Wednesday, December 18, 2013

SI මෙන්ඩිස් කුරුඳුගහ හැතැක්ම, රට බීම හලෙන් ගත්තු ”ග‍්‍රීන් ඇපල්” අරක්කු බෝතලය, ජීප් රථයේ තියාගෙන PC සිල්වා හා ජිප් රියදුරු එක්ක බිව්වා. ජිප් එකේ කොප්ප, කොකා කොලා තිබුනා. බොතලයෙන් බාගයක්ම බිව්වා.


කරන්දෙණිය පොලීසිය අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට වධදි බොරු නඩු දමා පසුව ඔවුන් ඉත්තන් ලෙසට යොදා ගනිමින් ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයින් බිය ගන්වා ඔවුන් ගෙන් කප්පන් ලබා ගැනීමේ ව්‍යාපාරයේ සුල මුල හෙලි කරන කුමාරවඩුගේ නිහාල් ගේ ප‍්‍රකාශයේ මෙසේ සඳහණි.
කරන්දෙණියේ පදිංචි 29හැවරිදි කුමාරවඩුගේ නිහාල් එක් දරු පියෙකි. කම්කරුවෙකි.
‘‘ 2013.09.22 වන දිනපෙ:ව:8.30 ට පමණ නිවසේ සිටින විටකරන්දෙණිය පොලිසියේ උ.පො.ප. අසේල සමග පොලිස් කොස්තාපල් ප්‍රේමචන්ද්‍ර - සිවිල් ඇඳුමින්යතුරු පැදියකින් පැමිණ මා අත්අඩංගුවට ගත්තා.
මා අත්අඩංගුවට ගැනීමට පෙර මාගේ නම ඇහුව්වා. ඊට පසුව වැලේ තිබුනු චීත්ත රෙද්දක් ගෙන එය ඉරා,මගේ අත් පිටුපසට කර ගැට ගසායතුරු පැදියේ මැද තබාගෙන මාව ගෙන ගියා.
මා පොලිසියට ගෙන ගියායින් පසුවමාව පොලිසිය පිටුපස බංකුව මතමුනින් අතට දිගා කොට,කේබලයකින් මගේ යටිපතුල්වලට පහර දුන්නා.
මට ගහන ගමන්, ”උඹේ අම්මාට හු...” කියමින්, ”උඹ කරපු හොරකම් කියපන්” කිව්වා.
මා සොරකම් නොකල බව ප‍්‍රකාශ කලා.
එසේ පහර දීමෙන් පසුවමාව බැරැක්කයට ගෙන ගොස් රෙදි පටිය ලිහලාඇඳක් ළඟ බිම වාඩි කරවා,මාගේ වම් අතඇඳේ උඩ ඇන්දට තබාමාංචුව දැම්මා. ඒ අතරමාගේ මවමාව බලන්න පැමිණයා. ඇයට බැන පන්නා ගත්තා. මා මාගේ ජංගම දුරකථනයෙන්මල්ලී වන කේ.ඩබ්.නිමල් ට කතා කර දැනුම් දුන්නා. මා ඔහුට කිව්වා නීතිඥ මහතාට දන්වන ලෙස.
රාත‍්‍රී 7.00 පමණනීතිඥ කාල්ටන් සිල්වා මහතා මා බැලීමට පැමිණීයා. ඒ මහතා මගෙන් ඇහුව්වා ගෙන ආ කාරණය. මා ගොරකගහව වත්ත යන ප‍්‍රදේශයේ ගෙයක් කුඩු කලා යයි කියා ගෙන ආ බව මම පවසා සිටියා. එවිටනීතිඥ කාල්ටන් සිල්වා මහතාඋ.පො.ප. මෙන්ඩිස් ට කිව්වා- ගෙදරින් ආවොත් බලන්න දෙන්න කියා.
