Friday, December 13, 2013

රක්ෂණයෝ අසරණයින් ගසා කති. - ජීවනාලෝකය - පවුලක්ම අදුරට දමයි.

වෛද්‍ය නොසැලකිල්ල නිසා සදාකාලිකව ආබාධිත වූ පුතා ගැන සිතා රක්ෂණ නියෝජිතවරියගේ බස්වලට රැවටී, ආරම්භ කර, වසර තුනකට වැඩි කාලයක් ගෙවන ලද රු: එක්ලක්ෂ දොලොස් දහස් තුන්සිය හැටක මුදල - මේ රක්ෂණ සමාගම වංචා කිරීමට සූදානම් වෙයි.

දෛවය සරදමකි. අබාධිත පුතාට ජීවනාලෝකය ලබාදීම, ලේ දහඩිය වගුරවමින් හම්බ කරපු මුදලින් කිසිදු ප්‍රමාදයකින් තොරව , රු: 2120/= බැගින් සමාගමේ හොරණ ශාඛාවේ අයි.බී.චන්ද්‍රිකා නැමැති නියෝජිතවරිය පැමිණ ඉල්ලන සෑම විටම - ඔහු වාරික ගෙව්වේය.

ඔහු අද සදාකාලික ආබාධිත වී ඇත.

ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම්, කෝටි ගණන් මුදල් වියදම් කරමින් ප්‍රචාරක කටයුතු කර, රටපුරා නියෝජිතයින් පත්කර ගම් දනව්වල අසරණයින් සොයා ගොස් රවටා, මුදල් ගසා කමින් - කෝටි ගණන් ලාබ ප්‍රයෝජන
ගනිති.

ඉංග්‍රීසියෙන් ලියා ඇති කොන්දේසි වලට - සිංහලවත් දෙමළවත් බැරි අසරණයින්ගෙන් අත්සන් ගනිති.

ඔවුන් මහත් බලාපොරොත්තු ඇති කර ගන්නේ මෙම වංචනික රක්ෂණ සමාගම්වල වාසි බස් වලට රැවටිලාය.

තමන් රවටන ලද බව තේරුම් ගන්නේ - ප්‍රතිලාභ ලබාගන්නට ගිය විටය.

කුරුවිට යූ.තිලකරත්න මයා, එසේ රැවටී ඇති පුද්ගලයෙකි.

ඔහු AVIA ndb සමාගමේ ජීවිත රක්ෂණ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී ලියන ලද ලිපිය පහත දැක්වේ. එයින් කාරණය පැහැදිලි වනු ඇත.

යූ.තිලකරත්න
බටේගම,
තෙප්පනාව,
කුරුවිට.
2013.12.09

සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් ජීවන රක්ෂණ)
අවීවා එන්.ඞී.බී.රක්ෂණ සමාගම,
75කුමාරන්රත්නම් මාවත,
කොළඹ 02.

මහත්මයාණෙනි,

ජීවනාලෝක රක්ෂණාවරය

ඔප්පු අදාල විස්තර

01. 1. රක්ෂණ ඔප්පු අංකය : IL 201002460212
    2. සේවායෝජක අංකය : 1589301
    3. නම : උඩගේලාගේ තිලකරත්න
    4. ජා.හැ.අ. : 600381210V
    5. ප‍්‍රඩක්ට් ටයිප් : දශක
    6. ප‍්‍රඩක්ට් ටර්ම් : අවු: 15
    7. වාරික ගෙවීම් : වසර 15
    8. අයිඩෙන්ටිෆයිස් : ආයෝජන
    9. රක්ෂණය ආරම්භක දිනය : 10/06/2010
  
    රක්ෂණය පිළිබඳ පළමු ෂෙඩුල ජායාපිටපත අමුණා ඇත.

