Sunday, December 1, 2013

දිග එළිකර සිටින පොලිස් අපරාධකාරයෙක් .පළිගන්න පැවරූ බොරු නඩුවක්. නඩුව පවරා ඇත්තේ නීති වරෝධී ලෙසට. වරෙන්තු නිකුත් කර තිබුනද වරෙන්තු ක්‍රියාත්මක කර නැත. මොහු අධිකරණයට ගරු නොකරන පුද්ගලයෙක්.

මේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු තීන්දුවක සදහන් කරුණුය. පොලිස් අපරාධ කාරයෙක් ගැනයි මේ සටහන. මේ පොලිස් අපරාධකාරයා අන් කවරෙකු නොව අදටත් පොලිසියේම තබාගෙන සිටින පොලිස් පරීක්ෂක දමිත් පෙරේරාය.

සරත් කුමාරව, මොරටුව පොලිසිය අත්අඩංගුවට ගත්තේ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමට ය. ඒ 2008 ජූලි මස 05 වන දිනය. 2008 ජූලි මස 18 වන දින තෙක්, දින 08ක්, නීති විරෝධීව රවා තබාගෙන වධ දුන්නේය.

ඔහුගේ මව අත්අඩංගුවට ගැනීම සහ වධදීම ගැන ලිඛිතව - පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළේය. ආසියානු මානව හිමිකම් කොමිසම සිද්ධිය අදාලව හදිසි ආයාචනයන් කිහිපයක් නිකුත් කළේය.

මෙම පසුබිම තුල මොරටුව පොලිසිය, සරත් කුමාරව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. බොරු චෝදනා යටතේ නඩු තුනක් ගොනු කරමින්ය.  ගෙයක් බිදීම, රන් මාලයක් මංකොල්ල කෑම හා හෙරොයින් මිලි ග්‍රෑම් 2300ක් ළග තබා ගැනීම යන චෝදනා යටතේ එම නඩු තුන ගොනු කරනු ලැබීය.

ගෙවල් බිදීම හා රන් මාලයක් කොල්ලකෑම යන චෝදනාවලට, ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබින. එහෙත් හෙරොයින් මිලි ග්‍රෑම් 2300ක් ලග තබා ගැනීමේ චෝදනාවට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොතිබින.

එම නිසා, එම චෝදනාව සදහා ඇප ලබා ගැනීමට පානදුර මහාධිකරණයේ පිහිට පතන්නට ඔහුට සිදුවිය. සරත් කුමාරට එරෙහිව මොරටුව පොලිසිය පවරා තිබෙන හෙරොයින් චෝදනාව, ව්‍යාජ එකක් බව සදහන් කරමින්, ඔහු ඇප මත මුදාහැරීමට මහාධිකරණය තීන්දු කළේය. මෙම බොරු චෝදනාව නැගීම පිළිබද කලහැකි දෙයක් අධිකරණයට නොමැති බවද - තීන්දුවේ සදහන්ය.

රන් මාලයක් මංකොල්ල කෑම  පිළිබද නඩුව පොලිසිය විසින්ම ඉල්ලා අස්කර ගනු ලැබීය.

ගෙයක් බිදීම හා හෙරොයින් ළග තබා ගැනීමේ චෝදනා යටතේ නඩු දෙකට මුහුණ දෙන්නට සරත් කුමාරට සිදුවිය.

ගෙයක් බිදීමේ නඩුවෙන්ද ඔහුව නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

හෙරොයින් ළග තබා ගැනීමේ නඩුව - මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්ම විභාගයට තීරණය වූයේ, මොරටුව පොලිසිය, සරත් කුමාර ළග තිබී හසුවූ බවට කියමින් අධිකරණයට ඉදිරිපත් කල හෙරොයින් මිළිග්‍රෑම් 2300 යේ, අඩංගු හෙරොයින් ප්‍රමාණය මිළි ග්‍රෑම් 94ක් බවට රස පරීක්ෂක නියම කිරීම නිසාය.

මෙහිදී, මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබාදීමට නොහැකි ප්‍රමාණයක, හෙරොයින් තිබෙන බවට, උසාවියට ඉදිරිපත් කරන කුඩු පිළිබද තීරණ ගැනීමට මහේස්ත්‍රාත්වරයාට නොහැකිය. ඒ නිසාම, පොලිසිය අඛණ්ඩව, කිසිදු බාධාවකින් තොරව, සියලු වගකිව යුත්තන්ගේ පූර්ණ ආශිර්වාදය යටතේ - නඩුකාරයාව, උසාවිය රවටමින්, ශ්‍රී ලංකාවේ යුක්තිය පසදලීමේ ක්‍රියාපටිපාටිය කෙතරම් විගඩමක්ද යන පෙන්වා දෙයි.


 දීර්ඝ නඩු විභාගයකින් පසුව, මෙම - ‘‘බොරුහෙරොයින් චෝදනා නඩුවෙන්, සරත් කුමාරව නිදොස්කොට නිදහස් කරන්නේ - ඉහත සදදහන් කරුණු, මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුවේ සදහන් කරමින්ය.

මෙම බොරු චෝදනාව නිසා - දරු පවුල් කාරයකු වන, කුලී වැඩකර ජීවත් වන සරත් කුමාරව දින 515 ක් රක්ෂිත බන්ධනාගාරයේ ලගින්නට සිදුවිය. මෙම කාලය තුල සරත් කුමාරගේ බිරි නොවින්ඳ දුකක් නැත.

මේ අතර සරත් කුමාර  නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, බොරු නඩු දමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම, තමන්ගේ මූලික අයිතීන් පොලිස්පති හා මොරටුව පොලිසිය උල්ලංඝණය කල බවට - තීන්දුවක් ලබා ගැනීමට, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.

එම නඩුව - මේ වන විට විභාගයට අරගෙන තිබේ. පොලිස් කාරයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු උත්සාහ ගන්නේ නඩු කියා ජයගන්නට නොව, මුදලකට යුක්තිය හිලව් කිරීමටය.

අපරාධ - මුදල් වලට හිලව් කිරීමට තරම් මේ වක විට ශ්‍රේෂ්ඨාධිකරණය පත්ව තිබීම, පුණ්‍ය භූමිය මුහුණ පා තිබෙන ඛේදවාචකයට තවත් එක් නිදසුනකි.

සරත් කුමාර නඩුව - සෑම අවංක මානව හිමිකම් ක්‍රියාධරයකු විසින් අධ්‍යයනය කල යුතු, කථිකාවකට භාජනය කල යුතු තවත් එක් නඩුවකි.


බෙලහීන ඊනියා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට - රාජපක්ෂ ගැත්තන්ට, පොලිසියට, බොරදියේ මාඵ බාන නිල හා නිල නොවන බාර් එකේ ඇත්තන්ට මෙම කරුණු - මේ සිද්ධධීන් වහ කදුරු බව අපි හොදාකාරවම දනිමු.

No comments:

Post a Comment