Wednesday, October 21, 2020

පොලීසියට ආපු පැමිණිලිකාරයාව අල්ලා කූඩුවට දමා නඩු දමයි.

කුමාර, සුඵ ව්‍යාපාරයක් කරගෙන ඉන්න තරුණයෙක්. යාබද කඩයේ අයිතිකරු පොල්ලක් අරගෙන, කුණුහරුප කියමින් ගහන්න ආපු එක ගැන පැමිණිලි කරන්න පොලීසියට ගියේ ආරක්ෂාව සඳහාය. යුක්තිය ඉටු කර ගන්නය.

ඔහු පොලීසියට ගියේ, එම සිද්ධියට අදාළ CCTV දර්ශන අත ඇතිවය.

මොරොන්තුඩුව පොලීසියේ, පොලිස් පරීක්ෂක ජයරත්න මැදවත්ත CCTVදර්ශන බලන්නට අවශ්‍යය නැති බව කියා ඔහුව පොලිස් සිර මැදිරියට දැම්මේය. එහි පැය 4 1/2 ක් ඉන්න කොට ස්ථානාධිපතිගේ මැදිහත් වීමෙන් නිදහස් කරන ලදි.

සමපූර්ණ සිදුවීම ඔහු, ආරක්ෂක ලේකම්ට, මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට පැමිණිලි කළේය. යුක්තිය ඉටුවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටී.

පැමිණිල්ල පහත දැක්වේ.


පොලීසිය පවත්වාගෙන යන අයුතු සම්බන්ධතා මත අත්අංගුවට ගෙන, පැය 4 1/2  ක් සිරකර, මානසික හා ශාරිරික වධ හිංසා පැමිණවීම, ව්‍යාජ චෝදනා නැගීම.

කුමාර ××××, අවු: 26 යි, ජා.හැ.අ. ××××ල අවිවාහක, ව්‍යාපාරික, ලිපිනය:××××.

2020.10.17 වන දින දීය.

2020.10.03 වන දින, මොරොන්තුඩුව පොලීසිය විසින් මට තුණ්ඩුවක් දුන්නා. CIB II/60/21  දරන මට විරුද්ධව තිබෙන පැමිණිල්ලට 2020.10.04 දින උදේ 9.00 ට පැමිණෙන ලෙසට දන්වා.

එ් අවස්ථාවේ වාචිකව දැනුම් දුන්නා ධර්මදාස යන අයට පහර දුන් බවට වන පැමිණිල්ලට බව.

එ් අනුව මම, නියමිත වේලාවට ගියා. නමුත් පැමිණිලිකරු පැමිණ සිටියේ නෑ.

ඊට පසුව දැනුම් දුන්නා, 2020.10.07 උදේ 9.00 ට පැමිණෙන ලෙසට. එ් අනුව මා පොලීසියට ගියා. එදින පැමිණිලිකරු ධර්මදාස පෙරේරා යන අය පැමිණ සිටියා. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. ජයරත්න මැදවත්ත විමර්ශනය කළා. 

ඔහු මා කියන කිසිම දෙයකට ඇහුම්කන් නොදී, ධර්මදාස පෙරේරා කියන දෙය මත, මාව අත්අඩංගුවට ගෙන, කුඩුවට දමන ලදි. ප.ව. 2.30 ට පමණ මාව එළියට අරන්, මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. ප‍්‍රකාශය ගත් පොලිස් සැරයන් 41126, මාව පොලීසියට කැඳවූ තුණ්ඩුව ලබාගත්තා. එය ආපසු දුන්නේ නෑ. ප‍්‍රකාශය ලබා ගත්තායින් පසුව, පසු දින, 2020.10.08 උදේ 10.00 ට ස්ථානාධිපති හමුවන ලෙසට දැනුම්දී, මාව පොලිස් ඇපයක් මත මුදාහැරියා. මා පසුව දැනගත්තා, මාව පොලීසිය අත්අඩංගුවට ගත් බව පැමිණිලි කිරීමට, මා ව්‍යාපාරය කරන ස්ථානයේ හිමිකරු පොලිස් අධිකාරී කාර්යාලයට ගිය අවස්ථාවේ, එහි සිටි, ස්ථානාධිපති වෙත දැනුම් දීමෙන් පසුව බව.

