Tuesday, October 20, 2020

මට ගැහැව්වේ මුදල් බලයට යට වෙලා

තම අසල්වැසියෙක් මෙන්ම, ඥතියෙකු වූද, ජනක නැමැත්තා සමග බහින් බස් වීමක් වුනේ සුනඛ ප‍්‍රශ්නයක් මුල් කරගෙනය.

පානදුර දකුණ පොලීසිය, මොවුන් කරන ලද පැමිණිල්ලකට අත්අඩංගුවට ගෙන, ජීප් රථයේ දමාගෙන, පොලීසියට ගෙන යන අතර, ඔහු, පානදුර දකුණ පොලීසියේ තුෂාර හා රංංජිත් යන නිලධාරීන් තමන්ට පහරදුන් බවට, පොලිස්පතිට හා මානව හිමිකම කොමිෂමට පැමිණිලි කර ඇත. එම පහර දීම නිසා, ඔහු දැඩි වේදනාවෙන් පසුවන බවද කියා සිටී.

අධිකරණයට ඉදිරිපත් කළ විට, ඔහුව රු: 50,000/- ක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබ තිබේ.

මුදල් බලයට යටවී, තමාව වධ හිංසාවට, පත්කිරීම ගැන, නීතිමය පියවර ගන්නා ලෙසට ඔහු සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය

පානදුර

පහර දී තුවාල සිදුකරන ලද, පානදුර දකුණ පොලීසියේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

ලිඛිත පැමිණිල්ල.

xxx , අවු: 45 යි, ජා.හැ.අ. xxxxx, විවාහක, රැුකියාව: වෙල්ඩිං වැඩ, ලිපිනය: xxxxxxx, පානදුර. 077 xxxxxxx/071xxxxx

2020.10.20 වන දින දීය.

2020.10.14 වන දින, රාත‍්‍රී 11.00 ට පමණ, පානදුර දකුණ පොලීසියේ, තුෂාර, රංජිත් නැමති නිලධාරීන් සමග ලිවේරා නැමති නිලධාරියා පැමිණියා. ජීප් රථය පැදවූයේ ලිවේරා නැමති නිලධාරියාය. 

ඔවුන් මාව, පස්වෙනි පටුමගේදී, අත්අඩංගුවට ගෙන, මාංචු දමා, ජීප් එකට දාගත්තා. අත්අඩංගුවට ගන්නා වේලාවේදී, උඹ ජනක හේරත්ගේ ගෙදරට ගිහිල්ලා බඩු පොඩි කරලා තියෙනවා කියා කිව්වා.

ඔවුන් මාව, ජනක හේරත් යන අයගේ නිවස ඉදිරපිටට ගෙන ගොස්, තුෂාර හා රංජිත් යන දෙදෙනා, ජීප් රථයෙන් බැස ගෙදරට ගියා. ඔවුන්, එම නිවසේ නිවැසියන් සමග කථා කර, නැවත පැමිණියා. ඉන්පසු ජීප් රථය වටේ යන අතරතුර, තුෂාර නිලධාරියා, මගෙන් ඇහැව්වා, මොකද වුනේ කියලා. මම නිහඬව ඉන්න විට, තුෂාර හා රංජිත් යන දෙදෙනා, මට අතින් පයින් හා තුෂාර අත තිබූ කොහු මිටක් වැනි පොල්ලකින් පහර දුන්නා. 

එසේ පහර දෙමින්, පොලීසියට ගෙනවිත් කූඩුවට දැම්මා. 

පසුවදා, දවල් 11.00 ට පමණ මාව, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ ගරු මහේස්ත‍්‍රාත්තුමා, මාව, රු: 50,000/- ක ශරීර ඇප මත මුදාහැරියා.

නඩු අංකය : 79238/2020 වේ.

මාව මුදා හැරීමෙන් පසුව, පහර දිම නිසා ඇතිවූ රෝගී තත්ත්වය මත, 2020.10.16 දින, ප‍්‍රතිකා රගැනීමට පානදුර මූලික රෝහලට ඇතුළත් වුනා.

මාව රෝහල්ගත කළා. වාට්ටුව 1 -  ඇඳ ඉහපත් අංකය: 43221.

පානදුර මූලික රෝහලේ, රෝහල් පොලීසිය මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මාව පරීක්ෂා කළා.

 මට, පානදුර දකුණ පොලීසිය ඉහත නම් ස`දහන් පොලිස් නිලධාරීන් පහරදුන් බව, මා රෝහල් පොලීසියට හා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ප‍්‍රකාශ කළා. මාගේ නීතිඥ මහතා ගරු අධිකරණයට ද ප‍්‍රකාශ කළා.

මා ඉල්ලා සිටින්නේ,

බලවතෙකුගේ ව්‍යාජ පැමිණිල්ලකට මාව, අත්අඩංගුවට ගෙන, දිනක්, මාව පොලිස් සිර මැදිරියේ රඳවා තබාගෙන, ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම හා මට පහර දීම පිළිබඳව, පානදුර දකුණ පොලීසියේ, තුෂාර, රංජිත් හා ලිවේරා නැමති නිලධාරීන්ට නීතිමය පියවර ගන්නා ලෙසටය.   

මෙයට,

xxxxxxx

පිටපත්:

01. පොලිස්පති                  

     පොලිස් මූලස්ථානය         

     කොළඹ 01

02. සභාපතිනිය                                                                       

     මානව හිමිකම් කොමිෂන් සභාව        

     අංක 14      

     ආර්.එ්. ද මැල් මාවත

     කොළඹ 04

03. මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා

     ආරක්ෂක ලේකම්

     ආරක්ෂක අමාත්‍යාංශය

     15/5, බාලදක්ෂ මාවත

     කොළඹ 03

 

 

 


1 comment:

  1. First, I want to complement this site administrator for creating this platform I frequently get cold sores(which lasts for 5-6 days on my lips and its painful both physically and mentally) .. As a bodybuilder, I basically get outbreak due to the daily pressure and heat in the body.. Recently I stumbled upon my salvation. I found a herbal remedy to cure hsv completely, in just 4weeks ..

    I got to know about Dr Utu after seeing a lady's testimony online. I reached the doctor and I ordered for herpes herbal medicine. He sent the herbs to me and I started making use of them. In just 2days, the cold sores are cleared. 4weeks after medication, I went to the hospital for test of cold sores and it was completely NEGATIVE.

    By following every prescription, i was able to cure my cold sore in less than 4weeks. 100% natural herbs no after effect.
    Note: Please do let others know if this work for you.
    The doctor's email is drutuherbalcure@gmail.com
    Note : follow all instructions accordingly..

    If you are sure that you have benefited from this African herbs be courageous to inform others.
    Thanks in advance

    ReplyDelete