Friday, October 23, 2020

සෑම පොලිස් කාරයෙක්ම කියවිය යුතු නඩු තීන්දුවක්.


ඔක්: 22  දීපු නඩු තීන්දුවක්.


අනුරාධපුර, මහා බුලන්කුලම, නන්දසේන - 2013 දී, ශ්‍රෙෂ්ඨාධිකරනයට ගියේ අනුරාධපුර පොලිසියට විරුද්ධවය.

2013 සැප්: 25 වන දින තමාව අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ හා උප පොලිස් පරීක්ෂක අමරසිංහ විසින් අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස වධ හිංසාවට පත් කරන ලද බවට චෝදනා කරමින්ය.

මෙම වධදීම් වලට එම පොලිසිය තවත් නිලධාරීන් හවුල්වූ බවද ඔහු කියා සිටින ලදි.

ජ.නී.අලූවිහාරේ, ජ.නී. මූර්දු එන් ප‍්‍රනාන්දු හා ජ.නී. තුරෙයිරාජ් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනා ඉදිරියේ මෙම මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගන්නා ලද්දේ, 2020 ජූනි 29 දිනය. ජූලි 16, ලිඛිත දේශන ලබා දීමෙන් පසුව, විනිසුරු ජ.නී.තුරෙයි රාජා විසින්, 2020 සැප් : 22 සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ එක`ගතාවය අනුව ඉහත නම් ස`දහන් පොලිස් නිලධාරීන් දෙදෙනා හා රජය, නන්දසේන ගේ මූලික අයිතිවාසිකම් උල්ලංළණය කර ඇති බව තීරණය කළේය.

එම තීන්දුවට අනුව, ඉහත පොලිස් නිලධාරීන් දෙදෙනා පුද්ගලිකව, රු: 50,000/= බැගින් නන්දසේනට වන්දි වශයෙන් ගෙවිය යුතුය. රජය වෙනුවෙන් පොලිස්පති විසින් රු: ලක්ෂයක් ගෙවිය යුතුය. ඒ අනුව මු`ඵ වන්දිය රුපියල් ලක්ෂ දෙකකි.

මෙම නඩු තීන්දුවේ, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ගේ හිමිකම් ඇතුලත් කර ඇත.

ඒවා පොලිස් කාරයින් වැඩි දෙනෙක් දන්නේ නැත. එසේ නැති නීතිය ගණන් ගන්නේද නැත. උන් නීතියට උඩින් සිටින්නන් ලෙසට හිතාගෙන සිටී.

මෙම පොලිස් කාරයින්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට බල කිරීම, සැබෑ මානව හිමිකම් ආරක්ෂකයින් විසින් කල යුතුයි. 

පෝස්ට් දැමිය යුතුයි. මෙහි වගකීම ඊනියා පොලිස් කොමිෂම සතුයි. ඉදිරියට රාජ්‍ය සේවා කොමිෂමේ වගකීමක් වනු ඇත. 

සම්පූර්ණ නඩු තීන්දුව  






















 

No comments:

Post a Comment