Monday, October 12, 2020

ඕනර් ව අල්ලා අතහැරියා, STF එක මගේ පස්සෙන් පන්නවා.


අපි පදිංචි වෙලා ඉන්නේ, මෝදර, වත්තේ. කුඩු ජාවාරමේ, ” ඕනර්” ”අබ්බා”. පොලිසිය, "අබ්බා" ගැන හොඳටම දන්නවා. නමුත් අල්ලන්නේ නෑ.

අබ්බාගේ වයස අවු: 25 යි. පසුගියදා STF එකෙන්, "අබ්බා" ව, වසීම් නැමැත්තා සමග අත්අඩංගුවට ගත්තා. ඌට හොඳටම ගැහුවා කියලා ආරංචි වුනා. "අබ්බා" ගේ ගෙදර තියෙන්නේ, අපේ ගෙදරට පිටිපස්සේ. මම ගියා බලන්න. එතන ඉන්නකොට, STF  එකේ අය මාගේ ගෙදරට පැන්නා.

මම, "අබ්බා" ගේ, ගේ ඉස්සරහ හිටියා. ගියාට පස්සේ මම ගෙදර ගියා. මාව අල්ලන්න හොයන බව දැන ගත්තා. "අබ්බා" කියලා තියෙනවලූ "ඕනර්" මම කියලා.

ඇය 41 හැවිරිදි, සිව් දරු මවක්. තමා මුහුණ පා සිටින, තත්ත්වය ගැන, ආරක්ෂක ලෙක්ම්වරයාට ලියන ලද ලිපිය පහත දක්වමු.

"කුඩු" ජාවාරම නවත්වන එක ලේසි නැහැ. ඇගේ කථාවෙන් එය පැහැදිළි වනු ඇත.
    " මලිය, අවු: 41 යි, දරුවන් 04 යි, මොරටුව. දු.අ. 070 ****
2020.10.05 වන දින දීය.

2020.10.03 වන දින, දවල් 1.00 ට විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ඇවිත්, ප‍්‍රදේශයේ ප‍්‍රකට, කුඩු ජාවාරම් කරුවෙකු ( ඕනර්)  වූ  සමීර හෙවත් ”අබ්බාව”, අත්අඩංගුවට ගත්තා.

ඔහුව, අත්අඩංගුවට ගෙන තිබුනේ, මෝදර තුඩුවේදී. එහිදී ඔහුට පහර දී ඇත. ඔහු සමග වසීම් නැමැත්තෙක් ද අත්අඩංගුවට ගෙන තිබුනා.

පසුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 8 දෙනෙකු, අබ්බා හා වසීම්, රැගෙන මාගේ නිවසට පැමිණියා. මම ඒ වෙලාවේ හිටියේ, අබ්බාගේ ගෙවල් ළඟ. මාගේ නිවසට විශේෂ කාර්ය බලකාය අවාහම, මම ඒ අසලට යන්නේ නැතිව බලන් හිටියා.

විශේෂ කාර්ය බලකාය, ගෙවල්වල ගෑණුන්ගේ කටේ රෙදි ඔබලා ගහනවා කියලා කථාවක් තියෙන නිසා, මම ඒ අසලට ගියේ නෑ. 

ආබාධිත දරුවාට අපහාස කරමින්, මාගේ මිණිපිරිය නෙත්මි (අවු: 14 යි, 10 ශ්‍රේණියේ උගෙනුම ලබනවාඑ) ට බැන තර්ජනය කරමින්, දොරකඩ සිටවා, නිවස සෝදිසි කර ඇත. ඇයට කථා කර ඇත්තේ අසභ්‍ය වචනයෙනි.

විශේෂයෙන් මෙම නිලධාරීන්, මාගේ මිණිපිරිය, ලාදුරු රෝගියෙකු බවද, ඇයව දුෂණය කර ඇති බවද, කියා ඇත. මේ තොරතුරු මෙම නිලධාරීන්ට ලබා දී ඇත්තේ, අබ්බා බවත්, ඔවුන් ක‍්‍රියා කර ඇත්තේ ඔහුගේ අවශ්‍යතාවයට බවත් පැහැදිළිය. 

අබ්බාගෙන්, මාගේ දියණියගේ සැමියා, මධුක ණයට හෙරොයින් අරන් තිබුනා. අබ්බා කියනවා, මධුක  රුපියල් එක්ලක්ෂ විසිදාහක බඩු අරන් තියෙනවා කියා.

දැනට මධුක ඉන්නේ බන්ධනාගාරයේ. මේ තරහා අපිත් එක්ක තියෙනවා. අබ්බාට ගහන කොට, ඔහුගේ  ඕනර් ලෙසට මගේ නම කියලා.

මම හෙරොයින් ජාවාරමට කිසිසේත් සම්බන්ධ නෑ. මම, මෙම ජාවාරමට විරුද්ධ කෙනෙක්. මම කරන්නේ දුවගේ ආබාධිත දරුවා බලාගන්න එක.

 අබ්බා, කුඩු ජාවාරමට කලක සිටම පොලීසිය හොයන කෙනෙක්. ඔහු මිනී මැරම් චෝදනාවලට නඩු තියෙන කෙනෙක්. ඔහුගේ වයස අවුරුදු 25 යි. ඔහුගේ රැුකියාව කුඩු ජාවාරම. ඔහුගේ සීයාට බෝට්ටුවක් තියෙනවා. ඔහු ළඟ බොරු බිල් තියෙනවා. පොලීසිය ආවාම එ්වා පෙන්නනවා. ඔහු පොලීසිය එක්ක සම්බන්ධයි. 

පොලීසිය මාස දෙකක් පුරා, අත්අඩංගුවට ගන්න හිටිය, මෙම අබ්බා, විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන, මුදා හැරීම බරපතල ප‍්‍රශ්නයක්.

මෙම අබ්බා, ‘‘ ඕනර්” කෙනෙකි. ඔහු හෙරොයින් ‘‘කැට” ගෙනවිත් බෙදාහරිනවා. ඔහු සමග, හෙරොයින් බොන පිරිසක් සිටිනවා. විශේෂ කාර්ය බලකාය ‘‘ ඕනර්” කෙනෙක් ලෙසට මාගේ නම කිව්ව විට, ඔහුව මුදා හැරීම පුදුම සහගතය.

මා ඉල්ලා සිටින්නේ,

මත්ද්‍රව්‍යය වැළැක්වීමට අවංකව ක‍්‍රියා කරන ලෙසටද, අසරණයින්, පීඩාවට පත් කර ජාවාරම්කරුවන් මුදාහැරීම වළක්වාලන ලෙසටය.

අප හට ආරක්ෂාව සලසන ලෙසටය.

මෙයට,

උමලිය 

No comments:

Post a Comment