02. මෙම රක්ෂණ යටතේ -
     1. මාසිකව රු: 2120/= බැගින් 2013 ජූලි මස දක්වා ගෙවන ලදි.
     2. එම මුදල් ගෙවන ලද්දේ - ඔබ සමාගමේ හොරණ ශාඛාවේ - නියෝජිතවරිය වූ
        අයි.බී.චන්ද්‍රිකා මියට ය.
     3. එම වාරික සඳහා ඇය ලදුපත මට ලබාදුන්නා. නමුත් ආරම්භක මාස දෙකක ලදුපත් ඇය
        ලබාදුන්නේ නැහැ. අනෙක් සියලූම ලදුපත් මා සතුව තිබේ.
     4. එසේ මානියමිත පරිදිරක්ෂණ වාරික ගෙවන ලදි.
     5. 2013 අගෝස්තු මස 29 වන දිනමාගේ දෙපා ඉදිමීකකුල් දෙකම පණ නැතිවුනා.
     6. එදිනම,(2013.08.29) මා - රත්නපුර මහා රෝහලට ප‍්‍රතිකාර ලබා ගැනීම් සඳහා ගියා.
     7. එහිදී මා නේවාසිකව නවත්වා ගත්තා. මට දවස් 08 (2013.09.05 දින දක්වා)එම
        රෝහලේ නේවාසිකවනැවතී ප‍්‍රතිකාර ලබා ගත්තා.
     8. 2013.09.05 දින ටිකට් කපානිවසට පැමිණීමෙන් අනතුරුවමා,ඔබ හොරණ ශාඛාවේ,
        නියෝජිතවරිය වන අයි.ඞී.චන්ද්‍රිකාටඇගේ ජංගම දුරකථන (අංක 0779957820) මාගේ
        රෝගී තත්වයරෝහල්ගතව සිට නිවසට පැමිණි බව දැනුම් දුන්නා.
     9. එම දැනුම් දීමෙන් පසුවඇය පැමි‍‍ණෙන බව දැනුම් දුන්නා. නමුත් කිහිප දවසක්ම පැමිණෙන
        බව දැනුම් දුන්නද පැමිණියේ නැහැ.
     10. කිහිප දිනක් මතක් කිරීමෙන් පසුවසති 2කට පසුව ඇය පැමිණියා. විස්තර අසාඇය
        විසින් ලියන ලද ලිපියකට මගෙන් අත්සන් ගෙන ගියා. ඇය ප‍්‍රකාශ කලා රෝහල් ගාස්තු
        ගෙවීමට පියවර ගන්නා බව.
    11. නමුත්මුදල් ගෙවන බව ඇය ප‍්‍රකාශ කලද මුදල් ගෙවීමක් කළේ නැහැ. එ් අතරමා ස්ථිර
        ආබාධිතයෙකු බවත්මට වැළඳී ඇති ස්නායු රෝගය සුවකල නොහැකි බවත් - ප‍්‍රකාශ
        කලා.
    12 .එ් බවට - රෝහලේ ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද,
        2013.09.05 දාතමින් හා අංකෙ F 38249 ජායා පිටපත අමුණා ඇත.
   13. මේ පිළිබඳවඔබ හොරණ ශාඛාවේ නියෝජිත අයි.ඞී.චන්ද්‍රිකා හමුවූ විටඇය කියා සිටියේ
       එම වෛද්‍ය සහතිකය පිළිගත නොහැකි බවයි.
   14. එවිටමට රෝහලින් නිකුත් කර තිබෙන සායන පොත පෙන්වා සිටියා. එයද ඇය පිළිගන්න
       බැහැ කිව්වා. වෛද්‍ය සහතිකයේ ජායා පිටපත අමුණා ඇත.
   15. මේ පිළිබඳව දිගින් දිගටම කරුණු කියන විටඇය උපදෙස් දුන්නා - ලිපියක් ලියාගෙන
       ගොස් ඔබ රත්නපුර ශාඛාවට බාර දෙන ලෙසටඑය තැපැල් නොකරන ලෙසටද ඇය
       උපදෙස් දුන්නා.
   16. එ අනුව - 2013.11.14 වන ලිපියක් ලියා ,රත්නපුර ශාඛාවේ නියෝජිතට බාර දුන්නා.
   17. මේ අතරඔබ හොරණ ශාඛා නියෝජිත අයි.බී.චන්ද්‍රිකා නැවත මාගෙන් ලිපියක් ඉල්ලා
       සිටියා.
       එ අනුව අප දන්නා විදිහට ලිපියක් ලියා යැව්වා.
   18. එම ලිපිය වැරදි බව කියාඇය ලිපියක් ලියා දුන්නා. එඅනුවඇ ලියා දුන්න ලිපියට අනුව,
       මා ලිපියක් ලියා යැව්වා.
   19. නමුත් කිසිදු පිළිතුරක් ලබාදෙන්නේ නැත. එ නිසා මා කිහිපවරක්ම ඔබ සමග කතා කලා. එ
       සෑම වාරයකම කළේ බොරු කියා මග හැරීමයි.

මහත්මයාණෙනි,
දහසක් පොරොන්දු දීදහසක් බලාපොරොත්තු දී මා වැනි දුප්පතෙකුව,රක්ෂණය කරවා ගෙනඑ අනුව2013 ජූලි දක්වා රු: 2120/= බැගින්,රුපියල් 1,12,360/= ගෙවා ඇත. එකදු මාසයක්වත් හිඟ තබා නොමැත.

මාවඔබ හොරණ නියෝජිත අයි.බී.චන්ද්‍රිකා - මට දිවුරා කියා සිටියා,අවුරුදු 03ක් රක්ෂණ මුදල් නොකඩවා ගෙව්වොත්ගෙවූ මුදල් හා එයට පොලියක් සමග සම්පූර්ණ මුදල ආපසු ලබාගත හැකි බව.

මේ කරුණු සලකා බලාකඩිනමින් මාහට ජීවනාලෝකය ලබා දෙන ලෙසට ඉල්ලමි.

කරුණාකරමෙම ලිපිය ලැබුනු බව දන්වන ලෙසට ඉල්ලමි.


යූ.තිලකරත්න

No comments:

Post a Comment