නමුත් මාව කාටවත් පෙන්වූයේ නෑ. ගෙදරින් ගෙනා කෑම උ.පො.ප. මෙන්ඩිස් මට ගෙනත් දුන්නා. එ දින (22) රාත‍්‍රී 9.30 ට පමණෂර්ට් එක ගලවා අයින් කරකූඩුවට ගෙන ගොස් දැම්මා. පසුදින උදේ (23)ගෙදරින් ආවා. නමුත් මාව බලන්න දුන්නේ නෑ.
දහවල් 12.30 ට පමණමාංචු දමාජීප් රථයෙන් කුරුඳුගහ හැතැක්ම රටබීම සාප්පුව ළඟට ගෙන ගියා. මාව ගෙන ගියේඋ.පො.ප. මෙන්ඩිස්පො.කො. සිල්වා හා ජීප් රියදුරු. රට බීම හල අසල නවත්වා,උ.පො.ප.මෙන්ඩිස් රට බීම හලෙන් ග‍්‍රීන් ඇපල්” අරක්කු බෝතලයක් ගෙනජීප් රථය ළඟට පැමිණමට කිව්වාදැන් කඩය ළඟට යනවාඒ කඬේට කුරුඳු දුන්නා කියා කියපන් කිව්වා. ඉතුරු හරිය අපි බලාගන්නම් යයි කිව්වා.
ඊළඟටජීප් රථය තුන්මංහන්දියෙන් හරවා රට බීම හල ඉදිරිපිට තිබෙන කුරුඳු කඩය ඉදිරිපිට නැවැත්වූවා. මා ජීප් රථයේ සිටියදීඋ.පො.ප.මෙන්ඩිස් හා පො.කො.සිල්වා රථයෙන් බැස කඩය තුලට ගොස් මුදලාලි කෝ කියාඑහි සිටි ළමයාගෙන් ඇහුව්වා. ඔහුට කිව්වාමුදලාලි ආවහමපොලිසියට එන්න කියන්න කියා. ජීප් රථයට නැගඅනුරුද්ධගම නිවසකට ගෙන ගියා. එය වැඩ අවසන් නොකරපු  නිවසක්. පසුව මම දැනගත්තා පො.කො.සිල්වාට අයත් එකක් බව. පො.කො.සිල්වාමායිමේ සවිකර තිබූ කොන්ක‍්‍රීට් කණූ පේලිය දිගේ ගොස් අල්ලපු නිවසේ කාන්තාවකට කතා කරමායිම් වෙනස් කරන්න එපා යයි කිව්වා.
එයින් අනතුරුව ජීප් රථයට නැගඋ.පො.ප.මෙන්ඩිස්පො.කො.සිල්වාරථයේ රියදුරු එකතු වී ග‍්‍රීන් ඇපල් අරක්කු බෝතලය කඩා ගෙනඑයින් බාගයක් විතර බිව්වා. ජීප් රථය තුල ප්ලාස්ටික් කෝප්ප තිබුනා. කොකා කෝලා බෝතලයක් තිබුනා.
නැවතපොලිසියට පැමිණමාව බැරැක්කයට ගෙන ගොස්කලින් දින ඇඳටම තබා-  මාංචු දැම්මා. එදින,එලිවන තුරුමමාව ඒ ආකාරයටම මාංචු දමා තිබ්බා. එදිනද ගෙදර අයට බලන්න ඉඩ දුන්නේ නැහැ. ගෙදරින් ගෙනා කෑම දුන්නා.
පසුදිනඑනම් (24 දා) දහවල් 12.30 ට පමණ නැවත මාවජීප් රථයට දමාගෙන කුරුඳුගහ හැතැක්ම,කුරුඳු කඩය ළඟට ගෙන ගියා. පෙර දින මෙන්මමා ජීප් රථයේ සිටියදීඋ.පො.ප.මෙන්ඩිස් හා පො.කො.සිල්වා කඩය තුලට ගියා. ඒ වෙලාවේ කඬේ හිටියේ කාන්තාවක්. මට ඇහුනාඑම කාන්තාවට,මුදලාලි පොලිසියට ආවේ නෑ කියා බැන වැදුනා. මුදලාලිට නොවරදවාම හවස පොලිසියට එන්න කියන්න කියා පිටවුනා.

