Sunday, December 22, 2013

ජනාධිපති නීතිඥ අනිල් සිල්වාට හා නීතිඥ ජගත් අ‍බේනායකට එ‍රෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනය මණ්ඩලයට ඉදිරිපත් කළාලු. judicature act ( sri lanka) යටතේ කරන ලද මෙම යොමු කිරිමට මොකද වුනේ.


2009 මාර්තු මස 18 වන දින, අගවිනිසුරුවරයාට සහ ශ්‍රී ලංකා නීතිඥ සංගම‍යේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් කරමින්, ගෝනපල පදිංචි කරු‍වෙකු වූ නන්දසේන මහතා කියා සිටි‍‍යේ, තමාට සිදුවූ අසාධාරණයක් සම්බන්ධ‍‍යෙන් ‍හොරණ අධිකරණ වලට සම්බන්ධව සේවය කරන නීතිඥ පුන්සිරි හපුතන්ත්‍රී ‍ගේ මග පෙන්වීම යට‍තේ, ජනාධිපති නීතිඥ අනිල් සිල්වාට නඩුව බාරදුන්න බවයි.
ඒ 2006 මැයි 10 වන දිනය. නඩු ගාස්තු වශ‍යෙන් රුපියල් 35,000/= ක් අවශ්‍ය බව පවසා, රුපියල් 25,000/= ක් ලබාගත් බවයි.
නමුත් කීප දවසක්ම ජනාධිපති නීතිඥ අනිල් සිල්වා හමුවුවද නඩුව ෆයිල් කර තිබු‍ණේ නැති බව ප්‍රකාශ කරන නන්දසේන මහතා, දිනක්, ඔහු‍ගේ නඩු‍වේ කටයුතු කිරීමට ඔහු‍ගේ කණිෂ්ඨ‍යෙකුව සිටි නීතිඥ ජානක වික්‍රමරත්න යන අයට ‍යොමු කර ති‍බේ.
එම නීතිඥවරයා නන්ද‍සේන මහතා‍ගෙන්  රුපියල් 10,000/= ක් ලබා‍ගෙන ඇත. එ‍හෙත් ෆයිල් වූ නඩුවක් නැත.
නැවත ජනාධිපති නීතිඥ අනිල් සිල්වා හමුවූ විට, ඔහු කියා ඇත්‍තේ දැන් නීතිඥ ජානක වික්‍රමරත්න දැන් ම‍ගේ ළඟ වැඩ කර‍න්නේ  නැහැ. ෆයිල් ටික ‍ගෙනියන්න.  රුපියල් 10,000/= අරගන්න. ඉතිරි සල්ලි වලට අපි වැඩ කරලා ති‍යෙ‍න්නේ කියා.
ඔහු යළිත් නීතිඥ පුන්සිරි හපුතන්ත්‍රී හමුවී විස්තර කියූ විට, ඔහු නන්ද‍සේන මහතාව ජගත් අබේනායක නම් වූ නීතිඥවරයා ළඟට යවන ලදි.
නීතිඥ ජගත් අ‍බේනායක නන්ද‍සේන මහතා‍ගෙන් රුපියල් 10,000/= ක් ලබාගන්නා ලදි. නැවත වරක් රුපියල් 10,000/= ක් ලබාගන්නා ලදි.
මේ කාරණය ගැන, ඔහු දිවුරුම් ප්‍රකාශද ‍ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ක‍ළේය.මේ පිළිබඳව නීතිඥ සංගමය පරීක්ෂණයක් ක‍ළේය. 2011.07.05 දාතමින්, එම සංගම‍යේ පරිපාලන ලේකම් ‍කේ.එම්. ඩබ්ලිව්. කාලවිල මිය විසින් නන්දසේන මහතාට ලිපියක් එවමින්, කියා සිටි‍යේ, පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කරන ලද බවයි.
මෙම තීරණය තර‍යේ  ප්‍රතික්‍ෂේප කළ නන්ද‍සේන මහතා, අඛණ්ඩව ‍‍ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා සිටි‍යේය.
එහි ප්‍රතිඵලයක් වශ‍යෙන් ශ්‍රේෂ්ඨාධිකරණ‍යේ ‍රෙජිස්ට්‍රර් දුමින්ද පී. මුදුන්‍කොටුව විසින්, විනය කමිටු අංක 05, සභාපති ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු ‍වෙත, නන්ද‍සේන මහතා ගේ පැමිණිල්ල, අගවිනිසුරු නි‍යෝග මත ‍යොමු ක‍‍‍ෙළ‍්ය. එ judicature act එක යට තේය.
එම ලිපි‍යෙන් අනිල් සිල්වා හා ජගත් අ‍බේනායක යන නීතිඥවරුන්ට විෂමාචාර පිළිබඳව නන්දසේන මහතා විසින් කර ති‍‍බෙන පැමිණිල්ල මාස 03 ක් තුළ නිම කොට වාර්තා කරන ලෙසටද නියම කරන ලදි.
2012.01.16 දිට අද දක්වාම මේ විනය කමිටුව ට මාස තුනක් ගතව නැත.
නන්ද‍සේන මහතා නැවත ‍‍‍ෙම් පිළිබඳව සිහි කැඳවීම් කරන විට, 2013.10.10 පී. 40/2009 ලිපි‍යෙන් ශ්‍රේෂ්ඨාධිකරණ‍යේ ‍රෙජිස්ට්‍රර් එම්.එම්. ජය‍සේකර මිය, යළිත් කියා සිටි‍යේ නීතිඥ අනිල් සිල්වා හා නීතිඥ ජගත් අ‍බේනායකට විරුද්ධව පැමිණිල්ල විනය කමිටුව ‍වෙත ඉදිරිපත් කර ඇති බවයි.
නන්ද‍සේන මහතා, ‍මේ ර‍ටේ සාමාන්‍ය පුද්ගල‍යෙකි. ඔහු වටිනා කෙනෙක් ද නොවේ. නීතිය ඔහුට හරස් වන විට කතා කරන්නට කිසි‍වෙක් නැත.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට හූ කියා, ඇද එළියට දැමීම ගැන නන්ද‍සේනලාට ප්‍රශ්නයක් නැත. ‍මෙය ‍තේරුම් ගත යුතුයි. 

No comments:

Post a Comment