙවත්

xxx එරෙහිව ගරු අධිකරණය ඉදිරියේ නඩු පවරන ලෙසටය.

මෙයට,

මධුසංඛ

No comments:

Post a Comment