එන ගමන් මගෙන් ඇහුව්වාඋඹ අයි.ඞී.නන්දාවතීලාගේ ගෙදර තලපු කුරුඳු දාන්නේ කාටද කියා . මම කිව්වා අමර කීර්ති ගම්මානයේ තිලක් මුදලාලිට කියා. මාවද රැගෙන එහාට ගියා. එතනදී මාව ජීප් එකෙන් බස්සලා තිලක් මුදලාලිගේ නිවසට ගෙන ගියා. තිලක් මුදලාලිටඋ.පො.ප.මෙන්ඩිස්මාව පෙන්වාමූ දීලා තියෙන්නේ හොර කුරුඳු බව දන්නවාද අසාකුරුඳු කිලෝ 90 වත් දීලා තියෙනවාඒවා දෙන්න සූදානම් වෙන්න කියා පැවසුවා.
තිලක් මුදලාලි කිව්වාකිලෝ 90ක් ගත්තේ නැහැඑක පාරක් කිලෝ 10ක මිටියක්තව පාරක් කිලෝ24ක මිටියක් දුන්නාඒ ටික දෙන්නම් කිව්වා. තිලක් මුදලාලි සමග ගේ ඇතුලට ගිහිල්ලා උ.පො.ප.මෙන්ඩිස් හා පො.කො.සිල්වා කතා කොට එළියට ආවා. ඇවිත් තිලක් මුදලාලි කිව්වාජීප් එකේ අරගෙන යනකොට මට ලැජ්ජයිමම හවසට පොලිසියට ගෙනත් දෙන්නම් කියා.
නැවත කරන්දෙණිය පොලිසියට ආවා. මා පසුව දැනගත්තා තිලක් මුදලාලි කරුඳු පොලිසියට ගෙනත් දී තිබෙන බව.
පොලිසියට විත් මාව කූඩුවට ගෙනත් දැම්මා. සවස 3.30 ට පමණඋ.පො.ප.මෙන්ඩිස් හා පො.කො.සිල්වා පුද්ගලයෙක්ව කූඩුව ළඟට ගෙනවිත්මාව පෙන්වාමූ තමයි උඹට කුරුඳු දීලා තියෙන්නේ කියානැවත ඔහුව රැගෙන ගියා. මට ඇහුනාඑම පුද්ගලයාට මහා හඬින් කුණූ හරපයෙන් බනිමින් පහර දෙන ශබ්දය. රෙදි ගලවපන් කියමින් කෑගසා කියනවා මට ඇහුනා. අනූදාහක කුරුඳු බාරදීපන්නැත්තම් බාගයක් හරි කුරුඳු දීපන් කියමින් පහර දුන්නේ. විනාඩි 15කින් නැවතඒ පුද්ගලයාව කූඩුව ළඟට ගෙනවිත්කූඩුව ඇර මාව එළියට ගෙනඔහු කූඩුවට දැම්මා. ඔහු හිටියේ වේදනාවෙන්. පහර දීලා තිබුනා. පසුව මා දැනගත්තා ඔහුකුරුඳුගහ හැතැක්ම කුරුඳු කඬේ මුදලාලි වන සුජිත් පේ‍්‍රමසිංහ මහතා බව.
මාව එළියට අරන් නැවත බැරැක්කයට ගෙනගොස්පෙර පරිදි ඇඳකට තබා මාංචු දැම්මා. එදින සවස6.00ට පමණතවත් පුද්ගලයකුට පහර දෙමින් ගෙන ආවා. මට ඇඳ උඩින් වාඩිවෙන්න කිව්වා. ඔහුව බිම වාඩිකරවාඅත ඇඳට තියලා මාංචු දැම්මා. එදින රෑ මාඑක අතක මාංචු සහිතව ඇඳ උඩ හිටිය අතර,අනෙක් පුද්ගලයා ඇඳ යට හිටියා. එම පුද්ගලයා නිශාන්ත සමරවීර බව පසුව දැනගත්තා.
