Tuesday, October 13, 2020

අම්මා, තාත්තා, බාප්පා, තුන්දෙනාම ඇතුළේ්, මාවත් ඇතුළට දානවාලූ !!


ඇගේ වයස අවු: 20 ක්. අට හැවරිදි දරුවෙකුගේ මවක්. ඇගේ සැමියා ත‍්‍රීරෝද රථ රියදුරෙක්. පොලියට සල්ලි දෙන අයෙක්. අවු: 15දි රෙජිස්ටර් වෙලා 18 සම්පුර්ණ වුනාම විවාහ වෙලා.

අම්මායි තාත්තයි, කරන්නේ පළතුරු වෙළඳාම. ඔවුන් තමන් ළඟ වැඩ කරන අයට ‘‘කුඩු” අරන් දෙනවා. ඒ වැරදියි. බාප්පා කුඩු බොනවා. මාගේ ඥති සොහොයුරියක් ඉන්නවා. ඇගේ වයස අවු: 23 යි. ඇයද එක් දරු මවක්. ඇගේ සැමියා මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධයි. දැන් ඉන්නේ බන්ධනාගාරයේ. ඇය ඔහුගෙන් වෙන්ව ජීවත් වේ.

මාගේ මව හා පියාව ඇල්ලූවේ ‘‘යුනිට්” එකකින්. ගමේ පොලීසිය ඒකට තරහයි. ඔවුන් කියනවා, මාවත් ඥති සොහොයුරියවත් අල්ලා රක්ෂිත බන්ධනාගාර ගත කරනවා කියා. 

මත්ද්‍රව්‍යය මර්දනයට මුවා වී, පොලීසිය සිදුකරන නීති විරෝධී ක‍්‍රියාවන් ගෙන් ආරක්ෂාව සලසා දෙන ලෙසට කරනු ලබන ඉල්ලමින් ඇය බලධාරීන්ට, කරන ලද ලිඛිත පැමිණිල්ලේ උද්ධෘතයක් පහත දක්වමු. 

ඒ ‘‘කුඩු” ජාවාරමේ දිග පළල වටහා ගන්නටය.

‘‘ 2020.10.05 වන දින දීය. මා, මෙම පැමිණිල්ල කරන්නේ, පොලීිසියේ, ××× නැමති නිලධාරියා, තර්ජනය කිරීමට පසුබිම විස්තර කිරීමට හා මාගේ හා මාගේ ඥති සොහොයුරිය වන, xxx ගේ ආරක්ෂාව සඳහාය. 

ටිංකිරියා මා හමුවට පැමිණ, දැනුම් දුන්නා, මෝදර පොලීසියේ ××× නැමති නිලධාරියා, පැමිණ ××× ව හා ××× ගේ දුවව ඊළඟට ගන්නවා කියා ගිය බව. මාගේ මව, ××× (අවු: 39) හා මාගේ පියා, ××× (අවු: 41) මේ වන විට, මත්ද්‍රව්‍යය චෝදනාවලට, රක්ෂිත බනධනාගාරයේ පසුවෙයි. ඔවුන් දෙන්නාව, අත්අඩංගුවට ගන්නා ලද්දේ, 2020.08.23 දිනය.

අත්අඩංගුවට ගන්නා ලද්දේ, යුනිට් එක මගිනි. එදින ඔවුන් දෙන්නාව,  පොලිස් මුර පොලේ තබාගෙන ප‍්‍රශ්න කරන ලදි. 

දහවල් 1.30 පමණ මට, අම්මා කථා කරලා කිව්වා, xx එක ළඟට එන්න කියා. මම දරුවා සමග එහි ගියා. අම්මා නිලධාරියෙක් සමග ලොරියේ ආවා. මාව හා දරුවාව ×××  ගෙන ගියා. එහි මාව හා දරුවාව රාත‍්‍රී 9.30 වන තුරු තියාගෙන හිටියා. අම්මාගෙන් ද ප‍්‍රශ්න කළා. 

2020.08.24 දින, අධිකරණයට ඉදිරිපත් කර, ඔවුන් දෙන්නාව දින 07 ක්, රැඳවුම් නියෝග මත, ××× පොලීසියේ රඳවාගෙන සිටියා.  

මාව හා දරුවාව ××× පොලීසියේ රඳවාගෙන සිටින විට, යුනිට් එකේ නිලධාරීන්, මාගේ මව මුදාහරින බවට පොරොන්දු වී, මව හා පියා, හෙරොයින් ගන්නා, අබ්බාව අල්ලා ගන්න ගියා. 

මාගේ මව හා පියා, පළතුරු වෙළඳාම් කරන අය. ඔවුන් ළඟ පස් දෙනෙක් වැඩ කළා. රියදුරු හා එහි වැඩ කරන අය හෙරොයින් පාවිච්චි කරනවා. ඔවුන්ට හෙරොයින් අරන් දෙන්නේ මව හා පියා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ, රියදුරු ළඟ කෑලි 14 ක් තිබුනා. ඔවුන් දෙන්නාව අත්අඩංගුවට ගෙන තිබුනේ, එගොඩඋයන දී.

යුනිට් එකේ නිලධාරීන් හා මාගේ මව එකතු වී, අබ්බාගේ ගෝලයෙක් වන  චිකෝව අල්ලා ගත්තා. අල්ලා ගන්නා අවස්ථාවේ කැට 4 ක් හෙවත්, කුඩා කෑලි 160 ක් තිබුනා.  නමුත් අබ්බාව අත්අඩංගුවට ගත්තේ නෑ. 

