Friday, December 6, 2013

හය අවුරුද්දකට පසුව, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.යූ.පී.අමරතුංග ට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කරයි.

2007 දී, ඔහු පානදුර දකුණ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වශයෙන් ක්‍රියා කරද්දී, සත් මස් ගැබිනි මවක්, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන, රු: 5000/=ක් /ගෙන මුදාහරිනු ලැබිනි.

2007.01.10 වන දින වූ මෙම සිද්ධියට භාජනයවුයේ, සුජීවා ප්‍රියදර්ශනී මහත්මියයි.

ඇයට විරුද්ධව, ඇගේ පුංචි අම්මා විසින් පැමිණිල්ලක් කර තිබින. එම පැමිණිල්ල විභාග කිරීමට දෙපාර්ශවයම පොලිසියට කැදවනු ලැබීය. සුමිත් අතුකෝරළ නැමැති ප්‍රාදේශීය සභා නියෝජිතයා ගේ උපදෙස් අනුව ක්‍රියා කළ - මූ.පො.ප.අමරතුංග, කිසිදු විමර්ශණ කටයුත්තක් නොකර, ඈ පසුවන තත්වය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා, කාන්තා පොලිස් නිලධාරියෙකු හෝ පාලිකාවක් නැතිව, නිරාහාරව, මුඵ රැයම පොලිසියේ බංකුවකa මත වාඩිකරවා තබන ලදි.

එයට අමතරව, ගෙදර යවන්න නම් රු: 10,000/= ලබාදිය යුතු බවට තර්ජණය කළේය.

පසුදින, රු: 5000/=ක් ලබාදී, ඉතිරි රු: 5000/= දින 14ක් තුල ගෙවීමට පොරොන්දුවී, ඇය ගෙදර ගියේය.

මේ පිළිබදව ඇය ලිඛිතව පොලිස්පති ඇතුලුව, අදාල බලධාරීන්ට පැමිණිලි කර සිටියේය.

එයින් අනතුරුව මෙම පැමිණිල්ල පිළිබදව - බලපෑම් කර, පානදුර පොලිස් අධිකාරී කාර්යාලය ප්‍රකාශ ලබා ගත්තේය. එම ප්‍රකාශය පදනම් කරගෙන - ඇගේ පැමිණිල්ල කුණුකූඩයට දැමීමට, එවක පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී තීරණය කළේය. ඒ බව ඔහුගේ 2007.09.03 ලිපියෙන් ප්‍රිය දර්ශණී මහත්මියට දන්වා තිබින.


කරුණු මෙසේ තිබියදී, ඇගේ පැමිණිල්ල අදාලව - පොලිස් විශේෂ විමර්ශණ ඒකකය මගින් කරන ලද විමර්ශනය පදනම් කරගෙන, විනය පරීක්ෂණයක්, ප්‍ර.පො.ප. ඩී.යූ.පී. අමරතුංගට එරෙහිව ආරම්භ කර තිබේ. එය විධිමත් විනය පරීක්ෂණයක් වන අතර, පරික්ෂණ නිලධාරී ලෙසට පත්කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් පිටස්තර පුද්ගලයෙකි.

No comments:

Post a Comment