පසුදින (25දා) උදේ 10.00 ට පමණමාව අපරාධ අංශයට ගෙනවිත් මාගනේ ප‍්‍රකාශයක් ගත්තා. ඒ අවස්ථාවේ පිරිමි ළමුන් දෙදෙනෙකුට මාංචු දාලාමූණට පහර දෙමින් ගෙනවිත්දණ ගැස්සුවා. එසේ කළේ උ.පො.ප.මෙන්ඩිස්. දණගසා සිටින ළමුන් දෙන්නාටපො.කො. සිල්වා කම්මුලට ගහගෙන ගහගෙන ගියා. ඊට පසුව පයින් ගැහුව්වා. පසුව මා දැනගත්තාඑම පිරිමි ළමුන් දෙදෙනාගෙන් එක් අයෙකුසුජිත් ප්‍රේමසිංහ මහතාගේ පුතා බව හා අනෙක් ළමයා ඔහුගේ මිතුරකු බව.
එයින් පසුව මාවජීප් රථයෙන් කරන්දෙණිය බොරකන්ද රජයේ රෝහලට ගෙන ආවා. මාව ගෙනිච්චේ පො.කො.ඩග්ලස් හා තවත් නිලධාරියෙක්. මාව ගෙනගිය ගමන්ඒ දෙන්නා මට කිව්වාඅනං මනං කියන්න එපාගැහුව්වා කියලා කියන්න එපාවැටිලා තුවාල වුනා කියපන්කටඋත්තර අරන් ඉවර නෑගහපු බව ඉස්පිරිතාලෙදි කිව්වොත් බොට කරන්න  ඕනා දේ අපි දන්නවා කිව්වා.
මාව රෝහලේදී වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කලා. මම කරදරයක් නෑ කිව්වා. මාව පරීක්ෂා කරන තැන පොලිස් නිලධාරීන් හිටිය නිසාමම ඇත්ත කියන්න බය වුනා. නැවත මාව පොලිසියට ගෙන ආවා. ඊට පස්සේ පොතේ ලියපු ඒවාට මගෙන් අත්සන් ගත්තා.
සවස 4.00 ට පමණ මාව බලපිටිය උසාවියට ගෙන ආවා. මාව අධිකරණයට ඉදිරිපත් කලේ කරන්දෙණිය පොලිසියේ ඩග්ලස් කියන නිලධාරියා. ඔහු අධිකරණයට කිව්ව කරුණු මට ඇහුනේ නැහැ. නඩු හතරකට මට ඇප නියම කලා.
ඇප තියන්න කිසිවෙක් සිටියේ නැහැ. මාව බන්ධණාගාර ගත කලා. මට දින 09ක් බන්ධනාගාරයේ ඉන්න සිදුවුනා. මා නිදහස් වුනේ 2013.10.04 වෙනිදා. අංක 62923 නඩුවේ මීළඟ දිනය - 2014.02.17 වේ. අංක 61939, අංක 60799, අංක 55749 දරන නඩු තුන 2014.3.24 දින පැවැත්වේ.
මෙසේ තිබියදී, 2013.11.10 වන දිනමට කරන්දෙණිය පොලිසියට පැමිණෙන ලෙසට ඩග්ලස් නැමැති නිලධාරියා මාගේ නිවසට පැමිණ මට දැනුම් දුන්නා. ඒ අනුව මා පොලිසියට ගියා. මට ඩග්ලස් නිලධාරියා කිව්වා කුරුඳු හොරකමක් පිළිබඳ නඩුවක් දාන්න තියෙනවා කියාමට ඇප තියන්න ගෙදරින් කෙනෙකුට එන්න කියන්න කිව්වා. මා මල්ලීට කතා කරලා කිව්වා. ඒ අනුව මාගේ ඥති සොහොයුරියක් වන සමන්තිකා පැමිණියා.