පසුදින, 2020.10.08 උදේ 10.00 ට පොලීසියට ගොස්, ස්ථානාධිපති හමුවීමට සිටින විට, අප අසලට පැමිණි, පො.ප. ජයරත්න මැදගම, පැමිණිලි කළ ධර්මදාස පෙරේරාට කිව්වා, උසාවි දාන්න කියා ඉල්ලන්න කියා.

ස්ථානාධිපති දෙපාර්ශවය කැඳවා, විමසුවා. මා, සිද්ධිය අදාළ CCTV දර්ශන, ස්ථානාධිපතිට පෙන්නුවා. ඉන් අනතුරුව, සමථ මණ්ඩලයට දාන බවට ප‍්‍රකාශ කර, මට යන්න කිව්වා.

මේ ආකාරයට, ව්‍යාපාරික කටයුතු කරගෙන සිටන මා හට, මාගේ ව්‍යාපාරය කරගෙන යන  ස්ථානයේ අල්ලපු ගොඩනැගිල්ලේ, ව්‍යාපාරය කරගෙන යන ධර්මදාස පෙරේරා යන අය, අඛණ්ඩව මා ප‍්‍රකෝපයට පත් කරමින්, මා එම ස්ථානයෙන් ඉවත්කර දැමීමේ අරමුණින් කටයුතු කරනු ලබයි.

එම ක‍්‍රියාවට, ඔහුට ආවරණය ලැබෙන්නේ, මොරොන්තුඩුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. ජයරත්න මැදගම ගෙනි. මොරොන්තුඩුව පොලීසියේ, දැනට වසර 15 කට වැඩි කාලයක්, ග‍්‍රාමාරක්ෂකවරියන් වන ධර්මදාස පෙරේරාගේ දියණියන් දෙදෙනා අනුයුක්තව සිටී.

ඔවුන්, ×××× ට.  දැනට, කඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින, අංක: 71576 දරන නඩුවේ, පොලිස් නිලධාරියෙකු වන ඇගේ සැමියා විත්තිකාරයෙකු වේ.

එයට අමතරව, ඇයට විරුද්ධව වංචා නඩු ගණනාවක් තිබෙන බවට ද, වාර්තා වේ. 

මෙම පසුබිම තුළ, මොරොන්තුඩුව පොලීසියෙන්, සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක.

මා ඉල්ලා සිටින්නේ,

(1)  අයුතු සම්බන්ධතා මත, මොරොන්තුඩුව පොලීසියේ, ආවරණය යටතේ, ධර්මදාස පෙරේරා යන අය, මට බැන තර්ජනය කරමින් පහර දීමට තැත් කිරීමේ සිදුවීම, ”මා පහර දුන්න බවට” ව්‍යාජ පැමිණිල්ලක් දමා, එය පදනම් කරගෙන,

2020.10.03 වන දින සිදුවූ බව කියන සිද්ධියකට, 2020.10.07 දින, පොලීසියට ගෙන්වා, නින්දා අපහාස කර, උදේ 9.00 සිට ප.ව. 2.30 දක්වා, පැය 4 1/2 ක කාලයක්, පොලිස් සිර මැදිරියේ තබා, මානසික හා ශාරීරික වධ හිංසාවට පත් කිරීම සම්බන්ධයෙන්,

මොරොරන්තුඩුව පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පො.ප. ජයරත්න මැදගම නිලධාරියාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මේ මගින් මාගේ මූලික අයිතීන් උල්ලංඝණය වී ඇත.

මෙයට,

කුමාර 


No comments:

Post a Comment