Saturday, December 14, 2013

ලිංගික අපයෝජකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි - ඉහළින් එන බලපෑම් නිසා. පොලීසිය කියයි.


තම 14හැවරිදි දියණිය ලිංගික අපයෝජනයට ලක්කළ පුද්ගලයා ඇප මත නිදහස්ව පැමිණ, නිදැල්ලේ හැසිරෙමින් දැරියව හා තම පවුල පිඩාව පත් කරමින් අයුතු බලපෑම් සිදු කරන බව පවසන ඇගේ දෙමා පියන්, තමන් කරනු ලබන පැමිණිලි වලට නීතිමය පියවර ගන්නට බරි බව දොඩංගොඩ පොලීසිය පවසන බවද, ඒ ඉහළින් බලපෑම් නිසා බවද ප්‍රකාශ කරයි.
සනීපාරක්ෂක කම්කරුවකු වන ඇගේ පියා  ශ‍්‍රී මනෝරාජ් ප‍්‍රනාන්දු      පවසන්නේ අසල වැසියෙකුවන දනුක නිශාන්ත නැමති මේ සැකකරු තම මිදුලට රතීඤඤා පත්තු කර දැමීම, ප්‍රබල බෆල් යොදාගෙන ගීත හා චිත්‍රපට රාත්‍රි 12 පසු වනතුරු  මහා හින් පචාරය කිරිම සිදුකරනු ලබයි.
දැරිය ලබන වසර අ.පො.ස(සා.පෙ.) විභාගයට පෙනීසිමට නියමිතය. ඇයට විභාගය කිරිමට ඉඩ නොතබන බවට වාසි බස් පවසන මෙම සැකකරු හා ඔහුගේ පියා මේ ආකාරයට හිංසා කරන බව පවසා සිටි.

මේ පිළිබව පරිසර අධිකාරියට සහ පොලීසියට පැමිණිලි කලද මේ දක්වා කිසිදු ප්‍රතිඵලයක් නැති බවද පවසා සිටී. එම පසුබිම තුල ඔහු පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට ලිඛිතව පැමිණිලි කරමින් නීතිය ක්‍රයාත්මක කරන ලෙසට ඉල්ලා සිටී.

No comments:

Post a Comment