Monday, December 2, 2013

ගණිකා පහස ලබන්නට යන පිරිමින්ට දඩ ගහන්න ප්‍රංශයද සුදානම් වෙයි.



වැරදිකාරිය ගණිකාව නොවේ. ගණිකාව ළට යන පිරිමියා. මෙතෙක් පැවති ඔලුවෙන් සිටවා සිටි අපරාධ නීතිය, කකුල් දෙකෙන් සිටුවීමට ප්‍රංශය ද එක්වෙයි.‍
බුදුන් සමයේ  නගර ශෝබනියන් ලෙසට ව්‍යවහාර කෙරුණ අම්බපාලිලා ව අද ගණිකාවන් ලෙසට හුන්වනු ලබති.
එදා මෙදා දක්වා, මැද පෙරදිග බිහිවූ සියලු ආගම් සහ ඒ මත ගොඩ නැගූ බටහිර නීතිද ගණිකා වෘතියේ යෙදෙන ගැහැණිය අපරාධකාරියක් ලෙසට පිළිගන්වන ලදි. ඇය සමාජයේ ගැරහීමට පාත්‍ර කරනු ලැබීය. ගණිකාවක යයි චෝදනා ලබන ගැහැනිය ගල් ගසා මරා දැමීමට තරම් මෙම ආගම් මෙලේච්ඡද විය. අදටත් මෙය ඉස්ලාමීය රටවල පවති.
සංවර්ධනයත් සමග බටහිර රාජ්‍යයන්, ආගම පදනම් නීතිද වෙනස් කළේය. ගණිකා වෘතිය තහනම ද ඉවත් කළේය. එහෙත් පිම්පි කම් කිරීම, ගණිකා වෘතිය ට ගැහැණුන් විකීණීම, ගණිකා නිවාස පවත්වාගෙන යෑම තහනම් විය.
නමුත් ගණිකාව පරිහරණය කරන පිරිමියාව නිර්දෝශි පුද්ගලයෙකු ලෙස සලකන ලදි.
ඉංග්‍රීසි නීතිය පවතින අප රටේ ද තත්ත්වය මෙයයි. පිම්පි කම් කිරීම, ගණිකා වෘතිය ට ගැහැණු විකීම, ගණිකා නිවාස පවත්වාගෙන යෑම තහනම්ය.
ගණිකාව පරිහරණය කරන පිරිමියාට දඩුවමක් නැත.
පොලීසිය කරන්නේ,  ගණිකාවන්  ලෙසට නම් කරන ගැහැණුන් අල්ලාගෙන ගොස්, අයාලේ නීතිය යටතේ හෝ සූදු කෙලීම යටතේ හෝ නඩු පැවරීමය.
ගණිකා නිවාස, සම්බාහන ආයතන, කැරකෝ වටලා -   ඒවායේ සිටින ගැහැණුන් අල්ලාගෙන ගොස්, ගණිකා වෘතිය පවත්වාගෙන යෑමට ආධාර අනුබල දීම යටතේ නඩු පැවරීමය.
මේ පිළිබව - මාධ්‍ය පොලීසිය හා එක්ව පාඨකයින්ව  ගොනාට” අන්දවති. ඒ ඊනියා සදාචාරයේ නාමයෙනි.
“ගණිකා” වෘතියේ යෙදීම වැරදි නම්, එම ගණිකාවන්ගෙන් සේවය ලබා ගන්නා ද වැරදිකරුවෙක් විය යුතුයි. නමුත් මෙය කාලයක් තිස්සේ ගැහැණුන් ප්‍රශ්න කළද - එයට පිළිතුරු දීමට “ගණිකා” පහස ලබන්නාවූ සමාජයේ ඉහළයින් සූදානමක් නැත.ඔවුන්ට මෙම “කථිකාව” අසැබි එකක් විය.
මෙම මැද පෙරදිගින් බිහිවූ ආගම් හා සංස්කෘතිය මත බිහිවූ  නීති - වෙනස් කිරීමට පළමු පියවර තැබූයේ ස්වීඩනයයි.
ඒ අනුව, පිම්පි කම්, ගණිකා නිවාස පවත්වාගෙන යෑම, ගණිකා වෘතියට ගැහැණුන් විකිනීම පමණක් නොවේ, ගණිකාවන්ගේ සේවය ලබා ගන්නා වූ පිරිමින් ද වරද කරුවන් බවට පත්කරමින් අපරාධ නීතිය සංශෝධනය කළේය.
මේ මගින්, එරට ගණිකා වෘතියේ යෙදීම සියයට 50 කින් අඩු විය. මෙම ආදර්ශයට ගත් යුරෝපා රටවල් කිහිපයක් - ගණිකා සේවය ලබා ගන්නා පිරිමින්ට දඩුවම් කිරීම ආරම්භ කළේය.
මෙ ආකාරයට  ගණිකා නීතිය වෙනස් කිරීමට පෙරට විත් සිටින අලුත්ම රට ප්‍රංශයයි.
නොමිළයේ ගන්නට තියෙන දෙයට මුදල් ගෙවීම වරදක් බව - මෙම නීතිය ප්‍රංශ පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙරටු ගාමී වී සිටින ස්ත්‍රී  අයිතිවාසිකම් පිළිබඳ ඇමතිනිය කියා සිටී.
මෙම ආදර්ශය පුණ්‍ය භූමියක් බවට උදේ සවස බෙරිහන් දෙන ශ්‍රී ලංකාවට නරකද ?
අත්අඩංගුවට ගෙන නඩු පැවරිය යුත්තේ හෝටල් කාමරයේ සිටින, සම්බාහන ආයතනයේ සිටින, කැරකෝවේ සිටින පිරිමින්ටය. ඒවායේ සිටින ගැහැණුන්ට නොවේ.
මේ නීතිය අසන විට රාජපක්ෂ රෙජිමයේ සියල්ලන්ගේද, කහ සුදු පොරවා ගත් පූජකයින්ගේද, සුදු ඇඳගෙන බණ අසන කියන සියල්ලන්ගේම ඇඟ කිලිපොලා යනු නොඅනුමානය.

No comments:

Post a Comment