පොලීසිය, මාගේ මව මි.ග‍්‍රෑ. 400 ක් ප‍්‍රවාහනය කළ බවට ව්‍යාජ චෝදනාවක් නගා තිබෙනවා. මාගේ පියාට, ග‍්‍රෑම් 16 ක් ප‍්‍රවාහනය කළ බවට චෝදනා කර තිබෙනවා. රියදුරු ×××, ග‍්‍රෑම් 8 තිබූ බවට චෝදනා කර තිබෙනවා. 

ඥති සොහොයුරිය, ××× ටිකිරියා(අවු: 23) විවාහක, දරුවන් 01 යි, ඇය සැමියාගෙන් වෙන්ව ජීවත් වේ.

මෝදර පොලීසියේ ××× , මාව හා මාගේ ඥති සොහොයුරිය, ×××ටිකිරියා අත්අඩංගුවට ගන්නා බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නේ, ඔවුන්ට අල්ලන්න බැරිවූ මාගේ මව, පියා හා රියදුරුව  යුනිට් එකෙන් ඇල්ලූ නිසාය.

මාගේ මව, පියා හා රියදුරු ව අත්අඩංගුවට ගැනීමෙන් පසුව, මාගේ පියාගේ මල්ලී, බාප්පා හෙවත්  ‘‘කොමනාව” 2020.09.21 අත්අඩංගුවට ගන්නා ලදි. ඔහු මත්ද්‍රව්‍යය භාවිතා කරන කෙනෙක්. 

ඔහු කුඩු ජාවාරම් අතරමැදියෙක් ලෙසට, ක‍්‍රියා කළ අයෙක්. ඔහු අත්අඩංගුවට ගත්තේ,  පොලීසියේ ×××  නැමති නිලධාරියාය. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් තිබුනේ නෑ. ඔහු උසාවියට ඉදරිපත් කර ඇත්තේ, හෙරොයින් ග‍්‍රෑම් 1 කට වැඩි ප‍්‍රමාණයක් සමග. දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි.

මාගේ බාප්පා ‘‘කොමා’’ සිටියේ අප සමග. මේ කාරණය මුල් කරගෙන,  පොලීසියේ ×××  අප දෙන්නාව, අත්අඩංගුවට ගෙන, මාගේ පියා, මව හා රියදුරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමෙන් ඔහුට වූ අපකීර්තිය වසා ගැනීමට දරන උත්සාහයක් ලෙසටය.

මාගේ පියා හා මව, ඔවුන් ළඟ වැඩ කරන අයට, හෙරොයින් ලබාදුන්න බව සත්‍යයකි. 

මාගේ බාප්පා, හෙරොයින් භාවිතා කරන, ජාවාරම් කරුවන්ගේ අතරමැදියෙක්ව සිටින බවද, සත්‍යයකි. නමුත් මා හෝ මාගේ ඥති සොහොයුරිය මෙයට කිසිසේත්ම සම්බන්ධ නැත.

මා හා මාගේ ඥති සොහොයුරියව අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා කිරීමට, උත්සාහ ගන්නේ මත්ද්‍රව්‍යය මර්දනයට නොව, පොලීසියේ ප‍්‍රකාශයට පත් නොවන යටි අරමුණ ඉටු කර ගැනීමටය.

මෙම අත්අඩංගුවට ගැනීම් වලට පදනම, අත්අඩංගුවට ගත් ආකාරය, අත්අඩංගුවට ගත් ප‍්‍රමාණයන් සියල්ල බොරුය. උසාවියට ඉදිරිපත් කරන්නේ වැරදි තොරතුරුය. මාධ්‍යයට දෙන්නේ වැරදි තොරතුරුය.

(2) මෙම අත්අඩංගුවට ගැනීම සමග,

2.1. පොලීසියේ නිලධාරීන් බේරා දීමට යයි අල්ලස් ඉල්ලීම.

2.2. ලිංගික අල්ලස් ඉල්ලා සිටීම,

2.3. නීතිඥවරුන් ඇප ලබා ගැනීමට නොහැකි බව දැන දැන, ඇප 
                අරන් දෙන බවට විශාල මුදල් ඉල්ලීම හා ඒ  ස`දහා පොලීසියට 
                 ගෙවිය යුතු බව කියා සිටීම.

2.4. රස පරීක්ෂක වාර්තා ප‍්‍රමාද කර, බන්ධනාගාරය තුළ පීඩාවට පත් 
                 කිරීම.

2.5. එක් රැඳවියෙකුට, උපරිමයට යටත්ව, මසකට, රු: 8000/- ක් 
                 බන්ධනාගාරයේ සුභසාධනයට ගෙවීමට සිදුවිම.

මේ කරුණු ගැන ඔබගේ අවධානය යොමු කරමි.

මා හා මාගේ ඥති සොහොයුරිය අත්අඩංගුවට ගෙන ව්‍යාජ චෝදනා නගා බන්ධනාගාර ගත කිරීමට දරන උත්සාහය වළක්වාලන ලෙසට හා අපගේ ආරක්ෂාව සලසන ලෙසට ඉල්ලමි.

මෙයට,
××× 








 

No comments:

Post a Comment