පො.කො.සිල්වා හා වෙනත් නිලධාරියෙක් මට කියා ත‍්‍රී රෝද රථයක් ගෙන්වාගෙන මාව ඇල්පිටියේ වැඩ බලන මහේස්ත‍්‍රාත් ලෙසට වැඩකල හල්පන්දෙණිය නීතිඥ තැන වෙත ගෙන ගියා. හතර දෙනාම ඇල්පිටිය වැඩ බලන මහේස්ත‍්‍රාත් ළඟට ගියේ ත‍්‍රී රෝද රථයෙන්.
ඇල්පිටියට යන අතරපො.කො.සිල්වා ඔහුගේ ජංගම දුරකථයෙන් නීතිඥවරයෙකුට කතා කොට,පුද්ගලයෙක් හල්පන්දෙණිය මහත්තයලාගේ ගෙදරට ගෙනියනවාඇප ගන්න එන්න හැකියි එන්න පුල්වන්ද කියා ඇහුව්වා. මට පො.කො.සිල්වා කිව්වා නීතිඥ මහතෙක් එනවාඑයාට රුපියල් දෙදාහක් දෙන්න කියා.

එදින මාවරු: 50,000/=ක පොලිස් බැඳුම් කරයක් මත මුදාහැරියා. 2013.11.14 ඇල්පිටිය මහේස්ත‍්‍රාත් උසාවයට ඉදිරිපත් වුනා. නඩු අංක 78149 වේ. එදින රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කලා. මීළඟ නඩු දිනය 2014.02.16 වේ.
2013.12.13 වන දිනදහවල් 1.00 ට පමණඇල්පිටිය නොවිසුඳුනු අපරාධ ඒකකයේපො.ප.ජනකාන්ත නැමැති නිලධාරියා හා තවත් නිලධාරීන් දෙන්නෙක් මගේ නිවසට ආවා.
ඔහු මගෙන්කුරුඳුගහ හැතැක්මේ මුදලාලි හා සම්බන්ධ කුරුඳු හොරකම පිළිබඳව දන්නවාද කියා ඇහුව්වා. මම නැහැ කිව්වා. එවිට මටපසුදින උදේ 9.00ට ඔවුන්ගේ ඇල්පිටිය කාර්යාලයට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. මගේ ප‍්‍රකාශය ඔහුගේ ජංගම දුරකථනයේ පටිගත කර ගත්තා.
මා 2013.12.14 දින උදේ 9.00 ට එම ස්ථානයට ගියා. එහිදී මගේ විස්තර අසා ලියා ගත්තා.’’
කුමාරවඩුගේ නිහාල් පවසන්නේ, 2006 දීකරන්දෙණිය පොලිසිය තමාවඅත් අඩංගුවට ගෙන බොරු නඩු දෙකක් දමා වසර 04ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලැස්වූ අතරඑම චොදනා ප‍්‍රතික්ෂේප කර නිවැරදිකරු කීම නිසාපළිගැනීමට - බොරු නඩු පවරනු ලබන බවයි.
දැනට ඔහුට විරුද්ධව නඩු 07ක් පවරා තිබේන අතර එක් නඩුවක් පවතින්නේ මහාධිකරණයේ බවද කියා සිටී.
වධ හිංසා පැමිණවීම්බොරු නඩු දැමිම්කප්පම් ගැනිම් චොදනා රැුසක් එල්ල වී තිබෙන මොවුන් දෙන්නාට ඉහළ පොලිස් නිලධාරින් ගේ හා රාජපක්ෂ පාලනයේ අනුග‍්‍රහය ඇති බව පැහැදිලි වන්නේ මෙම නිලධාරින් දෙන්නාව මැතකදි ප‍්‍රදේශයේම වෙනත් පොලීසි දෙකකට මාරු කර තිබී මෙන්ය. 


1 comment:

  1. කදිම සිද්දි නේ මේ රටේ වෙන්නෙ. මොකක් හරි සිද්දියක් අල්ලගෙන ප්‍රකාශ නිකුත් කරන අපේ ආගමික නායකයින්ට මේ අහිංසකයින් වෙනුවෙන් කතාකරන්න දිව නැමෙන්නෙ නැහැ නෙව.

    ReplyDelete