Sunday, December 22, 2013

නඩු දැමීම සහ නඩු දැමීම

පළමු වර්ගය -  ය‍මෙකු විසින්, තම‍න්ගේ හිමිකම්, අයිතියක්, ලබාගැනීමට, යුක්තිය ඉටුකරවා ගැනීමට, නිරවුල් කර ගැනීමට පවරනු ලබන නඩු.
රටවැසියන් වශ‍යෙන්, සිවිල් සංවිධාන, වෘතීය සමිති, තම ක්‍ෂේත්‍රයට අදාල ජාතික වශ‍යෙන් වැදගත්කමකින් යුතු කරුණු අදාලව, යුක්තිය ඉටු කර ගැනීමට පවරනු ලබන ‍මේ නඩු  ‍දෙවන වර්ගය ‍ලෙසට හඳුන්වමු.
තෙවන වර්ගය ‍ලෙසට හැඳින්විය හැ‍ක්කේ ‍වෙන පාර්ශවයක් විසින්, රජය ‍හෝ සිවිල්, පුද්ගල‍යෙකුට ‍හෝ සංවිධානයකට පවරනු ලබන නඩුය.
පළමු හා ‍දෙවන වර්ගයට අයත් නඩු දැමීම්, ‍මේ වන විට නිෂ්ඵල මුදල් හා කාලය කා දමන්නක් බව පැහැදිලිය. එය ඔප්පු වී හමාරය.
නමුත් ‍මෙහිදීද, නඩු දැමීම හැර ‍වෙනත් විකල්ප ‍නොමැති අවස්ථා ති‍බේ.
එ‍සේ විකල්ප ‍නොමැති අවස්ථා වල පවරනු ලබන නඩු දැමීම් වලදී, අරමුණු හා ඉලක්ක පිළිබඳ අව‍බෝධයක් තිබිය යුතුයි. නඩු දැමීම් වලදී ආසන්න හා මූලික අපේක්ෂාව වන, ඉල්ලීම දිනාගැනීමට එහාට ගිය අ‍පේක්ෂාවක් තිබිය යුතුයි. ‍මෙය ඉතා වැදගත් ව‍න්නේ සිවිල් සංවිධාන වලටය.
තෙවන වර්ග‍යේ නඩු දැමීම් වලට මුහුණ දිය යුතුමය. නීතියට වඩා වැදගත්කමක් පුද්ගලයින් මත තැබී‍මේ සංස්කෘතිය තුළ එය මහජනයාට ‍තේරුම් ගන්නට හැකිව‍න්නේ එකී නීතියට ඉහළින් සිටින පුදගලයින් ට අභියෝග කිරී‍මෙන්ය.
අද ශ්‍රී ලංකා‍වේ නීතියට ඉහළින් සිටි‍න්නේ ජනාධිපති රාජපක්ෂ පමණක් ‍නොවේ. ඔහුව මුදු‍ණේ තියා‍ගෙන, පක්ෂ විපක්ෂ අති විශාල පිරිසක්, විවිධ සමාජ ස්ථර වලට අයත්, නීතියට ඉහළින් සිටින බව ‍තේරුම් ගත යුතුය.
අප ‍මෙහිදී අවධාරණය කරන්‍නේ රාජ්‍ය ආයතන විසින්, ආණ්ඩු‍වේ ‍මෙ‍හෙය වීම මත ජනතාව මත පවරණ නඩු පිළිබඳවය.
මෙහිදී අධිකරණ‍යේ හැසිරීම හා අධිකරණ‍යේ බලතල (ප්‍රායෝගික බලතල) පිළිබඳව කතා කළ යුතුමය.
එසේ කතා කිරීම කළ හැක්‍කේ ඒ සඳහා සත්‍ය සිද්ධීන් සමගය.
වර්තමාන‍යේ, පොලීසිය, අධිකරණය ඇතුලු ආයතන වල ‍වෙනසක් ඇති කිරීමට හැක්‍කේ, ජනතාව‍ගේ අයිතීන් උල්ලංඝණයන්, ජනතාව‍ගේ ගරුත්වයට හානි කිරීම්, යුක්තිය අහිමි කිරීම්, අභි‍යෝග කර, ඒ අත්දැකීම් වලට මුහුණ දුන් අය හා එක්ව ජාතික වශ‍යෙන් ව්‍යාපාරයකට අවතීර්ණ වී‍මෙන්ය.

නීතියට ඉහළින් තබාති‍බෙන ‍මේ පිරිස නීතියට යටත් කිරීමට හැකියාව ති‍බෙන්නේ ඒ පුද්ගලයින් මුහුණට මුහුණ ලා අභ‍යෝග කරන්නට හැකියාව ‍-   පෙ‍ලෙන ජනතාවට ලබාදී‍මෙන්ය.

No comments:

Post a Comment